Pali Language
Letters - 01
Letters - 02
Letters - 03
Letters - 04
Letters - 05
Letters - 06
Pali sotries with meaning - 01
Pali stories with meaning - 02
Conjugation
Conjugation of Masculine nouns
Conjugation of Feminine nouns
Conjugation of Neuter Nouns
Conjugation of relative pronouns
Conjugation of Numerals
Conjugation of verbs
Verb stems
Conjunctions
Compounds
Lessons
Lesson - 01
Lesson - 02
Lesson - 03
Lesson - 04
Lesson - 05
Lesson - 06
Lesson - 07
Lesson - 08
Lesson - 09
Lesson - 10
Lesson - 11
Lesson - 12
Lesson - 13
Lesson - 14
Lesson - 15
Lesson - 16
PALI UNICODE DICTIONARY
Words
Grade - 07
Pali of dhamma school
Books to study
Spoken Pali - 01
Spoken Pali - 02
Riddle in Pali
File - 01
File - 02
Files-03
File- 4
Mathurata Pannananda himi
Documents can be downloaded
Extra reading
Untitled
Blog
Contact
File - 4
පළමුවන පාඩම - 01
පුංචි වාක්‍යයක් හදන්න නම් අවශ්‍ය වන්නේ නාමපදයක් හා ක්‍රියා පදයක් විතරයි.
පාලි භාෂාවත් ඒ වගේමයි. එනිසා පුංචි පද ටිකක් අරගෙන පුංචි වාක්‍යයක් හදාගමු.
ඊට පස්සේ ටිකෙන් ටික තමයි දියුණු වෙන්නේ. හරියට ජලබින්දු වැටිලා භාජනයක් පිරෙනවා වගේ. මුලින්ම බලමු සර්වනාම ටිකක් අරගෙන. සර්වනාම හැමෝම දන්නවනේ. පොදුවේ සෑම දෙනා වෙනුවෙන් ම භාවිත කරන්න පුළුවන් නාමපද වර්ගයක් කියලා. සිංහල භාෂාවේ සර්වනාම කියන්නේ "මම -අපි - ඔබ - ඔබලා - ඔහු- ඔවූහු " ආදී පදවලටනේ. පාලියෙන් මේ පද තියෙන්නේ මෙන්න මෙහෙමයි.
අහං - මම මයං - අපි
ත්වං - ඔබ තුම්හේ - ඔබලා
සෝ - ඔහු තේ - ඔවූහු
*
මෙහෙම ඔය "සෝ", "තුම්හේ" "තේ" කියලා හල් අකුරුවලින් අවසන් කළාට පාලිභාෂාවේ නම් ඉතින් හල් අකුරු යෙදෙන්නේ නෑ. අක්ෂරමාලාවෙත් "ඕ, ඒ" කියන අකුරු නෑනේ. නමුත් මේ වගේ තැන්වල හල් කරලා තමයි කියන කොට කියන්නේ. ලියනකොට තමයි හල් යොදන්නේ නැත්තේ. මේකෙත් පොඩි වෙනසත් තියෙනවා පස්සේ කියලා දෙන්නම්.
දැන් ඉතින් බලමු මේ සර්වනාම ටික යොදලා පුංචි වාක්‍ය ටිකක් හදාගන්න. ඒකට ක්‍රියාපද ටිකකුත් ඕන. ඒ නිසා මෙන්න මේ ක්‍රියාපද ටික ගමුකෝ....
01. ගච්ඡති
- යනවා
. 02. ආගච්ඡති - එනවා.
03. භුඤ්ජති
- කනවා.
04. සයති - නිදාගන්නවා.
05. ධාවති
- දුවනවා.
06. නච්චති - නටනවා.
07. කීළති
- ක්‍රීඩා කරනවා.
08. හසති - සිනාසෙනවා.
09. ලිඛති - ලියනවා.
10. පඨති - පාඩම් කරනවා.
මෙන්න මේ ක්‍රියාපද ටික දාලා පුංචි වාක්‍ය ටිකක් හදාගමු. ඒවට ඕන වෙන්නේ උඩින් තියෙන පද විතරයි දැනට. උඩ තියෙනවා
"සෝ"
කියලා පදයක්. ඒකෙ තේරුම
"හෙතෙම"
නැතිනම්
"ඔහු"
.
