Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

                                                                                 සමාස
    සංක්ෂෙප කරනු ලැබේනුයි හෝ සංක්ෂේප කිරීම හෝ සමාස නමි. (සමස්‍ය‍තෙති සමාසො, සමසනං වා සමාසො) පද දෙකක් හෝ කීපයක් එක්පද බවට පැමිණවීමයි. පද කෙටි කිරීම සමාසයෙන් වේ. (සමාසො පදසඞඛෙපො) සමාස වන පද ඔවුනොවුන්ට සම්බන්ධවීම ද අවශ්‍ය ය. ඒ සම්බන්ධය විභක්තිවලින් පැවසේ. සමාස වූ පසු අන්තිම පදයේ හැර සෙසු මුල්පදව විභක්ති ලොප් වී ප්‍රකෘතිමත්වී එක් පදයක් බවට පත් වේ. මේ සමාසයන්ගේ,
                                                                            01. එක් පදයක් වීම.
                                                                            02. එකට උසුරු වීම.
                                                                            03. එක් විබතක් ඇසුරු කිරීම.
                                                                                                                                යයි ලක්ෂණත්‍රයක් දක්වා ඇත.
                                                "එකපදතා සංයුත්තං - එකොච්චාරණතායුතං
                                               
එකවිභත්තියා යුත්තං - සමාසෙ ලක්ඛණත්තයං"
    ගද්‍ය කාව්‍යයේ ජීවිතය සමාස බාහුලත්වයෙන් ලැබෙන ඔජෝ ගුණයයි. සමාස බහුල වීම ඔජෝ ගුණයට හේතු වේ. (ඔජො සමාස බාහුලල - මෙසො ගජ්ජසස ජීවිතං) එබැවින් ගද්‍යය මෙන්ම පද්‍යය ද ප්‍රාණවත්ව ඉදිරිපත් කිරීමට ඔජො ගුණ යුක්ත සමාසය අවශ්‍යය. සැකෙවින් ව්‍යක්ත ලෙස අදහස් ඉදිරිපත් කළ හැකිය සමාසයෙන්. සමාස බහුල ඔජො ගුණ යුක්ත ගද්‍ය පද්‍ය වල ස්වරූපය.
    "රාජා අජාතසත්තු විස්සකම්මුනා නිම්මිත සදිසං සුවිභත්තභිත්තිත්ථම්භ සොපානං නානාවිධ මාලාකම්ම ලතාකම්ම විචිත්තං අභිභවන්තමිව රාජභවනවිභූතිං අපහසන්තමිව දෙවවිමානසිරිං එකනිපාතතිත්ථමිව ච දෙවමනුස්සනයන විහඞ්ගානං ලොකරාමණෙය්‍යකමිව සම්පිණ්ඩිතං දට්ඨබ්බසාරමණ්ඩං මණ්ඩපං කාරාපෙත්වා විවිධකුසුමදාම ඔලම්බකවිනිග්ගලන්තචාරුවිතානං රතනවිචිත්‍ර මණිකොට්ටිම තලමිව නං නානාපුප්ඵඵුපහාර විචිත්‍රපුපරිනිට්ඨිත භූමිකම්මං බ්‍රහ්මවිමාන සදිසං අලංකරිතවා...භික්ඛුසඞ්ඝස්ස ආරොචෙසි."
                             
                                                                              
                                        (සමන්තපාසාදිකා)
                                                    "සිනිද්ධ නීල මුදු කුඤ්චිත කෙසො
                                                    සුරිය නිම්මලතලාභින ලාටො
                                                    යුත්තතුඞ්ගමුදු කායත නාසො
                                                    රංසිජාල විතතො නරසීහො"
                                                                                                           
                                        (ජාතකට්ඨකථා)
                                                    "අථ අභවි සමුද්දො භීම සංවට්ටවාතා
                                                    භිහතසිඛරිකූටාකාර වීචිප්පබන්ධො
                                                    සවනභිදුරා ඝොරරාව රුන්ධන්තළික්ඛො
                                                   
භයචකිත මනුස්සක්කන්දිතො සබ්බරත්තිං"
                                                                                                           
                                         (දාඨාවංස)
    මෙවැනි සමාස බහුල යෙදුම් ඉපැරණි පෙළ බස්හි දක්නට නැත.


