සමාස
සංක්ෂෙප කරනු ලැබේනුයි හෝ සංක්ෂේප කිරීම හෝ සමාස නමි. (සමස්‍යතෙති සමාසො, සමසනං වා සමාසො) පද දෙකක් හෝ කීපයක් එක්පද බවට පැමිණවීමයි. පද කෙටි කිරීම සමාසයෙන් වේ. (සමාසො පදසඞඛෙපො) සමාස වන පද ඔවුනොවුන්ට සම්බන්ධවීම ද අවශ්‍ය ය. ඒ සම්බන්ධය විභක්තිවලින් පැවසේ. සමාස වූ පසු අන්තිම පදයේ හැර සෙසු මුල්පදව විභක්ති ලොප් වී ප්‍රකෘතිමත්වී එක් පදයක් බවට පත් වේ. මේ සමාසයන්ගේ,
01. එක් පදයක් වීම.
02. එකට උසුරු වීම.
03. එක් විබතක් ඇසුරු කිරීම.
යයි ලක්ෂණත්‍රයක් දක්වා ඇත.
"එකපදතා සංයුත්තං - එකොච්චාරණතායුතං
එකවිභත්තියා යුත්තං - සමාසෙ ලක්ඛණත්තයං"
ගද්‍ය කාව්‍යයේ ජීවිතය සමාස බාහුලත්වයෙන් ලැබෙන ඔජෝ ගුණයයි. සමාස බහුල වීම ඔජෝ ගුණයට හේතු වේ. (ඔජො සමාස බාහුලල - මෙසො ගජ්ජසස ජීවිතං) එබැවින් ගද්‍යය මෙන්ම පද්‍යය ද ප්‍රාණවත්ව ඉදිරිපත් කිරීමට ඔජො ගුණ යුක්ත සමාසය අවශ්‍යය. සැකෙවින් ව්‍යක්ත ලෙස අදහස් ඉදිරිපත් කළ හැකිය සමාසයෙන්. සමාස බහුල ඔජො ගුණ යුක්ත ගද්‍ය පද්‍ය වල ස්වරූපය.
"රාජා අජාතසත්තු විස්සකම්මුනා නිම්මිත සදිසං සුවිභත්තභිත්තිත්ථම්භ සොපානං නානාවිධ මාලාකම්ම ලතාකම්ම විචිත්තං අභිභවන්තමිව රාජභවනවිභූතිං අපහසන්තමිව දෙවවිමානසිරිං එකනිපාතතිත්ථමිව ච දෙවමනුස්සනයන විහඞ්ගානං ලොකරාමණෙය්‍යකමිව සම්පිණ්ඩිතං දට්ඨබ්බසාරමණ්ඩං මණ්ඩපං කාරාපෙත්වා විවිධකුසුමදාම ඔලම්බකවිනිග්ගලන්තචාරුවිතානං රතනවිචිත්‍ර මණිකොට්ටිම තලමිව නං නානාපුප්ඵඵුපහාර විචිත්‍රපුපරිනිට්ඨිත භූමිකම්මං බ්‍රහ්මවිමාන සදිසං අලංකරිතවා...භික්ඛුසඞ්ඝස්ස ආරොචෙසි."
(සමන්තපාසාදිකා)
"සිනිද්ධ නීල මුදු කුඤ්චිත කෙසො
සුරිය නිම්මලතලාභින ලාටො
යුත්තතුඞ්ගමුදු කායත නාසො
රංසිජාල විතතො නරසීහො"
(ජාතකට්ඨකථා)
"අථ අභවි සමුද්දො භීම සංවට්ටවාතා
භිහතසිඛරිකූටාකාර වීචිප්පබන්ධො
සවනභිදුරා ඝොරරාව රුන්ධන්තළික්ඛො
භයචකිත මනුස්සක්කන්දිතො සබ්බරත්තිං"
(දාඨාවංස)
මෙවැනි සමාස බහුල යෙදුම් ඉපැරණි පෙළ බස්හි දක්නට නැත.
සමාස ප්‍රභේද
සමාස වන පද අනුව ඒ පද අතර සම්බන්ධය ද සලකා සමාස කොටස් කර ඇත.
01. කම්මධාරය සමාසය - වෙසෙසුන් වෙසෙස් සමස්.
