බුද්ධාගම රජයේ ආගම වීම
මහාචාර්ය වල්පොළ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

අශෝක අධිරාජයා සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකකට පමණ පසු හා හපුරා කියා බුද්ධ ධර්මය ඉන්දියාවේ රාජ්‍ය ආගම බවට පත් කළ රජු බව යට කියන ලදී. එහෙත් ලංකාවෙහි එම ධර්මය රජයේ ආගම වූයේ බුද්ධාගම මෙරටට පැමණි දා පටන්මය.
තමන්ට බුද්ධාඥාවට අනුකූලව වෙසෙන්ට හැකි වනු පිණිස නගරය ද ඇතුළත් කොට සීමා බන්ධනය කරන ලෙද දේවානම්පියතිස්ස රජු මිහිඳු මාහිමියන්ට කළ ආයාචනයෙහි වැදගත් අදහසක් ගැබ්වී ඇත. ක්‍රි.පූ. 3 වන ශතවර්ෂයේ එදින පටන් ක්‍රි.ව.19 වන ශතවර්ෂයේ දී සිංහල රාජ්‍ය අභාවයට ගිය දින තෙක්, ලංකා රාජ්‍යයට හිමිකම් කීමට නීතියෙන් බලය ලැබුණේ බෞද්ධයෙකුට පමණි. ක්‍රි.ව. 10 වන ශතවර්ෂය පමණ වන විට මේ විශ්වාසය කොතරම් දැඩි ලෙස තහවුරු වී පැවැතියේ ද යත්, ලංකාවෙහි රජු බෞද්ධයෙකු පමණක් නොව බෝධිසත්වයෙකු වීම ද අවශ්‍ය ම විය. "බෝධිසත්වයන් හැර අන් කිසිවෙක් ශ්‍රී ලංකාවෙහි රජ නොවන්නේයයි ද ඔවුන්ට මේ වියරණය (ව්‍යාකරණය) ලැබුණේ සර්වඥ බුදුන් වහ්නසේගෙන් ම යයි" ද 4 වන මිහිඳු රජුගේ (ක්‍රි.ව.956-972) සෙල්පුවරු ලිපියෙහි පළ වේ.
ලංකාව බුද්ධධර්මය සතු බවත් එබැවින් චෝළ, කේරළ ආදී අබෞද්ධයන්ට ලංකා රාජ්‍යයට හිමිකමක් නැති බවත් (ක්‍රි.ව.1187-1196) කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු තම සෙල්ලිපිවල පළ කොට ඇත.
13 වන ශතවර්ෂයට අයත් සිංහල ගද්‍ය කෘතියක් වූ පූජාවලියෙහි මේ අදහස වඩාත් ව්‍යක්ත ලෙස මෙසේ දැක්වේ: "එසේ හෙයින් මේ ලක්දිව බුදුන්ගේම තුනුරුවන් භාණ්ඩාගාරයක් වැන්න. එසේ හෙයින් මේ ලක්දිව මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නුවූවා සේ ම ස්ථිර නො වේ මය. මිථ්‍යාදෘෂ්ටි ගත් රජෙක් ලක්දිව බලහත්කාරයෙන් කිසි කලෙක රාජ්‍යය කළේ වී නමුත් ඔවුන්ගේ වංශප්‍රතිෂ්ඨා නොවනු බුදුන්ගේ ආනුභාව විශේෂයක් මය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍යග් දෘෂ්ටි ගත් රජුන්ටම සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවේණිය පවත්නේ ද ඒකාන්ත ම ය."
සිංහල නීති සංග්‍රහයේ ප්‍රථම ව්‍යවස්ථාව ලංකාවේ රජු බුද්ධාගම හැරදමා වෙනත් ආගමක් වැළඳ නොගත යුතු බව යයි මහනුවර මල්වතු විහාරයේ සංඝ සභාව විසින් එවකට මුහුදුබවඩ පළාත් පාලනය කළ කොළඹ ලන්දේසි ආණ්ඩුකාර තැන්පත් ෆල්ක් මහතා (ක්‍රි.ව.1765-1785) වෙත සිංහල නීතිය පිළිබඳව ලියා යවන ලද ඓතිහාසික ලිපියක සඳහන් වේ.
19 වන ශතවර්ෂය තරම් මෑත කාලයක් දක්වා මේ විශ්වාසය පැවැති බව ලංකාවේ ආණ්ඩුකාර තැන්පත් බ්‍රවුන්රිග් මහතා විසින් 1816 ජූනි මස 13 වන දා එංගලන්තයේ විලියම් විල්බපෝස් මහතා වෙත යවන ලද ලිපියකින් පෙනේ. එම ලිපියෙහි සඳහන් වන හැටියට, "උඩරට රාජ්‍යයෙහි ස්වාධීනතාව හා බුද්ධාගම අතර කිට්ටු සම්බන්ධයක් ඇතැයි යනු පිළිගත් විශ්වාසයකි. පර සතුරු බලපෑම් හා බලවේගයන් සියල්ලකින් ම බුදුන් ඔවුන්ගේ රාජ්‍යය ආරක්ෂා කරන බව විශ්වාස කරනු ලැබේ."
විටින් විට මෙරට පාලනය කළ ද්‍රවිඩයන් පවා, තමන් යටි සිතින් කැමැති වුණත් නැතත්, යටත් පිරිසෙයින් රාජ පදවිය තකාවත් බුද්ධාගම වැළඳ ගත යුතු විය. මීට නිදසුනක් කියතොත්, ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ දී අනුරාධපුරයෙහි රාජ්‍යානුශාසනා කළ එළාර නම් සොළී කුමාරයා සංඝයා බැහැ දැක දනට ආරාධනා කරනු පිණිස සෑගිරියට (මිහින්තලේට) ගිය බව සඳහන් වේ. ඔහු රත්නත්‍රයෙහි උතුම් බව හා අගය නොදැන සිටියේ වී නමුත් සෑගිරියට ගොස්, පෙර සිරිත පරිදි (චාරිත්තමනුපාලයං) සංඝයාට දනට ආරාධනා කෙළේ යයි මහාවංසය කියයි. එළාර රජු බුද්ධාගම කෙරෙහි අවංක උද්‍යොගයක් නොදැක්වූ නමුදු, ඔහුට රටේ සම්මත් සිරිත පිළිපදින්නට සිදු වී යයි මහාවංස කර්තෘ සැලකූ බව පෙනේ.
