Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

සන්ධි

පාලි ව්‍යාකරණයෙහි සන්ධි විධි පහක් ඇත. ඒවා නම්, 01. ස්වර සන්ධිය, 02. ව්‍යඤ්ජන සන්ධිය, 03. නිග්ගහීත සන්ධිය, 04, වොමිස්සක සන්ධිය, 05. පකති සන්ධිය යනුවෙනි. සන්ධියක් යනු අකුරු දෙකක් ළංව එකට ගැළපීමයි. මේවා පිළිබඳ මූලික අවබෝධයකින් තොරව භාෂාවක් ප්‍රගුණ කිරීම පහසු නොවේ. එයට හේතුව නම් සන්ධි පද නිතර නිතර හමු වීමයි. මෙය ඕනෑම භාෂාවකට පොදු වූවකි. සිංහල භාෂාවෙත්, සංස්කෘත භාෂාවෙත්, ඉංග්‍රීසි භාෂාවෙත් මෙම ලක්ෂණය ඇත. මෙහි දී පාලියෙහි එන සන්ධි පිළිබඳ හැඳින්වීමක් කරණු ලැබේ. සිංහල භාෂාවේ ව්‍යාකරණ හැදෑරීම සඳහා භාවිත කරණුයේ සිදත් සඟරාව නමැති ග්‍රන්ථයයි. එසේම සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ විධි හැදෑරීම සඳහා බහුලවශයෙන් සාරස්වතය නම් ග්‍රන්ථය භාවිත කරති. පාලි ව්‍යාකරණය හැදීරීම සඳහා මහා සද්දනීති - කච්චායන - මොග්ගල්ලායන - රූපසිද්ධි - පද සාධන - බාලාවතාර වැනි ව්‍යාකරණ ග්‍රන්ථ භාවිත කරති. මෙහි දී කච්චායන සම්ප්‍රදායෙන් පැවත එන බාලාවතාර නම් ග්‍රන්ථයේ දැක්වෙන අයුරින් සන්ධි විධි හඳුන්වනු ලැබේ. ඒ සඳහා උචිත වන ග්‍රන්ථයක් නම් පාලිභාෂාව හා රචනය නමැති ග්‍රන්ථයයි. එහි කර්තෘවරයා නම් පණ්ඩිත පැණිහෙල සිරි සම්බෝධි හිමියෝ ය.
පාලි භාෂාව හා රචනය නමැති පොතෙහි දැක්වෙන සන්ධි විධි.
    "පූර්වාපර වර්ණයන් මනා සේ ගැලපීම සන්ධි නමි. සන්ධිය ශබ්ද ධර්මානුකූලව සිදුවන්නකි. එකට බැඳෙන සුලු ශබ්දයන්ගේ ගැලපීම නැති කල උච්චාරණය රළු වෙයි. අපහසු ද වෙයි. ශ්‍රැති සුඛය ද නොවේ. සන්ධි විධියෙන් උච්චාරණය පහසු වෙයි. මට සිලුටු වෙයි. ශ්‍රවණ සුඛය ද ඇති කරයි. පාළි භාෂාවෙහි වර්ණ සන්ධානයයෙහි (එක්කිරීමෙහි) උපයෝගී වන විධි අටෙකි."

01. ලෝප විධිය
02. ආදෙශ විධිය
03. ආගම විධිය
04. දීර්ඝ විධිය
05. හ්‍රස්ව විධිය
06. ද්විත්ව විධිය
07. සරූප විධිය
08. විපර්යාස විධිය

ලොක+අග්ගො
මම+ඉදං
න+ඉදං
යානි+ඉධ
යථා+ඉදං
දු+කරං
පුං+ලිඞ්ගං
බහු+ආබාධො

ලොකග්ගො
මමෙදං
නයිදං
යානීධ
යථයිදං
දුක්කරං
පුල්ලිඞ්ගං
බහ්වාබාධො

මේ ලෝපාදි විධිවලට දැක්වූ එක් නිදසුනක වුව ද විධි කීපයක් විය හැකි බව දත යුතු ය. උදා:- මම+ඉදං (පූර්වස්වරලෝපයෙන්) මම්+ඉදං (ඉ හට ඒ ආදේශව) මම්+එදං = මමෙදං විය. මෙහි ලොප ආදේශ යන විධි දෙකක් ඇත.