මේ
ක්‍රියාපද කිසිම වෙනසක් නොකර වර්තමාන කාලයේදී මේ ක්‍රියාපද භාවිත කරන්න පුළුවන් පදය තමයි
"සෝ"
කියලා කියන්නේ. සෝ කියලා කිව්වට ලියන්නේ
"සො"
කියලා. හැබැයි කියන්නේ අර විදිහටම තමයි. බලන්නකො මේ සර්වනාමයත් එක්ක උඩ තියෙන ක්‍රියාපද යෙදෙන හැටි.
01. සො ගච්ඡති.
- හෙතෙම/ ඔහු යයි.
02. සො ආගච්ඡති.
- ඔහු එයි.
03. සො භුඤ්ජති.
- ඔහු කයි.
04. සො සයති.
- ඔහු නිදාගනියි.
05. සො ධාවති
. - ඔහු දුවයි.
06. සො නච්චති.
- ඔහු නටයි.
07. සො කීළති.
- ඔහු සෙල්ලම් කරයි./ ක්‍රීඩා කරයි.
08. සො හසති.
- ඔහු සිනාසෙයි.
09. සො ලිඛති.
- ඔහු ලියයි.
10. සො පඨති.
- ඔහු පාඩම් කරයි.
හරි සරලයි වගේ නේද? හැබැයි මේ ඒකවචන ක්රියාපදනේ. මේවා බහුවචන කරගන්නකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට මේ ක්‍රියාපද හෑම එකකම අවසානෙ තියෙන
"ති"
වෙනුවට
"න්ති"
කියන කොටස එකතු වෙනවා එච්චරයි. උඩින් ඇති
"සෝ"
කියන පදයේ බහුවචනය. ඒක තමයි
"තේ"
කියන්නේ. මේකත් ඉතින්
"තේ"
කියලා හල් කරලා තිබුණට ලියන්නේ නම්
"තෙ"
කියලා. හැබැයි කියනකොට
"තේ"
කියලා දීර්ඝ කරලාම තමයි කියන්නේ. අපි බොන තේ වාගේ.
බලන්නකො මේ පදයත් එක්ක ක්‍රියාපද එක්වෙන කොට චුට්ටක් වෙනස් වෙන හැටිත්.
01. තෙ ගච්ඡ+න්ති
= තෙ ගච්ඡන්ති.
- ඔවූහු යති.
02. තෙ ආගච්ඡ+න්ති
= තෙ ආගච්ඡන්ති. - ඔවූහු එති.
03. තෙ භුඤ්ජ+න්ති
= තෙ භුඤ්ජන්ති. - ඔවූහු කති/ අනුභව කරති.
04. තෙ සය+න්ති
= තෙ සයන්ති. - ඔවූහු නිදති.
05. තෙ ධාව+න්ති
= තෙ ධාවන්ති. - ඔවූහු දුවති.
06. තෙ නච්ච+න්ති
= තෙ නච්චන්ති. - ඔවූහු නටති.
07. තෙ කීළ+න්ති
= තෙ කීළන්ති. - ඔවූහු ක්‍රීඩා කරති.
08. තෙ හස+න්ති
= තෙ හසන්ති. - ඔවූහු සිනාසෙති.
09. තෙ ලිඛ+න්ති
= තෙ ලිඛන්ති. - ඔවූහු ලියති.
10. තෙ පඨ+න්ති
= තෙ පඨන්ති. - ඔවූහු පාඩම් කරති.
අමාරු නෑ නේද... හරි ඊළග පදයට
"ත්වං"
කියන පදයට කොහොමද මේ ක්‍රියා පදය යොදන්නේ? එතකොටත් ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා තමයි යොදන්න වෙන්නේ. මේ
"න්ති"
දාපු තැනට දාන්නේ මොකක්ද දන්නවද? නෑනේ... එතැනට දාන්නේ
"සි"
කියන අකුර. බලන්නකෝ වෙනස් වෙන හැටි පොඩ්ඩක් මෙතැනත්...
