Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture
Picture
Search

                                          පාලි නාම වරනැඟිල්ල

හැඳින්වීම

(වරනැඟිය හැකි බැවින් වරනැඟිල්ල නම් වේ. එසේම මෙහි එන නාම වරනැඟිල්ල වෙනුවට ශබ්ද වරනැඟිල්ල යැයි ද ව්‍යවහාර කෙරේ.)

    පාලිභාෂාව පිළිබඳ ඇල්මක් දක්වන අය සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූ දෙයකි පාලි වරනැඟිල්ල. එයට හේතුව නම් වරනැඟිල්ල නොදැන පාලි භාෂාව හැදෑරීම අපහසු වන හෙයිනි. පාලි ඉගෙන ගැනීම සඳහා උනන්දු වන අය විසින් ප්‍රථමයෙන්ම සිදු කරනු ලබන්නේ පාලි වරනැගිල්ල කට පාඩම් කිරීමයි. එනිසා මෙහි අරමුණ ද පාලි වරනැගිල්ල නම් වූ ග්‍රන්ථයෙහි එන ශබ්දයන් වරනැඟෙන ක්‍රමය හඳුන්වා දීමත් එහි අන්තර්ගත ශබ්ද වරනැඟී ඇති ආකාරයත් ගෙන හැර දැක්වීමත් ය.

    උදාහරණයක් වශයෙන් "බුද්ධ ශබ්දය" ගෙන බලමු. මෙම "බුද්ධ" යන ශබ්දය හෙවත් නාමය වරනැඟී නොමැත. එය හුදු ශබ්දයක් පමණකි. මෙය වරනැඟෙනවා යැයි කීවේ විභක්තිවලට අනුව ශබ්දය විකාශය වීමයි. සිංහල භාෂාවෙහි ද විභක්ති ඇත. ඒවා නම් පෙර, කම්, කතු, කරණ, සපදන්, අවධි, සබඳ, අදර, අලප් යනුවෙන් සිදත් සඟරාවෙහි දැක්වේ. මෙපරිදිම පාලි භාෂාවෙහි ද, 

01. පඨමා විභත්ති
02. ආලපන විභත්ති
03. දුතියා විභත්ති
04. තතියා විභත්ති
05. කරණ විභත්ති
06. චතුත්ථී විභත්ති
07. පඤ්චමී විභත්ති
08. ඡට්ඨී විභක්ති
09. සත්තමී විභත්ති

           
        යනුවෙන් විභත්ති 09 ක් දැක්වේ. මේවායෙහි කාර්යය පිළිබද මුලින්ම දැන ගැනීම අවශ්‍ය වූවකි. එනම් පඨමා විභත්ති හෙවත් විභක්තිය කුමක්ද? දුතියා විභත්තිය කුමක් ද?යනාදී වශයෙනි.

    මෙහිදී මතක් කළ යුතු දෙයක් නම් මෙම ශබ්ද වරනැඟෙන ක්‍රම බොහෝමයක් ඇති බවයි. සමහර ශබ්දයක් ගත් කල්හී එයට සමානවම වරනැඟෙන ශබ්ද බොහෝමයක් ද ඇත. ඒවා පසුවට විස්තර කෙරේ.

    පාලිභාෂාවෙහි පුරුෂ ලිඞ්ගික ශබ්ද, ස්ත්‍රී ලිඞ්ගික ශබ්ද, නපුඞ්ශක ලිඞ්ගික ශබ්ද යැයි කොටස් තුනක් ඇත. සාමාන්‍යයෙන් පුරුෂයෙකු හඟවන ශබ්ද පුරුෂ ලිඞ්ගික ශබ්ද වන අතර ස්ත්‍රීයක හඟවන ශබ්ද ස්ත්‍රී ලිඞ්ගික වේ. එසේම මේ දෙකටම අයත් නොවන ශබ්ද නපුංශක ලිඞ්ගික වේ. සමහර ශබ්ද වරනැගෙන ස්වරූපයෙන්ම ඒවායෙහි ලිඞ්ගය තීරණය කළ යුතු වේ.

උදා - බුද්ධ, පුරුස, දෙව             - යන ශබ්ද පුරුෂ ලිඞ්ගිකයි.
         කඤ්ඤා, ලතා, වනිතා      - යන ශබ්ද ස්ත්‍රී ලිඞ්ගිකයි.
          වන, ඵල, චිත්ත                - යන ශබ්ද නපුංශක ලිඞ්ගිකයි.


