Pali Language
Letters - 01
Letters - 02
Letters - 03
Letters - 04
Letters - 05
Letters - 06
Pali sotries with meaning - 01
Pali stories with meaning - 02
Conjugation
Conjugation of Masculine nouns
Conjugation of Feminine nouns
Conjugation of Neuter Nouns
Conjugation of relative pronouns
Conjugation of Numerals
Conjugation of verbs
Verb stems
Conjunctions
Compounds
Lessons
Lesson - 01
Lesson - 02
Lesson - 03
Lesson - 04
Lesson - 05
Lesson - 06
Lesson - 07
Lesson - 08
Lesson - 09
Lesson - 10
Lesson - 11
Lesson - 12
Lesson - 13
Lesson - 14
Lesson - 15
Lesson - 16
PALI UNICODE DICTIONARY
Words
Grade - 07
Pali of dhamma school
Books to study
Spoken Pali - 01
Spoken Pali - 02
Riddle in Pali
File - 01
File - 02
Files-03
File- 4
Mathurata Pannananda himi
Documents can be downloaded
Extra reading
Untitled
Blog
Contact
File - 4
දෙවන පාඩම - 02
දෙවන පාඩමේදී කියල දෙන්නේ ඒකවචන සහ බහුවචන නාමපද කොහොමද ක්‍රියාපදයක් සමග යෙදෙන්නේ කියලා. ඉස්සරවෙලාම ඒකවචන සහ බහුවචන නාමපද ටිකක් ගමු.
ඒකවචන නාමපද
බහුවචන නාමපද.
01. මනුස්සෝ - මිනිසා.
මනුස්සා - මිනිස්සු.
02. දේවෝ
- දෙවියා. දේවා - දෙවිවරු.
03 . කුමාරෝ - කුමාරයා. කුමාරා - කුමාරවරු.
04. යක්ඛෝ - යක්ෂයා.
යක්ඛා - යක්ෂයෝ.
05. කස්සකෝ - ගොවියා.
කස්සකා - ගොවියෝ.
06. වාණිජෝ - වෙළෙන්දා.
වාණිජා - වෙළෙන්දො.
07. වෙජ්ජෝ - වෙදා
. වෙජ්ජා - වෙද්දු.
08. සූදෝ - අරක්කැමියා.
සූදා - අරක්කැමියෝ.
09. දාසෝ - දාසයා.
දාසා - දාසයෝ.
10. තාපසෝ - තාපසයා.
තාපසා - තාපසයෝ.
11. සමණෝ - ශ්‍රමණයා.
සමණා - ශ්‍රමණයෝ.
12. ලේඛකෝ - ලියන්නා.
ලේඛකා - ලියන්නෝ.
13. චෝරෝ - සොරා.
චෝරා - සොරු.
14. වඤ්චකෝ - වඤ්චාකාරයා. වඤ්චකා - වඤ්චාකාරයෝ.
15. වාචාලෝ - වාචාලයා.
වාචාලා - වාචාලයෝ.
16. මායාකාරෝ - මායාකාරයා.
මායාකාරා - මායාකාරයෝ.
17. ගායකෝ - ගායකයා. ගායකා - ගායකයෝ.
18. වාදකෝ - වාදකයා.
වාදකා - වාදකයෝ
19. නච්චකෝ- නටන්නා.
නච්චකා - නටන්නෝ.
20. කථිකෝ - කථිකයා.
කථිකා - කථිකයෝ
* මේ ක්‍රියාපද ඔක්කෝම ප්‍රථමා විභක්ති පද කියලා මතක තියාගන්න. සාමාන්‍ය
යෙන් උක්තය යොදන්නේ ප්‍රථමා විභක්තියෙන්. සිංහල භාෂාවෙත් මෙහෙමනේ. හැබැයි මේ කර්තෘ කාරක වාක්‍ය වල තමයි මෙහෙම යොදන්නේ. කර්මකාරක වාක්‍යවල නම් උක්තය (subject) එක තතියා විභක්තියෙන් තමයි යොදන්නේ. වැඩිය හිතන්න දෙයක් නෑ ඒ ගැන දැම්මම. ඒවා පස්සේ ඉගෙන ගමු. මෙතන තියෙන්නේ ප්‍රථමා විභක්ති ඒකවචන සහ බහුවචන පද කියලා මතක තියාගත්තම ඇත.
දැන් පුංචි වාක්‍යයක් හදමු මුලින් පාඩමේ වගේ මේ ක්‍රියාපද ටිකක් අරගෙන.
01. මනුස්සෝ තිට්ඨති - මිනිසා සිටියි.