02. දිගු සමාසය - දිගු සමස්.
03. තප්පුරිස සමාසය - විබත් සමස්.
04. ද්වන්ද සමාසය - ද අරුත් සමස්.
05. බහුබ්බීහි සමාසය - අන් අරුත් සමස්.
06. අව්‍යයීභාව සමාසය - අවිය සමස්.
අව්‍යයීභාව සමාසයේ දී නාමපදයක් සමග අව්‍යයක් මුලින් යෙදී සමාස වේ.
01. කම්මධාර සමාසය.
තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විශෙෂ්‍ය පදයක් සමග ගැළපීම කර්මධාරයයි. (ද්විපදෙ තුල්‍යාධිකරණෙ කම්මධාරයො) මේ පද දෙකම සමාන විභක්තිවලින් ම (ප්‍රථමා) සිටි සමාසයෙන් පසු මුල් පදයේ විභක්තිය ලොප් ව ප්‍රකෘතිමත්ව පරපදය හා ගැලපී එක් පදයක් බවට පත් වේ.
නීලං+උප්පලං
මේ තුල්‍යාධිකරණ විශේෂණ-විශේෂ්‍ය පද යුගලයකි. පද දෙකින් ම කියැවෙන්නේ එකම දෙයකි. පද දෙකම සමාන විභක්ති, සමාන වචන, සමාන ලිඞ්ග ඇත. සමාසයේ විභක්ති ලොප්ව ප්‍රකෘතිමත් වූ කල සන්ධි විධියෙන් "නීලුප්පල" කියා සිටි. ඒ, "නීලුප්පල" නාමයා කෙරෙන් "සි" ආදි විභක්ති කොට "නීලුප්පලං" ආදී වශයෙන් පද සිද්ධ වේ.
01. කර්මධාර සමාසයෙහි විශේෂණ වශයෙන් සිටින මහන්ත ශබ්දයට මහා ආදේශ වේ.
මහන්තො වීරො
|
= මහාවීරො
|
02. විශේෂණ පදය මුලින් සිටීම සාමාන්‍ය සිරිතයි. සමහර විට විශේෂණය පරව ද යෙදේ.
සුමෙධො+පණ්ඩිතො
|
= සුමෙධපණ්ඩිතො
|
03. උපමා උපමෙය වශයෙන් සිටින තන්හි උපමාව හෙවත් විශේෂණය පරව යෙදේ.
සීහො විය මුනි
|
= මුනිසීහො නැතහොත්
|
සීහො විය සීහො,
|
04. විශේෂණ වශයෙන් මුලින් න නිපාතය වූ විට ඒ හා සම්බන්ධ වන පරපදය ව්‍යඤ්ජනක් මුල් කොට ඇත් නම් න නිපාතයට අ ආදේශය ද ස්වරයක් මුල් කොට ඇත්නම් අන් ආදේශය ද වේ.
අ ආදේශය
න+සුරො
|
= අසුරො
|
අන් ආදේශය
න+අස්සො
|
අනස්සො
|
05. විශේෂණය වශයෙන් කු නිපාතයට ස්වරයක් පරකල්හී කද ආදේශ වේ. ස්වර පර නොවූ තන්හි කා ආදේශය වීම ද නොවීම ද වේ.
කු(කුච්ඡිතං) අන්නං
|
කදන්නං
|
මේ කු පූර්වපද කර්මධාරය නිත්‍ය සමාස හෙයින් කුච්ඡිතං අන්නං සී අස්වපදයෙන් විග්‍රහ වේ. පාදි පූර්වපද කර්මධාරය ද නිත්‍ය සමාසයක් වේ. අස්වපදයෙන් ම විග්‍රහය වේ.
උත්තමො වීරො
|
= පවීරො
|
06. සමහර විශේෂණ පද දෙකක්ම ද සමාස වේ.
අන්ධො බධිරො
|
= අන්ධබධිරො
|
07. සම්භාවනාර්ථ ප්‍රකාශක (මෙසේ යයි සැලකීම් ඇති) ඉති නිපාතය යෙදෙන තන්හි ද සමාස වේ.
ධම්මො ඉති බුද්ධි
|
= ධම්මබුද්ධී
|
08. අවධාරණාර්ථ එව නිපාතය ඇති තන්හි ද කර්මධාරය සමාසය වේ.
