Pali Language
Letters - 01
Letters - 02
Letters - 03
Letters - 04
Letters - 05
Letters - 06
Pali sotries with meaning - 01
Pali stories with meaning - 02
Conjugation
Conjugation of Masculine nouns
Conjugation of Feminine nouns
Conjugation of Neuter Nouns
Conjugation of relative pronouns
Conjugation of Numerals
Conjugation of verbs
Verb stems
Conjunctions
Compounds
Lessons
Lesson - 01
Lesson - 02
Lesson - 03
Lesson - 04
Lesson - 05
Lesson - 06
Lesson - 07
Lesson - 08
Lesson - 09
Lesson - 10
Lesson - 11
Lesson - 12
Lesson - 13
Lesson - 14
Lesson - 15
Lesson - 16
PALI UNICODE DICTIONARY
Words
Grade - 07
Pali of dhamma school
Books to study
Spoken Pali - 01
Spoken Pali - 02
Riddle in Pali
File - 01
File - 02
Files-03
File- 4
Mathurata Pannananda himi
Documents can be downloaded
Extra reading
Untitled
Blog
Contact
File - 4
හතර වන පාඩම - 04
අද කියල දෙන්නේ අලුත් පාඩමක්. ඒක තමයි
"අනාගත කාල"
ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද කියන එක. දැන් අපි ගොඩාක් ක්‍රියාපද දන්නවනේ. ඒක නිසා ටිකක් පහසුයි. ඉස්සරවෙලා පාඩමේ හැටියට වර්තමාන කාල ක්‍රියා පදයක් හදාගන්න භාවිත කළේ
"ති, න්ති, සි, ථ, මි, ම"
කියන ප්‍රත්‍ය ටිකනේ. ඒවගේම තමයි අනාගත කාලයටත් ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒවා තමයි. මේ,
පුරුෂ
ඒකවචන බහුවචන
ප්‍රථම පුරුෂ -
ස්සති ස්සන්ති
මධ්‍යම පුරුෂ -
ස්සසි ස්සථ
උත්තම පුරුෂ
- ස්සාමි ස්සාම
අපි දැන් ක්‍රියා පදයක් ගමු.
"පචති"
කියන එක ගමු.
"පචති"
කියන්නේ
"පිසයි"
කියන එකනේ. හැබැයි ඒක වර්තමාන කාලනේ. මේක කොහොමද අනාගත කරගන්නේ? ඒක අනාගත කරගත්තම පේන්නේ මේ විදිහට -
"පචිස්සති"
කියලා.
"පචති"
කියන එකේ
"පචි"
කියලා නම් තිබ්බේ නෑ නේද. ඒත් මේකෙ තියෙනවා. හොදට බලන්න.
"පචති"
කියන එකේ ධාතුව තමයි
"පච"
කියල කියන්නේ. අපි කියන පච නම් නෙවෙයි මේ. සිංහලයේත් ධාතු තියෙනවනේ.
"බලයි"
කියපුම ඒකේ ධාතුව තමයි
"බල"
කියන්නේ. ඒ
"බල"
ධාතුවට තමයි
"යි"
කියන වර්තමාන ප්‍රත්‍ය එකතු වෙන්නේ එතකොට
"බල+යි = බලයි."
මෙන්න මේ විදිහට පාලියෙත් ධාතු සහ ප්‍රත්‍ය එකතු වෙලා තමයි ක්‍රියාපදයක් හැදෙන්නේ. හැබැයි කොහොමද
"පච"
ධාතුවේ අගට
"ඉ"
අකුරක් එක් වුනේ. අන්න ඒක තමයි මේ අනාගත ක්‍රියාපදවල තියෙන පුංචි වෙනස.
"ඉ"
කියන අකුර හෝ වෙනත් අකුරක් අලුතෙන් එනවනම් කියන්නේ
"ආගම"
වෙනවා කියලා. ඒක හරියට මිත්‍රයෙක් වගේ කියල තමයි සංස්කෘතයේ නම් කියන්නේ (මිත්‍රවදාගම:). ඒකෙන් අනික් අකුරුවලට හානියක් නෑ. ඒකයි මිත්‍රයෙක් වගේ කියලා කිව්වේ. හතුරෙක් ආවොත් ඉතින් මොකද වෙන්නේ කියල දන්නවනේ. විනාශයි ඔක්කෝම. මේ පාලි නිසා පොඩි වෙනසක් වෙනවා. ඒක ගනන් ගන්න එපා. මෙන්න මෙහෙමයි ක්‍රියාපද හැදෙන්නේ. වැඩිය දෙයක් නෑ.