    එසේම ශබ්දයන්ගේ අගම ඇති අකුර හෙවත් අවසාන අකුර  අනුව ඒවා අකාරාන්ත, ආකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත, උකාරාන්ත, ඌකාරාන්ත වශයෙන් බෙදේ.
උදා - "බුද්ධ" ශබ්දයෙහි අග ඇති "ධ" යන ව්‍යඤ්ජනය තුළ ස්වරයක් ගැබ්ව පවතී. එනම් "අ" යන්නයි. "ධ" යන්න සෑදෙන්නේ "ධ්+අ = ධ" යනුවෙනි. එසේනම් මෙහි අග ඇත්තේ "අ" යන්න හෙයින් එය අකාරයකින් අන්ත වී ඇත. එනිසා එය අකාරාන්ත ශබ්ද ගණයට වැටේ. තවද "මුනි" ශබ්දය ගත් කල්හී එහි අවසාන අකුර "නි" යන්න වුවද එහි ඇතුළෙහි ඇති "ඉ" කාරයට අනුව එය ඉකාරාන්ත ශබ්දයකි. "වනිතා" ශබ්දය ගත්කල්හී එහි අවසාන අකුර "තා" ලෙස ඇතත් එය වරනැඟී නැත. එහි අග අකුර නම් "ආ" යන්නයි. වධූ ශබ්දයේ අග අකුර "ඌ" යන්න බැවින් එය ඌකාරාන්ත ශබ්දයකි.       



අකාරාන්ත පුරුෂ ලිඞ්ග බුද්ධ (බුදුරජාණන් වහන්සේ) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
බුද්ධො
බුද්ධ, බුද්ධා
බුද්ධං
බුද්ධෙන
බුද්ධෙන
බුද්ධාය, බුද්ධස්ස
බුද්ධා, බුද්ධම්හා, බුද්ධස්මා
බුද්ධස්ස
බුද්ධෙ, බුද්ධම්හි, බුද්ධස්මිං





(භවන්තො)
බහුවචන
බුද්ධා
බුද්ධා
බුද්ධෙ
බුද්ධෙන, බුද්ධෙභි, බුද්ධෙහි
බුද්ධෙන, බුද්ධෙභි, බුද්ධෙහි
බුද්ධානං
බුද්ධෙභි, බුද්ධෙහි
බුද්ධානං
බුද්ධෙසු

බුද්ධ ශබ්දයේ අර්ථය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(පින්වත්)
ඒකවචන
බුදුරජ තෙම,
බුදුරජුනි
බුදුරජ
බුදුරජු විසින්
බුදුරජු කරණකොට
බුදුරජුට
බුදුරජුගෙන්
බුදුරජුගේ
බුදුරජු කෙරෙහි





(පින්වත්)
බහුචවචන
බුදුවරු
බුදුවරුනි
බුදුරවරුන්
බුදුවරුන් විසින්
බුදුවරුන් කරණකොට
බුදුවරුන්ට
බුදුවරුන්ගෙන්
බුදුවරුන්ගේ
බුදුවරුන් කෙරෙහි



*බුද්ධ ශබ්දයට සමානව වරනැඟෙන ශබ්ද

01.      එවං සුරා'සුර - නරො'රග - නාග - යක්ඛා
           ගන්ධබ්බ - කින්නර - මනුස්ස - පිසා ච - පෙතා
           මාතඞ්ග - ජඞ්ගම - තරඞ්ග - වරහා - සීහා
           ව්‍යග්ඝච්ඡ - කච්ඡප - තරච්ඡ - මිග'ස්ස - සොනා

02.     ආලොක - ලොක - නිලයා'නිල - චාග - යොග
            වායාම - ගාම - නිගමා'ගම - ධම්ම - කාමා
            සඞ්ඝො'ඝ - ඝොස පටිඝා'සව - කොධ - ලොභ
            සාරම්භ - ථම්භ - මද -මාන - පමාද - මක්ඛා

03.     පුන්නාග - පූග - පනසා'සන චම්පක'ම්බ
            හින්තාල - තාල - වකුල'ජ්ජුන - කිංසුකා ච
           මන්දාර - කුන්ද - පුචිමන්ද - කරඤ්ජ - රුක්ඛා
           (ඤෙය්‍යා) මයූර - සකුණ'ණ්ඩජ - කොඤ්ච - හංසාති.



අර්ථය -
01. සුර - දෙව් ය, අසුර - අසුර ය, නර - මිනිස් ය, උරග - සර්ප ය, නාග - නාග නොහොත් හස්ති ය, යක්ඛ - යක්ෂ ය, ගන්ධබ්බ - ගන්ධර්ව ය, කින්නර - කිඳුරු ය, මනුස්ස - මිනිස් ය, පිසාච - පාංශු පිසාච ය, පෙතා - ප්‍රේත ය යන මොහු ය. මාතඞ්ග - හස්ති ය, ජඞ්ගම - ඇවිදිනා සත්ත්වයෝ ය, තුරඞ්ග - අශ්ව ය, වරාහ - ඌරු ය, සීහ - සිංහ ය, ව්‍යග්ඝ - ව්‍යඝ්‍ර ය, අච්ඡ - වලස් ය, කච්ඡප - කැසුබු ය, තරච්ඡ - කළු හිස් වලස් ය, මිග - මුව ය, අස්ස  අශ්ව ය, සොනා - සුනඛයෝ ය.

