පහළොස්වන පාඩම - 15
අදත් වෙනදා වගේම පාඩමක් දක්වලා ඒකේ තේරුම කියලා දෙන්නයි ලැහැස්තිය. පාලි භාෂාව ඉගෙන ගන්නකොට, පුංචි වුනත් වැදගත් පොතක් තමයි, 'පාලිපාඨමඤ්ජරී' කියන්නේ. ඉස්සරත් ඒ පොතෙන් පාඩම් 13 ක් පමණ දක්වලා ඒවාගේ තේරුම දැනගන්න ආකාරය කියලා දුන්නා. අද කියලා දෙන්නේ 14 වන පාඩමේ කොටසක්. මුලින්ම පාඩම මෙන්න මේ ආකාරයට දැනගනිමු.
- තස්මිං කාලෙ දීපඞ්කරො නාම සම්බුද්ධො ලොකෙ උදපාදි. තදා ජම්බුදීපෙ රම්මකං නාම නගරං අහොසි. තත්ථ සුදස්සනං නාම මහාවිහාරං අත්ථි. සො ඛො පන තථාගතො අනුපුබ්බෙන චරන්තො තං රම්මකං නගරං පත්වා මහාජනස්ස ධම්මං දෙසෙන්තො ලොකහිතං කරොන්තො තස්මිං මහාවිහාරෙ වසති. රම්මනගරෙ වසන්තා මනුස්සා ගන්ධං ච පුප්ඵං ච ගහෙත්වා විහාරං ගන්ත්වා තථාගතං පූජෙත්වා ස්වාතනාය නිමන්තෙත්වා පක්කමිංසු.
තෙ පුනදිවසෙ දානං සජ්ජෙත්වා නගරං අලංකරොන්තො මග්ගං සමං කරොන්ති. තස්මිං කාලෙ සුමෙධො-තාපසො ආකාසෙන ගච්ඡති. තථා ගච්ඡන්තො තෙ මනුස්සෙ දිස්වා තං පවත්තිං සුත්වා එවං ආහ- "මය්හං ච එකං කොට්ඨාසං දෙථ. අහං අපි මග්ගං අලංකරොමි" ඉති. අථ තෙ තස්ස එකං දුක්කරං කොට්ඨාසං අදංසු. සො පංසුං ආහරිත්වා තත්ථ පක්ඛිපන්තො මග්ගං සමං අකාසි.
උපුටා ගැනීම - පාළිපාඨමඤ්ජරී, චතුද්දසමො පාඨො (14 වන පාඩම),
- තේරුම
තස්මිං - ඒ, කාලෙ - කාලයෙහි, දීපඞ්කරො නාම - දීපඞ්කර නම්, සම්බුද්ධො - සම්බුදුරජාණන් වහන්සේ, ලොකෙ - ලෝකයෙහි, උදපාදි - පහළවිය. තදා - එකල්හි, ජම්බුදීපෙ - දඹදිව, රම්මකං නාම - රම්මක නම්, නගරං - නගරයක්, අහොසි - විය. තත්ථ - එහි, සුදස්සනං නාම - සුදස්සන නම්, මහාවිහාරං - මහාවිහාරයක්, අත්ථි - ඇත. සො - හෙතෙම, ඛො - වනාහි, පන - වනාහි, (පාලි භාෂාවේ එකම අදහස සඳහා 'ඛො-පන' යන නිපාත දෙකම එකට යෙදී ඇත. "තං ඛො පන භගවන්තං"- (ඒ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි), "තෙන ඛො පන සමයෙන" - (එසමයෙහි වනාහි) වැනි යෙදුම් වලින් ඒ බව පැහැදිලි වේ.) තථාගතො - තථාගතයන් වහන්සේ, අනුපුබ්බෙන - අනුපිළිවෙළින්, චරන්තො - හැසිරෙනුයේ (වඩිනුයේ) තං - ඒ, රම්මකං - රම්මක, නගරං - නගරයට, පත්වා - පැමිණ, මහාජනස්ස - මහජනයාට, ධම්මං - ධර්මය, දෙසෙන්තො - දේශනා කරමින්, ලොකහිතං - ලොවට හිත, කරොන්තො - කරමින්, තස්මිං - ඒ, මහාවිහාරෙ - මහාවිහාරයෙහි, වසති - වාසය කරයි. රම්මනගරෙ - රම්මනගරයෙහි, වසන්තා - වසන්නාවූ, මනුස්සා - මිනිස්සු, ගන්ධං - ගන්ධ (සුවඳ ද්‍රව්‍ය), ච - ද, පුප්ඵං - පුෂ්පයන්, ච - ද, ගහෙත්වා - ගෙන, විහාරං - විහාරයට, ගන්ත්වා - ගොස්, තථාගතං - තථාගතයන් වහන්සේ, පූජෙත්වා - පුදා, ස්වාතනාය - හෙටදිනය පිණිස (හෙට දිනයෙහි දානය පිණිස) නිමන්තෙත්වා - පවරා, (ආරාධනා කොට) පක්කමිංසු - ගියහ.