මේ සිරිත (චාරිත්තං) කුමක් ද? පුරාණ කාලයේ දී පරම්පරා වෙන් පරම්පරාවට ආ සාධුජන සම්මත චාරිත්‍රය (සදාචාරය) රටෙහි සම්මත නීතියෙහි අංගයක් විය. එම සිරිත ආගමික ශික්ෂාපද හා නීති ප්‍රඥප්ති ගණයෙහි ලා ගැනුණේ ය.
ලංකාවෙහි ද රාජ්‍ය නීතිය වූයේ අන් කිසිවක් නොව රටෙහි බැවහර සිරිතයි. එබැවින් යහපත් පාලනය සඳහා එළාර රජු විසින් ද මේ සිරිත පිළිපැදිය යුතු විය. මේ කාරණය පැහැදිලි කෙරෙන වෙනත් නිදර්ශන කීපයක් ද මහාවංසයෙහි දැක්වේ.
(ක්‍රි.ව.38-66) භාතිය රජු පැරණි රජවරුන් ආගමික් පිළිවෙත් ගැන පනවා තිබුණු ආඥා පිළිපැද්ද බව කියා තිබේ.1 (ක්‍රි.ව.67-79) මහා දාඨික මහානාග රජතුමා පෙර රජ දරුවන් හා සිය සොහොයුරා පනවා තිබුණු ආගමික පිළිවෙත් සියල්ලක්ම පිළිපැද්දේය. මිහිඳු උළෙල ඇරඹූ (ක්‍රි.ව.362 පමණ) කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ උළෙල අවුරුද්දක් පාවා පැවැත්විය යුතුම යයි ආඥා කළේය. "එවක් පටන් මේ කාලය තෙක් රජ පැමිණි සියලු ම රජවරු මේ රාජාඥාව නිරන්තරයෙන් පිළිපැද්දහු යයි" 13 වන ශතවර්ෂයේ විසූ, මහාවංස දෙවැනි කොටසේ කර්තෘ කියයි. හෝපිටිගම නම් ගමක පාලනය පිළිබඳ නීති රීති වගයක් සඳහන් වන 10 වන ශතවර්ෂයේ සෙල් ලිපියක පෙර පැවැති නීතිවලට ‘පෙර සිරිත්“ යන ව්‍යවහාර වේ. 12 වන ශතවර්ෂයේ සිරිත් ලේනා නීති ලේකම් හෙවත් අධිකරණ අමාත්‍යයාය. නීතිය යන වර්තමාන අදහස ප්‍රකාශ කිරීමට සිංහලයෙන් 'සිරිත්' යන්න ද පාලියෙන් 'චාරිත්ත' යන්න ද ව්‍යවහාර වූයේ ය. සම්ප්‍රදාය ද නීතියෙහිම ලා ගැනුණේ ය. රජවරුන් විසින් පනවන ලදුව රටේ සම්මත නීතිය හැටියට ගැනුණු ආගමික සිරිත් හා පිළිවෙත් පැවති බව මේ නිදසුන් වලින් පැහැදිලි ලෙස පෙනේ. සිංහල හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා, ලංකාවේ රජවරුන් විසින් මේ සිරිත් පිළිපැදිය යුතු විය.
එළාර රජුට අවුරුදු 30කට පෙර රජ කළ සේන හා ගුත්තික නැමැති දෙමළ රජවරුන් දෙදෙනා පවා බෞද්ධයන් වූ බව පෙනේ. ඔවුන්ගේ රාජ්‍යානුශාසනය පිළිබ‍්ව මහාවංසයෙහි 'ධම්මෙන' (දැහැමින්) යන පදයෙන් ඇඟෙන්නේ ඔවුන් බෞද්ධයන් හැටියට නැත් නම් යටත් පිරිසෙයින් බෞද්ධ සිරිත් අනුව රට පාලනය කළ බවයි. කෙනෙකු දැහැමින් රජ කරන්නේ මෙසේ විනා අන් කිනම් විදිහකට ද? පශු ගණයෙහි ලා ගැනුණු (පසු-සමා) මිසදිටුවෙකුට දැහැමින් රජ කරන්නට පුළුවන් ද?
(ක්‍රි.ව. 5වන ශතවර්ෂයේ) ඛුද්ද පාරින්ද රජුගේ මෙහෙසිය විසින් විහාරයකට පිරිනමන ලද දානවස්තු සඳහන් සෙල් ලිපියක දෙමළෙකු වූ ඇගේ ස්වාමියා සඳහන් වන්නේ 'බුද්ධදාස ඛුද්ද පාරින්ද' යන තේරුම ඇති 'බුදදස ළ පරිදෙව' යන නමිනි. බුද්ධදාස යන මේ උපපදය ව්‍යවහාර කිරීමෙන් පැහැදිලිව ම පෙනෙන්නේ ඛුද්දපාරින්ද බෞද්ධයෙකු වූ බවයි. නැත්නම් බෞද්ධයෙකු නොවූවත් බෞද්ධයෙකු බව අඟවන්ට උත්සාහ කළ බවයි. ඔහුට කලින් රජ කළ පාරින්ද රජද තමා විසින් බෞද්ධාරාමයකට පූජා කරන ලද දානවස්තූන් ගැන අරගම තම සෙල්ලිපියෙහි සඳහන් කරයි. තිරිතර රජුගේ පුත් දාඨිය රජු විසින් කතරගම මංගල මහා චේතියට (වර්තමාන කිරිවෙහෙරට) පූජා කරන ලද ත්‍යාගයක් ගැන කතරගම වෙනෙත් සෙල් ලිපියක සඳහන් වේ.
