Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

 සාමාන්‍ය කථොපකථන - 1

1. තෝ (උඹ) පාලි භාෂාව දන්නෙහි ද? 
 ත්වං පාළිභාසං ජානාසි?

උඹ (=ඔබ) යන්න මධ්‍යම පුරුෂයෙහි යෙදෙන්නේ නොවේ. මධ්‍යම පුරුෂයෙහි යෙදෙන “තෝ, තෙපි” යන වචන පහත් අයට පමණක් ආමන්ත්‍රණය සඳහා මෙකල යොදන බැවින් ශිෂ්ටකථාවේදී එවැනි පදයක් යෙදීමත් යුතු නොවේ. පාලියෙහි “ත්වං, තුම්හෙ” යන පදයන් කාටත් යෙදිය හැකි බව සැලකිය යුතු.


2. මම ටිකක් දනිමි
 අහං ථොකං ජානාමි.


3. ඔබට පාලියෙන් කථා කරන්නට හැකි ද?
 සක්කොසි ත්වං පාළිභාසාය සල්ලපිතුං


4. ඔව්, මට ටිකක් කථා කළ හැක.
ආම, අහං ථොකං සල්ලපිතුං සක්කොමි.


5. ඔබේ නම කුමක්ද? කවර නමැත්තෙක් වෙහි ද?
තුය්හං නාම කිං? කින්නාමො‘සි?


6. මාගේ නම විජයබාහුය.
අහං විජයබාහු-නාමොම්හි.


7. තෝ කොහි වෙසෙහි ද?
ත්වං කත්ථ වසසි?


8. මම කොළඹ නගරයෙහි වසමි.
අහං කොළම්බනගරෙ වසාමි.


9. ඔබේ වයස කොපමණ ද?
කිත්තකං තුය්හං ආයුප්පමණං?


10. මම විසිඅවුරුදු වයස් ඇත්තෙමි.
අහං වීසතිවස්සොම්හි (ආයුනා=ආයුෂයෙන්).


11. මගේ වයස අවුරුදු පහළොසකි.
මය්හං ආයුප්පමාණං පණ්ණරස වස්සානි.


12. තාගේ මවුපියවරු කොහි වෙසෙත් ද?

තුය්හං මාතාපිතරො කුහිං වසන්ති?


13. ඔවුහු දැන් දකුණු පලාතේ වසත්.
තෙ‘දානි දක්ඛිණදෙසෙ වසන්ති. (තෙ+ඉදානි=තෙ‘දානි)


14. ඔබට සහෝදර-සහෝදරියෝත් සිටිත්ද?
තුය්හං භාතුභගිනියො‘පි සන්ති නු?


15. එසේය, මට සොහොයුරෝ සිව්දෙනෙක් ද සොහොයුරියෝ දෙදෙනෙක් ද වෙති.
ආම, මය්හං චත්තාරො භාතරො ද්වෙ භගිනියො ච සන්ති.


16. ඔබගේ සොහොයුරෝ කුමක් කරත්ද?
තව භාතරො කිං කරොන්ති?


17. ඔවුනතුරෙන් වැඩිමහල්ලා වෙළෙන්දෙකි, දෙවෙනියා ලියන්නෙකි, ඉතිරි දෙදෙනා තවම ඉගෙන ගනිත්.
තෙසු වුද්ධතමො වාණිජො, දුතියො ලෙඛකො, ඉතරෙ ද්වෙ තාව උග්ගණ්හන්ති.


18. තෝ මෙහි කවදා ආයෙහි ද?
කදා ත්වං ඉධා‘ගතො‘සි? (ඉධ+ආගතො+අසි = ඉධා‘ගතො‘සි)


19. ඊයේ සවස මම මෙහි ආවෙමි.
හීයො සායණ්හෙ‘හං ඉධා‘ගච්ඡිං. (සායණ්හෙ+අහං =සායණ්හෙ‘හං, ඉධ+ආගච්ඡිං = ඉධාගච්ඡිං)





Picture

කථොපකථන - 02


20. ඔබ කවරෙක් ද? 
කො‘සි ත්වං? (කො+අසි = කො‘සි)  (කො-කවරෙක්, අසි-වෙහිද?)

21. මම මගියෙක් මි. 
අහමෙකො පථිකො. අහං+එකො = අහමෙකො)

22. කොයි සිටි එහිද? 
කුතො ආගච්ඡසි?



23. මම ඉන්දියාවෙන් ආවෙමි.
අහං ඉන්දුදෙසතො ආගතො‘ම්හි.