02. ආලොක - එළි ය, ලොක - ලොව ය, නිලය - ගෘහ ය, අනිල - සුළං ය, චාග - ත්‍යාග ය, යොග - යෙදුම් ය, වායාම - ව්‍යායාම ය, ගාම - ග්‍රාම ය, නිගම - නියම්ගම ය, ආගම - ත්‍රිපිටක ය, ධම්ම - ධර්ම ය, කාමා - වස්තුකාම ක්ලේශකාම යන මොහු ය, සංඝ - සමූහ ය, ඔඝ - සැඩ දිය පාරය, ඝොස - හඬ හෝ ගොපලු ගම ය, පටිඝ - තරහ ය, ආසව - ආශ්‍රව ය, කොධ - ක්‍රෝධ ය, ලොභ - ලෝභ ය, සාරම්භ - කරණුත්තරිය කරණය, ථම්භ - සිත දැඩි හෝ කණුව ය, මද - යොවුන් මද ඈ මද ය, මාන - මාන ය, පමාද - ප්‍රමාද ය, මක්ඛ - ගුණමකු බව ය යන මොහු ද;

03. පුන්නාග - දොඹ ය, පූග - පුවක් ය, පනස - කොස් ය, අසන - පියා ගස් ය, චම්පක - සපු ය, අම්බ - අඹ ය, හින්තාල - කිතුල් ය, තාල - තල් ය, වකුල - මූන මල් ය, අජ්ජුන - කුඹුක් ය, කිංසුකා ච - කෑල ය යන මොහු; මන්දාර - මදාරා ය, කුන්ද - කොඳ ය, පුචිමන්ද - කොසඹ ය, කරංජ - කරඳ ය, රුක්ඛ - වෘක්ෂ ය යන මොහු ද; මයූර - මොනර ය, සකුණ - පක්ෂී ය, අණ්ඩජ - බිජුවටින් උපදනා සත්ත්වයෝ ය, කොඤ්ච - කොස්ළිහිණි ය, හංස - හංස ය.




අකාරාන්ත පුරුෂ ලිඞ්ග අත්ත ( ආත්මය) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
අත්තා
අත්ත, අත්තා
අත්තානං, අත්තං
අත්තනා, අත්තෙන
අත්තනා, අත්තෙන
අත්තනො
අත්තනා, අත්තම්හා, අත්තස්මා
අත්තනො
අත්තනි, අත්තම්හි, අත්තස්මිං





(භවන්තො)
බහුවචන
අත්තානො
අත්තානො
අත්තානො
අත්තනෙභි, අත්තනෙහි
අත්තනෙභි, අත්තනෙහි
අත්තානං
අත්තනෙභි, අත්තනෙහි
අත්තානං
අත්තනෙසු




අකාරාන්ත පුරුෂ ලිඞ්ග රාජ (රජතුමා) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
රාජා
රාජ, රාජා
රාජානං, රාජං
රඤ්ඤා, රාජිනා, රාජෙන
රඤ්ඤා, රාජිනා, රාජෙන
රඤ්ඤො, රාජිනො
රඤ්ඤා, රාජම්හා, රාජස්මා
රඤ්ඤො, රාජිනො
රඤ්ඤා, රාජිනි, රාජම්හි, රාජස්මිං





(භවන්තො)
බහුවචන
රාජානො
රාජානො
රාජානො
රාජූභි, රාජූහි, රාජෙභි, රාජෙහි
රාජූභි, රාජූහි, රාජෙභි, රාජෙහි
රඤ්ඤං, රාජූනං, රාජානං
රාජූභි, රාජූහි, රාජෙභි, රාජෙහි
රඤ්ඤං, රාජූනං, රාජානං
රාජුසු, රාජෙසු




අකාරාන්ත පුරුෂ ලිඞ්ග ගුණවන්තු (ගුණවතා) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකචවන
ගුණවා
ගුණවං, ගුණව, ගුණවා
ගුණවන්තං
ගුණවතා, ගුණවන්තෙන
ගුණවතා, ගුණවන්තෙන
ගුණවතො, ගුණවන්තස්ස
ගුණවතා, ගුණවන්තම්හා, ගුණවන්තස්මා
ගුණවතො, ගුණවන්තස්ස
ගුණවති, ගුණවන්තම්හි, ගුණවන්තස්මිං





(භවන්තො)
බහුවචන
ගුණවන්තො, ගුණවන්තා
ගුණවන්තො, ගුණවන්තා
ගුණවන්තෙ
ගුණවන්තෙභි, ගුණවන්තෙහි
ගුණවන්තෙභි, ගුණවන්තෙහි
ගුණවතං, ගුණවන්තානං
ගුණවන්තෙභි, ගුණවන්තෙහි
ගුණවතං, ගුණවන්තානං
ගුණවන්තෙසු


එවං මඝවා - කුලවා - ඵලවා
යසවා - ධනවා - සුතවා - භගවා
හිමවා - බලවා - සීලවා - පඤ්ඤවා
සතිමා - ධිතිමා - ගතිමා - මුතිමා
ජුතිමා - සිරිමා - හිරිමා - ථුතිමා
රතිමා - යතිමා - සුචිමා - කලිමා
බලිමා - කසිමා - රුචිමා - බුද්ධිමා
චක්ඛුමා - බන්ධුමා - හෙතුමා - සෙතුමා
කෙතුමා - රාහුමා - භානුමා - ඛාණුමා - විජ්ජුමා - පාපිමා