දාඨිය රජ පාරින්ද හා ඛුද්ද පාරින්ද අයත් දෙමළ රාජවංශයේ කෙනෙකි. 5 වන ශතවර්ෂයේ අග හරියේ දී 27 වසක් පුරා අනුරාධපුරයෙහි රජ කළ මේ දෙමළ රජදරුවන් ආගමින් බෞද්ධයන්5 බවයි පරණවිතානගේ මතය. (ක්‍රි.ව.658-674) 4 වන අග්ගබෝධි රජුට සේවා කළ පොත්ථකුත්ථ හා මහාකන්ද ආදී දෙමළ රාජපුරුෂයන් කීප දෙනෙකු ම විහාර කර වූ බවත් ආරාමවලට ගම්වර පිදූ බවත් කියා ඇත. මහනුවර කාලයේ ද්‍රවිඩ රජවරුන් පෙර කල සිංහල රජදරුවන් අනුගමනය කරමින් බෞද්ධාගම ඇදහූ බවත් බෞද්ධ සිරිත් පිළිපැද්ද බවත් බෞද්ධාගමට සංග්‍රහ කළ බවත් කවුරුත් දනිති.
රජතුමා ද ගිහි සංඛ්‍යාවෙහි ලා ගැනුණු නමුත්, ඔහුට හිමි වූ තැන සෙසු ගිහියන්ගේ තැනට වඩා බෙහෙවින් ම වෙනස් වූවකි. බුදුවරු ද චක්‍රවර්ති රජවරු ද සූත්‍රයන්හි එකසමාන හැටියටම වාගේ ගණන් ගැනෙති. බුදුන් ද සක්විති රජු ද දෙදෙන ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත බව දීඝනිකායේ ලක්ඛණ සූත්‍රය කියයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපලක්ෂිත පුරුෂයෙක් ගිහි ගෙයි විසුවොත් සක්විති රජ වන්නේය; ගිහි ගෙය හැර ගියොත් බුදු වන්නේය. මේ දෙදෙන ම ලෝකාර්ථය සඳහා පහළ වූ ආශ්චර්ය මනුෂ්‍යයන් (අච්ඡරියමනුස්සා) බවත් ඒ දෙදෙනම ස්තූපයන්ගෙන් පිදිය යුත්තන් (ථූපාරහ) බවත් අංගුත්තර නිකාය කියයි. බුදුහු සකල ලෝකෝත්තර රාජ්‍යයට අග රජය; සක්විති රජ ලෞකික රාජ්‍යයෙහි සමන්තභද්‍ර පරමාධිපතියාය. මේ මතය පරිදි, සාමාන්‍ය රජෙක් පවා අනිකුත් ගිහියන්ට වඩා බෙහෙවින් උසස් තැනක ලා සලකනු ලැබේ. භික්ෂූන් රාජාඥාවට අවනත විය යුතු බව බුදුන් වදාරා ඇත්තේ මෙබැවිනි.
එබැවින් ලංකාවේ රජු ශාසනයේ ආරක්ෂකයා හැටියට ද, බුද්ධ ශාසනයේ ලෞකික නායකයා හැටියට ද ගැනුළු බව පුදුමයක් නො වේ. ක්ෂත්‍රියයකු රයෙකු වන්නේ බුදුන් වහන්සේගේ පාත්‍රය හා සිවුර රකින්ට බව 10 වන ශතවර්ෂයේ දී 4 වන මිහිඳු රජ පවසයි. බුද්ධ ශාසනයේ ආරක්ෂකයා හැටියට රජතුමා කොතරම් මහත් ගෞරවයට පාත්‍ර වී ද යත්, කලින් බුදුන් හා රහතුන් ගැන කීමේ දී පමණක් ව්‍යවහාර වුණු වචන පවා මෙකල ලංකාවේ රජුන් ගැන සඳහන් කිරීමෙහි දී ව්‍යවහාරයට පැමිණියේය. බුදුකෙනෙකුන්ගේ නැතහොත් රහතන් කෙනෙකුන්ගේ අභාවය සම්බන්ධයෙන් පමණක් ව්‍යවහාර වුණු පිරිනිවි (පරිනිබ්බුත) යන මේ වචනය 10 වන ශතවර්ෂයේ දී රජකුගේ අභාවප්‍රාප්තිය සම්බන්ධයෙන් ව්‍යවහාර කරන ලද්දේය. මෙසේ, හරි හැටියට නම්, බෞද්ධ භික්ෂුවක් ගැන සඳහන් වන තැනේ දී පමණක් ව්‍යවහාර කළයුතු වත්හිමි (උපජ්ඣායසාමි) යන මේ පදය අධික ගෞරවයක් හැටියට 18 වන ශතවර්ෂය පමණ කාලයේ පටන් රජවරුන් උදෙසා ද යෙදුණේය.
