ආඛ්‍යාත කාණ්ඩය - Verbs
මෙම කාණ්ඩය තුළ දී ක්‍රියාපද නිර්මාණය පිළිබඳ හඳුන්වාදීමක් සිදු කරණු ලැබේ. සංස්කෘත හා පාලි ව්‍යාකරණයන් හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් ක්‍රියාව මුල් කොට ගෙන නානා අර්ථ ප්‍රකාශ කිරීම සඳහා ධාතුවට ප්‍රත්‍යය, විකරණ එක් වීමයි. සංස්කෘත භාෂාව මෙන් ම පාලි භාෂාව ද ධාතු මූලික භාෂාවකි. බාලාවතාරයෙහි ආඛ්‍යාතය හඳුන්වා ඇත්තේ මෙසේ ය.
"අද්දබ්භූතං කත්තාදී - කාරකග්ගාමසාධියං
පදත්ථං කත්තු කම්මට්ඨං - ක්‍රීයමිච්ඡන්ති තබ්බිදු"
(කර්තෘ ආදී කාරක සමූහයා විසින් සිදු කළ යුතු කර්ම කර්තෘ දෙදෙනා කෙරෙහි පිහිටි අද්‍රව්‍ය වූ ගමන පචනාදී පදාර්ථ ක්‍රියා නමි.)
තවද ක්‍රියාව පිළිබඳ හැඳින්වීමේදී පහත සඳහන් පාඨය ද ඉතා වැදගත් වන්නකි.
"යන්තිකාලං තිපුරිසං - ක්‍රියාවාචී තිකාරකං
අත්තිලිඞ්ගං ද්විවචනං - තදාඛ්‍යාතන්ති වුච්චති"
(යමක අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයක් ද පඨම පුරුස, මජ්ඣිම පුරුස, උත්තම පුරුස යන පුරුෂ තුන ද ක්‍රියාවාදී හෙවත් ක්‍රියාවක් ප්‍රකාශ වන බව ද කර්තෘ කාරක, කර්ම කාරක, භාව කාරක යන කාරක තුන ද ප්‍රකාශ වන අතර ලිඞ්ගත්‍රයක් නොමැති, එසේම ද්වි වචනයක් ද ඇති (ඒකවචන- බහුවචන) එය ආඛ්‍යාත නම් වේ.)
පාලි භාෂාවෙහි ආඛ්‍යාතයෙහි ලිඞ්ගයක් නැති බව විශේෂ ලක්ෂණයකි. පාලි භාෂාවේ ක්‍රියාවලට ලිඞ්ග ආශ්‍රය නොවන බව පැහැදිලි ය. සිංහලයෙහි නම් ස්ත්‍රී ලිඞ්ග ක්‍රියාපද ද අන්තර්ගත වේ. පාලියෙහි කර්තෘකාරක, කර්මකාරක, භාවකාරක යනුවෙන් ක්‍රියාව ප්‍රභේදගත වේ; නැතහොත් කොටස් වේ.
"ආඛ්‍යාතප්පච්චයා සබ්බෙ භවෙය්‍යුං සාධනත්තයෙ
කත්තා කම්මං ච භාවො ච සාධනානීධ වුච්චරෙ"
(සියලු ආඛ්‍යාත ප්‍රත්‍යයෝ කාරකත්‍රයෙහි වන්නාහ. මෙහි කර්තෘ කාරක කර්මකාරක, භාවකාරකයෝ සාධන යයි කියනු ලැබෙත්.)
"සකම්මකම්හා ධාතුම්හා කත්තුකම්මෙසු හොන්ති තෙ
න භාවෙ කම්මරහිතම්හා කත්තුභාවෙසු නාපරෙ"
(ආඛ්‍යාත ප්‍රත්‍ය යෝ සකර්මක ධාතූන් කෙරෙන් පරව කර්තෘ කාරක, කර්ම කාරක දෙක්හි වෙත්; භාවකාරකයයෝ නොවෙත්. අකර්මක ධාතූන් කෙරෙන් පරව කර්තෘ කාරක භාවකාරක දෙක්හි වෙත්. මෙයින් අන්‍ය වූ කර්ම කාරකයෙහි නොවෙත්.)
