Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

10 වන පාඩම

පාළිපාඨමඤ්ජරී පොතේ දහවන පාඩම ගැනයි අද කියලා දෙන්නේ. ඉස්සර වෙලාම ඒ පාඩම දක්වන්නම්. ඊට පස්සේ ඒකේ තේරුම දැනගනිමු. තේරුම දැනගෙන ව්‍යාකරණ විස්තර ටිකකුත් ඉගෙන ගනිමු.

"බාලකො සත්ථසාලං ගච්ඡති. බාලකස්ස හත්ථෙ පොත්ථකං අත්ථි. සො අත්තනො ආචරියං වන්දති. තස්ස බාලකස්ස නාමං මිත්තපාලො. සො ආසනෙ නිසීදති; පොත්ථකං පඨති ච. තස්ස පොත්ථකස්ස නාමං පාළිපාඨමඤ්ජරී. තස්මිං පොත්ථකෙ බුද්ධචරිතං දස්සිතං හොති. සො තං පොත්ථකං පඨති, බුද්ධස්ස චරිතං උග්ගණ්හාති ච. සො තථා පාළිභාසං ච උග්ගණ්හාති. සො තෙන සද්ධං ලභති. ආචරියො තස්මිං බාලකස්මිං පසීදති."

අර්ථය
බාලකො - ළමයා, සත්ථසාලං - ශාස්ත්‍රශාලාවට (පාසැලට), ගච්ඡති - යයි, බාලකස්ස - ළමයාගේ, හත්ථෙ - අතේ, පොත්ථකං - පොතක්, අත්ථි - ඇත. සො - ඔහු, අත්තනො - තමාගේ, ආචරියං - ගුරුවරයා, වන්දති - වඳියි. තස්ස - ඒ, බාලකස්ස -ළමයාගේ, නාමං - නම, මිත්තපාලො - මිත්තපාල, සො - ඔහු, ආසනෙ - ආසනයෙහි (පුටුවේ), නිසීදති - හිඳියි, පොත්ථකං  - පොත, ච - ද, පඨති - පාඩම් කරයි. තස්ස - ඒ, පොත්ථකස්ස - පොතේ, නාමං - නම, පාළිපාඨමඤ්ජරී - පාළිපාඨමඤ්ජරී (නම් වේ.) තස්මිං - ඒ, පොත්ථකෙ - පොතේ, බුද්ධචරිතං - බුද්ධචරිතය, දස්සිතං - දක්වන ලද්දේ, හොති - වෙයි. සො - ඔහු, තං - ඒ, පොත්ථකං - පොත, පඨති - පාඩම් කරයි, බුදධස්ස - බුදුරඳුන්ගේ, චරිතං -  චරිතය, ච - ද, උග්ගණ්හාති - ඉගෙන ගනියි. සො - ඔහු, තථා - එසේ, පාළිභාසං - පාළිභාෂාව, ච - ද, උග්ගණ්හාති - ඉගෙන ගනියි. සො - ඔහු, තෙන - එයින්, සද්ධං - ශ්‍රද්ධාව, ලභති - ලබයි. ආචරියො - ගුරුතුමා, තස්මිං - ඒ, බාලකස්මිං - ළමයා කෙරෙහි, පසීදති - පහදියි.

ව්‍යාකරණ

බාලකො  = ළමයා
    බාලකො කියන පදය පඨමා විභක්ති ඒක වචන පදයක්. කර්තෘ ප්‍රධාන වන වාක්‍යවල හෙවත් කර්තෘ කාරක වාක්‍යවල උක්තය තියන්නේ පඨමා විභක්තියෙන්. වෙනස් විධියකින් කියනවනම් වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් උක්ත වන පදය ප්‍රථමා විභක්තියෙන් තබනවා. එතකොට ආඛ්‍යාතයත් මෙයට ගැළපෙන්නට තියන්න ඕන. ඒ කියන්නේ උක්තය ඒකවචන නම් ආඛ්‍යාතයත් ඒකවචන වෙන්ට ඕන. උක්තය බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචන වෙන්ට ඕන. උක්තය ප්‍රථම පුරුෂ නම් ආඛ්‍යාතයත් ප්‍රථම පුරුෂ, උක්තය මධ්‍යම පුරුෂ නම් ආඛ්‍යාතයත් මධ්‍යම පුරුෂ වෙන්ට ඕන. උක්තය උත්තම පුරුෂ නම් ආඛ්‍යාතයත් උත්තම පුරුෂ වෙන්ට ඕන. පහත දැක්වෙන වාක්‍ය දිහා බලන්න..


01. බාලකො සත්ථසාලං ගච්ඡති.
02. බාලකා සත්ථසාලං ගච්ඡන්ති.
03. ත්වං සත්ථසාලං ගච්ඡසි.
04. තුම්හෙ සත්ථසාලං ගච්ඡථ.
05. අහං සත්ථසාලං ගච්ඡාමි.
06. මයං සත්ථසාලං ගච්ඡාම.