පළමු කොට සන්ධිය
                                                                        01. අභ්‍යන්තර සන්ධිය
                                                                        02. බාහිර සන්ධිය                      කියා දෙපරිදි කළ හැක.
    එකම පදයක (ප්‍රකෘතිය හා ප්‍රත්‍යය අතර හෝ ප්‍රකෘති මධ්‍යයෙහි හෝ) වන සන්ධිය අභ්‍යන්තර නමි. මෙය නිත්‍ය වේ. *
                                                *     "සන්හිතෙක පදෙ නිච්චා - නිච්චා ධාතූපසග්ගජා
   
                                           
නිච්චා සමාසෙ වාක්‍යෙතු - යදිච්ඡාය පවත්තිතෙ"
බුද්ධ+ඔ = බුද්ධො
බුද්ධ+ ස = බුද්ධස්ස
දිප්+යතෙ = දිප්පතෙ


    පද දෙකක හෝ ප්‍රකෘති දෙකක හෝ අතර වන සන්ධිය බාහිර සන්ධි නමි. මෙය නිත්‍ය නොවේ.
ත්වං+අසි = ත්වමසි
බන්ධුස්ස+ඉව = බන්ධුස්සෙව
නීල+උප්පල = නීලුප්පල

සන්ධි පිළිබඳ ප්‍රධාන භේද සතරෙකි.
01. ස්වර සන්ධිය
02. ව්‍යඤ්ජන සන්ධිය
03. නිග්ගහීත සන්ධිය
04. වොමිස්සක සන්ධිය



01. ස්වර සන්ධිය
        ස්වරයා කෙරෙන් හෝ ස්වරයා පරකල්හි හෝ ලොපාදි විධි සුදුසු පරිදි පැමිණ සිදු වන්නේ ස්වර සන්ධි නමි.
01. ඇතැම් තන්හි පූර්ව ස්වරය ලොප් වේ. (සරෙ සරා ලොප)

ලොක+අග්ගො
පඤ්ඤා+ඉන්ද්‍රියං
තීනි+ඉමානි
භික්ඛුනි+ඔවාදො
මාතු+උපට්ඨාන
අභිභු+ආයතන
ධනම්මෙ+අත්ථි
තයො+අස්සු

= ලොකග්ගො
= පඤ්ඤින්ද්‍රියං
= තීනිමානි
= භික්ඛුනොවාදො
= මාතුපට්ඨානං
= අබිභායතනං
= ධනම්මත්ථි
= තයස්සු

02. ඇතැම් තන්හි පරස්වරය ලොප් වේ. (වා පරො අසරූපා)

ඡායා+ඉව
යස්ස+ඉදානි
චක්ඛු+ඉන්ද්‍රියං
කථා+එවකා
වන්දෙ+අහං

= ඡායාව
= යස්සිදානි
= චක්ඛුන්ද්‍රියං
= කථාවකා
= වන්දෙහං

03. ඇතැම් තන්හි අසවර්ණාදෙශය වේ. අසමාන ස්වරය ලොප් කළ විට පරවූ ඉවර්ණය ඒ බවට ද උවර්ණය ඔ බවට ද පැමිණෙ. (ක්වචාසවණ්ණං ලුත්තෙ)

බන්ධුස්ස+ඉව
ජින+ඊරිතං
චන්ද+උදය
න+උපෙති

= බන්ධුස්සෙව
= ජිනෙරිතං
= චන්දොදය
= නොපෙති

04. ඇතැම් තන්හි ස්වරයා පරකල්හි පදාන්ත එ හට ය් ආදේශ වේ. ( යමෙදන්තස්සාදෙසෙ)

තෙ+අහං
යෙ+අස්ස
මෙ+අයං

= ත්‍යාහං
= ය්‍යාස්ස
= ම්‍යායං

05. අසමාන ස්වරයා පරකල්හි ඇතැම් තැන ඉවර්ණයට ය් ආදේශ වේ. (ඉවණ්ණො යං නවා)

පටිසන්ථාරවුත්ත+අස්ස
නමාමි+අහං
වි+ආකතො

= පටිසන්ථාරවුත්‍යස්ස
= නමාම්‍යහං
= ව්‍යාකතො

06. ඇතැම් විට ස්වරයා පරකල්හි උ හට ද ඔ හට ද ව් වේ. (වමොදුදන්තානං)

අනු+එති
සු+ආගතං
නතු+එව
සො+අහං
යාවතකො අස්ස
යො+අයං

= අන්වෙති
= ස්වාගතං
= නත්වෙව
= ස්වාහං
= යාවතාක්වස්ස
= ය්වායං

07. ස්වරයා පරකල්හි ඇතැම් විට ය්, ව්, ම්, ද්, න්, ත්, ර්, ළ් යන අකුරු ආගම වේ. (යවමදනතරළාචාගමා)