බුද්ධශාසනයෙහි ආරක්ෂකයා හා එහි ලෞකික නායකයා වශයෙන් රජුගේ මූලික යුතුකම්වලින් එකක් වූයේ ශාසනාභිවෘද්ධිය සැලසීමයි. බුද්ධ ශාසනය භේදභින්න වී නැතහොත් දූෂිත වී පවත්නා බව පෙනී ගිය බොහෝ විට රජවරුන් "ශාසන ශෝධන" කරවූයේ එබැවිනි. සසුන කෙලෙසූ, සසුනෙහි රැඳී සිටීමට නුසුදුසු වූ, මිථ්‍යාදෘෂ්ටික මතධාරීන් නීතිය මඟින් හෝ සිවුරු හරවා නෙරපීමෙන් හෝ මැඩ පැවැත්වීම රජයේ යුතුකමක් විය. ඔවුන් විසින් ම තේරුම් බේරුම් කර ගත නොහැකි ආරවුල් සංඝයා අතර පැන නැඟුණු විට ද මැදිහත් වීම තම යුතුකමක් බව රජතුමාට හැඟුණේය. නිදසුනක් කියතොත්, චේතියගිරියේ උපෝසථාගාරයෙහි ආරවුලක් ඇති වුණු විට කණිරජානු රජු විනිශ්චයකාරයා හැටියට මැදිහත් වී කරුණු විභාග කොට තීරණය දුන් බව කියා ඇත. සංඝයාගේ ආරවුලක් විභාග කොට විසඳීමට ගිහියෙකු පෝය ගෙට ගොඩ වැදීම පුදුමයකි. එහෙත් රජතුමා පෝය ගෙය තුළ දී ම ආරවුල විසඳූ බවට නම් කිසිම සැකයක් නැත. රජු පෝයගෙයට ගොඩවැදුණේ සංඝයාගේ ආරාධනාව පිට ද නැතහොත් තමාගේ හිතුමනාපයට දැයි අප නිච්චියට ම නොදනිමු. එය කෙසේ වුවත්, ශාසනයෙහි ලෞකික ආරක්ෂකයා හැටියට සංඝයාගේ ආරවුල් විසඳන්ට එක්කෝ සැබවින් ම රජුට බලය තිබුණු බව නැතහොත් රජු ඒ බලය තමා කෙරේ ආරූඪ කරගත් බව පැහැදිලිය. මහාසේන රාජ්‍ය සමයේ දී ජේතවන විහාරය පිළිගත් තිස්ස ස්ථවිරයෝ අධිකරණ අමාත්‍යයා විසින් සිවුරු හරවනු ලැබූහ. මේ භික්ෂුවට විරුද්ධව ඉදිරිපත් කරන ලද පාරාජිකා චෝදනාවක් සංඝයා විසින් අන්තිමේ දී ඔප්පු කරන ලද්දේ මුත්, රජයේ ආධාරය නැති ව ඔහු සිවුරු හරවන්ට බලය සංඝයාට තිබුණේ නැත.
රජු ශාසනාරක්ෂකයා වුව ද, ආගමික කටයුතු සම්බන්ධයෙන් ඔහු සතු වූයේ සංඝ බලයට අවනත අප්‍රධාන බලයකි. සංඝයා ලවා ඔවුන්ගේ අකැමැත්තෙන් කිසිවක් කරවන්ට බලයක් ඔහුට තිබුණේ නැත. නිදසුනක් කියතොත්, (ක්‍රි.ව.617-626) සිලා මේඝවණ්ණ රජු මහා විහාරවාසී භික්ෂූන්ට අභයගිරිවාසී භික්ෂූන් සමග එකතු වී එකට උපෝසථ කර්මය කරන්ට කී විට, මහා විහාරවාසීන් රජුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් රජතෙමේ තම කැමැත්ත ඉටු කරවා ගන්ට තරම් අපොහොසත් විය. තවත් අවස්තාවක මහා විහාරවාසී භික්ෂූහු, මහා විහාරවාසී සංඝයාගේ කැමැත්තට පිටුපා ක්‍රියා කළ 2 වන දාඨෝපතිස්ස රජුට 'පත්තනිකුජ්ජන කර්මය' (පාත්‍රය මුණින් අතට නැමීම) කළහ. මේ වනාහි සංඝයා විසින් ගිහියෙකුට කළ හැකි ලොකුම අපහාස යයි.
ආගමික හා ආධ්‍යාත්මික කරුණු වලදී ඉඳ හිට සංඝයා හා රාජ්‍යය අතර මතභේද පහළ වූ නමුදු, දේශපාලනමය හා ලෞකික කටයුතු වලදී දෙපක්ෂය අතර ඝට්ටන ඇතිවූ බවක් පෙනෙන්ට නැත. භික්ෂූන්, භික්ෂූන් හැටියට කෙලින්ම දේශපාලනය කෙරෙහි බලපාන්ට කවදාවත් වෑයම් කළ බවක් නො පෙනේ. එහෙත් ඔවුහු තමන්ගේ අභිමතාර්ථ ඉටුකරවාගන්ට නම්මවාගත හැකි රජවරුන්ට ආධාරෝපකාර කිරීමට තම අනුහස යෙදූහ. ඇතැම් භික්ෂූන් පාලක නායකයන් අතර පැන නැගුණු ආරවුල් බේරීමටද, එපමණක් නොව රජවරුන් තේරීමට ද තමන්ම ඉදිරිපත් වී ක්‍රියා කළ අවස්ථා ද සඳහන් වේ. ගෝධත්ත තිස්ස ස්ථවිරයෝ දුටුගැමුණු හා ඔහුගේ සොහොයුරා අතර ඇතිවුණු අභ්‍යන්තර යුද්ධය සමථයකට පත් කළාහුය. සමාදානයක් කරවන්ට මීට කලින් ඉදිරිපත් නොවීම ගැන දුටුගැමුණු කුමාරයා ස්ථවිරයන්ට දොස් කියා "සාමණේර නමකට පවා මේ සටන නවත්වන්ට පුළුවන්කම තිබුණේය"යි කීය. මහා තිස්ස ස්ථවිරයන් වළගම්බා රජු හා ඔහුගේ සෙනෙවියන් අතර පැවැති අරගලයක් සන්සිඳවූ බවත් එම සමගිය බොහෝ කලක් පුරා පල දැරූ බවත් එක්තරා කථාවක් සඳහන් වේ. ධාතුසේන කුමාරයන් හදා වඩා රජකමට පුහුණු කරන ලද්දේ එක්තරා ස්ථවිරයෙකු විසිනි.
(ක්‍රි.ව.851-885) දෙවන සේන රජු සමග ගිවිසුමකට එළඹෙන්ට ආසාවෙන් සිටි මිහිඳු යුවරජ සිය ආයාචනයට සහාය වීම පිණිස භික්ෂු පිරිසක් ද කැටුව ගියේය. ඇතැම් තෙරුන් තම තමන්ම ඉදිරිපත්වී රජවරුන්ට පුරෝහිතකම් කළ බවට ද බොහෝ නිදසුන් ඇත.
