පාලි ත්‍රිපිටකයේ භාවිත ප්‍රහේලිකා පිළිබඳ හැඳින්වීමක්
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, පූජ්‍ය ලේල්වල අරියධම්ම හිමි.
බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම සන්නිවේදන ක්රමෝපායක් වශයෙන් ප්‍රහේලිකා මාධ්‍ය යොදා ගනිමින් විවිධ දේශනාවන් සිදුකොට ඇති බව පෙළ සාහිත්‍යය තුළින් දැකගත හැකිය. පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ මූලික පරමාර්ථය ප්‍රහේලිකා දැක්වීම නොවන අතර එහි භාවිත ප්‍රහේලිකා කෙළිකවටකම්වලට සහ විනෝදාස්වාදය සඳහා නොයෙදුණු අතර ධර්මසන්නිවේදනය සඳහාම යෙදුණු ඒවා බව ද මෙහිලා අවධානයට ගත යුතු කරුණකි. ගැඹුරු ධර්ම කරුණු සරලව ඉදිරිපත් කිරීම සඳහා බුදුන් වහන්සේ ද, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ද උපමා, රූපක, ආඛ්‍යාන, ප්‍රහේලිකා ආදි විවිධ සාහිත්‍යයික අලංකාර භාවිත කළහ.
පසුකාලීනව රචනා වූ සුබෝධාලංකාරය වැනි පාලි අලංකාර ග්‍රන්ථවල ද මේ පිළිබඳ අවධානය යොමු කොට ඇත. එහිදී "පහේලි" හෙවත් "ප්‍රහේලිකා" පිළිබඳ විශේෂ අවධානයක් යොමු කොට නැත. ප්‍රහේලිකා ඒකාන්තයෙන්ම මිහිරි නොවන නිසාත් ශිෂ්‍යයා වෙහෙසට පත් කරන නිසාත් සුබෝධාලංකාරයෙහි විස්තර නොකරන බව එහි කතුවරයා විසින් දක්වා ඇත. ප්‍රහේලිකා යන්නෙන් අදහස් කරන්නේ කාව්‍යකරණයේදී අන්‍යයන් මුලාවට පත් කිරීම සඳහාත් විනෝදාස්වාදය සඳහාත් අර්ථය සඟවා වචන භාවිත කිරීමයි. සුබෝධාලංකාරයෙහි කාව්‍යදෝෂ පිළිබඳව දැක්වෙන විග්රහයේදී දුරවබෝධ අර්ථ ඇති පද භාවිතයෙන් යුතු කාව්‍ය කිලිට්ඨ (කිළිටු) දෝෂයෙන් යුක්ත යැයි දැක්වෙන සඳහනක් දක්නට ලැබේ. ඒ මෙසේය.
"යස්ස‘ත්ථා‘වගමො දුක්ඛො - පකත්යා‘තිවිභාගතො
කිලිට්ඨං තං යථා තාය - සො‘යමාලිඞ්ග්යතෙ පියා"
කවියා විසින් භාවිත කරන යම්කිසි පදයක අර්ථය ප්‍රකෘති ප්‍රත්‍යය වෙන් කිරීම් ආදි වශයෙන් දුකසේ අවබෝධ කර ගැනීමට සිදු වේ නම් එබඳු පද කාව්‍යකරණයේදී භාවිත කිරීම කිලිට්ඨ දෝෂයකි.
උදා:- තාය සො‘යමාලිඞ්ග්යෙත පියා (ඒ ප්‍රියාව විසින් මොහු වැළඳ ගනු ලැබේ.)
මෙහි 'පියා' යනු භාර්යාවාචක 'පි' ශබ්දයෙහි තතියා ඒකවචන රූපයයි. 'පි' ශබ්දය ස්වාමිපුරුෂයා යන අර්ථය සඳහා මෙන්ම භාර්යාව යන අර්ථය සඳහා ද යෙදේ. එහෙත් එබඳු 'පි' ශබ්දයක් භාෂා ව්‍යවහාරයේ අතිශයින්ම දුර්ලභය. මේ නිසා 'පියා' යන්නේ නියම අර්ථය තේරුම් ගැනීම සඳහා බලවත් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදු වේ. එබැවින් මෙහි පියා යන යෙදුම කිලිට්ඨ දෝෂයට අයත් වන යෙදුමකි.