අර්ථය-
 මඝවා - සක් දෙවියා ය, කුලවා - කුල ඇත්තේ හෙවත් උසස් කුලයේ උපන්නේ ය, ඵලවා - ඵල ඇත්තේ ය, යසවා - යශස් ඇත්තේ ය, ධනවා - ධනය ඇත්තේ ය, සුතවා - ඇසූපිරූ තැන් ඇත්තේ ය, භගවා - භාග්‍යවත් ය, හිමවා - හිම ඇත්තේ ය, බලවා - ශක්ති ඇත්තේ ය, සීලවා - සිල් ඇත්තේ ය, පඤ්ඤවා - ප්‍රඥා ඇත්තේ ය, සතිමා - සිහි ඇත්තේ ය,  ධිතිමා - ධෛර්ය ඇත්තේ ය, ගතිමා - ගති ඇත්තේ ය, මුතිමා - ප්‍රඥා ඇත්තේ ය, ජුතිමා - බැබලීම ඇත්තේ ය, සිරිමා - සිරිමත් ය, හිරිමා - ලැජ්ජා ඇත්තේ ය, ථුතිමා - ස්තුතිමත් ය, රතිමා - ඇලුම් ඇත්තේ ය, යතිමා - යතිමත් ය,  සුචිමා - පිරිසිදු  ඇත්තේ ය, කලිමා - පව් ඇත්තේ ය, බලිමා - බල ඇත්තේ ය, කසිමා - සී සෑම් ඇත්තේ ය, රුචිමා - රුචිය හෝ බැබලීම ඇත්තේ ය, බුද්ධිමා - බුද්ධිය ඇත්තේ ය, හෙතුමා - හේතු ඇත්තේ ය, සෙතුමා - හේ දඬු ඇත්තේ ය, කෙතුමා - කොඩි ඇත්තේ ය, රාහුමා - රාහු ඇත්තේ ය, භානුමා - රශ්මී ඇත්තේ ය හෙවත් හිරු ය, ඛාණුමා - ඛණු ඇත්තේ ය, විජ්ජුමා - විදුලිය ඇත්තේ ය.

* මෙහි ඇති ශබ්ද මඝවන්තු, කුලවන්තු, ඵලවන්තු, යසවන්තු අයුරින් ගෙන වරනැඟිය යුතු වේ. පාඩම් කිරීමේ පහසුව පිණිස මෙලෙස ශබ්ද ඒකරාශී කොට ඇත.




අකාරාන්ත පුරුෂ ලිඞ්ග ගච්ඡන්ත (යන්නා) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
ගච්ඡං, ගච්ඡන්තො
ගච්ඡං, ගච්ඡ, ගච්ඡා
ගච්ඡන්තං
ගච්ඡතා, ගච්ඡන්තෙන
ගච්ඡතා, ගච්ඡන්තෙන
ගච්ඡතො, ගච්ඡන්තස්ස
ගච්ඡතා, ගච්ඡන්තම්හා, ගච්ඡන්තස්මා
ගච්ඡතො, ගච්ඡන්තස්ස
ගච්ඡති, ගච්ඡන්තම්හි, ගච්ඡන්තස්මිං





(භවන්තො)
බහුචවන
ගච්ඡන්තො, ගච්ඡන්තා
ගච්ඡන්තො, ගච්ඡන්තා
ගච්ඡන්තෙ
ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි
ගච්ඡ්න්තෙභි, ගච්ඡන්තෙහි
ගච්ඡතං, ගච්ඡන්තානං
ගච්ඡන්තෙභි, ගච්ඡන්තෙහි
ගච්ඡතං, ගච්ඡන්තානං
ගච්ඡන්තෙසු


(එවං) මහං - චරං - තිට්ඨං - දදං - භුඤ්ජං - සුණං - පචං
ජයං - ජීරං - වචං - මීයං - සරං - කුබ්බං - ජපං - වජං

අර්ථය - මහං - පූජා කරන්නේ ය, චරං - හැසිරෙන්නේ ය, තිට්ඨං - සිටින්නේ ය, දදං - දෙන්නේ ය, භුඤ්ජං - වළඳන්නේ ය, සුණං - අසන්නේ ය, පචං - පිසන්නේ ය, ජයං - දිනන්නේ ය, ජීරං - දිරන්නේ ය, වචං - ච්‍යුත වන්නේ ය, මීයං - මැරෙන්නේ ය, සරං - සිහි කරන්නේ ය, කුබ්බං - කරන්නේ ය, ජපං - ජප කරන්නේ ය, වජං - යන්නේ ය.


* මෙහි ඇති ශබ්ද මහන්ත, චරන්ත, තිට්ඨන්ත, දදන්ත වශයෙන් ගත යුතු වේ.