සමාස ප්‍රභේද
    සමාස වන පද අනුව ඒ පද අතර සම්බන්ධය ද සලකා සමාස කොටස් කර ඇත.
01. කම්මධාරය සමාසය
     - වෙසෙසුන් වෙසෙස් සමස්.
02. දිගු සමාසය               
    - දිගු සමස්.
03. තප්පුරිස සමාසය      
    - විබත් සමස්.
04. ද්වන්ද සමාසය       
      - ද අරුත් සමස්.
05. බහුබ්බීහි සමාසය   
     
- අන් අරුත් සමස්.
06. අව්‍යයීභාව සමාසය       - අවිය සමස්
.

    අව්‍යයීභාව සමාසයේ දී නාමපදයක් සමග අව්‍යයක් මුලින් යෙදී සමාස වේ.

01. කම්මධාර සමාසය.
    තුල්‍යාධිකරණ විශේෂණ පදයක් විශෙෂ්‍ය පදයක් සමග ගැළපීම කර්මධාරයයි. (ද්විපදෙ තුල්‍යාධිකරණෙ කම්මධාරයො) මේ පද දෙකම සමාන විභක්තිවලින් ම (ප්‍රථමා) සිටි සමාසයෙන් පසු මුල් පදයේ විභක්තිය ලොප් ව ප්‍රකෘතිමත්ව පරපදය හා ගැලපී එක් පදයක් බවට පත් වේ.

                                                                        නීලං+උප්පලං

    මේ තුල්‍යාධිකරණ විශේෂණ-විශේෂ්‍ය පද යුගලයකි. පද දෙකින් ම කියැවෙන්නේ එකම දෙයකි. පද දෙකම සමාන විභක්ති, සමාන වචන, සමාන ලිඞ්ග ඇත. සමාසයේ විභක්ති ලොප්ව ප්‍රකෘතිමත් වූ කල සන්ධි විධියෙන් "නීලුප්පල" කියා සිටි. ඒ, "නීලුප්පල" නාමයා කෙරෙන් "සි" ආදි විභක්ති කොට "නීලුප්පලං" ආදී වශයෙන් පද සිද්ධ වේ.

01. කර්මධාර සමාසයෙහි විශේෂණ වශයෙන් සිටින මහන්ත ශබ්දයට මහා ආදේශ වේ.

මහන්තො වීරො
මහන්තී පඨවී
මහන්තං බලං

= මහාවීරො
= මහාපඨවී
= මහාබලං

02. විශේෂණ පදය මුලින් සිටීම සාමාන්‍ය සිරිතයි. සමහර විට විශේෂණය පරව ද යෙදේ.

සුමෙධො+පණ්ඩිතො
සාරිපුත්තො+ථෙරො

= සුමෙධපණ්ඩිතො
= සාරිපුත්තත්ථෙරො

03. උපමා උපමෙය වශයෙන් සිටින තන්හි උපමාව හෙවත් විශේෂණය පරව යෙදේ.

සීහො විය මුනි
මුනි ච සො සීහො චාති
ආදිච්චො විය බුද්ධො

= මුනිසීහො             නැතහොත්
= මුනිසීහො
= බුද්ධාදිච්චො

සීහො විය සීහො,

04. විශේෂණ වශයෙන් මුලින් න නිපාතය වූ විට ඒ හා සම්බන්ධ වන පරපදය ව්‍යඤ්ජනක් මුල් කොට ඇත් නම් න නිපාතයට අ ආදේශය ද ස්වරයක් මුල් කොට ඇත්නම් අන් ආදේශය ද වේ.

අ ආදේශය

න+සුරො
න+බ්‍රාහ්මණො

= අසුරො
= අබ්‍රාහ්මණො

අන් ආදේශය

න+අස්සො
න+අරියො

අනස්සො
අනරියො

05. විශේෂණය වශයෙන් කු නිපාතයට ස්වරයක් පරකල්හී කද ආදේශ වේ. ස්වර පර නොවූ තන්හි කා ආදේශය වීම ද නොවීම ද වේ.

කු(කුච්ඡිතං) අන්නං
කු(කුච්ඡිතො) පුරිසො
කු(අප්පකං) ලවණං

කදන්නං
කාපුරිසො, කුපුරිසො
කාලවණං

    මේ කු පූර්වපද කර්මධාරය නිත්‍ය සමාස හෙයින් කුච්ඡිතං අන්නං සී අස්වපදයෙන් විග්‍රහ වේ. පාදි පූර්වපද කර්මධාරය ද නිත්‍ය සමාසයක් වේ. අස්වපදයෙන් ම විග්‍රහය වේ.

