Pali Language
Letters - 01
Letters - 02
Letters - 03
Letters - 04
Letters - 05
Letters - 06
Pali sotries with meaning - 01
Pali stories with meaning - 02
Conjugation
Conjugation of Masculine nouns
Conjugation of Feminine nouns
Conjugation of Neuter Nouns
Conjugation of relative pronouns
Conjugation of Numerals
Conjugation of verbs
Verb stems
Conjunctions
Compounds
Lessons
Lesson - 01
Lesson - 02
Lesson - 03
Lesson - 04
Lesson - 05
Lesson - 06
Lesson - 07
Lesson - 08
Lesson - 09
Lesson - 10
Lesson - 11
Lesson - 12
Lesson - 13
Lesson - 14
Lesson - 15
Lesson - 16
PALI UNICODE DICTIONARY
Words
Grade - 07
Pali of dhamma school
Books to study
Spoken Pali - 01
Spoken Pali - 02
Riddle in Pali
File - 01
File - 02
Files-03
File- 4
Mathurata Pannananda himi
Documents can be downloaded
Extra reading
Untitled
Blog
Contact
File - 4
තෙවන පාඩම - 03
අද ඉගෙන ගන්නේ ඉකාරාන්ත ශබ්දයක බහුවචනය සොයාගන්නේ කොහොමද කියලා. ඒකට ඉස්සර වෙලාම ඉකාරාන්ත ශබ්දය කියන්නේ මොකක්ද කියලත් දැනගන්න ඕන. "ඉ" අකුර දන්නවනේ. ඒ "ඉ" අකුරකින් අන්තවන ශබ්ද තියෙනවා. ඒවට කියනවා ඉකාරාන්ත ශබ්ද කියලා. උදාහරණ ටිකක් ගත්තම තේරෙනවා.
01. මුනි - මුනිවරය.
02. අරි - සතුරා. 03. ඉසි - ඍෂිවරයා.
04. කපි - වඳුරා. 05. කවි - පණ්ඩිතයා. 06. ගහපති - ගෘහපතියා.
07. අතිථි - ආගන්තුකයා 08. භූපති - රජතුමා 09. අධිපති - අධිපතියා.
10. පති - ස්වාමියා. 11. දීපි - දිවියා 12. ඤාති - නෑයා.
මේ සියලුම ශබ්ද දිහා බලන කොට තේරෙනවා පදයේ අවසාන ව්‍යඤ්ජන අකුර ඇතුළේ තියෙන්නේ "ඉ" කාරය කියලා.(
මුනි - නි කාරය එක අකුරක් නෙවෙයි. අකුරු දෙකක්. න්+ඉ = නි
) එන්න ඒවට තමයි කියන්නේ ඉකාරාන්ත ශබ්ද කියලා. දැන් පැහැදිලියි ඉකාරාන්ත ශබ්ද කියන්නේ මොනවද කියලා. මම අද කියලා දෙන්නේ මේ ශබ්දවල ප්‍රථමා විභක්ති ඒකවචනය සහ බහුවචනය ගැන. මොකද අපිට පුංචි වාක්‍යයක් හදාගන්න කොට ඒක වැදගත් වෙනවා.
* මුලින් පාඩමේදී බුද්ධ ශබ්දය ප්‍රථමා විභක්තිවල වරනැඟුනේ
"බුද්ධෝ - බුද්ධා", "දේවෝ - දේවා", "යක්ඛෝ - යක්ඛා"
කියලා. ඒකව තමයි අපි වර්තමාන ක්‍රියාපදයක් එකතු කළේ. ඒ අකාරාන්ත ශබ්දනේ. මේවා ඉකාරාන්ත ශබ්ද. ඉකාරාන්ත වුනාම වරනැඟෙන විදිහ පොඩ්ඩක් වෙනස් උදාහරණ වලින් ඒක තේරුම් ගන්න පුළුවන්.
මේ ශබ්ද වරනැඟෙන්නේ "අග්ගි" ශබ්දය වගේ කියලා මතක තියාගන්න. ඒක කට පාඩම් නම් ඒ අච්චුවට මේ ටික දාන්න විතරයි තියෙන්නේ. අග්ගි ශබ්දය වරනැඟෙන්නේ
"අග්ගි, (singular) - අග්ගී, අග්ගයෝ - (Plural)"
කියලා. මේ පහත ටිකත් එහෙමද වරනැඟලා ද තියෙන්නේ කියලා බලන්න.
වරනැඟෙන ආකාරය
උ
දාහරණ -
ඒකවචන
බහුවචන
01. මුනි
- මුනිවරයා
මුනී, මුනයෝ
- මුනිවරු
02. අරි
- සතුරා
අරී, අරයෝ
- සතුරෝ
03. ඉසි
- ඍෂිවරයා
ඉසී, ඉසයෝ
- ඍෂිවරු
04. කපි
- වඳුරා
කපී, කපයෝ
- වඳුරෝ
05. කවි
- පණ්ඩිතයා
කවී, කවයෝ
- පණ්ඩිතයෝ
06. ගහපති
- ගෘහපතියා
ගහපතී, ගහපතයෝ
- ගෘහපතියෝ
07. අතිථි
- ආගන්තුකයා
අතිථී, අතිථයෝ
- ආගන්තුකයෝ
08. භූපති
- රජතුමා
භූපතී, භූපතයෝ
- රජවරු.
