පාඩම - 07
අද පාඩම තුමන්ත ක්‍රියා ගැන. "තුං" වලින් අන්ත වන නිසා "තුමන්ත ක්‍රියා" කියල කියනවා. ක්‍රියාපද වර්ගයක් තමයි තුමන්ත ක්‍රියා කියන්නේ. ඒවා වරනැඟෙන්නේ නෑ. අව්‍ය ගණයට වැටෙන්නේ. අව්‍ය කියන්නේ වරනැඟෙන්නේ නැති ඒවාට. නිපාත - උපසර්ග - පූර්වක්රියා - තුමන්ත ක්‍රියා වැටෙන්නේ අව්‍ය ගණයට. ඒවා කිසිවක් විභක්තිවල වරනැඟෙන්නේ නෑ. උදාහරණයක් ලෙස "අහං ලිඛිතුං ඉච්ඡාමි". කියන වාක්‍ය තුළ තිබෙන තුමන්ත ක්‍රියාව තමයි "ලිඛිතුං" කියන එක. ඒකෙ අදහස තමයි "මම ලියන්නට කැමැති වෙමි" කියන්නේ. එතකොට සිංහලයේ ලියන්නට කියන අදහස තමයි මේ තුමන්ත ක්‍රියාවෙන් ලැබෙන්නේ. ඒ වාගේම කන්නට, බොන්නට, නිදන්නට, දුවන්නට, නටන්නට කියන ඒවාට සමානයි මේ තුමන්ත ක්‍රියා අර්ථය. දැන් තුමන්ත ක්‍රියා පද ලිස්ට් එකක් හදාගමු. එතකොට පැහැදිලියි තුමන්ත ක්‍රියා කියන්නේ මොනවද කියලා.
ක්‍රියාපදය
01. ගච්ඡති 02. පචති 03. ධාවති 04. ලිඛති 05. හසති 06. නහායති 07. පිවති 08. ඛාදති 09. රොදති 10. සයති |
තුමන්තක්රියා
ගච්ඡිතුං පචිතුං ධාවිතුං ලිඛිතුං හසිතුං නහායිතුං පිවිතුං ඛාදිතුං රොදිතුං සයිතුං |
අර්ථය
යන්නට පිසින්නට දුවන්නට ලියන්නට සිනාසෙන්නට නාන්නට බොන්නට කන්නට අඬන්නට නිදාග්නට |
උදාහරණ
01. සො පාඨසාලං ගච්ඡිතුං රෝචති
02. අහං ධම්මං උග්ගණ්හිතුං ඉච්ඡාමි. 03. තෙ කීළිතුං කීළාභූමිං ගච්ඡන්ති. 04. මයං පචිතුං න ජානාම. 05. සා පානීයං පිවිතුං නදිං ගච්ඡති. 06. ත්වං ආහාරං භුඤ්ජිතුං ආසනෙ නිසීදසි. 07. තුම්හෙ මඤ්චෙ සයිතුං න රොචථ. 08. සීහො මිගං මාරෙතුං වනෙ චරති. 09. සිඟාලො මංසං ඛාදිතුං ආගච්ඡති. 10. කුමාරියො නහායිතුං වාපිං ගච්ඡන්ති. |
ඔහු පාසලට යන්නට කැමති වෙයි.
මම ධර්මය ඉගෙන ගන්නට කැමති වෙමි. ඔවූහු ක්‍රීඩා කරන්නට ක්‍රිඩාංගණයට යති. අපි උයන්නට නො දනිමු. ඇය පැන් බොන්නට නදියට යයි. නුඹ ආහාර අනුභව කිරීමට ආසනේ හිඳිහි. තෙපි ඇඳේ සයනය කරන්නට කැමති නොවෙහු. සිංහයා මුවෙකු මරන්නට වනයෙහි හැසිරෙයි. සිවලා මස් කන්නට පැමිණෙයි. කුමාරිකාවෝ නහන්නට වැවට යති. |
තුමන්ත ක්‍රියා ප්‍රත්‍යයෝ දෙකක් ඇත. ඉහතින් "තුං" යන ප්‍රත්‍ය දක්වා ඇති අතර "තවෙ" යනුවෙන් තවත් ප්‍රත්‍යයක් ඇත. එය ද දැනගෙන සිටීම ප්‍රමාණවත් වේ. එය මෙලෙස සාදාගනු ලැබේ.
උදාහරණ
01. කර+තවෙ = කාතවෙ (කරන්නට)
02. සු+තවෙ = සොතවෙ ( අසන්නට)
03. දා+තවෙ = දාතවෙ ( දෙන්නට)
මේහි කර, සු, දා යනු ධාතූහුය. ඒවාට "තවෙ" යන තුමන්ත ක්‍රියා ප්‍රත්‍ය එක් වී ඇත. සාමාන්‍යයෙන් මේවා කාතුං, සොතුං, දාතුං යනුවෙන් ද ඉහතින් දැක්වූ "තුං" ප්‍රත්‍ය යෙදී සාදා ගත හැකි වේ.
තුමන්ත ක්‍රියා සාදා ගැනීමේදී සිදුවන විශේෂතා.
තුං ප්‍රත්‍ය යෙදූ විට ඉ යන්නක් අලුතෙන් පැමිණෙයි.
හස+ඉ+තුං
|
හසිතුං
|
සිනාසෙන්නට
|
"තුං" ප්‍රත්‍ය යෙදූ විට සමහර තැනක වෘද්ධි වේ.
සු+තුං
|
සොතුං
|
අසන්නට
|
ඇතැම් තැනක ධාතුවේ අන්ත ස්වරය ලෝ වේ.
ගමු+තුං
|
ගන්තුං
|
යන්නට
|
ඇතැම් තැනක අන්ත ව්‍යඤ්ජනයට "ත්" ආදේශ වේ.
පද+තුං
|
පත්තුං
|
පැමිණෙන්නට
|
සමහර තැනක ආදේශ කිසිවක් නොවේ.
දා+තුං
|
දාතුං
|
දෙන්නට
|
චුරාදි ධාතු ගණයේ "ණය" ප්‍රත්‍ය යෙදුණු විට ඉකාරාගමය වෙයි.
චුර+ණය+ඉ+තුං
|
චොරයිතුං
|
සොරකම් කරන්නට
|
සමහර තැනක ප්‍රත්‍යය සහිත ධාතුවල අන්තයට නොයෙක් පෙරළි ඇති වේ.
දිස+තුං
|
දට්ඨුං
|
දකින්නට
|
හත්වන පාඩම අවසානයි.
ආශ්‍රේය ග්රන්ථ
පාලි ව්‍යාකරණය - පූජ්‍ය මොරටුවේ ගුණරතන හිමි
පාලි භාෂාව හා රචනය - පූජ්‍ය පණ්ඩිත පැණිහෙළ සිරි සම්බෝධි නාහිමි.
පාලි ව්‍යාකරණය - පූජ්‍ය මොරටුවේ ගුණරතන හිමි
පාලි භාෂාව හා රචනය - පූජ්‍ය පණ්ඩිත පැණිහෙළ සිරි සම්බෝධි නාහිමි.