හයවන පාඩම - 06
අද පාඩම "පූර්වක්රියා" ගැන. පූර්වක්රියා කියලා කියන්නේ "අවසාන ක්‍රියාවට මුලින් කරන ක්‍රියාව". සිංහලෙන් උදාහරණයක් කියනවනම්, "මම ඇවිල්ල ඉඳගන්නවා." මේ වාක්‍යයේ පූර්වක්රියාපදයක් තියෙනවා. ඒක තමයි "ඇවිල්ලා" කියන එක. අවසාන ක්‍රියාවට කළින් සිදු කරන කියාව තමයි "ඇවිල්ලා" කියන එක. මේ විදිහට පාළියෙත් පූර්වක්රියා කියලා ක්‍රියාපද වර්ගයක් තියෙනවා. සිංහලෙන් කියපු වාක්‍ය පාලියට නැඟුවොත් මෙන්න මෙහෙම තමයි වෙන්නේ. "අහං ආගන්ත්වා නිසීදාමි." මේ වාක්‍යයේ පූර්ව ක්‍රියාව තමයි "ආගන්ත්වා" කියන එක. මේ පූර්ව ක්‍රියාවම අනික් සර්වනාම පදත් එක්ක යොදමු එතකොට තේරුම් ගන්න ලෙහෙසියි.
වාක්‍ය
අහං ආගන්ත්වා නිසීදාමි. මයං ආගන්ත්වා නිසීදාම. ත්වං ආගන්ත්වා නිසීදසි. තුම්හෙ ආගන්ත්වා නිසීදථ. සො ආගන්ත්වා නිසීදති. තෙ ආගන්ත්වා නිසීදන්ති. |
වර්තමාන ක්‍රියාපදය
ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති |
පූර්ව ක්‍රියාව
ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා |
තේරුම
මම අවුත් හිඳගනිමි. අපි අවුත් හිඳගනිමු. නුඹ අවුත් හිඳගනිහි. නුඹලා අවුත් හිඳගනිහු. ඔහු අවුත් හිඳගනියි. ඔවූහු අවුත් හිඳගනිති. |
මේ ක්‍රියාපදය දිහා බලනකොට පේනවා ත්වා කියලා අවසන් වෙලා තියෙන බව. එතකොට මතක තියා ගන්න තියෙන්නේ ත්වා කියලා ප්‍රත්‍යයක් එකතු වෙලා තමයි මේ පූර්ව ක්‍රියාපදය හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔය එකක් විතරයි. මෙන්න තවත් ප්‍රත්‍යයක්. "ත්වාන" මේකත් ඉතින් අරවගේම තමයි කරන්න තියෙන්නේ. නිකමට බැලුවොත් උඩ ක්‍රියාපදයේ ත්වා කියලා අවසන් වෙලා නිසා න යන්න විතරක් එකතු කරන්න. මෙන්න මෙහෙම.
වාක්‍ය
අහං ආගන්ත්වාන නිසීදාමි. මයං ආගන්ත්වාන නිසීදාම. ත්වං ආගන්ත්වාන නිසීදසි. තුම්හෙ ආගන්ත්වාන නිසීදථ. සො ආගන්ත්වාන නිසීදති. තෙ ආගන්ත්වාන නිසීදන්ති. |
වර්තමාන ක්‍රියාපදය
ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති ආගච්ඡති |
පූර්ව ක්‍රියාව
ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා ආගන්ත්වා |
තේරුම
මම අවුත් හිඳගනිමි. අපි අවුත් හිඳගනිමු. නුඹ අවුත් හිඳගනිහි. නුඹලා අවුත් හිඳගනිහු. ඔහු අවුත් හිඳගනියි. ඔවූහු අවුත් හිඳගනිති. |
මේ වන විට "ත්වා" කියන ප්‍රත්‍යයයි "ත්වාන" ප්‍රත්‍යයයි දෙකම දන්නවා. තව "තූන" කියලත් ප්‍රත්‍යයක් තියෙනවා. හැබැහි ඒ ප්‍රත්‍යයෙන් හැදුණු ක්‍රියාපද අඩුයි. දැනගෙන ඉන්න ප්‍රත්‍ය තුනක් තියෙනවා කියලා. අපි දැන් ක්‍රියාපද ලිස්ට් එකක් බබලා මේ පූර්ව ක්‍රියාපද ගැන දැනගමු.
පූර්ව ක්‍රියා පදය
01. හසිත්වා 02. පචිත්වා 03. කත්වා 04. ගන්ත්වා 05. ධාවිත්වා 06. ලිඛිත්වා 07. රොදිත්වා 08. පස්සිත්වා 09. ආහරිත්වා 10. හරිත්වා 11. කීළිත්වා 12. නිසීදිත්වා 13. පහරිත්වා 14. ගණ්හිත්වා 15. පවිසිත්වා 16. ආනෙත්වා 17. නික්ඛමිත්වා 18. බන්ධිත්වා 19. පාපුණිත්වා 20. වන්දිත්වා |
තේරුම
01. සිනාසී 02. පිස 03. කොට 04. ගොස් 05. දුවගොස් 06. ලියා 07. අඬා 08. බලා 09. ගෙන 10. ගෙනගොස් 11. ක්‍රීඩාකොට 12. හිඳගෙන 13. පහර දී 14. ගෙන 15. පිවිස 16. ගෙන 17. නික්ම 18. බැඳ 19. පැමිණ 20. වැඳ |
වර්තමාන ක්‍රියාව
01. හසති 02. පචති 03. කරොති 04. ගච්ඡති 05. ධාවති 06. ලිඛති 07. රොදති 08. පස්සති 09. ආහරති 10. හරති 11. කීළති 12. නිසීදති 13. පහරති 14. ගණ්හාති 15. පවිසති 16. ආනෙති 17. නික්ඛමති 18. බන්ධති 19. පාපුණාති 20. වන්දති |
පූර්ව ක්‍රියා පදය (න)
01. හසිත්වාන 02. පචිත්වාන 03. කත්වාන 04. ගන්ත්වාන 05. ධාවිත්වාන 06. ලිඛිත්වාන 07. රොදිත්වාන 08. පස්සිත්වාන 09. ආහරිත්වා 10. හරිත්වාන 11. කීළිත්වාන 12. නිසීදිත්වාන 13. පහරිත්වාන 14. ගණ්හිත්වාන 15. පවිසිත්‍වාන 16. ආනෙත්වාන 17. නික්ඛමිත්වාන 18. බන්ධිත්වාන 19. පාපුණිත්වාන 20. වන්දිත්වාන |
06. පාඩම අවසානයි