ගුණො එව ධනං
|
= ගුණධනං
|
09. පුංවත් කිරීම.
තුන් ලිඟුයෙහි ම යෙදෙන, එකම අර්ථයක් කියන, පදයක් නිත්‍ය ස්ත්‍රී ලිඞ්ග ශබ්දයකට විශේෂණ වශයෙන් යෙදෙන විට විශේෂ්‍යයට සමාන ලිඞ්ගය ඒ ඒ විශේෂණය ගත යුතු යි.
"එකො එවහි යො සද්දො - තීසු ලිඞ්ගෙසු වත්තතෙ
එකමෙවත්ථමාක්ඛ්‍යාති - සො භාසිතා පුමා භවෙ"
"ඛත්තියා ච සා කඤ්ඤා ච" යන මෙහි නියත ස්ත්‍රී ලිඞ්ගික "කඤ්ඤා" යන විශේෂ්‍ය පදයේ ලිඞ්ගය එයට විශේෂණ වූ තුන් ලිඟුයෙහි ම යෙදී එකම අර්ථයක් ප්‍රකාශ කරන "ඛත්තිය" ශබ්දය ද සිටිය යුතු ය. එහෙත්
"ඛත්තියා" යන ස්ත්‍රී ලිඞ්ග බව නැති වී "ඛත්තියකඤ්ඤා" කියා පුල්ලිඞ්ගයෙහි මෙන් වෙයි. මෙසේ වීමට උක්ත පුංසක කියා ද පුංවත්වීම කියා ද කියයි.
"යන්තීමිත්තමුපාදායං - පුංසි ශබ්ද: ප්‍රවර්තතෙ
නපුංසකෙ තදෙවස්‍යා - දුක්ත පුංස්කං තද්‍රව්‍යෙත"
රත්තා+ලතා
|
= රත්තලතා
|
නියත ස්ත්‍රී ලිඞ්ග ශබ්ද, සඥා වාචක ශබ්ද පුංවත් නොවේ.
තණ්හා+නදී
|
= තණ්හානදී
|
මේ කර්මධාරය සමාසය පරපද ප්‍රධානයි. පරපදයේ ලිඞ්ගය භාජනය කරයි.
කර්මධාරය සමාසය නිමි.
02. දිගු සමාසය
කර්මධාරය සමාස ලක්ෂණම ඇතිවිට මුල් ශබ්දය සංඛ්‍යාවාචී නම් ඒ දිගු සමාස නමින් හැඳින් වේ. "සංඛ්‍යාපුබ්බො දිගු" මෙය කර්මධාරය සමාසයෙහිම ඇතුළත් වේ. දිගු සමාස පද නපුංශක ඒකවචනයෙන් සිටී. සමාහාර නොවන තන්හි බහුවචන ද වේ.
පංච+සීලානි
|
= පංචසීලං
|
දිගු සමාසයෙහි ප්‍රභේද දෙකකි.
01. සමාහාර දිගු.
02. අසමාහාර දිගු.
01. වස්තු කීපයක් එක් කොට සමූහාර්ථ වශයෙන් සැලකීම සමාහාර නමි. එහිදී ඒකවචන නපුංශක බව වේ.
තයො දණ්ඩා
|
= තිදණ්ඩං
|
02. අවයව ප්‍රමුඛත්වයෙන් සිටින විට අසමාහාර යයි කියනු ලැබේ. මෙහිදී සමාස පදය බහු වචනයෙන් ද සිටී. පරපදයේ ලිඞ්ගය ගනී.
තයො භවා
|
= තිභවා
|
සඞ්ඛ්‍යා වාචී ශබ්දයක් මුලින් යෙදුණු පමණින් ම දිගු නොවේ. "දසබලානි යස්ස සො = දසබලො" (බහුබ්‍රීහි)
මේ දිගු සමාසය පරපද ප්‍රධානයි. නපුංසක ලිඞ්ගිකයි.
දිගු සමාසය නිමි.
03. තප්පුරිස සමාසය.