24. කුමක් කරන්නට ආයෙහි ද?
කිං කාතුමාගතො‘සි? 
(කාතුං+ආගතො‘සි=කාතුමාගතො‘සි, කිං=කුමක්, කාතුං-කරන්නට, ආගතො-පැමිණියේ, අසි-වෙහි ද) 


25. බඩු වගයක් විකුණන්නට ආවෙමි.
එකච්චානි භණ්ඩානි වික්කිණිතුමාගමිං. 
(වික්කිණිතුං+ආගමිං=වික්කිණිතුමාගමිං, වික්කිණිතුං=විකුණන්නට, ආගමිං=පැමිනියෙමි.)


26. තොපගේ පියා කුමක් කරන්නේ ද?
තුය්හං පිතා කිං කම්මං කරොති?


27. මගේ පියා මහානාම නම් වෙළෙන්දෙකි.
මය්හං පිතා මහානාමො නාම වාණිජො.


28. මෙහි තාගේ මිත්‍රයෙක් හෝ අඳුනන්නෙක් සිටී ද?
කො ඉධ තව මිත්තො වා සන්දිට්ඨො වා?


29. මගේ මිත්‍ර වෙළෙන්දෙක් කුමාරවීථියෙහි වසයි.
මය්හං මිත්තො එකො වාණිජො කුමාරවීථියං වසති.


30. තෝ මෙතැනින් කොහාට යන්නෙහි ද?
ඉතො ත්වං කතරං ඨානං ගච්ඡසි?


31. මම මෙයින් අන්‍ය නුවරකට යන්නෙමි.
ඉතො‘හං අඤ්ඤං නගරං ගමිස්සාමි. 
(ඉතො+අහං=ඉතොහං, ඉතො=මෙයින්, අහං=මම)


32. (තෝ) මේ පෙදෙසට ප්‍රිය කෙරෙහි ද?
පියායසි ත්වමිමං පදෙසං? 
(ත්වං+ඉමං=ත්වමිමං, ත්වං=නුඹ, ඉමං=මේ)


33. ඉතා උෂ්ණ නොවන්නේ නම් මම මේ පෙදෙසට ප්‍රිය කරමි.
පියායෙය්‍යමිමං සචායං නාච්චුණ්හො භවෙය්‍යං.
 (සචෙ+අයං=සචායං, සචෙ=ඉදින්, අයං=මේ, පියායෙය්‍යං+ඉමං=පියායෙය්‍යමිමං, පියායෙය්‍යං=ප්‍රිය කරමි, ඉමං=මේ)


34. (තෝ) කවදා සියරටට යන්නෙහි ද?
කදා ත්වං සකරට්ඨං පටිගමිස්සසි?


35. සෑහෙන තරම් මුදලක් ලැබුණු විට මම යන්නෙමි.
යදා පහොනකං මූලං ලභිස්සාමි, තදා ගමිස්සාමි.


36. ඔබ ළඟ දැන් කොපමණ මුදලක් තිබේ ද?
කිත්තකං මූලං‘දානි තව සන්තිකෙ අත්ථි? 
(මූලං+ඉදානි=මූලං‘දානි, මූලං=මුදලක්, ඉදානි=දැන්)


37. රුපියල් 14 ක් ද සත 50 ක්ද ළඟ ඇත්තාහ.
චුද්දස රුපියානි පණ්ණාස සතභාගා ච මම‘න්තිකෙ සන්ති. 
(මම+අන්තිකෙ=මමන්තිකෙ, මම=මාගේ, අන්තිකෙ=ළඟ)


Picture

කථොපකථන - 03
අණ කිරීම් හා අවවාද 

38. ඝාණ්ටාව (හෝ සීනුව) ශබ්ද කරව.
ඝණ්ඨං වාදෙහි.


39. මාගේ ඔරලෝසුව මෙහි ගෙනෙව.
මම හොරාලොචනං ඉධා‘හර. (ඉධ+ආහර, ඉධ=මෙහි, ආහර=ගෙනෙව.)


40. අර මිනිසා මෙහි කැඳවව.
තං පුරිසං ඉධ පක්කොසාහි.


41. උඹේ පා සෝදා ගනින්.
තුය්හං පාදෙ ධොවාහි.


42. මාගේ පටරෙද්ද අකුලව.
මම කොසෙය්‍යච්ඡාදනං සංහරාහි.