උත්තමො වීරො
අධිකං සීලං

= පවීරො
= අධිසීලං

06. සමහර විශේෂණ පද දෙකක්ම ද සමාස වේ.

අන්ධො බධිරො
ඡින්නං භින්නං
සීතං උණ්හං

= අන්ධබධිරො
= ඡින්නභින්නං
= සීතුණ්හං

07. සම්භාවනාර්ථ ප්‍රකාශක (මෙසේ යයි සැලකීම් ඇති) ඉති නිපාතය යෙදෙන තන්හි ද සමාස වේ.

ධම්මො ඉති බුද්ධි
ධාතු ඉති සඤ්ඤා
අනිච්චං ඉති සඤ්ඤා

= ධම්මබුද්ධී
= ධාතුසඤ්ඤා
= අනිච්චසඤ්ඤා

08. අවධාරණාර්ථ එව නිපාතය ඇති තන්හි ද කර්මධාරය සමාසය වේ.

ගුණො එව ධනං
සද්ධා එව ධනං
චක්ඛු එව ඉන්ද්‍රියං

= ගුණධනං
= සද්ධාධනං
= චක්ඛුන්ද්‍රියං

09. පුංවත් කිරීම.
        තුන් ලිඟුයෙහි ම යෙදෙන, එකම අර්ථයක් කියන, පදයක් නිත්‍ය ස්ත්‍රී ලිඞ්ග ශබ්දයකට විශේෂණ වශයෙන් යෙදෙන විට විශේෂ්‍යයට සමාන ලිඞ්ගය ඒ ඒ විශේෂණය ගත යුතු යි.
   
                                   
                                        "එකො එවහි යො සද්දො - තීසු ලිඞ්ගෙසු වත්තතෙ
                                       
එකමෙවත්ථමාක්ඛ්‍යාති - සො භාසිතා පුමා භවෙ"

"ඛත්තියා ච සා කඤ්ඤා ච" යන මෙහි නියත ස්ත්‍රී ලිඞ්ගික "කඤ්ඤා" යන විශේෂ්‍ය පදයේ ලිඞ්ගය එයට විශේෂණ වූ තුන් ලිඟුයෙහි ම යෙදී එකම අර්ථයක් ප්‍රකාශ කරන  "ඛත්තිය" ශබ්දය ද සිටිය යුතු ය. එහෙත්

"ඛත්තියා" යන ස්ත්‍රී ලිඞ්ග බව නැති වී "ඛත්තියකඤ්ඤා" කියා පුල්ලිඞ්ගයෙහි මෙන් වෙයි. මෙසේ වීමට උක්ත පුංසක කියා ද පුංවත්වීම කියා ද කියයි.


                                       "යන්තීමිත්තමුපාදායං - පුංසි ශබ්ද: ප්‍රවර්තතෙ
                                        නපුංසකෙ තදෙවස්‍යා - දුක්ත පුංස්කං තද්‍රව්‍යෙත"

රත්තා+ලතා
බ්‍රාහ්මණ+දාරිකා

= රත්තලතා
= බ්‍රාහ්මණදාරිකා

නියත ස්ත්‍රී ලිඞ්ග ශබ්ද, සඥා වාචක ශබ්ද පුංවත් නොවේ.

තණ්හා+නදී
නන්දා+දෙවී

= තණ්හානදී
= නන්දාදෙවී

මේ කර්මධාරය සමාසය පරපද ප්‍රධානයි. පරපදයේ ලිඞ්ගය භාජනය කරයි.


කර්මධාරය සමාසය නිමි.

02. දිගු සමාසය

    කර්මධාරය සමාස ලක්ෂණම ඇතිවිට මුල් ශබ්දය සංඛ්‍යාවාචී නම් ඒ දිගු සමාස නමින් හැඳින් වේ. "සංඛ්‍යාපුබ්බො දිගු" මෙය කර්මධාරය සමාසයෙහිම ඇතුළත් වේ. දිගු සමාස පද නපුංශක ඒකවචනයෙන් සිටී. සමාහාර නොවන තන්හි බහුවචන ද වේ.

පංච+සීලානි
තයො+ලොකා

= පංචසීලං
= තිලොකං

දිගු සමාසයෙහි ප්‍රභේද දෙකකි.

01. සමාහාර දිගු.
02. අසමාහාර දිගු.


01. වස්තු කීපයක් එක් කොට සමූහාර්ථ වශයෙන් සැලකීම සමාහාර නමි. එහිදී ඒකවචන නපුංශක බව වේ.