ඉකාරාන්ත පුරුෂ ලිඞ්ග අග්ගි ( ගින්න) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකචවන
අග්ගි
අග්ගි
අග්ගිං
අග්ගිනා
අග්ගිනා
අග්ගිනො, අග්ගිස්ස
අග්ගිනා, අග්ගිම්හා, අග්ගිස්මා
අග්ගිනො, අග්ගිස්ස
අග්ගිම්හි, අග්ගිස්මිං





(භවන්තො)
බහුවචන
අග්ගී, අග්ගයො
අග්ගී, අග්ගයො
අග්ගී, අග්ගයො
අග්ගීභි, අග්ගීහි
අග්ගීභි, අග්ගීහි
අග්ගීනං
අග්ගීභි, අග්ගීහි
අග්ගීනං
අග්ගිසු, අග්ගීසු


01.  ජොති - පාණි - ගණ්ඨි - මුට්ඨි - කුච්ඡි - වත්ථි - සාළි - වීහි
        ව්‍යාධි - ඔධි - බොධි - සන්ධි - රාසි - කෙසි - සාති - දීපි

02. ඉසි - මුනි - මණි - ධනි - ගිරි - රවි - කවි - කපි
        අසි - මසි - නිධි - විධි - අහි - කිමි - පති - හරි

03. අරි - තිමි - කලි - බලි - ජලනිධි - ගහපති
       උරුධිති - වරමති - නිරුපධි - අධිපති

අර්ථය -


01. ජොති - බැබලීම ය, පාණි - අත්ල ය, ගණ්ඨි - ගැට ය, මුට්ඨි - මිට ය, කුච්ඡි - කුස ය, වත්ථි - වස්ති ය, සාළි - හැල් ය, වීහි - වී ය, ව්‍යාධි - ලෙඩ ය, ඔධි - සීමාව ය හෙවත් කොටස ය, බොධි - බෝ රුක් ය, සන්ධි - සන්ධි ය, රාසි - රැස ය, කෙසි - ධ්වජ ය, සාති - සා නැකතින් උපන්නේ ය, දීපි - දිවියා ය.
02. ඉසි - ඍෂි ය, මුනි - මුනිවරයා ය, මණි - මිණ ය, ධනි - හඬ ය, ගිරි - පර්වත ය, රවි - හිරු ය, කවි - පණ්ඩිතයා ය, කපි - වඳුරා ය, අසි - කඩුව ය, මසි - දැලි ය, නිධි - නිධාන ය, විධි - නියම ය, අහි - සර්පයා ය, කිමි - පණුවා ය, පති - ස්වාමියා ය, හරි - විෂ්ණු ය, අරි - සතුරා ය, තිමි - තිමි නම් මත්ස්‍යයා ය, කලි - පාප ය, බලි - බිලි හෝ බද්ද ය, ජලනිධි - සයුර ය, ග




ඉකාරාන්ත පුරුෂ ලිඞ්ග ආදි (මර්යාදාය, ප්‍රාකාරය, සමීපය, අවයවය) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකචවන
ආදි
ආදි
ආදිං
ආදිනා
ආදිනා
ආදිනො, ආදිස්ස
ආදිනා, ආදිම්හා, ආදිස්මා
ආදිනො, ආදිස්ස
ආදිං, ආදො ආදිම්හි, ආදිස්මිං





(භවන්තො)
බහුචවන
ආදී, ආදයො
ආදී, ආදයො
ආදී, ආදයො
ආදීභි, ආදීහි
ආදීභි, ආදීහි
ආදීනං
ආදීභි, ආදීහි
ආදීනං
ආදිසු, ආදීසු




ඊකාරාන්ත පුරුෂ ලිඞ්ග දණ්ඩී (දඬු ඇත්තා) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
දණ්ඩී
දණ්ඩී
දණ්ඩීනං, දණ්ඩිං
දණ්ඩිනා
දණ්ඩිනා
දණ්ඩිනො, දණ්ඩිස්ස
දණ්ඩිනා, දණ්ඩිම්හා, දණ්ඩිස්මා.
දණ්ඩිනො, දණ්ඩිස්ස
දණ්ඩිනි, දණ්ඩිම්හි, දණ්ඩිස්මිං





(භවන්තො)
බහුවචන
දණ්ඩී, දණ්ඩිනො
දණ්ඩී, දණ්ඩිනො
දණ්ඩී, දණ්ඩිනො
දණ්ඩීභි, දණ්ඩීහි
දණ්ඩීභි, දණ්ඩීහි
දණ්ඩීනං
දණ්ඩීභි, දණ්ඩීහි
දණ්ඩීනං
දණ්ඩිසු, දණ්ඩීසු


01.     ධම්මී - සංඝී - ඤාණී - හත්ථී - චක්කී - පක්ඛී - දාඨී - රට්ඨී
           ඡත්තී - මාලී - වම්මී - යොගී - භාගී - භොගී - කාමී - සාමී

02.     ධජී - ගණී - සසී කුට්ඨී - ජටී - යානී - සුඛී - සිඛී
            දන්තී - මන්තී - කරී - චාගී - කුසලී - මුසලී - බලී

03.      පාපකාරී - සත්තුඝාතී - මල්ලකාරී - දීඝජීවී
            ධම්මවාදී - සීහනාදී - භූමිසායී - සීඝයායී