ඇතැම් භික්ෂූහු රාජ්‍යප්‍රාප්තියට තමන් අභිමත කුමරුන් තෝරා ගෙන, රාජ්‍යප්‍රාප්ති නීතිය උල්ලංඝනය වන තැනට පවා, ඔවුන්ට ආධාර කරන්ට තරම් පමණ ඉක්මවා ක්‍රියා කළෝය. (ක්‍රි.පූ.59 දී) සද්ධාතිස්ස රජු මිය ගිය විට, රාජ්‍යාමාත්‍යයෝ රජකමට කුමරෙකු තෝරා ගැනීම සඳහා ථූපාරාමයෙහි රැස් වූ භික්ෂූන්ගේ අනුමතිය ලැබගෙන, රාජ්‍ය හිමි ලජ්ජිතිස්ස කුමරා පසෙක තබා, ථුල්ලත්ථන කුමරු රාජ්‍යයෙහි අභිෂේක කළෝය. භික්ෂූහු (ක්‍රි.ව.496-513) 1 වන මොග්ගල්ලාන රජුට විහාරයක තම සේනා රැස් කරන්ට ඉඩ දුන්නෝ ය. එපමණක් ද නොව 1 වන කාශ්‍යප රජුගේ පරාජයෙන් පසු, මහා සංඝයා මහා විහාරයේදී උත්සවශ්‍රීයෙන් මුගලන් රජු පිළිගත්තෝ ය.
10 වන ශතවර්ෂය වන විට, "රජකම පවරන්නේ සංඝයා"ය යන මේ ප්‍රකාශය පවා අපට දක්නට ලැබේ. මෙයින් පෙනෙන්නේ මහාසංඝයා තමන් මහජන මතය ප්‍රකාශ කරන නියෝජිතයන් හැටියට සැලකූ බවය. පාත්‍ර ධාතුව හා චීවර ධාතුව රක්නා පිණිස මහාසංඝයා පිරිනැමූ රාජ්‍යශ්‍රීයට පැමිණි පසු අභිෂේක මංගල්‍ය පැවැත්වෙන දිනයෙහිම මහාසංඝයාට මෙහෙය හා උපස්ථාන කිරීම බෝධිසත්වයන් වන ශ්‍රී ලංකා රජවරුන්ගේ සිරිත 4 වන මිහිඳු රජ ජේතවන පුවරු ලිපියෙහි පළ කරයි. මෙයින් නිශ්චිත වශයෙන්ම පෙනෙන්නේ රාජ්‍යාභිෂේකය සඳහා සංඝානුමතිය අවශ්‍ය වූ බවයි. පසු කල්හි ද, රජවරුන් පත් කිරීමේදී මහාසංඝයා පුරෝගාමීව ක්‍රියා කළාහුය.
සංඝයා සාමාන්‍ය ජනයා කෙරෙහි පෑ බලය කොතරම් ද යත් සාමයෙන් හා සමෘද්ධියෙන් රජ පාලනය කරනු පිණිස රජවරු සංඝයාගේ සිත දිනාගන්ට වගපලා ගත්තෝය. සංඝයාගේ අනුමතිය ලබා ගැනීම මහ ජනයාගේ ආධාරය ලබා ගත්තා වෙයි. දුටුගැමුණු රජු සම්බුද්ධ ධාතූන් හෙල්ලෙහි නිදන් කොට, "මහාසංඝයා ගේ දර්ශනය අපට ආශීර්වාදයක් හා ආරක්ෂාවක් වන්නේය"යි කියමින් මහාසංඝයාට තමා කැටුව වඩින්ට ආරාධනා කළේ මෙනිසා විය යුතුය. 2 වන මිහිඳු රජ (ක්‍රි.ව.772-792) රුහුණු රජ සමග යුද වදින්ට කටයුතු නිමවා "සියලුම භික්ෂූන් හා වෙනත් පඬිදනා" ථූපාරාමයෙහි රැස් කරවා, යුද්ධය සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබාගත්තේය.
රජසිරි පැමිණීමෙන් පසු රජෙකු පළමු කොට කෙළේ දන් දීම, ගම්වර දීම, ආරාම කරවීම හෝ පිළිසකර කරවීම, ආගමික මහෝත්සව පැවැත්වීම යනාදී යම්කිසි පින්කමක් කිරීමෙන් සසුන කෙරෙහි තම උනන්දුව දැක්වීමයි.
මුලදී රාජ්‍යයේ ලෞකික කටයුත්තක් වූ අභිෂේකය පසු කලෙක ආගමික උත්සවයක වෙස් ගත්තේය. මේ රාජ්‍යොත්සවය ගැන මහාවංස ටීකාවෙහි වන කකුධ භාණ්ඩ අඩංගු භාජන සාදන ලද්දේ සිද්ධස්ථාන වූ නියමිත නැකනින් ගත් මැට්ටෙනි. මේ සඳහා මැටි ගතයුතු වූයේ ශ්‍රී මහාබෝධිය, ලෝහප්‍රසාදය, පගොම්පමාලක, මහාචේතිය (රුවන්වැලිසෑය) යන මේ සිද්ධස්ථාන වලින් එකක උතුරු පියගැට පෙළට යටින් පිහිටි පෙළොවෙනි. එසේ නැත්නම්, චතුස්සාලාවේ උතුරු දොරටුවට යටින් පිහිටි පොළොවෙහි හෝ භික්ෂූන් සිවුරු අඳහා ස්ථානය වූ සමුජ්ජව ශාලාවට පිවිසෙන දොරටුවේ පියගැට පෙළට යටින් පිහිටි බිමෙනි. මේ ස්ථානවල පියගැට පෙළට යටින් පිහිටි පොළොවෙන්ම මැට්ට ගත යුතු යයි නියම කිරීමෙන් පැහැදිලි ලෙසම පෙනෙන්නේ රාජ්‍යාභිෂේකය ආගම අතින් වැදගත් කොට සැලකුණු උත්සවයක් බවයි. අන්තිමට 9 වන ශතවර්ෂයේදී, මේ අභිෂේකෝත්සවය විහාරය තුළම පැවැත්වුණු බව පෙනේ. නිදසුනක් කියතොත්, (ක්‍රි.ව.851-885) 2 වන සේන රුවන්වැලි සෑමළුවෙහි දී තම අභිෂේකය කරවා, අවුරුද්දක් පාසා මේ උත්සවය පැවැත්විය යුතු බවට ලියවිල්ලෙන් අණ කෙළේය.