තයො දණ්ඩා
තීනි මාලානි
ද්වෙ රත්තියො

= තිදණ්ඩං
= තීමලං
= ද්විරත්තං

02. අවයව ප්‍රමුඛත්වයෙන් සිටින විට අසමාහාර යයි කියනු ලැබේ. මෙහිදී සමාස පදය බහු වචනයෙන් ද සිටී. පරපදයේ ලිඞ්ගය ගනී.

තයො භවා
චතස්සො දිසා
චත්තාරි සච්චානි
එකො පුග්ගලො

= තිභවා
= චතුද්දිසා
= චතුසච්චානි
= එකපුග්ගලො

සඞ්ඛ්‍යා වාචී ශබ්දයක් මුලින් යෙදුණු පමණින් ම දිගු නොවේ. "දසබලානි යස්ස සො = දසබලො" (බහුබ්‍රීහි)
මේ දිගු සමාසය පරපද ප්‍රධානයි. නපුංසක ලිඞ්ගිකයි.


                                                                    දිගු සමාසය නිමි.


03. තප්පුරිස සමාසය.

        ප්‍රථමා විභක්තිය හැර ද්විතීයාදී වෙනත් විභක්ත්‍යන්ත පදයක් පරපදය හා ගැලපීමෙන් එක් පදයක් බවට පත් වන්නේ තප්පුරිස නමි. (අමාදයො පරපදෙහි) (සමාස වන පද දෙකම ප්‍රථමාවෙන් සිටින විට කර්මධාරය වේ.) භින්නාධිකරණ විශේෂණ විශේෂ්‍ය  ඇති කල්හි තත්පුරුෂ සමාසය වේ. විග්‍රහ වාක්‍යයේ දී මුල් පදය දුතියාදි විභක්ත්‍යන්ත පදයකින් සිටී. අග පදය හැම විටම ප්‍රථමාවෙන් සිටී.
තස්ස පුරිසො = තප්පුරිසො
    මෙහි මුල් පදය ෂෂ්ඨී බැවින් මුළු සමාස පදයටම ෂෂ්ඨී තත්පුරුෂ යන නම ලැබේ. මෙසේ මුල්පදයේ විභක්තිය සලකා දුතියා තප්පුරිසාදි වශයෙන් තත්පුරුෂය සයකට බෙදේ.

01. දුතියා තත්පුරුෂය

ගාමං+ගතො
සොතං+ආපන්නො

= ගාමගතො
= සොතාපන්නො

සමහර විට දුතියා විභක්ත්‍යන්ත පද ධාතු සමග ද සමාසව කෘදන්ත නාම බවට පැමිණේ. (උපපද සමාසෙ පන වුත්තියෙව, තස්ස නිච්චත්තා - මහාරූපසිද්ධි)




02. තතිය තත්පුරුෂය



03. චතුත්ථී තත්පුරුෂය


04. පඤ්චමී තත්පුරුෂය


05. ඡට්ඨී තත්පුරුෂය



06. සත්තමී තත්පුරුෂය

කම්මං+කරොතීති
විනයං+ධරතීති


බුද්ධෙන+දෙසිතො
සුකෙහි+ආහටං
සල්ලෙහි+විද්ධො

කඨනස්ස+දුස්සං
බුද්ධස්ස+දෙය්‍යං


චොරස්මා+භයං
බන්ධනා+මුත්තො


බුද්ධස්ස+සාවකො
කායස්ස+ලහුතා



ධම්මෙ+රතො
විකාලෙ+භොජනං

= කම්මකාරො
= විනයධරො


= බුද්ධදෙසිතො
= සුකාහටං
= සල්ලවිද්ධො


= කඨිනදුස්සං
= බුද්ධදෙය්‍යං


= චොරභයං
= බන්ධනමුත්තං

= බුද්ධසාවකො
= කායලහුතා



ධම්මරතො
විකාලභොජනං

සමහර විට දුතියාදී පද පරපද බවට ද යයි.

අන්තං+අතික්කන්තං

= අච්චන්තං (අති+අන්තං)

සමහර විට විභක්ති ලොප් නොවේ. ඒ අලුප්ත සමාස නමි.

අන්තෙ+වාසිකො
අත්තනො+පදං
පඞ්කෙ+රුහතීති

= අත්තනොපදං
= පඞ්කෙරුහං

තත් පුරුෂ සමාසය පරපද ප්‍රධානයි. පරදපයේ ලිඞ්ගය භජනය කරයි.