" යං කිලිට්ඨපදං මන්දා - භිධෙය්යං යමකාදිකං
කිලිට්ඨපදදොසෙ‘ව - තම්පි අන්තො කරීයති"
යනුවෙන් දැක්වෙන සුබෝධාලංකාර ගාථාවට අනුව අප්‍රසිද්ධ වූ මඳ අර්ථ ඇති යමකාදිය භාවිත කිරීම ද කිලිට්ඨ දෝෂයයි. ‘යමක‘ යන්නෙන් අදහස් කරන්නේ එකම ශබ්දය නැවත නැවත ශබ්දවන අයුරින් යෙදීමයි. ‘යමකය‘ කාව්යාලංකාරයකි. එහෙත් මෙහිදී කිලිට්ඨ දෝෂයට අයත් වන්නේ එම යමකය සඳහා අප්‍රසිද්ධ, මඳ වූ අර්ථ ඇති පද භාවිත කිරීමයි. එම කිලිට්ඨ දෝෂය ද ප්රහේලිකාවේදී දෝෂයක් නොවන බව සුබෝධාලංකාරයෙහි දක්වා ඇත.
"පහෙලිකායමාරූළ්හා - නහි දුට්ඨා කිලිට්ඨතා
පියාසුඛා‘ලිඞ්ගිතං ක - මාලිඞ්ගයති නු නො ඉති”
ප්‍රහේලිකාව තුළ යොදන ලද කිලිට්ඨය දොස් රහිතයි. ප්‍රහේලිකාවේ මූලික පරමාර්ථය ශ්රාවකයා, පාඨකයා හෝ රසිකයා මුළාවට පත් කිරීමයි.
උදා:- පියා සුඛා‘ලිඞ්ගිතං ක - මාලිඞ්ගයති නු නො?
(ප්‍රියාව විසින් වැළඳ ගන්නා කවර කෙනෙක් සැප වැළඳ නොගනීද?)
මෙය ‘පමුස්සිතා‘ හෙවත් ප්රමුෂිතා නම් ප්රහේලිකාවයි. පමුස්සිතා හෙවත් ප්රමුෂිතා යන්නෙහි අදහස වන්නේ සමූහයෙහි අර්ථය දුක සේ අවබෝධ කරගත යුතු බවයි. පූර්වාචාර්යයන් විසින් ප්‍රහේලිකා සොළොස් ආකාර කොට දක්වා ඇත. ඒ මෙසේය.
01. සමාගතා - අප්‍රකට අර්ථ ඇති පද සන්ධි කිරීම්වලින් ද යුක්තව යොදන ලද්දේ නම් එය 'සමාගතා' නම් ප්රහේලිකාවයි.
02. වඤ්චිතා - යම් ප්‍රහේලිකාව යොදන ලද අප්‍රකට අර්ථානුගත නොවන ශබ්දයන්ගෙන් හෙවත් රූඪි ශබ්දයන්ගෙන් රැවටීම කොට එයින් අර්ථයක් ප්‍රකාශ කෙරේ නම් එය 'වඤ්චිතා' නම් වේ.
03. උක්කන්තා - අන්‍යොන්‍ය පද සම්බන්ධය රහිතව වැරදි අදහසක් ලැබෙන අයුරින් යොදන ලද පද ඇතිව අතිශයින්ම මුළාවට පත් කරනු ලබන ප්‍රහේලිකා 'උක්කන්තා' නම් වේ.
04. පමුස්සිතා - යම් ප්‍රහේලිකාවක පද පඞ්ක්තිය දුරවබෝධ අර්ථ ඇත්තේ වේ නම් එය 'පමුස්සිතා' නම් වේ.
05. සමානරූපා - ප්‍රධාන අර්ථ ඇති ශබ්දයන්ගේ කිසියම් වූ සමාන ස්වභාවයක් සලකා ආරෝපණය කිරීම් වශයෙන් වෙනත් අප්‍රධාන අර්ථයක් පැවසීමට යොදන ලද පද ඇත්තේ 'සමානරූපා' නම් ප්රහේලිකාවේය. (විසදො, අම්බුජ, පයොධර, වාරිජො)
06. ඵරුසා - ප්රත්යාදේශාදීන් විසින් යම්කිසි පිළිවෙලකින් උපදවන ලද අරුත් ඇති ශබ්ද යොදන ලද ප්‍රහේලිකාව 'ඵරුසා' නම් වේ.