රාජ්‍යසංස්ථාවෙහි බුද්ධාගමට හිමිවූ තැන කොතරම් බලගතුද යත් ශාසනයට විරුද්ධව ක්‍රියා කිරීම රාජ්‍යද්‍රෝහිකමක් හැටියට ගැනුණේය. මෙසේ, ධාතුසේන කුමරා රජ පැමිණීමට පෙර පැවැති දෙමළ පාලන කාලයේදී එම කුමරාට සතුරුව සිටි යුද්ධාපරාධකාරයන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද් චෝදනා වලින් එකක් නම් "මොවුන් රජුවත් සසුනවත් නොරැකි" බවයි.
"දාගැබ් හා බෝධීන් විනාශ කරන අයටද ආගමික දේපොළ කොල්ලකන අයට ද නියම දඬුවම මරණය බව" (යට සඳහන්) ශ්‍රී සරණංකර සංඝරාජ ප්‍රමුඛ මහනුවර මල්වතු විහාරවාසී සංඝයා විසින් කොළඹ ලන්දේශී ආණ්ඩුකාර ෆල්ක් (1765-1785) වෙත යවන ලද ලිපියෙන් අපි දනිමු.3 මේ නීතිය ක්‍රි.පූ.2 වන ශතවර්ෂය තරම් ඈත කාලයේ පටන් ක්‍රියාවේ යෙදුණු බව සිතන්ට හේතු තිබේ.
නිදසුනක් කියතොත්, එක් අවස්ථාවක එළාර රජු මිහින්තලේ සිට ආපසු අනුරාධපුරයට ගමන් කරමින් සිටියදී ඔහුගේ රථ චක්‍රයෙන් අසෑයක පැත්තක් තුවාල විය. අමාත්‍යයන් ඒ බව රජුට දැන් වූ විට, අගතියෙන් තොරව සියල්ලන්ටම එකසේ යුක්තිය ඉටු කළ රජෙකු හැටියට ප්‍රසිද්ධ ඔහු වහා රථයෙන් බැස මග වැතිර "මේ රථ චක්‍රයෙන් මගේ හිස සිඳවු" යයි කී බව මහාවංශයෙහි සඳහන් වේ. එහෙත් බුදුන්වහන්සේ පරහිංසා නොකැමැති සේක. චෛත්‍යයේ කැඩුණු තැන සාදවා කමා කරගත මැනවැයි අමාත්‍යයෝ කීහ. බෞද්ධ සිද්ධස්ථානවලට හානි කිරීමේ අපරාධයට පුරාණ ලංකාවේ දඬුවම මරණය වෙන්ට ඇතැයි මේ පුවතින් සිතා ගත හැකිය.
ඇත්තෙන්ම, බුද්ධශාසනය අංගසම්පූර්ණ රාජ්‍ය අධිකාරියක් විය. තනි තනි පුද්ගලයන් හා මහජනයා ද එකතු වී සුළු සුළු වශයෙන් ආරාම පිහිටුවා ඒවා නඩත්තු කර ගෙන ගිය නුමුදු ශාසනය පිරිසිදුව පවත්වා ගැනීමත් සංඝයා හා ආරාම නඩත්තු කිරීමත් ප්‍රධාන වශයෙන් රජයේම යුතු කමක් විය. මිහින්තලේ හා අභයගිරි වැනි මහා ආරාමවල කටයුතු බලා කියා ගැනීම පිණිස රජයෙන් පඩි ලත් සම්පූර්ණ ස්ථිර නිලධාරි පිරිසක් විය. මොවුන් තම රාජකාරිය කෙළේ සංඝයා විසින් අනුමත කරන ලද ව්‍යවස්ථාව හා අණපණත් අනුවයි.
ආරාම නඩත්තුව සඳහා බඩුවලින් බදු පවා අය කරන ලදී. "නුවරට ගෙනෙන එක එක වී මල්ලෙන් පතක් බැගින් මේ මහාපාලිය සඳහා ගත යුතුයි." යනු මහා පාලිය අසල ගල් ඔරුවක කොට තිබෙන, 10 වන ශතවර්ෂයට අයත් යයි සිතිය හැකි, ලිපියක සඳහන් වේ.
පෝය දවස්වල වෙළදාම් කිරීම නීතියෙන් තහනම් විය. යමෙකු මේ දවසක වෙළදාම් කළොත් ඔහු විසින් දඩයක් ගෙවිය යුතු විය. මේ දඩය ආගමික කටයුතු සඳහා යොදන ලද්දේය. පොහෝදා වෙළදාම් කළ කෙනෙකුන්ගෙන් පහන් පූජාව පිණිස තෙල් පද්දක් දඩගතයුතු බවත් මේ පහන් පූජාව කළ යුත්තේ මහියංගණ ආරාමයට බවත් දඩ තෙල් නුදුන්නන්ගෙන් පෙර සිරිත් පරිදි දඩ ගෙන එම දඩ පහන් පූජාවට යෙදිය යුතු3 බවත් මුලදී, (ක්‍රි.ව.945-953) 3 වන උදය රජුගේ රාජ්‍ය සමයේදී මහියංගණය අසළ පිහිටුවා තිබුණු, 10 වන ශතවර්ෂයට අයත් ලිපියක පළ වේ.
