දහහතරවන පාඩම - 14
මෙම පාඩමේ මූලික අරමුණ නම් අතීත කාලික ආඛ්‍යාතයක් පිළිබඳ හඳුන්වා දීමයි.අතීතකාල කියන්නේ ඉක්මගිය කාලයට. ඉක්මගිය කාලය ගැන කියන කොට පාලිභාෂාවේ පරොක්ඛා විභක්තිය, අජ්ජතනී විභක්තිය, හීයත්තනී විභක්තිය, කාලාතිපත්ති විභක්තිය යැයි අතීත ක්‍රියා සිව් ආකාරයක් තියෙනවා. ඒවායෙහි එකිනෙකට කුඩා වෙනස්කම් දක්නට ලැබෙනවා. නමුත් මෙහිදී පහදා දීමට බලාපොරොත්තු වන්නේ අජ්ජතනී විභක්තිය පිළිබඳව. අජ්ජතනී විභක්තිය අද පටන් සමීප අතීත කාලය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඉතා සමීප අතීතය ගැන. මොහොතක් හරි ගෙවිලා ගියා නම් ඒ සමීප අතීතය. මේ වගේ අවස්ථාවක දී භාවිත කරන්නේ අජ්ජතනී විභක්තිය. ඒකේ විභක්ති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ආත්මනේ පද, අනික පරස්ස පද කියලා. අර්ථ වශයෙන් සමානයි. නමුත් 'ආත්මනේ පද' කියන්නේ තමන් වෙනුවෙන් සිදු කරපු දෙයක් හෝ සිදු වුන දෙයක් කියලා කියන්න පුළුවන්. 'පරස්ස පද' කියන්නේ අනුන් වෙනුවෙන් සිදු කරපු හෝ සිදු වුන දෙයක්.
උදාහරණ -
එකදිවසං සුමෙධ පණ්ඩිතො නහායිත්වා ආගන්ත්වා ආසනෙ නිසීදි.
එකදවසක් සුමේධ පණ්ඩිතයා නාලා ඇවිත් ආසනයේ හිඳගත්තා.
මේ වාක්‍යයේ අවසානට තියෙන ක්‍රියා පදය අතීත කාලයේ එකක්. නිසීද+ඉ = නිසීදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිසීද කියන ධාතුවට "ඉ" කියන ප්‍රත්‍යය එකතු වෙලා. මතක තියාගන්න තියෙන්නේ "ඉ" කියන ප්‍රත්‍යය අජ්ජතනී විභක්තියේ ප්‍රථම පුරුෂ ඒකවචනය කියලා. මේ වගේ ක්‍රියා පද ගොඩාක් තියෙනවා.
වර්තමාන
|
තේරුම
|
අතීත
|
තේරුම
|
ඉහතින් දක්වලා තියෙන පද දිහා බලන කොට පේනවා. සියලුම ක්‍රියාපද අතීතකාලයේදී "ඉ" යන්නෙන් අවසන් වෙලා තියෙන බව. එය මතක තබා ගත යුතුයි. මෙබඳු ක්‍රියා පදයක් දුටු විට මෙය අතීතයේ කියා තේරුම් ගන්නට නම් මේවා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
මේ ක්‍රියාපදවල බහුවචනය වෙනස් වෙන්නේ "ඉංසු" කියන ප්‍රත්‍යය දැමීමෙන්.
වර්තමාන
|
තේරුම
|
අතීත - ඒක
|
අතීත - බහු
|
බහු - තේරුම
|
මේ පාඩම තුළ දී මෙම පද දෙක පමණක් ප්‍රමාණවත්. මේ ඒකවචන බහුවචන දෙක නිතරම භාවිත වෙනවා. ඒ නිසා දැන් උදාහරණ ටිකක් අරගෙන බලමු.
එකවචන
|
බහුවචන
|