තෙ - ඔවුහු, පුනදිවසෙ - ඊළඟ දිනයෙහි, දානං - දානය, සජ්ජෙත්වා - සූදානම් කොට, නගරං - නගරය, අලංකරොන්තො - අලංකාර කරමින්, මග්ගං - මාර්ගය, සමං - සම (තැනිතලා), කරොන්ති - කරති. තස්මිං - ඒ, කාලෙ - කාලයෙහි, සුමෙධො-තාපසො - සුමේධ තාපසයා, ආකාසෙන - අහසින්, ගච්ඡති - යයි. තථා - එසේ, ගච්ඡන්තො - යනුයේ (යමින්), තෙ - ඒ, මනුස්සෙ - මිනිසුන්, දිස්වා - දැක, තං - ඒ, පවත්තිං - ප්‍රවෘත්තිය/පුවත, සුත්වා - අසා, එවං - මෙසේ, ආහ - කීවේය- "මය්හං ච - මට ද, එකං - එක්, කොට්ඨාසං -කොටසක්, දෙථ - දෙව්. අහං - මම, අපි - ද, මග්ගං - මාර්ගය, අලංකරොමි - අලංකාර කරමි" ඉති - යනුවෙනි. අථ - ඉක්බිති, තෙ - ඔවුහු, තස්ස - ඔහුට, එකං - එක්, දුක්කරං - දුෂ්කර, කොට්ඨාසං - කොටසක්, අදංසු - දුන්හ. සො - හෙතෙම, පංසුං - පස්, ආහරිත්වා - ගෙනවුත්, තත්ථ - එහි, පක්ඛිපන්තො - දමමින්, මග්ගං - මාර්ගය, සමං - සම, අකාසි.
ව්‍යාකරණ විභාග
තස්මිං කාලෙ - යනුවෙන් අදහස් කරනුයේ එම කාලයෙහි යනුවෙනි. එබැවින් එම පද දෙකම එකට ගෙන අදහස ගැනීම වඩාත් සුදුසුය. එසේම පාලිභාෂාවෙහි කාලය දැක්වීමේදී සත්තමී විභක්ති පද යොදා ගැනේ. එයට කාලත්ථෙ සත්තමී යැයි කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් කාලාර්ථෙ සප්තමී යනුවෙන් දැක්වේ. තස්මිං යන ත ශබ්දයේ සත්තමී එකවචන පදයෙහි එහි යන අදහස ද ඇත. එසේම තම්හි යනුවෙන් ද මෙම විභක්තියේ ඒකවචනයෙහි පදයකි. නමුත් බහුල වශයෙන් තස්මිං යන පදය යෙදේ.
දීපඞ්කරො නාම - මෙහි 'නාම' යනුවෙන් අදහස් කරන්නේ නම්, නමැති යනුයි. මේ අයුරින් අවශ්‍ය නම්, දෙවදත්තො නාම - දෙවදත්ත නම්, ජිනදාසො නාම - ජිනදාස නම්, ධනපාලො නාම - ධනපාල නම්, සුරවීරො නාම - සුරවීර නම්, අප්පුහාමි නාම -අප්පුහාමි නම්, කුමාරිහාමී නාම - කුමාරිහාමී නම් යනුවෙන් සෑදිය හැකිය.