01. ත්වං ගච්ඡ+සි = ත්වං ගච්ඡසි. - නුඹ යහි.
02. ත්වං ආගච්ඡ+සි = ත්වං ආගච්ඡසි. - නුඹ එහි.
03. ත්වං භුඤ්ජ+සි = ත්වං භුඤ්ජසි. - නුඹ අනුභව කරහි.
04. ත්වං සය+සි = ත්වං සයසි. - නුඹ නිදහි.
05. ත්වං ධාව+සි = ත්වං ධාවසි. - නුඹ දුවහි.
06. ත්වං නච්ච+සි = ත්වං නච්චසි. - නුඹ නටහි.
07. ත්වං කීළ+සි = ත්වං කීළසි. - නුඹ ක්රීඩාකරහි.
08. ත්වං හස+සි = ත්වං හසසි. - නුඹ සිනාසෙහි.
09. ත්වං ලිඛ+සි = ත්වං ලිඛසි. - නුඹ ලියහි.
10. ත්වං පඨ+සි = ත්වං පඨසි. - නුඹ පාඩම් කරහි.
හරි දැන් ඉතින් ඊළග
"තුම්හෙ"
කියන පදයත් එක්කත් මේ ක්‍රියාපද ටිකම එකතු කරමු. එතැනත් ඉතින් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉස්සරවෙලා
"සි"
දාපු තැනට දාන්නෙ
"ථ"
කියන අකුර. ඒකත් බලමුකෝ. මෙතනත් ඉතින්
"තුම්හෙ"
කියලා තිබුණට ශබ්ද කරන්නේ නම්
"තුම්හේ"
කියලා තමයි.
01. තුම්හෙ ගච්ඡ+ථ = තුම්හෙ ගච්ඡථ. - නුඹලා යහු.
02. තුම්හෙ ආගච්ඡ+ථ = තුම්හෙ ආගච්ඡථ. - නුඹලා එහු.
03. තුම්හෙ භුඤ්ජ+ථ = තුම්හෙ භුඤ්ජථ. - නුඹලා කහු.
04. තුම්හෙ සය+ථ = තුම්හෙ සයථ. - නුඹලා නිදහු.
05. තුම්හෙ ධාව+ථ = තුම්හෙ ධාවථ. - නුඹලා දුවහු.
06. තුම්හෙ නච්ච+ථ = තුම්හෙ නච්චථ. - නුඹලා නටහු.
07. තුම්හෙ කීළ+ථ = තුම්හෙ කීළථ. - නුඹලා ක්රීඩාකරහු.
08. තුම්හෙ හස+ථ = තුම්හෙ හසථ. - නුඹලා සිනාසෙහු.
09. තුම්හෙ ලිඛ+ථ = තුම්හෙ ලිඛථ. - නුඹලා ලියහු.
10. තුම්හෙ පඨ+ථ = තුම්හෙ පඨථ. - නුඹලා පාඩම්කරහු.
තව සර්වනාම පදයක් තමයි
"අහං"
කියන්නේ.
"අහං"
කියන්නෙ මම කියන තේරුම දෙන පදයනේ. හැබැයි මෙතන නම් ඉස්සර වෙලා වගේ අකුරක් එකතු කරලා විතරක් හරියන්නේ නෑ. ඒකට පොඩි දෙයක් තව කරන්න තියෙනවා. ඉස්සරවෙලා ඒක නිසා ඒ වෙන දේ ගැන බලමු. මෙන්න මෙහෙමයි වෙන්නේ.
"ගච්ඡ"
කියන පදයේ අග අකුර මොකක්ද කියලා දන්නවාද? ඔව්! ඒක තමයි
"ඡ"
කියන අකුර. හැබැයි මේ ඡ කියලා තනිව තිබුණට මේ අකුරු දෙකක් එකතු වෙලානේ මේ අකුර හැදෙන්නේ. මෙන්න මෙහෙම
"ඡ්+අ = ඡ"
. සාමාන්‍යයෙන් හල් අකුරු කියන්නේ ව්‍යඤ්ජන අකුරුවලටනේ. ව්‍යඤ්ජනයක් තනිව ශබ්ද කරන්න බැරි නිසා ඒක ස්වර අකුරක ආධාරයෙන් තමයි සමහර වෙලාවල ශබ්ද කරන්නේ. මේ
"ඡ"
කියන අකුර ඇතුළෙත් අයන්නක් තියෙනවා. හැබැයි පේන්නේ නම් නෑ. ඉතින් මේ විදිහට "ආගච්ඡ" කියන වචනෙත් අනික් ඒවගෙත් අවසාන අකුරුවල තියෙනවා අයන්නක්. ඒ අයන්න දීර්ඝ කරන්න වෙනවා.