පච+ඉ+ස්සති
= පචිස්සති
කියන උදාහරණය ගත්තම පේනවා
"පච"
ධාතුවටත් අනාගත කාල ප්‍රත්‍යයන්ටත් අතරට
"ඉ"
යන්නක් ඇවිල්ලා කියලා. ඉතින්
"පච"
ධාතුවේ අග තියෙන
"ච"
අකුරේ ඇතුළෙ තියෙන
"අ"
යන්න නම් ඉවත් වෙනවා. ඒ කියන්නේ අයන්න ඉවත්වෙලා යනවා. නැතිනම්
"ඉ"
අකුර
"ච"
අකුරට එකතු කරන්න බෑනේ. ඒකට කියන්නේ
"අ"
අකුර ලොප් කරනවා කියලා. මෙන්න මෙහෙම තමයි ඒක වෙන්නේ.
පච+ඉ+ස්සති
(ධාතුවටත් ප්‍රත්‍යටත් අතරට ඉ කාරයක් එකතු වෙනවා.)
පච්+අ+ඉ+ස්සති
(මුලින් තියෙන පච ධාතුවේ ච යන්නෙ තියෙන අ අකුර වෙන් කරනවා)
පච්+ඉ+ස්සති
( මෙතන ඒ අයන්න ලොප් කරල තියෙන්නේ.)
පචිස්සති
(මෙතන ච්+ඉ එකතුවෙලා චි වෙලා තියෙන්නේ.)
මතක තියාගන්න තියෙන්නේ
"ඉ"
අකුර ආවම ධාතුවේ අග තියෙන අකුර ලොප් වෙලා ඒකත් එක්ක අලුතෙන් ආපු අකුර එකතු වෙනවා කියල විතරයි. නැත්තම් මෙහෙම මතක තියාගන්නකෝ මුලින් කියපු
"ති, න්ති, සි, ථ, මි, ම"
කියන අකුරු යෙදුවම ධාතුවටත්
"ති, න්ති, සි, ථ, මි, ම"
කියන ප්‍රත්‍යවලටත් අතර
"ඉස්ස"
එකතු වෙනවා කියලා. ඒත් මෙතන මෙහෙම ඉගෙන ගමු. බලන්නකෝ මේ උදාහරණ ටිකත්
ගච්ඡ + ඉ + ස්සති
= ගච්ඡිස්සති
- යන්නේ ය.
ගච්ඡ + ඉ + ස්සන්ති
= ගච්ඡිස්සන්ති - යන්නෝ ය.
ගච්ඡ + ඉ + ස්සසි
= ගච්ඡිස්සසි - යන්නෙහි.
ගච්ඡ + ඉ + ස්සථ
= ගච්ඡිස්සථ - යන්නෙහු.
ගච්ඡ + ඉ + ස්සාමි
= ගච්ඡිස්සාමි - යන්නෙමි.
ගච්ඡ + ඉ + ස්සාම
= ගච්ඡිස්සාම - යන්නෙමු.
ලිඛ + ඉ +
ස්සති = ලිඛිස්සති - ලියන්නේ ය.
ලිඛ + ඉ + ස්සන්ති
= ලිඛිස්සන්ති - ලියන්නෝ ය.
ලිඛ + ඉ + ස්සසි
= ලිඛිස්සසි - ලියන්නෙහි.
ලිඛ + ඉ + ස්සථ
= ලිඛිස්සථ - ලියන්නෙහු.
ලිඛ + ඉ + ස්සාමි
= ලිඛිස්සාමි - ලියන්නෙමි.
ලිඛ + ඉ + ස්සාම
= ලිඛිස්සාම - ලියනනෙමු.