තප්පුරිස සමාසය නිමි.
                                                              

04. ද්වන්ද සමාසය

    "ච" නිපාතයෙන් එක්කළ හැකි සමාන විභක්තික පදයන් එක්පද බවට පැමිණවීම ද්වන්ද නමි. "නාමානං සමුච්චයො ද්වන්දො" මෙහි සමාස වන සියලු පද ඒ ඒ ශබ්දවල ලිඞ්ගයෙන් ප්‍රථමාවෙන් සිටී. මෙහි ඇති අන්‍යොන්‍ය සම්බන්ධය නම් ක්‍රියාව හා ඇති සම්බන්ධය පමණකි.

චන්දො ච සුරියො ච
මුඛං ච නාසිකා ච
චක්ඛුං ච සොතං ච

= චන්දසුරියා
= මුඛනාසිකං
= චක්ඛුසොතං

ච නිපාතයේ අර්ථ සතරකි.

01. කෙවල සමුච්චය
02. අන්වාචය
03. ඉතරීතරයොගය
04. සමාහාරය


එහි කේවල සමුච්චය - අන්වාචය දෙක්හි සමාස නොවේ. ඉතිරි දෙක්හි සමාස වේ.

01. ඉතිරීතරයොගය:- සමාස වන නාමයන් ගේ අර්ථය වෙන් වෙන්ව ගැනෙන්නේ ඉතරීතරයොග නමි. අවයව ප්‍රධාන බවයි. මෙහි පරපදයාගේ ලිඞ්ගය ගනී. බහුවචන ද වේ.

සමණා ච බ්‍රාහ්මණා ච
නරො ච නාරී ච
ඵලං ච මූලං ච

= සමණබ්‍රාහ්මණා
= නරනාරියො
= ඵලමූලානි

02. සමාහාරය:- සමාස වන නාමයන් ගේ අර්ථය එකම රාශියක් සේ ගන්නා විට සමාහාරයයි කියනු ලැබේ. මෙය එක වචනයි. නපුංසක ලිඟුයි.

ඡවී ච මංසං ච ලොහිතං ච
මුඛං ච නාසිකා ච

= ඡවිමංසලොහිතං
= මුඛනාසිකං

සමාහාර ද්වන්ද සමාස පද ඉතරීතර යොග - සමාහාර දෙක්හිම සිටී.

කුසලං ච අකුසලං ච


බකා ච බලාකා ච

= කුසලාකුසලං
= කුසලාකුසලානී

= බකබලාකං
= බකබලාකා

ද්වන්දයේ පද සමාන බල ඇත්තෝ ය. - මුලින් සිටිය යුත්තො කවදරහු ද?

"අච්චිතප්පස්සරං පුබ්බං - ඉවණ්ණුවණ්ණනන්තකං ක්වචි
ද්වන්දෙ සරා දකාරන්තං - බහුස්වනියමො භවෙ"

01. වඩා සැලකිය යුතු පදය
02. අල්පස්වර පදය
03. ඉකාරාන්ත - උකාරාන්ත පද
04. ස්වරාදික අකාරාන්ත පද
05. බොහෝ පද ඇති කල අනියමින්ද යෙදේ.

= දෙවමනුස්සා
= චන්දසුරියා
= අග්ගිධුමා - ධාතුලිඞ්ගානි
= අත්ථධම්මා
= සුරාසුරනරොරගනාග
= යක්ඛගන්ධබ්බකින්නර
= මනුස්සපිසාචපෙතා

උභය පද ප්‍රධානයි. පරපදයේ ලිඞ්ගය භජනය කරයි.

ද්වන්ද සමාසය නිමි.

05. බහුබ්‍රීහි සමාසය

    ප්‍රථමා හැර දුතියාදි විභක්ති අතරින් එක අර්ථයක් ප්‍රකාශ කිරීම පිණිස අන්‍යොන්‍ය සම්බන්ධය ඇති නාම දෙකක් හෝ කිහිපයක් එකට සංග්‍රහ කිරීම බහුබ්‍රීහි සමාස නමි. අඤ්ඤා පදත්ථෙසු බහුබ්බීහි සමාස වූ පදවලින් අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ කිරීම මේ සමාසයෙහි ඇති විශේෂයකි. බහුබ්‍රීහි සමාස නාම අන්‍ය නාමයකට විශේෂණ වශයෙන් බොහෝ සෙයින් යෙදේ. එබැවින් සමාස වන පදය කුමක් වුවත් එයින් කියැවෙන අන්‍ය පදයේ සැටියට ලිඞ්ග භජනය කෙරේ.
        බහුබ්‍රීහි යන්නම මේ සමාසයේ සැටි පැහැදිලි කරයි. "බහවො වීහයො යස්ස සො = බහුබ්බීහි" බොහෝ වී යමෙකුට ද හේ බහුබීහි නමි. බහුබ්බීහි යන්නෙන් ගැනෙන්නේ බොහෝ වී නොවන බොහෝ වී ඇති අයකුය. ඒ නිසාම අන්‍ය පදයේ ලිඞ්ගය ගනී. අන්‍ය පදයෙන් කියැවෙන දෙය යම් ලිඞ්ගයකට අයත් ද එයට අනුව එකම සමාස පදය වුව ද වෙනස් වේ.