න+ඉදං
ති+අඞ්ගිකං
ලහු+එස්සති
අත්ත+අත්ථං
ඉතො+ආයති
තස්මා+ඉහ
නි+උත්තරං
ස+ආයතනං

= නයිදං
= තිවඞ්ගිකං
= ලහුමෙස්සති
= අත්තදත්ථං
= ඉතොනායති
= තස්මාතිහ
= නිරුත්තරං
= සළායතනං

08. ඇතැම් විට පූර්ව ස්වරය ලොප් කළ විට පරස්වරය දීර්ඝ වේ. (දීඝං)

තත්‍ර+අයං
තථා+උපමං
ඉදානි+අහං
සචෙ+අයං
බහු+උපකාරං
අප්පස්සුතො+අයං

= තත්‍රායං
= තථූපමං
= ඉදානාහං
= සචායං
= බහූපකාරං
= අප්පස්සුතායං

09. ඇතැම් විට පරස්වරය ලොප් කළ විට පූර්වස්වරය දීර්ඝ වේ. (පුබ්බො ච)

දෙව+ඉති
කිංසු+ඉධ

= දෙවාති
= කිංසූධ




02. ව්‍යඤ්ජන සන්ධිය
    ව්‍යඤ්ජනයන් ගේ හෝ ව්‍යඤ්ජන පර නිමිත්තෙන් හෝ ලොපාදී විධි නිසා ගැලපෙන සන්ධිය ව්‍යඤ්ජන සන්ධි නමි.
01. ව්‍යඤ්ජනය පරකල්හි සමහර තන්හි ස්වර ලොප් වේ. ලොප් වූ තැන අකාරාගමය ද වේ. (මෙය එත-ත ශබ්ද පිළිබඳව ය.) (ලොපඤ්චතත්‍රාකාරො)

සො+මුනි
සො+සීලවා
එසො+ධම්මො
එසො+පත්තොසි

= සමුනි
= සසීලවා
= එසධම්මො
= එසපත්තොසි

02 ස්වරයා කෙරන් පර වූ වර්ගාක්ෂරයන්ගේ මහා ප්‍රාණ (දෙවන සිව්වැනි) අක්ෂරයන්ට ඒ වර්ගයන්ගේම අල්ප ප්‍රාණ (පළමුවන-තෙවන) අක්ෂර ද්විත්ව වේ. මේ අසරූප ද්විත්වයයි. (වග්ගෙ ඝොසාඝොසානං තතිය පඨමා)

රූප+ඛන්ධො
නි+ඝොසො
සෙත+ඡත්තං
පඨම+ඣානං
තත්‍ර+ඨිතො
අභි+ථුතො
නි+ධනං
නි+ඵලං
නි+භික්ඛං

= රූපක්ඛන්ධො
= නිග්ඝොසො
= සෙතච්ඡත්තං
= පඨමජ්ඣානං
= තත්‍රට්ඨිතො
= අභිත්ථුතො
= නිද්ධනං
= නිප්ඵලං
= දුබ්භික්ඛං

03. ස්වරයා කෙරෙන් පර ව්‍යඤ්ජනයට ඇතැම් විට ද්විත්වය වේ. (පරද්වෙභාවො ඨානෙ) මේ සරූප ද්විත්වයයි.

අ+පමාදො
වි+සුතො
අනු+සරති
ලොක+තයං
නි+මලං

= අප්පමාදො
= විස්සුතො
= අනුස්සරති
= ලොකත්තයං
= නිම්මලං

04. ද්විත්වයෙන් පසු දීර්ඝ ස්වරය හ්‍රස්ව වේ.

ආ+ඛාතං
ආණා+ඛෙත්තං
සම්මා+පධානං
ආ+සාදො

= අක්ඛාතං
= ආණක්ඛෙත්තං
= සම්මපධානං
= අස්සාදො

    පාළියෙහි මේ ද්විත්වය පිළිබඳව විශේෂයෙන් සිහි කළ යුතු උපදේශයක් ඇත. එකක් දෙකක් වීමයි ද්විත්වය කියන්නේ. දෙකක් වීමට ඒ ඒ දෙකක් වෙනුවට සිටියක් විය යුතු ය. මේ දැක්වූ උදාහරණයන්හි "ඛ" යන්න ගැන සලකනු. ඛ්‍ය, ස්ක, ක්ෂ, යන දෛවීභාෂීය අකුරු දෙකක් වෙනුවටයි පාළියෙහි දී "ඛ" රූපයෙන් සිටියේ. ඉදින් එසේ නොවේ නම් එයට මුලින් සිටි අකුර හෝ දෙකක් වෙනුවට සිටිය යුතු වේ. නිද්ධන, නිප්ඵල යනාදියෙන් එය පැහැදිලි වේ. නිර්, නිෂ් යනුයි පාළියේ "නි" වූයේ. ඡන්දානුරක්ෂණයෙහි වන ද්විත්වය පිලිබඳව මේ උපදේශය බල නොපවත්වයි. "ගච්ඡන්ති සුග්ගතිං" යනාදිය මෙනි.