* වර්තමාන කාලයේ නම් ලිඛාමි කියන කොට ධාතුවේ අග අකුර දීර්ඝ කලා. මතකයිනෙ. ඒත් ඉතින් මේ ප්‍රත්‍යවල
"ස්සාමි, ස්සාම"
කියල දීර්ඝවෙලාම
"සා"
යන්නෙ
"ආ"
යන්න තියෙන නිසා අලුතෙන් දීර්ඝ කරන්න දේකුත් නෑ. හැබැයි
"ඉ"
යන්න එකතු කරන්න වෙනවා.
අපි තව ක්‍රියාපද ටිකක් අරගෙන බලමු.
භව + ඉ + ස්සති
= භවිස්සති - වන්නේ ය.
භව + ඉ + ස්සන්ති = භවිස්සන
්ති - වන්නෝ ය.
භව + ඉ + ස්සසි
= භවිස්සසි - වන්නෙහි.
භව + ඉ + ස්සසි
= භවිස්සථ - වන්නෙහු.
භව + ඉ + ස්සාමි
= භවිස්සාමි - වන්නෙමි.
භව + ඉ + ස්සාම
= භවිස්සාම - වන්නෙමු.
දැන් ක්‍රියාපද ටිකක් පැත්තකට අරගෙන ක්‍රියාපදය වරනැඟිලා තියෙන විදිහ බලමු පුරුෂ තුනේම ඒකවචන බහුවචන විදිහට.
පුරුෂ
ඒකවචන බහුවචන
ප්‍රථම පුරුෂ
පස්සිස්සති පස්සිස්සන්ති
මධ්‍යම පුරුෂ
පස්සිස්සසි පස්සිස්සථ
උත්තම පුරුෂ
පස්සිස්සාමි පස්සිස්සාම
සිංහල තේරුම -
පුරුෂ
ඒකවචන බහුවචන
ප්‍ර
ථම පුරුෂ
බලන්නේ ය බලන්නෝ ය
මධ්‍යම පුරුෂ
බලන්නෙහි බලන්නෙහු
උත්තම පුරුෂ
බලන්නෙමි බලන්නෙමු
දැන් පැහැදිලියි නේද? ඒ කියන්නේ ධාතුවටත් ප්‍රත්‍යටත් අතර
"ඉ"
අකුරක් එකතු කරලා අනාගත කාලයේ ප්‍රත්‍ය හදාගන්නවා. දැනට මෙහෙම දැනගන්න. ඒ ඇති.
"පස්ස"
කියලා ධාතුවක් ඇත්තටම නෑ. ඒත් ඉතින් ඒවා ටිකක් ගැඹුරුයි නේ. ඒක නිසා ඒවා පස්සේ කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න
"පස්ස"
කියන එකේ ධාතුව තමයි
"දිස"
කියලා කියන්නේ කියලා.
"දිස"
කියන එකට
"පස්ස"
කියන ආදේශය වෙනවා.ඊට පස්සෙ තමයි. මේ විදිහට ක්‍රියාපදේ හැදෙන්නේ.
"ගච්ඡ"
කියල ධාතුවකුත් නෑ. ඒත් මතක තියා ගන්න
"ගච්ඡ"
කියන එකේ ධාතුව
"ගමු"
කියලා. වැඩිය හිතන්න එපා. ඔක්කෝටම එහෙම වෙන්නෙත් නෑ.
"පච"
කියන එකේ ධාතුව ඒකම තමයි. වෙනසක් නෑ. හැබැයි ධාතු ටිකකට ඔය කිව්ව වගේ වෙනස් වීම් වෙනවා. ක්‍රියාපදය දැක්කම මේ අනාගත එකක් කියලා තේරුනාම ඇති දැනට.
දැන් ක්‍රියා පද ටිකක් එක්ක පුංචි වාක්‍ය හදමු.
ලිඛති - ලියයි (වර්තමාන කාල)
සෝ ලිඛිස්සති - ඔහු ලියන්නේ ය.
තේ
ලිඛිස්සන්ති - ඔවූහු ලියන්නෝ ය.
ත්වං ලිඛිස්සසි
- නුඹ ලියහි.
තුම්හේ ලිඛිස්සථ
- නුඹලා ලියහු.