අර්ථය-
01. ධම්මී - ධර්ම ඇත්තේ ය, සංඝී - සමූහයක් ඇත්තේ ය, ඤාණී - නුවණ ඇත්තේ ය, හත්ථී - ඇතා ය, චක්ඛී - චක්‍ර ඇත්තේ ය, පක්ඛී - පක්ෂියා ය, දාඨී - දළ ඇත්තේ ය, රට්ඨී - රට ඇත්තේ ය, ඡත්තී - ඡත්‍ර ඇත්තේ ය, මාලී - මාලා ඇත්තේ ය, වම්මී - යුද සැට්ට ඇත්තේ ය, යොගී - යෝගාවචරයා ය, භාගී - කොටස් ඇත්තේ ය, භොගී - භෝග ඇත්තා ය, නොහොත් නාගයා ය, කාමී - කැමැත්තේ ය, සාමී ස්වාමියා ය.

02. ධජී - ධ්වජ ඇත්තේ ය, ගණී - සමූහ ඇත්තේ ය, සසී - සසලප ඇත්තේ ය, ජටී - ජටා ඇත්තේ ය, යානී - යානා ඇත්තේ ය, සුඛී - සුව ඇත්තේ ය, සිඛී - සිඛා ඇත්තේ ය, (මොනරා), දන්තී - දත් ඇත්තේ ය, මන්තී - මැතියා ය, කරී - ඇතා ය, චාගී - ත්‍යාගවතා ය, කුසලී - කුසල් ඇත්තේ ය, මුසලී - මොහොල් ඇත්තේ ය.

03. පාපකාරී - පව් කරන සුලු තැනැත්තේ ය, සත්තුඝාතී - සතුරන් නසන්නේ ය, මල්ලකාරී - මල්ලව පොර අල්ලන්නේ ය, දීඝජීවී - බොහෝ කලක් ජීවත් වන්නේ ය, ධම්මවාදී - දහම් කියන සුල්ලේ ය, සීහනාදී - සිංහනාද කරන්නේ ය, භූමිසායී - බිම හෝනේ ය, සීඝයායී - වහා යන්නේ ය.

                                                  


උකාරාන්ත භික්ඛු (භික්ෂුව) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
භික්ඛු
භික්ඛු
භික්ඛුං
භික්ඛුනා
භික්ඛුනා
භික්ඛුනො
භික්ඛුනා, භික්ඛුම්හා, භික්ඛුස්මා
භික්ඛුනො, භික්ඛුස්ස
භික්ඛුම්හි, භික්ඛුස්මිං






(භවන්තො)
බහුවචන
භික්ඛූ, භික්ඛවො
භික්ඛූ, භික්ඛවෙ, භික්ඛවො
භික්ඛූ, භික්ඛවො
භික්ඛූභි, භික්ඛූහි
භික්ඛූභි, භික්ඛූහි
භික්ඛූනං
භික්ඛූභි, භික්ඛූහි
භික්ඛූනං
භික්ඛුසු, භික්ඛූසු


එවං සෙතු - කෙතු - භානු - රාහු
සඞ්කු - උච්ඡු - වෙළු - මච්චු -  සින්ධු
මධු - නෙරු - මෙරු - සත්තු - කාරු
හෙතු - ජන්තු - රූරු - පටු


අර්ථය -

  සෙතු - හේ දණ්ඩ ය, කෙතු - කොඩිය ය, භානු - සූර්යයා ය, රාහු - රාහු ය, සඞ්කු - උල ය, උච්ඡු - උක් ගස ය, වෙළු - උණ ගස ය, මච්චු - මරණය ය, මධු - මී ය, සින්ධු - සාගරය ය, බන්ධු - නෑයා ය, නෙරු - මහ මෙර ය, මෙරු - මහමෙර ය, සත්තු - සතුරා ය, කාරු - ශිල්පියා ය, හෙතු - හේතුව ය, ජන්තු - සත්ත්වයා ය, රූරු - එනම් වර්ගයේ මුවා ය, පටු - දක්ෂයා ය.




         උකාරාන්ත පුරුෂ ලිඞ්ග ජන්තු ( සත්වයා) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී

පඤ්චමී


ඡට්ඨී
සත්තමී




(හෙ)
එකවචන
ජන්තු
ජන්තු
ජන්තුං
ජන්තුනා
ජන්තුනා
ජන්තුනො, ජන්තුස්ස
ජන්තුනා, ජන්තුම්හා, ජන්තුස්මා
ජන්තුනො, ජන්තුස්ස
ජන්තුම්හි, ජන්තුස්මිං





(භවන්තො)
බහුවචන
ජන්තු, ජන්තවො, ජන්තුනො, ජන්තුයො
ජන්තු, ජන්තවො,ජන්තුනො, ජන්තුයො
ජන්තු, ජන්තවො, ජන්තුනො, ජන්තුයො
ජන්තූභි, ජන්තූහි
ජන්තූභි, ජන්තූහි
ජන්තූනං
ජන්තූභි, ජන්තූහි

ජන්තූනං
ජන්තුසු, ජන්තූසු

                                   


උකාරාන්ත පුරුෂ ලිඞ්ග සත්ථු (ශාස්තෘවරයා) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකචවන
සත්ථා
සත්ථ, සත්ථා
සත්ථාරං
සත්ථාරා

