Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture

දොළොස්වන පාඩම - 12

පහත සඳහන් පාඩම කියවන්න. එහි ඇති අමාරු පද පසුව එකිනෙක විමසන්න. එවිට ඔබට පූර්ව ක්‍රියා පද, අවසාන ක්‍රියා පද, නාමපද, පිළිබඳ යම්දුරකට අවබෝධයක් ඇති වේවි.

සො සුමෙධ-පණ්ඩිතො සබ්බ-සිප්පෙසු නිප්ඵත්තිං පත්වා විහරති. තස්ස තරුණ-කාලෙ එව මාතාපිතරො කාලං අකංසු. අථ සො මාතාපිතුන්නං ධනස්ස සාමිකො අහොසි. එකදිවසං සුමෙධ පණ්ඩිතො නහායිත්වා ආගන්ත්වා ආසනෙ නිසීදි. අථ තස්ස ආයකම්මිකො සමීපෙ ඨත්වා තස්ස හත්ථෙ ආය-පොත්ථකං දත්වා එවං කථෙසි - සාමි, තුම්හාකං මාතු සන්තකං බහුං ධනං අත්ථි, පිතු සන්තකං ච බහුං ධනං අත්ථි. තෙසු ධනෙසු සුවණ්ණ - රජත - ආදීනං ගණනා අපි නත්ථි. තං සබ්බං තුම්හාකං එව භාරො. තස්මා තං ධනං පටිපජ්ජාහි ඉති.
අථ සුමෙධො එවං චින්තෙසි - මය්හං මාතාපිතරො කාලං අකංසු. තෙ එතෙසු ධනෙසු එකං අපි කහාපණං ගහෙත්වා පරලොකං න අගමංසු. අහං පන සබ්බං ගහෙත්වා පරලොකං ගච්ඡාමි ඉති සො එවං චින්තෙත්වා කිං අකාසි? සො නගරෙ භෙරිං චරාපෙත්වා මහාජනස්ස දානං අදාසි.


සො - ඒ, සුමෙධ-පණ්ඩිතො - සුමෙධ පණ්ඩිතයා, සබ්බ-සිප්පෙසු - සියලු ශිල්පයන්හි, නිප්ඵත්තිං - කෙළවරට, පත්වා - පැමිණ, විහරති - වාසය කරයි. තස්ස - ඔහුගේ, තරුණ-කාලෙ එව - තරුණ කාලයේ ම, මාතාපිතරො - මව්පියෝ, කාලං අකංසු - කලුරිය කළාහු ය. අථ - ඉක්බිති, සො - හෙතෙම, මාතාපිතුන්නං - මව්පියන්ගේ, ධනස්ස - ධනයට, සාමිකො - හිමිකාරයා, අහොසි - විය. එකදිවසං - එක්දවසක්, සුමෙධ පණ්ඩිතො - සුමෙධපණ්ඩිතයා, නහායිත්වා - නා, ආගන්ත්වා - අවුත්, ආසනෙ - අසුනෙහි, නිසීදි - හුන්නේ ය. අථ - ඉක්බිති, තස්ස - ඔහුගේ, ආයකම්මිකො - අයකැමියා, සමීපෙ ඨත්වා - සමීපයෙහි සිට, තස්ස - ඔහුගේ, හත්ථෙ - අතෙහි, ආය-පොත්ථකං - අයපොත, දත්වා - දී (තබා), එවං - මෙසේ, කථෙසි - කීවේ ය. සාමි - ස්වාමීනී, තුම්හාකං - ඔබගේ, මාතු සන්තකං - මව් සන්තක, බහුං ධනං - බොහෝ ධනය,
අත්ථි - ඇත, පිතු සන්තකං ච - පියා සතු ද, බහුං ධනං - බොහෝ ධනය, අත්ථි - ඇත. තෙසු ධනෙසු - ඒ ධනයන්හි, සුවණ්ණ - රත්තරං, රජත -රිදී, ආදීනං - ආදීන්ගේ, ගණනා අපි - ප්‍රමාණයක් ද, නත්ථි - නැත. තං සබ්බං - ඒ සියල්ල, තුම්හාකං එව - නුඹට ම, භාරො - භාරය. තස්මා - එනිසා, තං - ඒ,  ධනං - ධනය, පටිපජ්ජාහි - පිළිගන්න, ඉති - යැයි.
අථ - ඉක්බිති, සුමෙධො  - සුමෙධ, එවං - මෙසේ, චින්තෙසි - සිතුවේ ය. මය්හං - මගේ, මාතාපිතරො - මව්පියෝ, කාලං අකංසු - කලුරිය කළාහු ය. තෙ - ඔවුහු, එතෙසු ධනෙසු - මේ ධනයන් අතුරෙන්, එකං අපි - එකදු, කහාපණං - කහවණුවක්, ගහෙත්වා - ගෙන, පරලොකං - පරලොවට, න අගමංසු - නො ගියාහු ය. අහං - මම, පන - වනාහී, සබ්බං - සියල්ල, ගහෙත්වා - ගෙන, පරලොකං - පරලොවට, ගච්ඡාමි - යමි, ඉති - යැයි, සො - හෙතෙම, එවං - මෙසේ, චින්තෙත්වා - සිතා, කිං - කුමක්, අකාසි - කළේ ද? සො - හෙතෙම, නගරෙ - නගරයෙහි, භෙරිං - භෙර, චරාපෙත්වා - හසුරුවා, මහාජනස්ස - මහාජනයාට, දානං - දානයක්, අදාසි - දුන්නේ ය.