ප්‍රථමා විභක්තිය හැර ද්විතීයාදී වෙනත් විභක්ත්‍යන්ත පදයක් පරපදය හා ගැලපීමෙන් එක් පදයක් බවට පත් වන්නේ තප්පුරිස නමි. (අමාදයො පරපදෙහි) (සමාස වන පද දෙකම ප්‍රථමාවෙන් සිටින විට කර්මධාරය වේ.) භින්නාධිකරණ විශේෂණ විශේෂ්‍ය ඇති කල්හි තත්පුරුෂ සමාසය වේ. විග්‍රහ වාක්‍යයේ දී මුල් පදය දුතියාදි විභක්ත්‍යන්ත පදයකින් සිටී. අග පදය හැම විටම ප්‍රථමාවෙන් සිටී.
තස්ස පුරිසො = තප්පුරිසො
මෙහි මුල් පදය ෂෂ්ඨී බැවින් මුළු සමාස පදයටම ෂෂ්ඨී තත්පුරුෂ යන නම ලැබේ. මෙසේ මුල්පදයේ විභක්තිය සලකා දුතියා තප්පුරිසාදි වශයෙන් තත්පුරුෂය සයකට බෙදේ.
01. දුතියා තත්පුරුෂය
|
ගාමං+ගතො
|
= ගාමගතො
|
සමහර විට දුතියා විභක්ත්‍යන්ත පද ධාතු සමග ද සමාසව කෘදන්ත නාම බවට පැමිණේ. (උපපද සමාසෙ පන වුත්තියෙව, තස්ස නිච්චත්තා - මහාරූපසිද්ධි)
|
කම්මං+කරොතීති
|
= කම්මකාරො
|
සමහර විට දුතියාදී පද පරපද බවට ද යයි.
අන්තං+අතික්කන්තං
|
= අච්චන්තං (අති+අන්තං)
|
සමහර විට විභක්ති ලොප් නොවේ. ඒ අලුප්ත සමාස නමි.
අන්තෙ+වාසිකො
|
= අත්තනොපදං
|
තත් පුරුෂ සමාසය පරපද ප්‍රධානයි. පරදපයේ ලිඞ්ගය භජනය කරයි.
තප්පුරිස සමාසය නිමි.
04. ද්වන්ද සමාසය
"ච" නිපාතයෙන් එක්කළ හැකි සමාන විභක්තික පදයන් එක්පද බවට පැමිණවීම ද්වන්ද නමි. "නාමානං සමුච්චයො ද්වන්දො" මෙහි සමාස වන සියලු පද ඒ ඒ ශබ්දවල ලිඞ්ගයෙන් ප්‍රථමාවෙන් සිටී. මෙහි ඇති අන්‍යොන්‍ය සම්බන්ධය නම් ක්‍රියාව හා ඇති සම්බන්ධය පමණකි.
චන්දො ච සුරියො ච
|
= චන්දසුරියා
|
ච නිපාතයේ අර්ථ සතරකි.
01. කෙවල සමුච්චය
02. අන්වාචය
03. ඉතරීතරයොගය
04. සමාහාරය
එහි කේවල සමුච්චය - අන්වාචය දෙක්හි සමාස නොවේ. ඉතිරි දෙක්හි සමාස වේ.
01. ඉතිරීතරයොගය:- සමාස වන නාමයන් ගේ අර්ථය වෙන් වෙන්ව ගැනෙන්නේ ඉතරීතරයොග නමි. අවයව ප්‍රධාන බවයි. මෙහි පරපදයාගේ ලිඞ්ගය ගනී. බහුවචන ද වේ.
සමණා ච බ්‍රාහ්මණා ච
|
= සමණබ්‍රාහ්මණා
|
02. සමාහාරය:- සමාස වන නාමයන් ගේ අර්ථය එකම රාශියක් සේ ගන්නා විට සමාහාරයයි කියනු ලැබේ. මෙය එක වචනයි. නපුංසක ලිඟුයි.
ඡවී ච මංසං ච ලොහිතං ච
|
= ඡවිමංසලොහිතං
|
සමාහාර ද්වන්ද සමාස පද ඉතරීතර යොග - සමාහාර දෙක්හිම සිටී.
කුසලං ච අකුසලං ච
|
= කුසලාකුසලං
|
ද්වන්දයේ පද සමාන බල ඇත්තෝ ය. - මුලින් සිටිය යුත්තො කවදරහු ද?