"කම්මාවචනිච්ඡායං න විරුජ්ඣති සකම්මකා
භාවො'පි තං යථා ගෙහෙ දෙවදත්තෙන පච්චතෙ"
(කර්මය නොකීමෙහි ලා කැමැත්තක් ඇති කල්හී සකර්මක ධාතූන් කෙරෙන් භාවයෙහි ද (ප්‍රත්‍යයන්ගේ වීම) නොවේ. ඊට උදාහරණ මෙසේ ය. දෙව්දත්හු විසින් ගෙහි පිසීමයි.)
කාරකත්‍රය.
01. කර්තෘ කාරක වාක්‍යයක කර්තෘ ප්‍රධාන වේ. නැතහොත් ප්‍රකාශයට පත් වේ. "පුරිසො රුක්ඛං ඡින්දීයතෙ" යනුවෙන් ප්‍රකාශ කළ කල්හී කර්තෘ උක්ත වේ නැතහොත් කර්තෘට අනුව ක්‍රියාපදය තබනු ලැබේ.
02. කර්මකාරක වාක්‍යයකදී කර්මය උක්ත වේ. නැතහොත් මූලිකත්වය කර්මයට ලැබේ. "පුරිසෙන රුක්ඛො ඡින්දීයතෙ" මෙහි "ඡින්දීයතෙ" යන ක්‍රියාවෙන් "රුක්ඛො" යන කර්මය කියැවෙන හෙයින් කර්මකාරක නම් වේ. එවිට "පුරිසෙන" යනුවෙන් කර්තෘ අනුක්ත වී තතියා විභක්තියෙන් සිටී. එම වාක්‍යයෙහි කර්මය ප්‍රධාන වන හෙයින් එය කර්ම කාරක වාක්‍යයකි."
03. භාවකාරකයෙහි දී කර්තෘ හෝ කර්ම හෝ ප්‍රකාශ නොවේ. ක්‍රියා මාත්‍රය හෙවත් වීම් මාත්‍රය පමණක් ප්‍රකාශ වේ. උදාහරණයක් ලෙස චින්තන මත්තං චිත්තං යැයි ප්‍රකාශ කළ කල්හී වීම් මාත්‍රය හැර කරන්නෙක් එහි නැත. "දෙවදත්තෙන භූයතෙ - දෙව්දතු විසින් වීමයි" යනුවෙන් ප්‍රකාශ කළ කල්හී ද උක්ත කර්තෘ හෝ කර්මය හෝ භාවසාධන ක්‍රියාපදයකින් ප්‍රකාශ නොවේ. මෙම ආඛ්‍යාතය ආත්මනේ පද ප්‍රථම පුරුෂ ඒකවචනයෙහි පමණක් යෙදේ. කර්තෘ අනුක්ත ලෙස තෘතියා විභක්තියෙන් සිටී.
ධාතු (ක්‍රියාත්ථං ධාරේතීති ධාතු)
ක්‍රියාවෙන් අර්ථය දරන්නා හෝ ක්‍රියාවගේ මූලාවස්ථාව ධාතු නම් වේ. ධාතූහු අර්ථ මාත්‍රය පමණක් දරණ හෙයින් අර්ථය ප්‍රකාශ කිරීමට ධාතූන්ට ශක්තියක් නොමැත. ධාතූන්ගේ අර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය පවත්නේ ප්‍රත්‍යයන් කෙරෙහි ය.ධාතූහු කොටස් තුනකි.