ව්‍යාකරණ
සො

මෙම පදයෙහි හෙතෙම යන අර්ථය බහුල වශයෙන් ගත හැකි අතර නාමපදයකට මුලින් යෙදී තිබුණහොත් ඒ යන අර්ථය ගත යුතු වේ. උදාහරණ ලෙස සො බාලකො, සො කුමාරො, සො දෙවො, සො තාපසො, සො මනුස්සො, සො පුරිසො, සො සිස්සො, සො ආචරියො, සො සුනඛො යනාදියයි. මෙහිදී ඔහු ළමයා ලෙස අර්ථ ගැනීම වැරදි ය. එම අවස්ථාවේදී ඒ කුමාරයා, ඒ දෙවියා, ඒ තාපසයා, ඒ මනුෂ්‍යයා, ඒ පුරුෂයා, ඒ ශිෂ්‍යයා, ඒ ආචාර්යවරයා, ඒ බල්ලා යනුවෙන් අර්ථ ගත යුතු වේ.

නිපාත
මෙහි එන අථ - ඉක්බිති, එවං - මෙසේ, අපි - ද, පන - වනාහී යනාදී පද වරනොනැඟෙන හෙයිනුත් ඒවා වාක්‍යයක මුල - මැද -අග යෙදෙන හෙයිනුත් අව්‍ය ගණයෙහිලා සැලකෙන අතර නිපාත නාමය ලබයි. පාලි භාෂාවේ බොහෝ දුරට නිපාත යෙදී ඇත. ඒවා පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත් වේ.


පූර්ව ක්‍රියා
පූර්වයෙන් ඇති ක්‍රියා පූර්වක්‍රියා නම් වේ. ඒවා අවසාන ක්‍රියාවට පෙර කොට අවසන් වූ ක්‍රියා හැටියට සැලකේ. "අහං ගාමං ගන්ත්වා නගරං පුන ආගමිස්සාමි" කියන වැකියෙහි අර්ථය නම් "මම ගමට ගොස් නගරයට නැවත එන්නෙමි" යන්නයි. එහි ගන්ත්වා යන ක්‍රියා පදය පූර්වක්‍රියා ගණයෙහිලා සැලකේ. මෙබඳු ක්‍රියා ද බහුල වශයෙන් දැක ගත හැකි අතර ඒවා දැන ගැනීම පහසු වන්නේ "ත්වා" යන ප්‍රත්‍යය අගට යෙදී තිබීමය. සමහර විට ත්වාන, තූන, ය යන පද ද ධාතුවට පසුව යෙදී පූර්වක්‍රියා බවට පත් වේ. ගන්ත්වාන, ගන්තූන, ආ+ගමු+ය = ආගම්ම යනුවෙනි. ඒවා භාවිතය තුළින් අවබෝධ කර ගැනීම ඉතා පහසු වන්නේ සිංහලයේ ද පූර්වක්‍රියා බහුල වශයෙන් යෙදෙන හෙයිනි.

පූර්ව ක්‍රියා
පත්වා - පැමිණ
නහායිත්වා - නා
ආගන්ත්වා - අවුත්
ඨත්වා - සිට
දත්වා - දී
ගහෙත්වා - ගෙන
චින්තෙත්වා - සිතා

චරාපෙත්වා - හසුරුවා

අවසාන ක්‍රියා
විහරති - වාසය කරයි. විහරන්ති බහුවචන වාසය කරත්..
කාලං අකංසු - කලුරිය කළාහුය. අකාසි යනු කළේ ය - අකංසු  යනු කළාහුය.
අදාසි - දුන්නේ ය. අදංසු - දුන්නාහුය.
ගච්ඡාමි - යමි , ගච්ඡාම - යමු.


                                                                                   දොළොස්වන පාඩම අවසානයි.
උපුටා ගැනීම - පාළිපාඨමඤ්ජරී - දොළොස්වන පාඩම.

Picture
දහතුන්වන පාඩමට මෙතැනින් යන්න.
Powered by Create your own unique website with customizable templates.