සත්ථාරා
සත්ථු, සත්ථුනො, සත්ථුස්ස
සත්ථාරා
සත්ථු, සත්ථුනො, සත්ථුස්ස
සත්ථරි






(භවන්තො)
බහුවචන
සත්ථාරො
සත්ථාරො
සත්ථාරෙ, සත්ථාරො
සත්ථාරෙභි, සත්ථාරෙහි
සත්ථාරෙභි, සත්ථාරෙහි
සත්ථාරානං, සත්ථානං
සත්ථාරෙභි, සත්ථාරෙහි
සත්ථාරානං, සත්ථානං
සත්ථාරෙසු, සත්ථුසු

                                   


උකාරාන්ත පුරුෂ ලිඞ්ග නත්තු (මුනුබුරා) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා

කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
නත්තා
නත්ත, නත්තා
නත්තාරං
නත්තාරා

නත්තාරා
නත්තු, නත්තුනො, නත්තුස්ස
නත්තාරා
නත්තු, නත්තුනො, නත්තුස්ස
නත්තරි





(භවන්තො)
බහුවචන
නත්තාරො
නත්තාරො
නත්තාරෙ, නත්තාරො
නත්තාරෙභි, නත්තාරෙහි
නත්තාරෙභි, නත්තාරෙහි
නත්තාරානං, නත්තානං, නත්තූ
නත්තාරෙභි, නත්තාරෙහි
නත්තාරානං, නත්තානං, නත්තූනං
නත්තාරෙසු, නත්තුසු


(එවං) කත්තු - භත්තු - නෙතු
සොතු - ඤාතු - ජෙතු - දාතු
ධාතු - බොද්ධු - විඤ්ඤාපෙතු
සකමන්ධාතු - මහාමන්ධාතු


අර්ථය -

කත්තු - කරන්නා ය, භත්තු - ස්වාමියා ය, වත්තු - කියන්නා ය, නෙතු - නායකයා ය, සොතු - අසන්නා ය, ඤාතු - දැනගන්නා ය, ජෙතු - දිනන්නා ය, ඡෙත්තු - සිඳන්නා ය, භෙත්තු - බිඳන්නා ය, දාතු - දෙන්නා ය, ධාතු - ධාතෘ ය හෙවත් බ්‍රහ්මයා ය, නත්තු - මුනුබුරා ය, බොද්ධු - අවබෝධ කරන්නා ය, විඤ්ඤාපෙතු - දන්වන්නා ය, සකමන්ධාතු - එනම් රජු ය, මහාමන්ධාතු - එනම් රජු ය.

                                      


උකාරාන්ත පුරුෂ ලිඞ්ග පිතු (පියා) ශබ්දය

      
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී






(හො)
ඒකචවන
පිතා
පිත, පිතා
පිතරං
පිතරා, පිතුනා
පිතරා, පිතුනා
පිතු, පිතුනො, පිතුස්ස
පිතරා
පිතු, පිතුනො, පිතුස්ස
පිතරි





(භවන්තො)
බහුවචන
පිතරො
පිතරො
පිතරෙ, පිතරො
පිතරෙභි, පිතරෙහි, පිතූභි, පිතූහි
පිතරෙභි, පිතරෙහි, පිතූභි, පිතූහි
පිතරානං, පිතානං, පිතූනං
පිතරෙභි, පිතරෙහි, පිතූභි, පිතූහි
පිතරානං, පිතානං, පිතූනං
පිතරෙසු, පිතුසු

                                       


උකාරාන්ත පුරුෂ ලිඞ්ග භාතු (සහෝදරයා) ශබ්දය

විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී





(හෙ)

ඒකවචන
භාතා
භාත, භාතා
භාතරං
භාතරා
භාතරා
භාතු, භාතුනො, භාතුස්ස
භාතරා
භාතු, භාතුනො භාතුස්ස
භාතරි





(භවන්තො)
බහුවචන
භාතරො
භාතරො
භාතරෙ, භාතරො
භාතරෙභි, භාතරෙහි, භාතූභි, භාතූහි
භාතරෙභි, භාතරෙහි, භාතූභි, භාතූහි
භාතරානං, භාතානං, භාතූනං
භාතරෙභි, භාතරෙහි, භාතුභි, භාතූහි
භාතරානං, භාතානං, භාතූනං
භාතරෙසු, භාතුසු




ඌකාරාන්ත පුරුෂ ලිඞ්ග අභිභූ ( මැඩපවත්වන්නා) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී
ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
අභිභූ
අභිභූ
අභිභුං
අභිභුනා
අභිභුනා
අභිභුනො, අභිභුස්ස
අභිභුනා, අභිභුම්හා, අභිභුස්මා
අභිභුනො, අභිභුස්ස
අභිභුම්හි, අභිභුස්මිං





(භවන්නො)
බහුවචන
අභිභූ, අභිභුවො
අභිභූ, අභිභුවො
අභිභූ, අභිභුවො
අභිභූභි, අභිභූහි
අභිභූභි, අභිභූහි
අභිභූනං
අභිභූභි, අභිභූහි
අභිභූනං
අභිභූසු


