භුවාදි ගණය - 01
"භුවාදිතො අ (303) භු ඉච්චාදීහි ධාතූහි කත්තරි වත්තමානා පඤ්චමී හීයත්තනීස්වප්පච්චයො හොති."
"භූ" යන මේ ආදී ධාතූන් කෙරෙන් පරව කර්තෘ කාරකයෙහි වත්තමානා, පඤ්චමී, හීයත්තනී යන මොවුන් පර කල්හි අ ප්‍රත්‍යය වේ. ක්‍රියාපද අතර බහුල වශයෙන් දන්නට ලැබෙන්නේ මේ වර්ගයේ ක්‍රියාපදයෝ ය.
අකි+අ+ති
|
අඞ්කති
|
අකි - ලක්ඛණෙ
|
රුධාදි ගණය - 02
රුධාදිතො නිග්ගහීත පුබ්බඤ්ච (448) රුධාදීහි කත්තරි අප්පච්චයො හොති. ධාත්වන්තා පුබ්බෙ බින්දවාගමො ච
රුධාදී ධාතු ගණයෙන් පරව අ විකරණය යෙදේ. ධාත්වන්තයට මුලින් බිංදුව ආගම වේ. ඉන්පසු එයට වර්ගාන්තාදේශය වේ.
කති+අ+ති
|
කංත+අ+ති
|
කන්තති, විකන්තති
|
කති - ඡෙදෙ
|
දිවාදි ගණය - 03
දිවාදිතො යො (449) කත්තරි යො
මෙහි "ය" විකරණය යෙදේ. කර්තෘ කාරකයෙහි විකරණ ප්‍රත්‍යය වේ. කර්ම කාරකයෙහි ධාතු වලින් පරව "ය" විකරණය වේ. එබැවින් දිවාදි ගණික කර්තෘ, කර්ම කාරක රූපවල සමානත්වයක් දක්නට ඇත. "යථා කත්තරි ච යථා භාවකම්මෙසු යප්පච්චයස්සාදෙසො හොති තථා කත්තරි පීති යකාරස්ස පුබ්බරූපො වො - ද්විත්වෙ"
"යම් සේ භාව කර්ම දෙකෙහි ය ප්‍රත්‍යය හෝ ආදේශය වේ ද, එසේම කර්තෘ කාරකයෙහි ද එසේ ම වේ. ය කාරයට පූර්ව රූප වූ වකාරයක් ආදේශ වේ." ද්විත්ව කළ කල්හි "දො ධස්ස ච" යන සූත්‍රයෙහි ඇති ච කාරයේ බලයෙන් බකාර ද්වයක් වේ. "දිබ්බති, දිබ්බන්ති" යනුවෙන් පද සෑදේ.
උදාහරණ - සො ධම්මං බුජ්ඣති. ( කර්තෘ කාරක)
- තෙන ධම්මං බුජ්ඣති, බුජ්ඣතෙ. (කර්ම කාරක)
ඉධ+ය+ති
|
ඉඣති
|
ඉධ - සංසිද්ධිවුද්ධිසු
|
ස්වාදි ගණය - 04
ස්වාදිතො ණු ණා උණා ච
මෙහි ණු - ණා - උණා යනුවෙන් විකරණ තුනකි. සමහර විට ණු හට වෘද්ධි වේ.අඤ්ඤෙසු චෙ තිහ චකාරෙන ණුස්ස වුද්ධි සුණොති උලොපො සුණන්තීත්‍යාදි (450) අඤ්ඤෙසු ච යන මෙහි එන ච කාරයේ බලයෙන් ණු කාරයට වෘද්ධි වේ. සුණොති යනුවෙන් පදය සෑදේ.
අප+උණා+ති
|
(ප) පාපුණාති, පාපුණොති
|
අප - පාපුණනෙ
|
කියාදි ගණය - 05
කියාදිතො ණ
මෙහි නා විකරණය වේ. සමහර විට නා හට ණ වේ. යදාදි සූත්‍රයෙන් ඊ කාරයට ඉ ආදේශ වූ කල්හී කිණාති, කිණන්ති යනුවෙන් පද සිද්ධිය වේ.
අස+නා+ති
|
අස්නාති
|
අස - භක්ඛණෙ
|
තනාදි ගණය -06
තනාදිතො ඔයිරා
මෙයි - ඔ-යිර යයි විකරණ ප්‍රත්‍යය දෙකකි.
අප+ඔ+ති
|
පප්පොති
|
අප - පාපුණස්මිං
|
චුරාදි ගණය -07
චුරාදිතො ණෙ ණයා
මෙහි ණෙ, ණය යනුවෙන් විකරණ ප්‍රත්‍ය දෙකකි. ධාතුවේ මුල් ස්වරය වෘද්ධි වේ. විකරණ ප්‍රත්‍යයන් කර්තෘ කාරකයෙහි ම වුවත් මේ චුරාදි ගණය පිළිබඳ විකරණ ප්‍රත්‍යයයන් කර්කෘ - කර්ම - භාව යන කාරක තුනෙහි ම යෙදෙන බව දත යුතු ය.
අකි+ණෙ+ති
|
අඞ්කෙති
|
අකි - ලක්ඛණෙ
|