43. මේ සිඟන්නාට සහල් ටිකක් දෙව.
ඉමස්ස යාචකස්ස ථොකං තණ්ඩුලං දෙහි.


44. පෑණක් ගෙනෙන්ට ඒ ළමයා පිටත් කරව.
ලෙඛණිං අනෙතුං තං දාරකං පෙසෙහි.


45. හැමකල්හි මව්පියන්ට කීකරු වව්.
සදා මාතාපිතුන්නං වචනකරා හොථ.


46. වෘද්ධයන්ට (වැඩිමහල්ලන්ට) කවටකම් නොකරව්.
මා වුද්ධානං පරිභාසං කරොථ.  (මා=එපා)


47. කිසිවිටෙකත් බොරු නොකියව්.
මා කදාචිපි මුසා භණථ.


48. සියලු ආගමික ගුරුවරුන්ට ගෞරව කරව්.
සබ්බසාමයික-සමණානං ගාරවං කරොථ.


49. පාපමිත්‍රයන් හා අසත්පුරුෂයන් සේවනය නොකරව්.
පාපමිත්තෙ අසප්පුරිසෙ ච මා සෙවථ.


50. තිරිසනුන්ට හිංසා නොකරව්.
තිරච්ඡානගතෙ මා හිංසථ.


51. අනුන්ගේ දොස් (=සිදුරු) නො සොයව්.
මා පරෙසං ඡිද්දානි ගවෙසථ.


52. තමන්ගේ ම දොස් සොයා ඒවා දුරු කරව්.
අත්තනොව වජ්ජානි උපපරික්ඛිත්වා තානි පජහථ.


53. අනුන් සතු ඉදිකටුවක් පමණ දෙයකුත් සොරා නොගනිව්.
පරසන්තකං සූචිමත්තකම්පි මා ථෙනෙථ.


Picture

කථොපකථන - 04
පාඨශාලීය ශිෂ්‍යයකු හා කථාවක්.

(මධ්‍යම පුරුෂ එකවචනය දැක්විය යුතු නිසා මෙහි තෝ යන්න යොදනු ලැබේ. සිංහල කථාව්‍යවහාරයේදී එය යෙදීම මෙකල ට යෝග්‍ය නොවේ.)


54. තෝ කුමක් හෙයින් ඊයේ නාවෙහි ද?
කස්මා ත්වං හීයො නාගතො‘සි?


55. ඊයේ මගේ පියා සමග මළගෙයකට ගියෙමි.
හීයො‘හං පිතරා සද්ධිං මතකට්ඨානං අගමාසිං.


56. උඹේ පොත් හා ලිපිද්‍රව්‍ය කොහිද?
කුහිං තව පොත්ථකා ලෙඛණභණ්ඩානි ච?


57. ඒවා මම ශාලාව තුළ මේසය මත තබා ආවෙමි.
තාන‘හං සාලබ්භන්තරෙ ලෙඛණඵලකෙ ඨපෙත්වා ආගතොම්හි. (තානි+අහං=තාන‘හං)


58. තෝ කුමක් හෙයින් අද ප්‍රමාද වී ආයෙහිද?
කස්මා ත්වං චිරායිත්වා ආගතො‘සි?   (ආගතො+අසි=ආගතොසි)


59. අතරමග පාලම කැඩී තිබෙන බැවින් මෙතෙර වන්නට නොහැකිව ප්‍රමාදවීමි.
අන්තරාමග්ගෙ සෙතුනො භින්නත්තා තරිතුමසක්කොන්තො චිරායිං. (තරිතුං+අසක්කොන්තො)


60. ඒ ළමයා ඔබට කුමක් කීයේද?
කිං සො දාරකො තුය්හං වදි?


61. මුදල් නැති බැවින් ඕනෑ පොත් ගත නොහැකි වීමියි කීය.
මූලාභාවතො ඉච්ඡිතෙ පොත්ථකෙ කිණිතුං න සක්ඛිංති සො කථෙසි. 


62. හෙතෙම ඔබ කැඳවූයේ කුමක් පිණිස ද?
කිමත්ථාය සො තං පක්කොසි?


63. මගෙන් පොතක් ලබාගනු කැමතිව හෙතෙම මා කැඳවීය.
මම සන්තිකා එකං පොත්ථකං ලද්ධුමිච්ඡන්තො සො මං පක්කොසි.


64. ඔබ විසින් පොත් කීයක් මිලට ගන්නා ලද්දහුද?
කති පොත්ථකා කීතා තයා?


