Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

එකොළොස් වන පාඩම - 11

        අදත් පාඩමක් පාලි සහ සිංහලෙන් ඉගෙන ගනිමු. පාලි පාඨමඤ්ජරී පොතේ එකොළොස් වන පාඩම පහතින් දක්වා ඇත. මෙම සරල පාඩම් කියැවීමේදී අලුත් වචන එකතු කර ගැනීමට හැකියාව ලැබේ. එසේ ම ඒවායෙහි අර්ථය ද ක්‍රමයෙන් අවබෝධ වන කල්හී සරල වාක්‍ය රටා පවා හඳුනා ගත හැකි වේ.

        අතීතෙ ජම්බුදීපෙ අමරවතී නාම නගරං අහොසි. තත්ථ සුමෙධො නාම එකො බ්‍රාහ්මණ-කුමාරො විහරති. සුමෙධො කස්ස පුත්තො හොති? සො ආනන්දස්ස නාම බ්‍රාහ්මණස්ස පුත්තො. තස්මා ආනන්දො සුමෙධස්ස පිතා හොති. කා තස්සා මාතා? වසී නාම බ්‍රාහ්මණී තස්ස මාතා හොති. තස්මා සුමෙධා වසියා බ්‍රාහ්මණියා පුත්තො.

        සො බ්‍රාහ්මණ-කුමාරො ආචරියස්ස සන්තිකං ගන්ත්වා සිප්පං උග්ගණ්හි. සො උග්ගහණෙ දක්ඛො අහොසි. තස්මා න චිරෙන එව සබ්බං සිප්පං උග්ගණ්හිත්වා සමත්ථො අහොසි.

තේරුම -

    අතීතෙ - අතීතයේ, ජම්බුදීපෙ - දඹදිව, අමරවතී නාම, අමරවතී නම්, නගරං - නගරයක්, අහොසි - විය. තත්ථ - එහි, සුමෙධො නාම, සුමෙධ නම්, එකො - එක්, බ්‍රාහ්මණ-කුමාරො - බ්‍රාහ්මණ කුමාරයෙක්, විහරති - වාසය කරයි. සුමෙධො - සුමෙධ, කස්ස - කාගේ, පුත්තො - පුත්‍රයාද? සො - ඔහු, ආනන්දස්ස නාම - ආනන්ද නම්, බ්‍රාහ්මණස්ස - බමුණාගේ, පුත්තො - පුත්‍රයා ය. තස්මා - එහෙයින්, ආනන්දො - ආනන්ද, සුමෙධස්ස - සුමෙධගේ, පිතා - පියා, හොති - වෙයි. කා - කවුරුද, තස්ස - ඔහුගේ, මාතා - මව? වසී නාම - වසී නම්, බ්‍රාහ්මණී - බැමිණිය, තස්ස - ඔහුගේ, මාතා - මව, හොති - වෙයි. තස්මා - එහෙයින්, සුමෙධො - සුමෙධ, වසියා බ්‍රාහ්මණියා - වසී බැමිණියගේ, පුත්තො - පුත්‍රයා ය.
   

    සො - ඒ, බ්‍රාහ්මණ-කුමාරො - ඒ බමුණු කුමාරයා, ආචරියස්ස - ගුරුවරයාගේ, සන්තිකං - සමීපයට, ගන්ත්වා - ගොස්, සිප්පං - ශිල්පය, උග්ගණ්හි - ඉගෙන ගත්තේ ය. සො - ඔහු, උග්ගහණෙ - ඉගෙනීමෙහි, දක්ඛො - දක්ෂයෙක්, අහොසි - විය. තස්මා - එහෙයින්, න චිරෙන එව - නොබෝ කලකින්ම, සබ්බං - සියලු, සිප්පං - ශිල්ප, උග්ගණ්හිත්වා - ඉගෙන ගෙන, සමත්ථො - සමර්ථයෙක්, අහොසි - විය.

ව්‍යාකරණ
"අමරවතී නාම, සුමෙධො නාම, ආනන්දස්ස නාම" යනුවෙන් යෙදී ඇත්තේ එම නාමයෙන් යන්න පැවසීම සඳහා ය. "අමරවතී නම්, සුමේධ නම්, ආනන්ද නම්" යනුවෙන් මේවායෙහි අර්ථය ගත යුතු වේ. "ආනන්දස්ස නාම" යනුවෙන් යෙදී ඇත්තේ ඊළගට එන "බ්‍රාහ්මණස්ස" යන පදය හා සම්බන්ධ වන හෙයිනි. "ආනන්දස්ස නාම බ්‍රාහ්මණස්ස" යනුවෙන් යෙදී ඇත. මෙහි "ආනන්දස්ස" යනු ඡට්ඨී විභක්ති පදයකි. ඡට්ඨී විභක්තියෙන් අයිතිය හැඟ වේ. නැතහොත් අයිතිකරු දැක්වේ. "ආනන්දස්ස නාම" "බ්‍රාහ්මණස්ස පුත්තො" යනුවෙන් යෙදී ඇති හෙයින් "ආනන්ද නම් බමුණාගේ පුතා" යනුවෙන් අර්ථය ගත යුතු වේ.

"වසියා බ්‍රාහ්මණියා" යනුවෙන් යෙදී ඇත්තේ "වසී බැමිණියගේ" යන අර්ථයෙනි. ඉහතින් දැක්වූ පරිදි මෙය ද ඡට්ඨී විභක්තියෙන් යෙදී ඇත. "වසී" යනු ද ස්ත්‍රී ලිඞ්ගික ය. එසේම "බ්‍රාහ්මණී" ශබ්දය ද ස්ත්‍රී ලිඞ්ගික ය. එබැවින් ඡට්ඨී විභක්ති ඒකවචනයෙහි මෙම පද වරනැඟෙන්නේ වසියා යනුවෙනි. එසේම බ්‍රාහ්මණී ශබ්දයේ ඡට්ඨී විභක්ති ඒකවචන පදය වරනැඟෙන්නේ බ්‍රාහ්මණියා යනුවෙනි. එබැවින් එලෙස වසියා බ්‍රාහ්මණියා යනුවෙන් යෙදී ඇත.


නාම පද
අමරවතී  -අමරවතී
සුමෙධො - සුමෙධ
ආනන්දො - ආනන්ද
බ්‍රාහ්මණො - බමුණා
බ්‍රාහ්මණී - බැමිණී
දක්ඛො - දක්ෂයා
සමත්ථො - සමර්ථයා
වසී
- වසී
පුත්තො - පුතා
මාතා - මව


ක්‍රියාපද
අහොසි - විය
විහරති - වාසය කරයි
හොති - වෙයි
උග්ගණ්හි - ඉගෙන ගත්තේ ය

පූර්වක්‍රියා පද
ගන්ත්වා - ගොස්
උග්ගණ්හිත්වා - ඉගෙන ගෙන


                                                         එකොළොස්වන පාඩම අවසානයි.

Picture
දොළොස්වන පාඩමට මෙතැනින් යන්න.
Powered by Create your own unique website with customizable templates.