අහං කියන පදය යෙදෙන කොට වර්තමාන කාලයේ ක්‍රියාපදයක් එක්ක ඒ ක්‍රියාපදයේ අගට යෙදෙන්නේ
"මි"
කියන අකුර. අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
"බුද්ධං සරණං ගච්ඡාමි"
මතකයිනේ. බලන්න මේ ගච්ඡාමි කියන ක්‍රියාපදය වෙනස් වෙලා තියෙනවා. ඉස්සර වෙලා නම්
"ගච්ඡති, ගච්ඡන්ති, ගච්ඡසි, ගච්ඡථ"
කියන තැන්වල
"ඡ"
යන්න එහෙම්මම තිබුණා. නමුත්
"ගච්ඡාමි"
කියන තැන
"ඡ"
යන්න
"ඡා"
වෙලා නේද? අන්න ඒකයි මෙතන වෙන වෙනස. බලන්න අනික් ඒවාගෙත් වෙනස් වන හැටි උදාහරණ වලින්..
01. අහං ගච්ඡ+මි
- ගච්
ඡා
මි
= අහං ගච්ඡාමි.
- මම යමි.
02. අහං ආගච්ඡ+මි
- ආගච්
ඡා
මි
=
අහං ආගච්ඡාමි. - මම එමි.
03. අහං භුඤ්ජ+මි
- භුඤ්
ජා
මි
= අහං භුඤ්ජාමි. - මම කමි/ අනුභව කරමි.
04. අහං සය+මි
- ස
යා
මි
= අහං සයාමි. - මම නිදාගමි.
05. අහං ධාව+මි
- ධා
වා
මි
= අහං ධාවාමි. - මම දුවමි.
06. අහං නච්ච+මි
- නච්
චා
මි
= අහං නච්චාමි. - මම නටමි.
07. අහං කීළ+මි
- කී
ළා
මි = අහං කීළාමි. - මම ක්‍රීඩා කරමි.
08. අහං හස+මි
- හ
සා
මි
= අහං හසාමි. - මම සිනාසෙමි.
09. අහං ලිඛ+මි - ලි
ඛා
මි = අහං ලිඛාමි. - මම ලියමි.
10. අහං පඨ+මි
- ප
ඨා
මි
= අහං පඨාමි. - මම පාඩම් කරමි.
ඊළග වචනය තමයි
"මයං"
. ඒකෙ තේරුම
"අපි"
කියන එකයි. මෙතනත් අර කියපු විදිහටම
"අ"
යන්න
"ආ"
යන්න වුනා වගේම තියෙනවා. අගට එකතු වෙන අකුර තමයි
"ම"
. බලන්නකො ඒකත් හැදෙන හැටි.
01. මයං ගච්ඡ+ම
- ගච්
ඡා
ම
= මයං ගච්ඡාම. - අපි යමු.
02. මයං ආගච්ඡ+ම
- ආගච්
ඡා
ම
= මයං ආගච්ඡාම. - අපි එමු.
03. මයං භුඤ්ජ+ම
- භුඤ්
ජා
ම = මයං භුඤ්ජාම. - අපි කමු.
04. මයං සය+ම
- ස
යා
ම = මයං සයාම. - අපි නිදමු.
05. මයං ධාව+ම
- ධා
වා
ම = මයං ධාවාම. - අපි දුවමු.
06. මයං නච්ච+ම
- නච්
චා
ම = මයං නච්චාම. - අපි නටමු.
07. මයං කීළ+ම
- කී
ළා
ම = මයං කීළාම. - අපි ක්‍රීඩා කරමු.