අහං ලිඛිස්සාමි
- මම ලියන්නෙමි.
මයං ලිඛිස්සාම
- අපි ලියන්නෙමු.
පඨති - පාඩම් කරයි
. (වර්තමාන කාල)
සෝ පඨිස්සති - ඔහු පාඩම් කරන්නේ ය.
තේ පඨිස්සන්ත
ි - ඔවූහු පාඩම් කරන්නෝ ය.
ත්වං පඨිස්සසි
- නුඹ පාඩම් කරන්නෙහි.
තුම්හෙ පඨිස්සථ
- නුඹලා පාඩම් කරන්නෙහු.
අහං පඨිස්සාමි
- මම පාඩම් කරන්නෙමි.
මයං පඨිස්සාම
- අපි පාඩම් කරන්නෙමු.
ආරුහති - නගියි. (වර්තමාන කාල)
සෝ
ආරුහිස්සති - ඔහු නගින්නේ ය.
තේ ආරුහිස්සන්ති
- ඔවූහු නගින්නෝ ය.
ත්වං ආරුහිස්සසි
- නුඹ නගින්නෙහි.
තුම්හෙ ආරුහිස්සථ
-
නුඹලා නගිහු.
අහං ආරුහිස්සාමි
- මම නගින්නෙමි.
මයං ආරුහිස්සාම
- අපි නගින්නමු.
භවති - වෙයි. (වර්තමාන කාල)
සෝ භවිස්සති
- ඔහු වන්නේ ය.
තේ භවිස්සන්ති
- ඔවූහු වන්නෝ ය.
ත්වං භවිස්සසි
- නුඹ වන්නෙහි.
තුම්හේ භවිස්සථ
- නුඹලා වෙහු.
අහං භවිස්සාමි
- මම වන්නෙමි.
මයං භවිස්සාම
- අපි වන්නෙමු.
ජානාති - දනියි. (වර්තමාන කාල)
සෝ ජානිස්සති
- ඔහු දැනගන්නේ ය.
තේ ජානිස්සන්ති
- ඔවූහු දැනගන්නෝ ය.
ත්වං ජා
නිස්සසි - නුඹ දැනගන්නෙහි.
තුම්හේ
ජනිස්සථ - නුඹලා දැනගන්නෙහු.
අහං ජානිස්සාමි
- මම දැනගන්නෙමි.
මයං ජානිස්සාම - අපි දැනගන්නෙමු.
* සමානව වරනැඟෙන ක්‍රියාපද කිහිපයක්.
වර්තමාන අනාගත
01. වසති
- වසයි වසිස්සති
- වසන්නේ ය.
02. ලභති
- ලබයි ලභිස්සති
- ලබන්නේ ය.
03. භායති - බියවෙයි
භායිස්සති
- බිය වන්නේ ය.
04. දදාති - දෙයි
දදිස්සති - දෙන්නේ ය.
05. කරෝ
ති - කරයි
කරිස්සති - කරන්නේ ය.
06. ජීවති - ජීවත්වෙයි
ජීවිස්සති - ජීවත් වන්නේ ය.
07. හරති
- ගෙනයයි හරිස්සති - ගෙන යන්නේ ය.
08. ඡින්දති - සිඳියි ඡින්දිස්සති - සිඳින්නේ ය.
09. චරති - හැසිරෙයි
චරිස්සති - හැසිරෙන්නේ ය.
10. වන්දති - වඳියි
වන්දිස්සති - වඳින්නේ ය.
* මෙම ක්‍රමයෙන් තරමක් වෙනස් වී වරනැඟෙන ක්‍රියාපදත් තියෙනවා. ඒව ඉංග්‍රීසි භාෂාවේ Irregular verbs වගේ. හැබැයි වැඩි පුරම තියෙන්නේ මේවගේ ක්‍රියාපද. ක්‍රියාපදය දැක්ක ගමන් අවසානයට ස්ස තියෙන නිසා අනාගත කියලා ඒවත් තේරුම් ගන්න පුළුවන්.
සතර වන පාඩම අවසානයි.
පස්වන පාඩමට මෙතැනින් යන්න.
Share