රජවරුන් කීප දෙනෙකු විසින් පනවන ලද මාඝාත ආඥාව හෙවත් සතුන් නොමැරිය යුතු බව කියන ආඥාව බුද්ධධර්මයෙන් ඉගැන්වෙන අහිංසා ප්‍රතිපත්තිය මුල් කොට ගත් හුදු ආගමික ආඥාවක් විය. දඩයමෙන් ජීවිකාව කරගත් මිනිස්සු මේ කාලයෙහි සිටියෝය. ඔවුන්ට පරණ රස්සාව අතහැර දමා අලුත් රස්සාවලට බසින්ට වෙන්ට ඇති.
භික්ෂූන්ගේ දක්ෂකම හා සේවාව අනුව උන්වහන්සේලාට වේතන ලැබුණේය. බුද්ධදාස රජ ඒ ඒ තැන ධර්ම දේශකයන්ට වැටුප් (ධම්මභාණකවට්ටං) නියම කෙළේය. මේ රජු උන් වහන්සේලාට අයභොග හා කැපකරුවන් ද (භොගෙකප්පියකාරකෙ) දුන් බවත් කියා ඇත. වෝහාරතිස්ස රජ තුන් දහසක් ගෙව භික්ෂූන් ණයෙන් මුදවාලීය.
ඉන්දියාවෙන් ලැබුණු ප්‍රධාන සම්බුද්ධ ධාතු හැමෙකක්ම රජයට අයත් වස්තු හැටියට සලකන ලදී. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී ලංකාවට ගෙනෙන ලද පාත්‍ර ධාතුව රජගෙය තුළම සුරක්ෂිත කොට තබන ලද්දේ විය. මෙය කොතරම් අගනා ජාතික වස්තුවක් හැටියට සැලකුණේද යත් වළගම්බා කාලයේදී මෙරරට කඩා වැදුණු දෙමළ දාමරිකයන් සත් දෙනෙකුගෙන් එකෙක් මෙය මට ඇතැයි කියා එම පාත්‍ර ධාතුව රැගෙන ආපසු ඉන්දියාවට ගියේය.
(4 වන ශතවර්ෂයේදී) 1 වන උපතිස්ස රජ දුර්භික්ෂයක් හා වසංගතයක් දුරු කිරීම පිණිස පාත්‍ර ධාතුව පිහිට කොට ගෙන පූජාවක් පවත්වා, එබඳු උවදුරු පැමිණි තැනේදී එම පුද සිරිත පැවැත්විය යුතු යයි නියම කෙළේය.
දන්තධාතුව රාජ්‍ය සන්තක ජාතික වස්තුවක් හැටියට ගැනුණු බව ප්‍රකට කරුණකි. ලංකාවේ රජු හැටියට පිළිගැනෙණු කැමති රජ දරුවෙකු මේ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව තමන් සතු කොට ගැනීම අවශ්‍ය යයි පසුකලෙක සලකන ලද්දේය. සිලාකාල විසින් ලංකාවට වැඩම කරවනු ලැබූ කේශ ධාතුව පිළිම ගෙයක නිදන් කොට (ක්‍රි.ව.496-513) මුගලන් රජ ඊට විශේෂ පුද සිරිත් පැවැත්වීය.
කේශ ධාතුව මෙරටට වැඩම කරපු අවස්ථාවේදී විශේෂයෙන් පිහිටුවන ලද අසිග්ගාහ පදවිය රජතුමා විසින් නිලධාරීන්ට පිරිනමන ලද ආගමික පටබැඳි නමකැයි සිතිය හැකිය. කේශධාතුව වැඩම කරවූ සිලාකාල ප්‍රථම අසිග්ගාහ (කඩුදරන්නා) බවට පත් කොට කේශ ධාතුව ආරක්ෂා කිරීම ද ඔහුට බාර දෙන ලද්දේය. කේශධාතු පදවිය හා සම්බන්ධ අසි හෙවත් කඩුව සිද්ධාර්ථ කුමාරයා තවුසෙකු වීමට පෙර කේශච්ඡේදනය සඳහා ගත් කඩුවේ සංකේතයක් හැටියට සැලකිය හැකිය. උසස් රාජ සම්මානයක් වූ අසිග්ගාහක නම පටබඳින ලද්දේ ඉහළම පෙළේ අයට පමණි. ඒ සම්මානය ලත් සියල්ලෝම පසු කලෙක රජසිරි පැමිණියෝය. සිලාකාලද රජවිය. කලින් අසිග්ගාහක පදවිය ලත් 2 වන සංඝතිස්ස ද සිලාමේඝ රජ ද අන්තිමේදී රාජ්‍යශ්‍රීයට පත්වූහ.
රජවරුන් තම රාජ්‍ය සසුනට පිදීම පුරාණ ලංකාවේ බොහෝ විට පැවති සිරිතකි. මෙයින් දැක්වුණේ රාජ්‍ය පැවැත්තේ බුදු සසුනෙහි යහපත පිණිසය යන මේ ප්‍රතිපත්තියයි. දේවානම්පියතිස්ස රජ ශ්‍රී මහා බෝධියට තම රාජ්‍ය පිදීය. දුටුගැමුණු රජු එක වරකට සත් දවස බැගින් පස් වරක්ම ලංකා රාජ්‍යය ශාසනයට පිදූ බව කියා තිබේ. මේ ටික දවසේදී රට පාලනය වුණේ කෙසේ දැයි දැනගන්ට ඇත්නම් කදිමයි. බාගදා කෙරෙන්ට ඇත්තේ රජතුමා ටිකදවසකට රාජ්‍ය අත්හැර, පාලනය සිරිත් පරිදි කෙරෙන්ට හැරීමයි. එහෙත් කැරැල්ලක් වැනි විශේෂ අවස්ථාවක් නිසා ඔහු මැදිහත් විය යුතු වී නම් එසේ කරන්ට ඔහු ඇලිමැලි වුණායයි සිතිය නොහැකිය. තිස්ස රජ කාලබුද්ධරක්ඛිත තෙරුන්ගේ දේශනාව අසා ඊට පූජාවක් වශයෙන් උන්වහන්සේට ලංකා රාජ්‍ය පිදීය. සිරිමේඝවණ්ණ රජ මුළු රාජ්‍යයම දන්ත ධාතූන් වහන්සේට පිදීය. මුගලන් රජ තම සොහොයුරු කාශ්‍යප පරාජය කිරීමෙන් පසු මහා විහාරයට ගොස්, මඟුල් සේසත පිදූ නමුත් එය ආපසු ඔහුටම දෙන ලද්දේය. 2 වන අග්ගබෝධි රජ ථූපාරාමයෙහි කටුකොහොල් හැරවීමෙන් පසු මුළු රාජ්‍යයම ස්තූපයට පිදීය.