65. පොත් සතරක් මා විසින් ගන්නා ලදහ.
චත්තාරො පොත්ථකා මයා කීතා.


66. ඒවාට කොපමණ මුදලක් දෙන ලද්දේ ද?
කිත්තකං මූලං තදත්ථාය තයා දින්නා?


67. රුපියල් 8 කුත් සත 75 කුත් දුනිමි.
අට්ඨ රූපියානි පඤ්චසත්තති-සතභාගෙ ච අදාසිං.


68. මේ වරද ඔහු විසින් ඔබ ඉදිරියෙහි කරන ලද්දේ ද?
තවාභිමුඛෙ තෙනි‘දං දුට්ඨකම්මං කතන්නු?  (තව+අභිමුඛෙ=තවාභිමුඛෙ, තෙන+ඉදං=තෙනිදං)


69. නැත; අන්‍ය ශිෂ්‍යයන් දෙදෙනෙකුන් ඉදිරියේදී කරන ලදී.
න; අඤ්ඤෙසං ද්වින්නං සිස්සානං අභිමුඛෙ තෙනෙ‘දං කතං. (තෙන+ඉදං=තෙනෙදං)


70. එසේ නම් තෝ මෙය කෙසේ දන්නෙහිද?
යජ්ජෙවං කථං ත්වමිදං ජානාසි?  (යදි+එවං=යජ්ජෙවං, ත්වං+ඉදං=ත්වමිදං)


71. හෙතෙම එසේ කළේයයි අන්‍යයෝ මට කීහ.
සො තථා කරීති අඤ්ඤෙ මං වදිංසු. (කරි+ඉති=කරීති)


72. තෝ මේ පෙතේ කොළ ඉරුවෙහිද?
ත්වං ඉමස්ස පොත්ථකස්ස පත්තානි දාළසි නු?


73. නෑ; මම කොපි පොතෙහි අකුරු ලියමින් උන්නෙමි.
න, අහං ලිපිපරිචයෙ අක්ඛරානි ලිඛන්තො නිසීදිං.


74. තෙපි යකඩ පෑන්තලවලින් ලියව්ද?
අයලෙඛණීමුඛෙහි නු තුම්හෙ ලිඛථ?


75. අපි පිහාටු පෑන්වලින් ලියමු.
මයං පත්තනාළලෙළණීහි ලිඛාම.


76. තොපගේ ගුරුවරයා ඊයේ කුමක් ඉගැන්නුවේ ද?
තුම්හාකමාචරියො හීයො කිං උග්ගණ්හාපෙසි?  (තුම්හාකං+ආචරියො=තුම්හාකමාචරියො)


77. හෙතෙම අපට ඉන්දියා භූමි විස්තරය ඉගැන්වීය.
සො‘ම්හාකං භාරතභූමිවිත්ථාරං උග්ගණ්හාපෙසි.


78. මාගේ ගල්ලෑල්ල බිඳුණු බැවින් හෙට අනෙකක් මිලයට ගන්නෙමි.
මම සිලාපත්ථරස්ස භින්නත්තා සුවෙ‘හං අඤ්ඤං කිණිස්සාමි.


79. ඒ පොත ඔහු විසින් ඔබට දෙන ලද්දේ ද?
තෙන සො පොත්ථකො තුය්හං දින්නො නු?


80. එය ඔහුට අයිති නැති බැවින් දිය නොහැකියයි කීයේය.
තස්ස අනායත්තත්තා තං දාතුං න සක්කාති සො වදි. (සක්කා+ඉති=සක්කාති)


81. පාඨශාලාවෙන් නෙරපනලද ඒ ශිෂ්‍යයා තමාගේ ගමට හැරී ගියේය.
පාඨසාලාය නික්කඩ්ඪිතො සො සිස්සො අත්තනො ගාමං පච්චාගමි.


82. අනාගතාභිවෘද්ධිය කැමැත්තෝ කුඩා කලම ශිල්පෝද්ග්‍රහණය කරත්වා.
අනාගතාභිවුද්ධිමිච්ඡන්තා දහරකාලෙයෙව සිප්පුග්ගහණං කරොන්තු.
අනාගත+අභිවුද්ධි+ඉච්ඡන්තා=අනාගතාභිවුද්ධිමිච්ඡන්තා, දහරකාලෙ+එව=දහරකාලෙයෙව, සිප්ප+උග්ගහණං=සිප්පුග්ගහණං)


Powered by Create your own unique website with customizable templates.