පු:- මහන්තී පඤ්ඤා යස්ස සො
ඉ:- මහන්තී පඤ්ඤා යස්ස සා
න:- මහන්තී පඤ්ඤා යස්ස තං

= මහාපඤ්ඤො
= මහාපඤ්ඤා
= මහාපඤ්ඤං

= පුරිසො
= වනිතා
= කුලං

බහුබ්‍රීහි සමාසය

01. තුල්‍යාධිකරණ බහුබ්‍රීහි
02. භින්නාධිකරණ බහුබ්‍රීහි කියා දෙපරිදි වේ.

01. සමාස වන පද ප්‍රථමාවෙන් සිටින්නේ තුල්‍යාධිකරණයේදී ය. එහි අන්‍ය පදයේ වශයෙන් දුතියා භේද සයක් ද වේ.

01. දුතියා
    "ආගතා සමණා යං සො = ආගතසමණො = විහාරො" - "ආවාවූ ශ්‍රමණයෝ යම් තැනකට ද එතැන ආගතසමණ නමි, විහාරයයි". මේ විග්‍රහයෙහි "යං" කියා දුතියාවෙන් සිටියේ අන්‍ය පදයයි. "ආගතා සමණා" කියා සමාන විභක්ති ඇති එකම දෙයක් කියවෙන බැවින් සමානාධිකරණයි. මේ ලක්ෂණ අනුව තුල්‍යාධිකරණ බහුබ්‍රීහි යයි හැඳින්වේ, තතියා බහුබ්‍රීහි ආදිය ද මේ අනුව සැලකිය යුතු යි.

02. තතියා -


03. චතුත්ථී -


04. පඤ්චමී -


05. ඡට්ඨී -


06. සත්තමී -

 විජිතවිජිතා මාරා යෙන සො - විජිතමාරො
(පරදවන ලද මාරයෝ යමකු විසින් ද හේ  විජිත මාර නමි)

උපනීතං භොජනං යස්ස සො - උපනීතභොජනො
(එලවන ලද අහර යමකුට ද හේ උපනීත භොජන නමි)

නිග්ගතා ජනා යස්මා සො - නිග්ගතජනො
(නික්මුණු ජනයෝ යමකින් ද ඒ නිග්ගතජන නමි)

දස බලානි යස්ස සො - දසබලො
(දස බල යමකුගේ ද හේ දසබල නමි)

බහවො තාපසා යස්මිං සො - බහුතාපසො
(බොහෝ තවුසෝ යම් තැනක ද ඒ බහු තාපස නමි)

= භගවා


= සමණො


= ගාමො


= භගවා


= ආරාමො

02. භින්නාධිකරණ බහුබ්‍රීහි -
           සමාස වන පද විසම විභක්ති ගන්නේ භින්නාධිකරණයි. මෙහි අන්‍යපදය බෙහෙවින් ෂෂ්ඨී විභක්තියෙන් සිටී.
"ඡත්තං පාණිම්හි යස්ස සො = ඡත්තපාණි" - (උපාසකො) කුඩය අතේ ඇත්තේ යමකුගේ ද හේ ඡත්තපාණි නමි. මෙයි යස්ස කියා ෂෂ්ඨියෙන් සිටියේ අන්‍යපදය යි. ඡත්තං පාණිම්හි කියා විසම විභක්ති යෙදී ඇත.

 වජිරං පාණිම්හි යස්ස සො = වජිරපාණි
(වජ්‍රය අතෙහි යමෙකුගේ ද හේ වජිරපාණි නමි.)
සුවණ්ණස්ස විය වණ්ණොයස්ස සො = සුවණ්ණවණ්ණො
(ස්වර්ණයට බඳු වර්ණය යමෙකුගේ ද හේ = සුවණ්ණවණ්ණ නමි
.)