(එවං) සයම්භූ - වෙස්සභූ - සහභූ
ගොත්‍රභූ - වත්තභූ - සද්ධාභිභූ
අධිභූ - පරාභිභූ - පභූ - විභූ


අර්ථය -
සයම්භූ - තෙමේ ම පහළ වූයේ හෝ සර්වඥ ය, වෙස්සභූ - එනම් බුදුරජාණෝ ය, සහභූ - සමග පහළ වූයේ ය, ගොත්‍රභූ - ගොත්‍රභූ පුද්ගලයා ය, වත්තභූ - සක්දෙවියා ය, සබ්බාභිභූ - සියල්ල මැඩ පවත්වන්නා ය, අධිභූ - අධිපතියා ය, පරාභිභූ - අනුන් මැඬලන්නා ය, පභූ - ප්‍රභූවරයා ය, විභූ - පොහොසතා ය.




ඌකාරාන්ත පුරුෂ ලිඞ්ග සබ්බඤ්ඤූ ( සර්වඥයන් වහන්සේ) ශබ්දය
විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී


ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
සබ්බඤ්ඤූ
සබ්බඤ්ඤූ
සබ්බඤ්ඤූනං
සබ්බඤ්ඤුනා
සබ්බඤ්ඤුනා
සබ්බඤ්ඤුනො, සබ්බඤ්ඤුස්ස
සබ්බඤ්ඤුනා, සබ්බඤ්ඤුම්හා, සබ්බඤ්ඤුස්මා
සබ්බඤ්ඤුනො, සබ්බඤ්ඤුස්ස
සබ්බඤ්ඤුම්හි, සබ්බඤ්ඤුස්මිං





(භවන්තො)
බහුවචන
සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤුනො
සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤුනො
සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤුනො
සබ්බඤ්ඤූභි, සබ්බඤ්ඤූහි
සබ්බඤ්ඤූභි, සබ්බඤ්ඤූහි
සබ්බඤ්ඤූනං
සබ්බඤ්ඤූභි, සබ්බඤ්ඤූහි



සබ්බඤ්ඤූනං
සබ්බඤ්ඤූසු



(එවං) මග්ගඤ්ඤූ, ධම්මඤ්ඤූ,
අත්ථඤ්ඤූ, කාලඤ්ඤූ,
රත්තඤ්ඤූ, මත්තඤ්ඤූ,
කතඤ්ඤූ, විඤ්ඤූ, විදූ, වෙදගූ, පාරගූ,



අර්ථය-
මග්ගඤ්ඤූ - මග දන්නේ ය, ධම්මඤ්ඤූ - ධර්මය දන්නේ ය, අත්ථඤ්ඤූ - අර්ථය දන්නේ ය, කාලඤ්ඤූ - කාලය දන්නේ ය, රත්තඤ්ඤූ - චිරරාත්‍රඥය හෙවත් බොහෝ කල් දන්නේ ය, මත්තඤ්ඤූ - පමණ දන්නේ ය, කතඤ්ඤූ - කෘතඥ ය, විඤ්ඤූ - නුවණ ඇත්තේ ය, විදූ - දත්තේ ය, වෙදගූ - ඥානයේ කෙළවරට ගියේ ය හෝ වේද දන්නේ ය, පාරගූ - පරතෙරට ගියේ ය.



ඔකාරාන්ත පුරුෂ ලිඞ්ග ගො (ගවයා) ශබ්දය


විභක්ති
පඨමා
ආලපන
දුතියා
තතියා
කරණ
චතුත්ථී
පඤ්චමී


ඡට්ඨී
සත්තමී




(හෙ)
ඒකවචන
ගො
ගො
ගාවුං, ගාවං, ගවං
ගාවෙන, ගවෙන
ගාවෙන, ගවෙන
ගාවස්ස, ගවස්ස
ගාවා, ගවා, ගාවම්හා, ගවම්හා, ගාවස්මා, ගවස්මා

ගාවස්ස, ගවස්ස
ගාවෙ, ගවෙ, ගාවම්හි, ගවම්හි, ගාවස්මිං, ගවස්මිං





(භවන්තො)
බහුවචන
ගාවො, ගවො
ගාවො, ගවො
ගාවො, ගවො
ගොභි, ගොහි
ගොභි, ගොහි
ගවං, ගුන්නං, ගොනං
ගොභි, ගොහි



ගවං, ගුන්නං, ගොනං

ගාවෙසු, ගවෙසු, ගොසු



* බුද්ධ'ත්තා, රාජ, ගුණවා, ගච්ඡන්ත'ග්ගාදි, දණ්ඩී ච
භික්ඛූ, ච ජන්තු, සත්ථා, ච නත්තා, ච පිතු, භාතු, ච
අභිභූ, සබ්බඤ්ඤූ, ගො'ති, එවං පුල්ලිඞ්ග සඞ්ගහො.


පුරුෂ ලිඞ්ග ශබ්ද අවසානයි.

Share
Powered by Create your own unique website with customizable templates.