"අච්චිතප්පස්සරං පුබ්බං - ඉවණ්ණුවණ්ණනන්තකං ක්වචි
ද්වන්දෙ සරා දකාරන්තං - බහුස්වනියමො භවෙ"
01. වඩා සැලකිය යුතු පදය
|
= දෙවමනුස්සා
|
උභය පද ප්‍රධානයි. පරපදයේ ලිඞ්ගය භජනය කරයි.
ද්වන්ද සමාසය නිමි.
05. බහුබ්‍රීහි සමාසය
ප්‍රථමා හැර දුතියාදි විභක්ති අතරින් එක අර්ථයක් ප්‍රකාශ කිරීම පිණිස අන්‍යොන්‍ය සම්බන්ධය ඇති නාම දෙකක් හෝ කිහිපයක් එකට සංග්‍රහ කිරීම බහුබ්‍රීහි සමාස නමි. අඤ්ඤා පදත්ථෙසු බහුබ්බීහි සමාස වූ පදවලින් අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ කිරීම මේ සමාසයෙහි ඇති විශේෂයකි. බහුබ්‍රීහි සමාස නාම අන්‍ය නාමයකට විශේෂණ වශයෙන් බොහෝ සෙයින් යෙදේ. එබැවින් සමාස වන පදය කුමක් වුවත් එයින් කියැවෙන අන්‍ය පදයේ සැටියට ලිඞ්ග භජනය කෙරේ.
බහුබ්‍රීහි යන්නම මේ සමාසයේ සැටි පැහැදිලි කරයි. "බහවො වීහයො යස්ස සො = බහුබ්බීහි" බොහෝ වී යමෙකුට ද හේ බහුබීහි නමි. බහුබ්බීහි යන්නෙන් ගැනෙන්නේ බොහෝ වී නොවන බොහෝ වී ඇති අයකුය. ඒ නිසාම අන්‍ය පදයේ ලිඞ්ගය ගනී. අන්‍ය පදයෙන් කියැවෙන දෙය යම් ලිඞ්ගයකට අයත් ද එයට අනුව එකම සමාස පදය වුව ද වෙනස් වේ.
පු:- මහන්තී පඤ්ඤා යස්ස සො
|
= මහාපඤ්ඤො
|
= පුරිසො
|
බහුබ්‍රීහි සමාසය
01. තුල්‍යාධිකරණ බහුබ්‍රීහි
02. භින්නාධිකරණ බහුබ්‍රීහි කියා දෙපරිදි වේ.
01. සමාස වන පද ප්‍රථමාවෙන් සිටින්නේ තුල්‍යාධිකරණයේදී ය. එහි අන්‍ය පදයේ වශයෙන් දුතියා භේද සයක් ද වේ.
01. දුතියා
"ආගතා සමණා යං සො = ආගතසමණො = විහාරො" - "ආවාවූ ශ්‍රමණයෝ යම් තැනකට ද එතැන ආගතසමණ නමි, විහාරයයි". මේ විග්‍රහයෙහි "යං" කියා දුතියාවෙන් සිටියේ අන්‍ය පදයයි. "ආගතා සමණා" කියා සමාන විභක්ති ඇති එකම දෙයක් කියවෙන බැවින් සමානාධිකරණයි. මේ ලක්ෂණ අනුව තුල්‍යාධිකරණ බහුබ්‍රීහි යයි හැඳින්වේ, තතියා බහුබ්‍රීහි ආදිය ද මේ අනුව සැලකිය යුතු යි.
02. තතියා -
|
විජිතවිජිතා මාරා යෙන සො - විජිතමාරො
|
= භගවා
|
02. භින්නාධිකරණ බහුබ්‍රීහි -
සමාස වන පද විසම විභක්ති ගන්නේ භින්නාධිකරණයි. මෙහි අන්‍යපදය බෙහෙවින් ෂෂ්ඨී විභක්තියෙන් සිටී.
"ඡත්තං පාණිම්හි යස්ස සො = ඡත්තපාණි" - (උපාසකො) කුඩය අතේ ඇත්තේ යමකුගේ ද හේ ඡත්තපාණි නමි. මෙයි යස්ස කියා ෂෂ්ඨියෙන් සිටියේ අන්‍යපදය යි. ඡත්තං පාණිම්හි කියා විසම විභක්ති යෙදී ඇත.