01. මනුස්සා තිට්ඨන්ති - මිනිස්සු සිටිති.
02. දේවෝ නික්ඛමති - දෙවියා නික්මෙයි.
02. දේවා නික්ඛමන්ති - දෙවිවරු නික්මෙති.
03.
කුමාරෝ කීළති - කුමාරයා ක්‍රීඩා කරයි.
03. කුමාරා කීළන්ති - ළමයි ක්‍රීඩා කරති.
04. යක්ඛෝ ඛාදති - යක්ෂයා කයි.
04. යක්ඛා ඛාදන්ති - යක්ෂයෝ කති.
05. කස්සකෝ කසති - ගොවියා සී සාය
ි.
05. කස්සකා කසන්ති - ගොවියෝ සී සාති.
06. වාණිජෝ වික්කිණාති - වෙළෙන්දා විකුණයි.
06. වාණිජා වික්කිණන්ති - වෙළෙන්දෝ විකුණති.
07. වෙජ්ජෝ තිකිච්ඡති - වෙදා වෙදකම් කරයි.
07. වෙජ්ජා තිකිච්ඡන්ති - වෙද්දු වෙදකම් කරති.
08.
සූදෝ පචති - අරක්කැමියා පිසයි.
08. සූදා පචන්ති - අරක්කැමියෝ පිසති.
09. දාසෝ රෝදති - දාසයා අඬයි.
09. දාසා රෝදන්ති - දාසයෝ අඬති.
10. තාපසෝ ඣායති - තාපසයා ධ්‍යාන වඩයි.
10. තාපසා ඣායන්ති. තාපසයෝ ධ්‍යාන වඩති.
11. සමණෝ චින්තේති - ශ්‍රමණයා සිතයි.
11. සමණා චින්තෙන්ති - ශ්‍රමණයෝ සිතති.
12. ලේඛකො ලිඛති - ලියන්නා ලියයි.
12. ලේඛකා ලිඛන්ති - ලියන්නෝ ලියති.
13. චෝරෝ චෝරෙති - සොරා සොරකම් කරයි.
13. චෝරා චෝරෙන්ති - සොරු සොරකම් කරති.
14. වඤ්චකො වඤ්චෙති - වඤ්චාකාරයා වඤ්චා කරයි.
14. වඤ්චකා වඤ්චෙන්ති - වඤ්චාකාරයෝ වඤ්චා කරති.
15. වාචාලෝ භාසති - වාචාලයා කථා කරයි.
15. වාචාලා භාසන්ති - වාචාලයෝ කථා කරති
.
16. මායාකාරෝ මාපෙති - මායාකාරයා මවයි.
16. මායාකාරා මාපෙන්ති - මායාකාරයෝ මවති.
17. ගායකෝ ගායති - ගායකයා ගායනා කරයි.
17. ගායකා ගායන්ති - ගායකයෝ ගායනා කරති.
18. වාදකෝ වාදෙති - වාදකයා වාදනය කරයි.
18. වාද
කා වාදෙන්ති - වාදකයෝ වාදනය කරති
.
19. නච්චකෝ නච්චති - නටන්නා නටයි.
19. නච්චකා නච්චන්ති - නටන්නෝ නටති.
20. කථිකෝ කථෙති - කථිකයා කියයි.
20. කථිකා කථෙන්ති - කථිකයෝ කියති.
* ති, න්ති ක්‍රියාපද වල යෙදී ඇති අයුරු මතක තබා ගන්න.
* ඒකවචන බහුවචන වීමේදී අවසානයට තිබෙන ඔකාරයට ආ කාරය වී ඇති බව දැනගන්න.
* මෙම ක්‍රියාපද පෙර මෙන් වර්තමාන කාලයේදී වරනැඟිය හැකි වේ.
ඒ මෙසේ ය.
පුරුෂ
භේදය ඒකවචන බහුවචන
ප්‍රථම පුරුෂ
(සො) නච්චති (තේ) නච්චන්ති
මධ්‍යම පුරුෂ
(ත්වං) නච්චසි (තුම්හේ) නච්චථ
උත්තම පුරුෂ
(අහං) නච්චාමි (මයං) නච්චාම
යනුවෙනි.
*ක්‍රියාකාරකම්,
01. ඉහත සඳහන් ක්‍රියාපද මතකයේ රැදෙන සේ ශබ්ද නඟා කියවන්න.
02. වෙනත් පොතක හෝ ලියාගෙන නිතර බලන්න.
දෙවන පාඩම අවසානයි.
තෙවන පාඩමට මෙතැනින් යන්න.
Share