= සක්කො



බහුබ්‍රීහි සමාසාන්තයට වන වෙනස් කම් ද ඇත.

01. සමහර විට සමාසාන්තයට අත්ව වේ.
විසාලං අක්ඛී යස්ස සො - විසාලක්ඛො


02. සමහර විට සමාසාන්තයට ඉ වේ.
සොභනො ගන්ධො යස්ස සො = සුගන්ධි


03. සමහර තැනක ක ප්‍රත්‍යය වේ.
බහවො කත්තාරො යස්ස සො = බහුකත්තුකො

බොහෝ සෙයින් බහ්‍රබ්‍රීහි සමාස නාම අන්‍ය නාමයකට විශේෂව යෙදේ. ඇත්තේ ය යන අර්ථය ද ලැබේ.

මහාපඤ්ඤො   = පුරිසො
මහාපැණැති
    = මිනිසා

මහබ්බලො 
    = හත්ථී
මහබ්බලා
        = දෙවතා
මහබ්බලං
        = මන්තං

එකවිටම පද තුනක්ම සමාස වීමට ද හැකි ය.

මත්තා බහවො මාතඞ්ගා යස්මිං තං - මත්තබහු මාතඞ්ගං වනං
පරක්කමෙන අධිගතා සම්පදා යෙහි තෙ - පරක්කමාධිගතසම්පදා - මහපුරිසා

බහුබ්‍රීහි සමාසයෙහි ද (කර්මධාරයෙහිමෙන්) පුංවත් වේ.


දීඝා ජඞ්ඝා යස්ස සො = දීඝජඞ්ඝො - පුරිසො
පහූතා ජිව්හා යස්ස සො = පහූතජිව්හො - භගවා


අලුප්ත බහුබ්‍රීහි සමාස පද ද ඇත.

උරසි ලොමානි යස්ස සො = උරසිලොමො
අන්‍යපද ප්‍රධානයි. අන්‍යපදයේ ලිඞ්ගය භජනය කරයි.

                                                                බහුබ්‍රීහි සමාසය නිමි.

06. අබ්‍යයීභාව සමාසය

        මුලින් සිටි අව්‍යයක් එයට පරවූ නාමයක් සමග වන සමාසය අබ්‍යයීභාව නමින් හැඳින් වේ. (උපසග්ග නිපාත පුබ්බකො අබ්‍යයීභාවො) මෙහි අව්‍යයේ අර්ථය ප්‍රධාන විය යුතු ය. නාමයේ අර්ථය අව්‍යයේ අර්ථයට යටත් වූ තන්හි හෙවත් නාමය ද අබ්‍යයත්වයට පත් වූ තන්හී අබ්‍යයීභාව වේ. නැතහොත් නොවේ. මේ සමාසය නපුංසක ලිඞ්ගිකයි.

සමීපං නගරස්ස
අභාවො මක්ඛිකානං
යත්තකො පරිච්ඡෙදො ජීවස්ස

= උපනගරං
= නිම්මක්ඛිකං
= යාවජීවං

01. අකාරාන්ත අව්‍යයීභාව සමාසයා කෙරෙන් විභක්ති ප්‍රත්‍යයන්ට අං ආදේශ වේ. පඤ්චමීයේ නොවේ. තතියා - ඡට්ඨි - සත්තමී විභක්තිවල විකල්පයෙන් අං ආදේශ වේ.
                                      

                                         නපඤ්චම්‍යායමමභාවො - ක්වචීති අධිකාරතො
                                        තතියා සත්තමී ඡට්ඨී - නංතු හොති විකප්පතො


එකවචන බහුවචන දෙක්හි වරනැගේ.

01. පඨමා
02. දුතියා
03. තතියා
04. චතුත්ථී
05. පඤ්චමී
06. ඡට්ඨී
07. සත්තමී

= උපනගරං
= උපනරගං
= උපනගරං
= උපනගරං
= උපනගරං
= උපනගරං
= උපනගරං



- උපනගරෙන

- උපනගරම්හා
- උපනගරස්ස
- උපනගරෙ





- උපනගරස්මා

- උපනගරස්මිං

02. ඉකාරාන්තාදී අව්‍යයීභාව සමාස නාමයන් කෙරෙන් සියලු විභක්තින්ට ලොප් වේ.