මෙහි ඇති පද දෙස බැලීමේදී ඇතැම් පද 'එ'කාරයෙන් අවසන් වන බව පෙනේ. උදාහරණ ලෙස ජම්බුදීපෙ, මහාවිහාරෙ, පුනදිවසෙ, කාලෙ, රම්මනගරෙ යන පදයි. මෙහිදී එම පද යෙදී ඇත්තේ සත්තමී විභක්තියෙනි. එම පදයන්හි ඇති අදහස වාක්‍යයෙහි යෙදී ඇති අයුරින් තේරුම් ගත යුතුය. ඉහත පදයන්හි තේරුම වන්නේ දඹදිවෙහි, මහාවිහාරයෙහි, කාලයෙහි, රම්මනගරයෙහි යනුවෙනි. නමුත් එසේ ඒකාරාන්ත වූ පමණින් සත්තමී විභක්තිය නොවන තැන්ද ඇත. නාමපද වරනැඟෙන විට දුතියා විභක්ති බහුවචනයේ දී ද මෙම ලක්ෂණය දක්නට ලැබෙන බැවිනි. ඒ සඳහා විභක්ති පිළිබඳ අවබෝධය අවශ්‍ය වේ. එය පාලි වරනැඟිල්ල තුළින් දත හැකිය. එම වරනැඟිල්ල ද මෙහි ඇතුළත් කොට ඇත්තේ එබැවිනි. උදාහරණයක් ලෙස 'නගර ශබ්දය' දුතියා එකවචනයෙහි 'නගරං' යනුවෙන් ද, බහුවචනයෙහි 'නගරෙ' යනුවෙන් ද වරනැඟේ. මෙහි 'නගරෙ' යනුවෙන් අදහස් වන්නේ 'බොහෝ නගර' යනුයි. තවත් පැහැදිලි වනු පිණිස උදාහරණ දැක්විය හැකිය.
අහං නගරං ගච්ඡාමි - මම නගරයට යමි.
අහං නගරෙ ගච්ඡාමි - මම නගරවලට යමි.
අහං ඵලං ඛාදාමි - මම ගෙඩිය කමි.
අහං ඵලෙ ඛාදාමි - මම ගෙඩි කමි. යනුවෙනි.
පාලියෙහි කිතක හෙවත් කෘදන්ත යනුවෙන් ද ව්යාකරණාඞ්ගයක් දැක්වේ. එම කිතක වර්ග 4 ක් ඇත. එනම් වත්තමාන (වර්තමාන) කිතක, අතීත කිතක, අනාගත කිතක, තෙකාලික (ත්‍රෛකාලික) කිතක යනුවෙනි. මෙහි ද මෙම කිතක පද යෙදී ඇති අතර දැනට තරමක අවබෝධය සඳහා වර්තමාන කිතක පද මොනවාද යන්න හඳුන්වා දිය හැකිය. මෙම පාඩමේ දැක්වෙන වර්තමාන කිතක පද මෙසේය.
චරන්තො - හැසිරෙනුයේ / හැසිරෙමින්
දෙසෙන්තො - දෙසනුයේ / දෙසමින්
කරොන්තො - කරනුයේ / කරමින්
ගච්ඡන්තො - යනුයේ / යමින්
අලංකරොන්තො - අලංකාර කරනුයේ / අලංකාර කරමින්
ඉහත පද සියල්ලක්ම එක වචන පදයක් සමග යෙදී ඇති හෙයින් මෙම වර්තමාන කිතක පද ඒකවචන කිතක පද ලෙස සැලකේ. මෙම කිතක පද ද ඒකවචන - බහුවචන භේදයෙන් යුක්ත වන අතර, නාමපදයක් වරනැඟෙන්නා සේ වරනැඟේ. උදාහරණයක් ලෙස 'චරන්තො' යනුවෙන් මෙහි දැක්වෙන පදය ශබ්දයක් ලෙස හෙවත් නාමයක් ලෙස ද ගත හැකිය. එවිට මෙම 'චරන්ත ශබ්දය' චරන්තො - චරන්තා, චරන්තං - චරන්තෙ, යනුවෙන් වරනැඟේ. ඉහත අනෙක් පද ද එසේ වරනැඟිය හැකිය. නාමවරනැඟිල්ලේ එන 'ගච්ඡන්ත ශබ්දය' බැලීමෙන් එය තේරුම් ගත හැකිය. ඒ අනුව වර්තමාන කිතකයෙහි ඒකවචන-බහුවචන භේදය තේරුම් ගත හැකි වේ.
පත්වා, ගන්ත්වා, පූජෙත්වා යනුවෙන් අවසනට ත්වා ප්‍රත්‍යය යෙදී ඇති පද විශේෂය පූර්ව ක්‍රියා යනුවෙන් හැඳින්වේ. ඒ බව ඉහත දක්වා ඇත.
14 වන පාඩම නිමි.