වජිරං පාණිම්හි යස්ස සො = වජිරපාණි
|
= සක්කො
|
බහුබ්‍රීහි සමාසාන්තයට වන වෙනස් කම් ද ඇත.
01. සමහර විට සමාසාන්තයට අත්ව වේ.
විසාලං අක්ඛී යස්ස සො - විසාලක්ඛො
02. සමහර විට සමාසාන්තයට ඉ වේ.
සොභනො ගන්ධො යස්ස සො = සුගන්ධි
03. සමහර තැනක ක ප්‍රත්‍යය වේ.
බහවො කත්තාරො යස්ස සො = බහුකත්තුකො
බොහෝ සෙයින් බහ්‍රබ්‍රීහි සමාස නාම අන්‍ය නාමයකට විශේෂව යෙදේ. ඇත්තේ ය යන අර්ථය ද ලැබේ.
මහාපඤ්ඤො = පුරිසො
|
එකවිටම පද තුනක්ම සමාස වීමට ද හැකි ය.
මත්තා බහවො මාතඞ්ගා යස්මිං තං - මත්තබහු මාතඞ්ගං වනං
පරක්කමෙන අධිගතා සම්පදා යෙහි තෙ - පරක්කමාධිගතසම්පදා - මහපුරිසා
බහුබ්‍රීහි සමාසයෙහි ද (කර්මධාරයෙහිමෙන්) පුංවත් වේ.
දීඝා ජඞ්ඝා යස්ස සො = දීඝජඞ්ඝො - පුරිසො
පහූතා ජිව්හා යස්ස සො = පහූතජිව්හො - භගවා
අලුප්ත බහුබ්‍රීහි සමාස පද ද ඇත.
උරසි ලොමානි යස්ස සො = උරසිලොමො
අන්‍යපද ප්‍රධානයි. අන්‍යපදයේ ලිඞ්ගය භජනය කරයි.
බහුබ්‍රීහි සමාසය නිමි.
06. අබ්‍යයීභාව සමාසය
මුලින් සිටි අව්‍යයක් එයට පරවූ නාමයක් සමග වන සමාසය අබ්‍යයීභාව නමින් හැඳින් වේ. (උපසග්ග නිපාත පුබ්බකො අබ්‍යයීභාවො) මෙහි අව්‍යයේ අර්ථය ප්‍රධාන විය යුතු ය. නාමයේ අර්ථය අව්‍යයේ අර්ථයට යටත් වූ තන්හි හෙවත් නාමය ද අබ්‍යයත්වයට පත් වූ තන්හී අබ්‍යයීභාව වේ. නැතහොත් නොවේ. මේ සමාසය නපුංසක ලිඞ්ගිකයි.
සමීපං නගරස්ස
|
= උපනගරං
|
01. අකාරාන්ත අව්‍යයීභාව සමාසයා කෙරෙන් විභක්ති ප්‍රත්‍යයන්ට අං ආදේශ වේ. පඤ්චමීයේ නොවේ. තතියා - ඡට්ඨි - සත්තමී විභක්තිවල විකල්පයෙන් අං ආදේශ වේ.
නපඤ්චම්‍යායමමභාවො - ක්වචීති අධිකාරතො
තතියා සත්තමී ඡට්ඨී - නංතු හොති විකප්පතො
එකවචන බහුවචන දෙක්හි වරනැගේ.
01. පඨමා
|
= උපනගරං
|
|
|
02. ඉකාරාන්තාදී අව්‍යයීභාව සමාස නාමයන් කෙරෙන් සියලු විභක්තින්ට ලොප් වේ.
ආධාරභූතායං ඉත්ථියං
|
= අධිත්ථී
|
අව්‍යයීභාව සමාසය නිත්‍ය සමාසයක් හෙයින් අස්වපදයෙන් විග්‍රහ කටයුතු යි.
අව්‍යයක් මුලින් සිටි පමණින් අව්‍යයීභාව යන නම නො ලැබෙයි, අව්‍යයේ අර්ථය ප්‍රධාන වීම අවශ්‍යයම ය. එබැවින් පහත දැක්වෙන සමාස පද අව්‍යය මුලට ඇති මුත් අව්‍යයීභාව නොවේ.
උත්තමො වීරො
|
= පවීරො
|
- කම්මධාරය සමාසය
|