07. සංඛ්යාතා - යම්කිසි ප්‍රහේලිකාවක දක්වන ලද සංඛ්‍යා ගණනයන්ගෙන් මුළා කිරීමක් කරනු ලබයි ද එය 'සංඛ්යාතා' නම් වේ. (පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ)
08. පකප්පිතා - යම් කාව්‍යයක සාධාරණ ගුණගුණී පද භාවිතයෙන් අර්ථයන් දෙකක් ජනනය කරයි ද, වාක්‍යාර්ථ වෙනත් අයුරකින් හඟවනු ලැබෙයි ද එය 'පකප්පිතා' නම් වේ.
09. නාමන්තරිකා - යොදන ලද අර්ථයෙහි විවිධ වූ අර්ථ, සංකල්පනාවන් උපදවයි නම් එය 'නාමන්තරිකා' නම් වේ. (ලතා, වැල, කාන්තාව)
10. නිභූතා - විවිධාර්ථවත් පද යෙදීම හේතුවෙන් පිහිටුවන ලද වෙනත් අර්ථ ඇත්තේ 'නිභූතා' ප්රහේලිකාවෙහිය. (මාතරං පිතරං හන්ත්වා)
11. සමානසද්දා - කවියා කැමති ශබ්දාර්ථවත් පර්යයා වචනයන්ගෙන් බඳනා ලද්දේ 'සමානසද්දා' ප්රහේලිකාවයි.
12. සම්මූළ්හා - මනා කොට දක්වන ලද අර්ථ ඇත්තේ නමුදු ස්වභාවයෙන්ම මුළාවට පත්වන අර්ථ වේ නම් එය 'සම්මූළ්හා' නම් ප්රහේලිකාවයි.
13. පාරිහාරිකී - යම් ප්‍රහේලිකාවක් රචනා කිරීමේදී දක්වන ලද නාමය ගැළපීම් බහුල වූ ස්වභාවයෙන් යුක්ත වේද එය 'පාරිහාරිකී' නම් වේ.
14. එකච්ඡන්නා - යම් ප්‍රහේලිකාව ව්‍යඤ්ජනය ප්‍රකාශ කොට උපස්ථම්භය සැඟවී පවතී නම් එය 'එකච්ඡන්නා' නම් වේ.
15. උභයච්ඡන්නා - යම් ප්‍රහේලිකාවක අර්ථය සහ උපස්ථම්භය යන කරුණු දෙකම සැඟවී පවතී නම් එය 'උභයච්ඡන්නා' නම් වේ.
16. සංකිණ්ණා - යම් ප්රහේලිකාව් 'සමාගතා' ආදි වූ විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත වේ නම් එය සංකිණ්ණා නම් වේ.
විනෝදාස්වාදය පිණිස මෙන්ම අන්‍යයන් මුළා කරනු පිණිස ද අර්ථය සඟවා කරන ප්‍රකාශ ප්‍රහේලිකා වශයෙන් සරළව හැඳින්විය හැකිය. අර්ථය සැඟවීම හා මුළාවට පත් කිරීම ප්‍රහේලිකාවේ මූලික ලක්ෂණයකි. අර්ථාවබෝධය අපහසු වූ තරමට ප්‍රහේලිකා තුළින් වෛචිත්රය මතු වේ.
ධර්මසන්නිවේදනය සඳහාම උපයෝගී කොටගත් මෙබඳු ප්‍රහේලිකා ස්වරූප දේශනා පාලි ත්‍රිපිටකයෙහි අන්තර්ගත වේ. එබඳු දේශනාවන්හි වාච්‍යාර්ථය මෙන්ම ව්යඞ්ග්යාර්ථය ද දක්නට ලැබීම සුවිශේෂී ය. බුදුසමයෙහි මෙය නීතත්ථ (පැහැදිලිව කෙලින් පෙනෙන අර්ථය) හා නෙය්යත්ථ (පැමිණවිය යුතු, වෙසෙසින් අවබෝධ කළ යුතු අර්ථය) යන සංකල්ප මගින් පැහැදිලි කෙරේ. ගැඹුරු ධර්මය, නිර්වචනය කිරීම සඳහා මෙබඳු ක්රමෝපායන් උපයෝගී කොට ගෙන ඇත.
ප්‍රහේලිකා ස්වරූප දේශනා පිළිබඳ විමසීමේදී බුදුරජාණන් වහන්සේගේ පළමු බුද්ධවචනය වශයෙන් පිළිගනු ලබන "අනේකජාති සංසාරං..." යන ගාථා ධර්මය ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත් කොට ඇති බව පෙනේ.
"අනේකජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි - පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසඞ්ඛිතං
විසඞ්ඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා" (ධ.ප.ජරාවග්ගය)
"සසර නැවත නැවත ඉපදීම දුකක් ද, එහෙයින් ආත්මභාවය නමැති ගෙය සාදන තෘෂ්ණාව නමැති වඩුවා සොයන මම කෝටි සහස්ර නොයෙක් ජාතීන්හි චුති-පුතිසන්ධි වශයෙන් දිව්වෙමි. ආත්මභාවය නමැති ගෙය සාදන තෘෂ්ණාව නමැති වඩුව, මවිසින් තා දක්නා ලද්දෙහි ය. නැවත ආත්මභාවය නමැති ගෙයක් නුඹ මට නොකරන්නෙහිය. තාගේ සියලු කෙලෙස් නමැති පරාලයෝ බිඳපියන ලදහ. අවිද්‍යාව නමැති කැණිමඬල සුණුවිසුණු කරන ලදී. දැන් මසිත නිවනට වන්හ. තෘෂ්ණාව ක්ෂය යැයි කියන ලද රහත් ඵලයට පැමිණියෙමි."
සත්ත්ව, පුද්ගල, සම්මුති සහිත සංසාරගත සත්ත්වයා සකස් වන ආකාරය මෙමගින් මනාව පැහැදිලි කොට ඇත. තවද මෙම ගාථා ධර්මය තුළින් සංසාරගත සත්ත්වයාගේ පැවැත්ම මෙන්ම නැවැත්ම පිළිබඳව ද කරුණු ඉදිරිපත් වේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැක්වෙන විදසුන් නුවණින් සසර ස්වභාවය මැනවින් අවබෝධ කොට ගෙන සසරින් මිඳීමේ ක්‍රියා පිළිවෙත ප්‍රහේලිකා ස්වරූපයෙන් ධර්මය තුළ අන්තර්ගතව ඇති ආකාරය මෙයින් තේරුම්ගත හැකිය.
ප්‍රහේලිකා ගණයට අයත් වන බොහෝ දේශනා ත්‍රිපිටකයෙහි විද්‍යමාන වේ. එවැනි දේශනාවන්ට බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ ප්‍රධාන අට්ඨකථාචාර්යවරු විස්තර විභාග ඉදිරිපත් කිරීමට බෙහෙවින් උත්සුක වූහ. පාලි අට්ඨකථා සාහිත්‍යය නොවන්නට සමහර විටෙක ප්‍රහේලිකා ස්වරූප ත්රිපිටකාගත දේශනාවන් තේරුම් ගත නොහැකි තත්ත්වයක් උද්ගත වන්නට හැකිව තිබිණි. එබඳු ගාථාවක් සංයුක්ත නිකායේ සගාථක වග්ගයේ කතිඡින්ද සූත්‍රයේ දක්නට ලැබේ.
"පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ - පඤ්චුත්තරි භාවයෙ
පඤ්චසඞ්ගාතිගො භික්ඛු - ඔඝතිණ්ණොති වුච්චති" (සංඛ්යාතා ප්‍රහේලිකා)
"පහක් සිඳින්න. පහක් අත්හරින්න. පහක් අධික කොට වඩන්න. මෙසේ කොට පහක් ඉක්මුණු භික්ෂුව සැඩ පහරින් එතෙර වූයේ යැයි කියනු ලැබේ."