09. අධිපති
- අධිපතියා
අධිපතී, අධිපතයෝ
- අධිපතිවරු
10 . පති
- ස්වාමියා
පතී, පතයෝ
- ස්වාමියෝ
11. දීපි
- දිවියා
දීපී, දීපයෝ
- දිවියෝ
12. ඤාති
- ඥාතියා
ඤාතී, ඤාතයෝ
- ඥාතීහු
* සාමාන්‍යයෙන් පාලියෙහි හල් අකුරු නොලියන බවද මතක තබා ගන්න. මෙහි හල් කොට ඇත්තේ ආධුනිකයන්ගේ අවබෝධය පිණිසයි. ඉසයෝ කියා අවසානයේ
"යෝ"
හල් කොට ඇත. එය ලිවීමේදී
ඉසයො, කපයො, ගහපතයො, භූපතයො, පතයො, දීපයො, ඤාතයො
යනුවෙන් සාමාන්‍ය රීතියේදී ලියනු ලැබේ.
වාක්‍ය සාදමු.
01.
මුනි
භාසති.
- මුනිවරයා කියයි.
01.
මුනයෝ
භාසන්ති.
- මුනිවරු
කියති.
02.
අරි
පහරති. - සතුරා පහර දෙයි.
02.
අරයෝ
පහරන්ති .
- සතුරෝ පහරදෙත්.
03.
ඉසි
මන්තෙති.
- ඍෂිවරයා කථා කරයි.
03.
ඉසයෝ
මන්තෙන්ති.
- ඍෂිවරු කථා කරති.
04.
කපි
තිට්ඨති.
- වඳුරා සිටියි.
04.
කපයෝ
තිට්ඨන්ති.
- වඳුරෝ සිටිති.
05.
කවි
හසති.
- පණ්ඩිතයා සිනාසෙයි.
05.
කවයෝ
හසන්ති.
- පණ්ඩිතයෝ සිනාසෙති.
06.
ගහපති
ඕලෝකේති.
- ගෘහපතියා බලයි.
06.
ගහපතයෝ
ඕලෝකේති
. - ගෘහපතියෝ බලති.
07.
අතිථි
ආ
ගච්ඡති. - ආගන්තුකයා එයි.
07.
අතිථයෝ
ආගච්ඡන්ති. - ආගන්තුකයෝ එති.
08.
භූපති
පාලෙති. - රජතුමා පාලනය කරයි.
08.
භූපතයෝ
පාලෙන්ති.
- රජවරු පාලනය කරති.
09.
අධිපති
පාපුණාති.
- අධිපතියා පැමිණෙයි.
09.
අධිපතයෝ
පාපුණන්ති.
- අධිපතියෝ පැමිණෙති.
10.
පති
සයති.
- ස්වාමියා නිදාගනියි.
10.
පතයෝ
සයන්ති.
- ස්වාමියෝ නිදාගනිති.
11.
දීපි
මාරෙති.
- දිවියා මරයි.
11.
දීපයෝ
මාරෙන්ති.
- දිවියෝ මරති.
12.
ඤාති
නික්ඛමති.
- ඥාතියා නික්මෙයි.
12.
ඤාතයෝ
නික්ඛමන්ති.
- ඥාතීහු නික්මෙති.
* බහුවචනයෙහි වචන දෙකක් තිබෙන නිසා ඕනෑම එකක් දමා සෑදිය හැකිය. නමුත් වඩාත් ගැළපෙන්නේ ඉහත ක්‍රමයයි. ඉහත වාක්‍යවල බහුවචනය පැහැදිලි ව පෙනෙයි. පහත සදහන් වාක්‍ය දෙසත් බලන්න. ඒවායෙහි වෙනස හඳුනා ගැනීමේදී ඒකවචනයෙහි අන්තයේ වන
"ඉ"
කාරය බහුවචනයේදී
"ඊ"
කාරය බව
ට පත්වී ඇත්දැයි බැලිය යුතුය.
එයට හේතුව නම් ප්‍රථමා විභක්තියෙහි
වචන දෙකක්
තිබෙන නිසාවෙනි.
01. මුනි භාසති - මුනිවරයා කියයි.
01.
මුනී
භාසන්ති - මුනිවරු කියති.
02. අරි පහරති - සතුරා පහර දෙයි.
02.
අරී
පහරන්ති - සතුරෝ පහර දෙති.
03. ඉසි මන්තේති - ඍෂිවරයා කථා කරයි.
03.
ඉසී
මන්තෙන්ති - ඍෂිවරු කථා කරති.
04. කපි තිට්ඨති - වඳුරා සිටියි.
04.
කපී
තිට්ඨන්ති - වඳුරෝ සිටිති.
05. කවි හසති - පණ්ඩිතයා සිනාසෙයි.
05.
කවී
හසන්ති - පණ්ඩිතයෝ සිනාසෙති.
* ඉහත අයුරින් අනික් වැකි ද සදා ගත හැකියි.
තෙවන පාඩම අවසානයි.
හතරවන පාඩමට මෙතැනින් යන්න.
Share