ජාතික ධනය හා ශ්‍රමයත් පාලන ශක්තියත් මෙතරම් නොමසුරු ලෙස බුදුසසුන වෙත පිරිනමන ලද්දේ මක්නිසාද යනු විමසිය යුතු ප්‍රශ්නයකි. දතයුතු කරුණකි. මෙසේ කිරීමට හේතුව හුදු ලෝකොත්තර චේතනාවක් ද? තරමක් දුරට එසේ බව සැකයක් නැත. එහෙත් මේ ක්‍රියාපටිපාටියේ ප්‍රධාන ප්‍රතිඵල ඒ වෙලේම මෙලොවදීම අත්දක්නා ලදී. ආරාම ජාතික සංස්කෘතියේ මධ්‍යස්ථාන බවට පත්විය. භික්ෂූහු ගැමියාගේ පටන් රජදරුවා දක්වා රටේ සියල්ලන්ටම ගුරු වූහ. භික්ෂූහු රජුට සාමයෙන් රට කරවන්ට උදව් කළෝය. විනයේ හැටියට භික්ෂූන් රජුට පක්ෂපාත විය යුතුය. උන්වහන්සේලා රටවැසියන් රජු කෙරේ නම්මවා ගන්ට තම අනුහස යෙදූහ. ඊට ප්‍රත්‍යුපකාර වශයෙන්, රජතුමා භික්ෂූන්ගේ ඕනෑ එපාකම් ලබා කියා ගත්තේය. මේ වනාහි; වචනයෙන් පැහැදිලි කොට පළනුවූවත් අන්‍යොන්‍ය කතිකාවකි. භික්ෂූන් සාමාන්‍ය ජනයා සමඟ කුලුපග ආශ්‍රයෙන් සිටි බැවින් හා මහජනයා කෙරෙහි මහත් බලයක් ඇතිව සිටි බැවින් ද, උන්වහන්සේ රජුගේ ප්‍රචාරයට ප්‍රබල මාර්ගයක් විය. මහා අපරාධ කළ රජවරු සංඝයාට සංග්‍රහ කරමින් රටවැස්සන් තමන් කෙරෙහි නම්මවා ගැනීමට රට පුරා භික්ෂූන් යැවූහ. නිදසුනක් කියතොත් දහමක් නොතකන දාමරිකයෙකුව සිටි කාලයේදී ථූපාරාමයත් තවත් ආරාමයනුත් කොල්ලකෑ (ක්‍රි.ව.641-650) 2 වන කාශ්‍යප රජසිරි පැමිණි පසු ආරාමවලට විශාල ගම්වර දී, රටපුරා ධර්ම දේශකයන් යැවීය. රටවැසියන් සැදැහැත්තන්ව සිටිතාක් රට කරවීම රජවරුන්ට පහසු කාරියක් විය. වැසියන් දැහැමින් විසුවොත් රජවරුන්ට සතුටකැ‘යි ලංකාවේ මහානාම රජ චීන අධිරාජ්‍යයාට යැවූ ලිපියක සඳහන් කළේය. ඔවුන් සතුටු වුණේ වැසියන් දැහැමින් විසුවොත් කලකෝලාහල ඇති නොවන බැවිනි. සම්මත න්‍යාය රැකීමත් අමුතු අමුතු දේවල් හා පෙරැළි නොරිස්සීමත් ආගම්වලින් කවදත් මිනිසුන් බලාපොරොත්තු වන කරුණුයි පාලකයන් තම ප්‍රජාවගේ සිතට කාවද්දන්ට වෑයම් කළ මේ ආකල්පය ඉතාමත් හොඳින් ඇති කළ හැකිවන්නේ ආගමික සංවිධානයකටයි. එබැවින් රජවරු සංඝයාට කළ හැම සංග්‍රහයකින්ම ඕනෑ තරම් පල නෙළා ගත්තෝය.
බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් වූයේ යම්දාද එදා පටන් එහි මූලික ලක්ෂණ වූ වෛරාග්‍යය හා අල්පේච්ඡතාව සුන් වී ගොස්, බුදු සසුන ආගම අතින්ද දේශපාලන අතින් සමාජය අතින්ද රාජකාරි රැසක් කරට ගත් පූජක සංවිධානය්ක බවට කෙමෙන් කෙමෙන් පෙරළී ගියේය. සංවිහිත ආයතනයක් බවට පෙරළුණු විට කිසිම ආගමකට එහි මුල් ස්වරූපය රැක ගත නොහැකිය. බලය හා යසස රැකගන්ට නම් එය කාලය හා සමග පෙරළිය යුතුයි. හැඩගැසෙනු නැත්නම් නැසෙනු යනු ස්වභාවය ධර්මයේ අනිවාර්යය න්‍යායයි.
උපුටා ගැනීම - ලක්දිව බුදුසමයේ ඉතිහාසය, මහාචාර්ය වල්පොළ රාහුල නාහිමි. ප්‍රකාශනය-ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, කොළඹ-10