ඉහත ගාථාවේ වාච්‍යාර්ථය තුළින් 'පඤ්ච' යන වචනය කිහිප තැනක යෙදුණු අරුත් සුන් දේශනාවක් වශයෙන් කෙනෙකුට එය පිළිබිඹු විය හැකිය. එහෙත් එම ගාථාවේ අර්ථය ප්‍රහේලිකා ස්වරූපයෙන් ඉදිරිපත්ව ඇත. එය මෙසේ තේරුම් ගත යුතුය. 'ඕඝ' නම් වූ සැඩ පහර තරණය කොට නිර්වාණාධිගමයට පත් විය යුතුය. එසේ නිවනට පත් විය හැකි වන්නේ සසරට බැඳී ඇති වරපට සිඳබිඳ දැමීමෙනි. ඒ සඳහා ප්‍රථමයෙන්ම පහක් සිඳිය යුතුය. එනම්, සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාඝ, ව්‍යාපාද යන ඕරම්භාගිය සංයෝජන 05 යි. මේවා සිඳලීමෙන් කාම ලෝකයට ඇති ඇල්ම දුරු වේ. අනතුරුව පහක් අත් හැරිය යුතුය. එනම්, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනුවෙන් දැක්වෙන උද්ධම්භාගිය සංයෝජන 05 යි. උද්ධම්භාගිය සංයෝජන 05 අත් හැරීමෙන් බ්‍රහ්මලෝකයට ඇති ඇල්ම දුරු වේ. මෙලෙසින් කාම, රූප, අරූප භවවලට ඇති ආශාව දුරු කොට ඕඝතිණ්ණ වීමට කැමති භික්ෂුව කරුණු 05 ක් ද අධික කොට වැඩිය යුතුය. එනම්, සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා, යන ඉන්ද්රිය ධර්මයන්ය. එහෙත් මෙම ගාථාවට අනුව ඕඝතිණ්ණ වීමට කැමති භික්ෂුවට එය ද ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා හෙතෙම රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, යන සඞ්ග (ඇලීම්) පස ද දුරු කළ යුතුයි. මෙසේ භික්ෂුව ඕඝතිණ්ණ නම් වේ.
ත්රිපිටකාගත ප්‍රහේලිකා පිළිබඳව විමසීමේදී විවිධාකාර ප්‍රහේලිකා ස්වරූප දේශනා දැකගත හැකිය. එක්තරා අවස්ථාවකදී බුදුන් වහන්සේ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමක් වැනි වූ දේශනාවක් සිදු කළහ. සැබවින්ම එය ප්‍රහේලිකා ස්වරූපී ගාථාවකි. අවිහිංසාව පදනම් කොටගත් බුදුදහම කිසිදු ආකාරයක හිංසාවකට හෝ ඝාතනයකට මං නොසලසයි. සාසනය තුළ ඝාතනයට ඉඩක් වේ නම් ඒ කෙලෙස් ඝාතනය සඳහාම පමණි. ඉහත දැක්වූ ආකාරයේ ගාථාව මෙසේය.
"මාතරං පිතරං හන්ත්වා - රාජානො ද්වේ ච ඛත්තියෙ
රට්ඨං සානුචරං හන්ත්වා - අනීඝො යාති බ්රාහ්මණො"
"මව ද පියා ද ක්ෂත්රිය රජුන් දෙදෙනා ද නසා, අයකැමියා සහිත රට ද වනසා, බමුණා නිදුක්ව යන්නේය."
මෙයින් ඉදිරිපත් කෙරෙන ධර්මතා පිළිබඳව විමසීමෙන් මේ තුළ පවත්නා ප්‍රහේලිකා ස්වරූපය හොඳින් පැහැදිලි කරගත හැකිය. මව්පිය ඝාතනය ආනන්තරීය පාප කර්මයකි. එසේ වුවත් දරුවන් ලොවට බිහි කරන මව් වැනි ව සසර යන සත්ත්වයාට චුති-ප්රතිසන්ධි වශයෙන් මව් වැනි වූ තෘෂ්ණාව ද, ව්‍යවහාරික සමාජයේ කුලමානය, ගෝත්රමානය පිතෘ මූලිකවම උපදින බැවින් පියෙකු වැනි වූ අස්මිමානය ද නැසිය යුතුය. අනතුරුව ක්ෂත්රිය රජුන් දෙදෙනා ද නැසිය යුතුය. එනම්, ශාස්වත හා උච්ඡේද යන දෘෂ්ටි දෙකයි. අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානුයෝගය අනුගමනය කරන්නේ ඉහත දක්වන ලද දෘෂ්ටි හේතුවෙනි. ඉහත ගාථාවෙහි සඳහන් රට නම් ද්වාදශායතනයෝ ය. ද්වාදශායතන මගින් ගනු ලබන අරමුණු නිසා හටගන්නා නන්දිරාගය ද නැසිය යුත්තකි. රටක පැවැත්ම ආර්ථිකය තුළින්ම තීරණය වන්නා සේ නන්දිරාගය සත්ත්වයාගේ සසර පැවැත්ම තීරණය කරයි. එබැවින් එය ද නැසිය යුතුය. මේ අයුරින් පව් බහා තැබූ උත්තමයා නිරුපද්‍රිතව නිවන්මග යයි.
"ඡන්නමතිවස්සති - විවටං නාතිවස්සති
තස්මා ඡන්නං විවරෙථ - එවං තං නාතිවස්සති"
"වැසූ දෙය අතිශයින් තෙමේ. විවර කළ දෙය නොතෙමෙයි. එබැවින් වැසූ දෙය විවර කරන්න. මෙසේ කිරීමෙන් නොතමෙයි."