08. මයං හස+ම
- හ
සා
ම = මයං හසාම. - අපි සිනාසෙමු.
09. මයං ලිඛ+ම
- ලි
ඛා
ම = මයං ලිඛාම. - අපි ලියමු.
10. මයං පඨ+ම
- ප
ඨා
ම = මයං පඨාම. - අපි පාඩම් කරමු.
* සමහර අවස්ථාවල අපිට
"සර්වනාම"
වෙනුවට
"සංඥා නාම"
භාවිත කරන්න සිදු වෙනවා.
"සංඥා නාම"
කියලා කියන්නේ කෙනෙක් හඳුනාගන්න යොදන නම.
නිමල්, ධනපාල, සිරියාවතී, අප්පුහාමි
වගේ පද වලට තමයි සංඥානාම කියලා කියන්නේ. එතකොට ධනපාල කියන්නේ ඒකවචනයක් නිසා අපි භාවිත නරන්නේ මුලින්ම දක්වපු ක්‍රියාපද. ඒ කියන්නේ
ගච්ඡති, ධාවති, හසති
වගේ ක්‍රියාපද. ඒවා ති යන්නෙන් අවසන් වෙලා තියෙන්නේ. උදාහරණයක් ගෙන බලමු.
උදා
-
නිමල් ගච්ඡති
- සිරිපාලො ගච්ඡති
පදයේ අන්ත අක්ෂරය
"අ"
ස්වරයකින් අවසන් වෙලා තිබුණොත් ඒ
"අ"
යන්න
ඔකාරයක්
බවට පත් කරගන්නවා. ඒ පාලි හැටි. ගොතමො, ධනපාලො, කුමාරො වගේ පද දිහා බලපුම ඒවා පේනවා. නැතිනම් මෙවා තියෙන්න ඕන, ගෝතම, ධනපාල, කුමාර කියලනේ.
ධනපාලො ගච්ඡති - ධනපාල යයි.
සිරියාවතී හසති. - සිරියාවතී සිනාසෙයි.
පුරුෂ භේදය
ඒකවචන බහුවචන
ප්‍රථම පුරුෂ
- සො තෙ
මධ්‍යම පුරුෂ - ත්වං තුම්හෙ
උත්තමපුරුෂ - අහං මයං
නාම පද සමග ක්‍රියාපදයක් ගැළපීමයි මෙම පාඩමේ අරමුණ වුනේ. නාමපද වලට පමණක් නොව ක්‍රියා පදවලටත් පුරුෂ භේදයක් ඇත. ඒ වාගේම ඒකවචන, බහුවචන භේදයක් ද ඇත.
පහත සඳහන් අයුරින්ම වර්තමානයේ ක්‍රියා පද වරනැගේ.
පුරුෂභේදය
- එකවචන බහුවචන
ප්‍රථම පුරුෂ
ගච්ඡති ගච්ඡන්ති
මධ්‍යම පුරුෂ
ගච්ඡසි ගච්ඡථ
උත්තමපුරුෂ
ගච්ඡාමි ගච්ඡාම
පුරුෂභේදය
- එකවචන බහුවචන
ප්රථමපුරුෂ
ධාවති ධාවන්ති
මධ්‍යම පුරුෂ ධාවසි ධාවථ
උත්තමපුරුෂ
ධාවාමි ධාවාම
පුරුෂභේදය
- එකවචන බහුවචන
ප්‍රථම පුරුෂ
සයති සයන්ති
මධ්‍යම පුරුෂ
සයසි සයථ
උත්තමපුරුෂ
සයාමි සයාම
මේ අයුරින් ඉහත සදහන් පද පහත වචන සමග වර්තමාන කාලයේ එකතු වේ. මෙතෙක් වෙලා සිදු කළේ එය පැහැදිලි කිරීමයි.
* මෙහි යෙදූ
ති, න්ති, සි, ථ, මි, ම
කියන අකුරුවලට පාලියෙහි "ආඛ්‍යාත ප්‍රත්‍ය" කියා කියනු ලැබේ.
පළමු පාඩම අවසානයි.
දෙවන පාඩමට මෙතැනින් යන්න.
Share