මේ වාක්‍යවල උක්තයට අනුව ආඛ්‍යාතය වෙනස් වෙලා තියෙන්නේ. බාලකො = ගච්ඡති, බාලකා = ගච්ඡන්ති, ත්වං = ගච්ඡසි, තුම්හෙ = ගච්ඡථ, අහං = ගච්ඡාමි, මයං = ගච්ඡාම.

සත්ථසාලං = ශාස්ත්‍රශාලාව
    යම්කිසි තැනකට යනව නම් ඒ යන තැන තබන්නෙ දුතියා විභත්තියෙන්. මෙම සත්ථසාලං යන්න සත්ථසාලා ශබ්දයෙහි දුතියා විභක්ති ඒකවචනයක්. පුරිසො ගාමං ගච්ඡති - පුරුෂයා ගමට යයි, වරාහො වනං පවිසති - ඌරා වනයට පිවිසෙයි, මනුස්සො නගරං ගච්ඡති - මිනිසා නගරයට යයි, සුනඛො අටවිං පවිසති - බල්ලා කැලයට පිවිසෙයි, මේ වාක්‍ය දිහා බැලුවම පේනවා යම් තැනකට පිවිසෙනව නම්, ගනවනම් ඒ යන තැන තියලා තියෙන්නෙ දුතියා විභත්තියෙන් කියලා.

* (කත්තු කිරියාභිසමබන්ධං - කාරකං කම්මමුච්චතෙ -මොග්ගලලායන - කර්තෘගේ ක්‍රියාව හා සම්බන්ධ වනුයේ කර්මයයි. )

බාලකස්ස - ළමයාගේ
     බාලක ශබ්දයේ ඡට්ඨී විභක්ති ඒකවචනය තමයි බාලකස්ස කියන්නේ. ඡට්ඨී විභක්තිය යෙදෙන්නේ අයිතිය හැඟවීමේදී. යමෙකුට අයිතියක් තියෙනවනම් යම්කිසි දෙයක ඒ අයිතිකාරයා තියන්නේ මේ ඡට්ඨී විභක්තියෙන්. ඒක නිසා සාමිස්මිං ඡට්ඨී කියලා සූත්‍රයකුත් තියෙනවා. සාමි කියන්නේ ස්වාමියා. යමක හිමියා ස්වාමියා.

හත්ථෙ - අතේ
        හත්ථ ශබ්දයේ සත්තමී විභක්ති ඒකවචන පදය තමයි හත්ථෙ කියන්නේ. හත්ථ පාලියෙන් සංස්කෘතයෙන් නම් "හස්ත." සත්තමී විභක්තිය යෙදෙන්නේ  ආධාරාර්ථයෙහි. පොත තියෙන්නේ ලමයාගේ අතේ නැතිනම් අත මත. අත තමයි ආධාර වුනේ පොත තියාගන්න.

පොත්ථකං - පොත
පොත්ථක ශබ්දයේ දුතියා විභක්තිය එක්වචනය තමයි පොත්ථකං කියන්නේ. පොත කියන්නේ කර්මය. කර්මය. කර්මය තියන්නේ දුතියාවෙන්. (කත්තු කිරියාභිසම්බන්ධං - කාරකං කම්මමුච්චතෙ) * කම්මත්ථෙ දුතියා - කර්මාර්ථයෙහි දුතියා විභක්තිය වේ. තවත් උදාහරණ-

සො කම්මං කරොති
              - හෙතෙම වැඩය කරයි.
සො පොත්ථකං පඨති
           - හෙතෙම පොත පාඩම් කරයි.
බුද්ධො ධම්මං දෙසෙති
         - බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරයි.
සීහො මිගං මාරෙති                 - සිංහයා මුවෙකු මරයි.
භික්ඛු භාවනං වඩ්ඪෙති          - භික්ෂුව භාවනා වඩයි.

* සමහර වචනයන්ගේ අර්ථය ගැනීමේදී පසු පදය දෙස බැලිය යුතු වේ. එබඳු වචන නම්,
01. තස්ස බාලකස්ස
02. තස්ස පොත්ථකස්ස
03. තස්මිං පොත්ථකෙ
04. තං පොත්ථකං

    මේ වාක්‍යවලදී තස්ස යනු ඔහුගේ නොවෙයි. තස්ස යනු ඒ යන්නයි. විභක්තිවලට අදාළ ව මෙසේ පද දෙකම යෙදී ඇති විට ඒ ළමයාගේ, ඒ පොතේ, ඒ පොතෙහි, ඒ පොත යනාදී වශයෙන් ඒ යනුවෙන් පරිවර්තනය කරගත යුතු වේ. ත ශබ්දය විශේෂණයක් ලෙස යෙදී ඇති හෙයින් එසේ කළ යුතු ය. එය වාක්‍යවලට අනුව තේරුම් ගත යුතු වේ.
                               
                                                                    දහවන පාඩම අවසානයි.

Picture
එකොළොස්වන පාඩමට මෙතැනින් යන්න.
Powered by Create your own unique website with customizable templates.