උදානපාළි, ථෙරගාථාපාළි, චුල්ලවග්ගපාළි, ආදී පෙළ ග්රන්ථ කිහිපයකම හමුවන මේ ගාථාව බුද්ධභාෂිත ප්‍රහේලිකා ස්වරූප ගාථාවකි. මෙම ගාථාවේ සසරල පදගතාර්ථය ගත් විට ලෝක ව්‍යවහාරයට පටහැනි අදහසක් ගම්‍යමාන වේ. මිනිසා හමුවෙහි අතිශයින් ප්‍රකට වැස්ස විසින් තෙමනු ලබන්නේ විවෘත ව තිබෙන දෙය මිසක් වැසූ දෙය නොවෙයි. වැසිදියෙන් ආරක්ෂා කළ යුතු යමක් වේ නම් එය වසා දැමීම සාමාන්‍ය සිරිතයි. එය එසේ වුවත් එම ලෝක සම්මත කාරණයට පටහැනි වූ අදහසක් මේ ගාථාවේ සරල පදගතාර්ථය තුළ ඉදිරිපත් ව ඇත. එබැවින් මෙය තේරුම්ගත යුත්තේ නීතත්ථ අර්ථයෙනි. ඒ අනුව මේ ගාථාවේ අර්ථය මෙසේ දත යුතුය. පෙළ දම තුළ වැස්ස උපමා කොට ඇත්තේ රාගාදී ක්ලේශ ධර්මයන්ට ය. ධම්මපදපාළිය තුළ ඇතුළත් "යථාගාරං දුච්ඡන්නං..." ගාථාව තුළින් ද එය ප්‍රකට වේ. මෙහිද එම අර්ථයම හෙවත් ක්ලේශ වර්ෂාව යන අර්ථයම විශේෂිතව දක්වා ඇත. එනම්, යමෙක් ඇවතකට පැමිණ එම ඇවත, වරද නොසඟවා ප්‍රකට කරන්නේ සබ්‍රහ්මචාරීන් ඉදිරියෙහි දන්වන්නේ ධර්මවිනයානුකූලව එයට පිළියම් කරන්නේ, වෙනත් වැරදි නොකරයි. එසේම කළ වරද ද සකසා ගනී. හෙතෙම කෙලෙස් වැස්සෙන් නොතෙමෙයි. එබැවින් වරද නොසඟවන්නාට කෙලෙස් වැස්සෙන් නොතෙමී පාරිශුද්ධ සමාහිත සන්තානයකින් යුක්තව විදර්ශනා සම්මර්ශනයෙන් නිර්වාණයට පැමිණෙයි.
මෙසේ ත්‍රිපිටකයේ දැක්වෙන ප්‍රහේලිකා ගණයට අයත්වන සියලු ධර්ම පර්යායන් යථාර්ථාවබෝධයෙන් යුක්තය. ඒවායෙහි ආවසානික පරමාර්ථය පුද්ගලයා නිර්වාණගාමී ප්‍රතිපදාවට නැඹුරු කිරීමය. ප්‍රහේලිකා ස්වරූප සංග්රහයන්හි ආරම්භය අවුල් සහගත වාච්යාර්ථයකින් යුක්ත වුවද අභ්‍යන්තරයෙහි පවත්නේ ධර්මභාණ්ඩාගාරයකි. එබැවින් ප්‍රහේලිකා පාලි සාහිත්‍යය තුළ විශේෂ ඇගයීමකට ලක් වී ඇත.
මෙවැනි ප්‍රහේලිකා ස්වරූප තවත් ගාථා කිහිපයකි මේ.
අක්කොධනො විගතඛීලොහමස්මි - අනුතීරෙ මහියෙකරත්තිවාසො
විවටා කුටි නිබ්බුතො ගිනි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව (සුත්ත නිපාතය)
අස්සද්ධො අකතඤ්ඤූ ච සන්ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො - සවෙ උත්තමපොරිසො (ධම්මපද පාළි)
දුමව්හයාය උප්පන්නො - ජාතො පණ්ඩරකෙතුනා
කෙතුහා කෙතුනායෙව - මහාකෙතුං පධංසයී ( ථෙරගාථාපාළි - විමලකොණ්ඩඤ්ඤත්ථෙර ගාථා)