ආධාරභූතායං ඉත්ථියං
අනතික්කම්මසත්තතිං
වධුයා සමීපං
ගුන්නං සමීපං

= අධිත්ථී
= යථාසත්ති
= උපවධූ
= උපගු

අව්‍යයීභාව සමාසය නිත්‍ය සමාසයක් හෙයින් අස්වපදයෙන් විග්‍රහ කටයුතු යි.

    අව්‍යයක් මුලින් සිටි පමණින් අව්‍යයීභාව යන නම නො ලැබෙයි, අව්‍යයේ අර්ථය ප්‍රධාන වීම අවශ්‍යයම ය. එබැවින් පහත දැක්වෙන සමාස පද අව්‍යය මුලට ඇති මුත් අව්‍යයීභාව නොවේ.

උත්තමො වීරො
විසිට්ඨො ධම්මො
කුච්ඡිතං අන්නං
න සුරො
විගතං මලං අස්සාති
දුට්ඨං සීලං යස්ස සො
නත්ථි සමො යස්ස

= පවීරො
= අභිධම්මො
= කදන්නං
= අසුරො
= විමලො
= දුස්සීලො
= අසමො

- කම්මධාරය සමාසය
- කම්මධාරය සමාසය
- කම්මධාරය සමාසය
- කම්මධාරය සමාසය
- බහුබ්‍රීහි සමාසය
- බහුබ්‍රීහි සමාසය
- බහුබ්‍රීහි සමාසය

අව්‍යයීභාව සමාසය පූර්වපද ප්‍රධානයි. නපුංශක ලිඞ්ගයි.

                                                                අව්‍යයීභාව සමාසය නිමි.

මිශ්‍ර සමාස
    සමාස වී එක් පද බවට පැමිණි සමාස නාමයක් නැවත තවත් පද හා සමාස විය හැක. සමාස කීපයක් ඇති එවැනි තැන් මිශ්‍ර සමාසයි.
                                                        සතතවිතතකිත්තිං ධස්තකන්දප්පදප්පං
                                                    තිභවහිතවිධානං - සබ්බලොකෙකකෙතුං
මේ පද්‍යර්ථයෙහි:
01. සතත විතත කිත්තිං (නිතර පතළ කිත් ඇති)
මෙහි පද තුනෙකි. සමාස එකකි.
විත්තා ච සා කිත්ති චාති = විතත කිත්ති (කර්මධාරය) සතතං විතත කිත්ති යස්ස සො = සතත විතත කිත්ති (බහුබ්‍රීහි) තං - සතත විතත කිත්තිං කර්මධාරය ගර්භකොට ඇති බහුබ්‍රීහි සමාසයයි.

02. ධස්ත කන්දප්පදප්පං
    කන්දප්පස්ස දප්පො = කන්දප්පදප්පො (තප්පුරිස)
    ධස්තං කන්දප්පං යෙන සො = ධස්ත කන්දප්පදප්පො -තං - (බහුබ්‍රීහි)
තත්පරුෂ ගර්භ බහුබ්‍රීහි සමාසයි.

03. තිභව හිත විධානං
තයො භවා තිභවං (දිගු )
හිතස්ස විධානො = හිතවිධානො (තප්පුරිස)
තිභවස්ස හිතවිධානො = තිභව හිත විධානො - තං = (තප්පුරිස)
දිගු තත්පුරුෂ ගර්භ තත්පුරුෂ සමාසයයි.

04. සබ්බලොකෙක කෙතුං
    සබ්බො ච සො ලොකොචාති = සබ්බලොකො - (කම්මධාරය)
එකො ච සො කෙතුවාති = එකකෙතු - (කම්මධාරය)
සබ්බලොකස්ස එකකෙතු සබ්බලොකෙක කෙතු - (තත්පුරිස)
කර්මධාරය ගර්භ තත්පුරුෂ සමාසයි.
නානා දුම පතිත පුප්ඵ වාසිත සානු
(නොයෙක් ගස්වලින් වැටුණු මල්වලින් සුවඳ කැවුණු සම බිම් (සානු) ඇති.
නානා දුමපතිත පුප්ඵෙහි වාසිතා - නානාදුමපතිතපුප්ඵවාසිතා - (තප්පුරිස)
නානා දුමපතිත පුප්ඵවාසිතා සානු යස්ස සො නානා දුමපතිත පුප්ඵ වාසිත සානු පබ්බතො (බහුබ්බීහි)
(කර්මධාරය තත්පුරුෂ ගර්භ බහුබ්‍රීහි)

                                                           
            සමාස නිමි.

Powered by Create your own unique website with customizable templates.