03. නිග්ගහීත සන්ධිය
        නිග්ගහීතය පිළිබඳව ලොපාදේශාදි විධි පැමිණීමෙන් සිදුවන සන්ධිය නිග්ගහීත සන්ධි නමි. නිග්ගහීතය ද ව්‍යඤ්ජනයෙකි. එබැවින් ව්‍යඤ්ජන සන්ධියට ම මෙය ඇතුළත් නො කොට වෙනම දැක්වූයේ නිග්ගහීතය පිළිබඳ සන්ධි සංඛ්‍යාව අධික නිසා හා නිග්ගහීතය විශේෂ ව්‍යඤ්ජනයක් ද වන හෙයිනි. ඒ විශේෂය නම් නිග්ගහීතය ස්වරයන් ඇසුර කරන්නේ පූර්වාශ්‍රිත භාවයෙනි.

01. වර්ග ව්‍යඤ්ජන පර ක්ලි එයට මුලින් සිටි නිග්ගහීතයට ඒ ඒ වර්ගයේ අන්තාක්ෂරය ආදේශ (තද් වර්ගාන්තාදේශය) වේ. (වග්ගන්තං වා වග්ගෙ) මේ විකල්පයෙන් වේ.

තණ්හං+කරො
ධම්මං+චරෙ
තං+ඨානෙ
ජුතිං+ධරො
තං+මිත්තං

= තණ්හඞ්කරො
= ධම්මඤ්චරෙ
= තණ්ඨානං
= පුතින්ධරො
= තම්මිත්තං

02. ඒ කාරය හෝ හ කාරය හෝ පරකල්හි බින්දුවට ඤ් ආදේශ වේ. (එහෙඤ්ඤං) ද්විත්ව ද වේ.

තං+එව
පච්චත්තං+එව
තං+හි
එවං+හි

= තඤ්ඤෙව
= පච්චත්තඤ්ඤෙව
= තඤ්හි
= එවඤ්හි

03. යකාරය පරකල්හි ඒ පර ය් කාරයත් සමග නිග්ගහීතයට ඤ් වේ. පසුව ඒ අදේශ වූ ඤ් කාරය ද්විත්ව වේ. (සයෙ ච)

සං+යොගො
යං+යදෙව
ආනන්තරිකං+යං+ආහු

= සඤ්ඤොගො
= යඤ්ඤදෙව
= ආනන්තරිකඤ්ඤමාහු

04. ස්වරයා පරකල්හි නිග්ගහීතයට ඇතැම්විට ද් ආදේශය ද, ඇතැම් විට ම් ආදේශය ද වේ. (මදාසරෙ)

තං+අනත්තා
යං+අනිච්චා
එතං+අවොච
තං+එව
කිං+එතං

= තදනන්තා
= යදනිච්චං
= එතදවොච
= තමෙව
= කිමෙතං

05. ස්වරයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ පර කල්හි නිග්ගහීත ලෝපය ද වේ. (ක්වචිලොපං, බ්‍යඤ්ජනෙච)

තාසං+අහං
විදූනං+අග්ගං
බුද්ධානං+සාසනං
සච්චානං+දස්සනං

= තාසාහං
= විදූනග්ගං
= බුද්ධානසාසනං
= සච්චානදස්සනං

06. සමහර තන්හි ස්වරයක් හෝ ව්‍යඤ්ජනයක් හෝ පරකල්හි නිග්ගහීතයක් ආගම වේ. ( නිග්ගහීතං ච)

චක්ඛු+උදපාදි
අව+සිරො
අණු+ථූලං

= චක්ඛුං උදපාදි
= අවං සිරො
= අණුංථූලං

07. ඇතැම් තන්හි නිග්ගහීතයෙන් පරවූ ස්වරය ලොප් වේ. ( පරො වා සරො)

චක්කං+ඉව
ත්වං+අසි
අභිනන්දුං+ඉති

= චක්කංව
= ත්වංසි
= අභිනන්දුන්ති

08. නිග්ගහීතයට පරරූපය ද වේ.

පුං+ලිඞ්ගං
සං+ලාපො
සං+ලෙඛො
සං+කතො

= පුල්ලිඞ්ගං
= සල්ලාපො
= සල්ලෙඛො
= සක්කතො

*සෙසු ව්‍යඤ්ජනයට ද පරරූපය වේ.

කිත්+විධාන

= කිව්විධාන = කිබ්බිධාන

09. ව්‍යඤ්ජන පුර්ව රූප ද වේ.

දිප්+යතෙ
සක්+යතෙ
උද්දිස්+ය
ආගම්+ය

= දිප්පතෙ
= සක්කතෙ
= උද්දිස්ස
= ආගම්ම




04. වොමිස්සක සන්ධිය
        ස්වර - ව්‍යඤ්ජන - නිග්ගහීත යන සන්ධිවලට අයත් ලොපාදි විධි එකකට වැඩි ගණනක් වීමෙන් ද සන්ධික්‍රම කීපයක් මිශ්‍ර වීමෙන් ද වන සන්ධි ව්‍යතිමිශ්‍ර සන්ධි නමින් හැඳින් වේ.


01. ස්වරයා පරකල්හි පූර්ව ඉකාරය ය් බවට පත්ව ඊට මුලින් ඇති ව්‍යඤ්ජනය ය් සමග නොයෙක් අතට වෙනස් වෙයි. (අනුපදිට්ඨානං වුත්තයොගතො)

1.1. ද්ය් = ජ්ජ වේ.

යදි+එවං
යද්ය්+එවං
යජ්+එවං
යජ්ජ+එවං
යජ්ජෙවං


(ඉ හට ය් විය)
(ද්ය් හට ජ් විය)
(ජ් හට ද්විත්ව විය)


1.2. ඩ්ය් = ජ්ඣ වේ.

බොධි+අඞ්ගා
බොධ්ය්+අඞ්ගා
බොඣ+අඞ්ගා
බොජ්ඣ+අඞ්ගා
බොජ්ඣඞ්ගා

1.3. ත්ය් = ච්ච් වේ.

ඉති+එවං
ඉත්ය්+එවං
ඉච්+එවං
ඉච්ච්+එවං
ඉච්චෙවං

02. අසමාන සංයෝගයේදී එක ස්වරූපත්වය වේ.

පරි+එසනා
පර්ය්+එසනා
පය්ය්+එසනා
පය්‍යෙසනා


(ඉ හට ය් විය.)
(එක ස්වරූපත්වය)

03. වර්ණයන් ගේ විපර්යාසය වේ.

බහු+ආබාධො
බහ්ව්+ආබාධො
බව්හ්+ආබාධො
බව්හාබාධො

පරි+උපාසනා
පර්ය්+උපාසනා
පය්ර්+උපාසනා
පය්රුපාසනා
පයිරුපාසනා


(උ හට ව් විය)
( වර්ණ විපර්යාසය)





04. වර්ණයන් ගේ බහුත්වය ද වේ.

ස+රති
සම+රති
සුම+රති
සුමරති


(මකාරාගමය)
(සකාරයේ අහට උ වීම)

05. නිග්ගහීතයා කෙරෙන් පර ස්වරයන්ට අන්‍යස්වර ද වේ.

තං+ඉමිනා
තං+අමිනා
තද්+අමිනා
තදමිනා

එවං+ඉමං
කිං+අහං


(ඉ හට අ වේ.)
(බින්දුවට ද් වේ.)


= එවුමං
= කෙහං

06. ස්වරයා හෝ ව්‍යඤ්ජනයා හෝ පරකල්හි බින්දුවට කිසි තැනක ම් වේ.

මං+අභාසි
බුද්ධං+සරණම්

= මම් අභාසි
= බුද්ධම් සරණම්

07. වාක්‍ය සුඛුච්චාරණය පිණිස හා ඡන්දස්හුගේ නොපිරිහීම පිණිස ද වර්ණලොපය ද වේ. ඡන්දස නම් අක්ෂර නියමයයි.

අභිඤ්ඤාය+සඤ්ඤිකත්වා
පටිසංඛාය+යොනිසො
අලාපූනි සීදන්ති

= අභිඤ්ඤා සච්ඡිකත්වා
= පටිසංඛා යොනිසො
= ලාපූනි සීදන්ති

08. වෘත්තය නො බිඳීම පිණිස විකාරය ද වේ. වෘත්තය නම් ගුරු ලඝු නියමය යි.

අකරම්භසෙතෙ කිච්චං

= අකරම්භසතෙ කිච්චං

සන්ධි නිමි.

Powered by Create your own unique website with customizable templates.