01. සකර්මක ධාතු 02. අකර්මක ධාතු 03. ද්විකර්මක ධාතු
01. සකර්මක ධාතු
සමහර ධාතු හා ප්‍රත්‍යය එකතු වීමෙන් නිර්මාණය වූ ක්‍රියා පද කර්මයක් අපේක්ෂා කරයි. එම ක්‍රියා සකර්මක නම් වේ. "භික්ඛු ධම්මං දෙසෙති - භික්ෂුව ධර්මය දේශනා කරයි." මෙහි දෙසයි යනුවෙන් කී කල්හී කුමක් දේශනා කරන්නේදැයි යන ප්‍රශ්නයක් නැගිය හැකි ය. එවිට දියහැකි උත්තරය නම් ධර්මය යන්නයි. එසේ හෙයින් මෙම ක්‍රියා සකර්මක ධාතු ලෙස නම් කොට ඇත. එයට හේතුව නම් කර්මයක් අපේක්ෂා කරන ක්‍රියාපද වීමයි.
02. අකර්මක ධාතු
සමරහ ක්‍රියාපද කර්මයක් අපේක්ෂා නොකරයි. එසේ හෙයින් ඒවා අකර්මක නොහොත් කර්මයක් නොමැති ක්‍රියාපද ගණයට වැටේ. සො හසති - ඔහු සිනාසෙයි යන මෙහි එන හසති හෙවත් සිනාසෙයි යන ක්‍රියාපදය කර්මයක් අපේක්ෂා නොකරයි. එසේම "සයති (නිදයි), වායති (හමයි), වසති (වාසය කරයි), චරති (හැසිරෙයි)" යනාදී ක්‍රියාපද අකර්මක නම් වේ.
"කත්තුවාචීති ධාතුම්හි යස්මිං කම්මං ගවෙස්සතෙ
සකම්මකො'ති සො ඤෙය්‍යො තබ්බිරුද්ධො අකම්මකො"
"යම් ධාතුවක් කර්තෘ වාච්‍ය වූ කල්හී කර්මය තෙමේ සොයනු ලැබේ ද ඒ ධාතුව සකර්මක යැයි දතයුත්තේ ය. ඊට විරුද්ධ වූයේ අකර්මක ධාතු නම් වේ."
"උපසග්ගවසා කොචි අකම්මො'පි සකම්මකො
යථාභිභූයතෙ රාගො තාපසෙන මහිද්ධිනා"
"උපසර්ගයන්ගේ වශයෙන් කිසි අකර්මක ධාතු සකර්මක වේ. ඒ මෙසේය. "අභිභූයතෙ රාගො තාපසෙන මහිද්ධිනා"මහත් ඍද්ධි ඇති තවුසා විසින් රාගය තෙමේ මැඩපවත්වනු ලැබේ." භූ ධාතුව අකර්මක වුව ද අභි උපසර්ගයේ බලයෙන් ධාත්වර්ථය වෙනස් ව සකර්මක විය."
03. ද්විකර්මක ධාතු
සමහර ධාතූන්ගෙන් සෑදුනු ක්‍රියා පද කර්ම දෙකක් ප්‍රකාශ කරයි. "සො අජං ගාමං නයති - ඔහු එළුවා ගමට පමුණුවයි." මෙහි "අජං, ගාමං" යන පද දෙකම කර්ම ලෙස යෙදී ඇත. නමුත් සිංහල භාෂාවේ ගමට යන පදය කර්මයක් ලෙස නොසලකයි. "නයති - ගෙනයයි, හරති - ගෙනයයි, පුච්ඡති - විචාරයි" යන ක්‍රියාපද ද ද්විකර්මක වේ. "යාච, රුධි, පුච්ඡ, භික්ඛ, දණ්ඩ, චි, මන්ථ, නී, වහ, හර, කඩ්ඪ" වැනි ධාතු ද්විකර්මක ධාතු නම් වේ. මූල ධාතු, සංග්‍රහ ධාතු හා නාම ධාතු යනුවෙන් වෙනත් ආකාරයකට ද ධාතු වර්ග කෙරේ. මූල ධාතු යනු තවදුරටත් වෙන් කළ නොහැකි "කර, පච, වද" වැනි ධාතූන් වේ. මූල ධාතුවෙන් පරව ප්‍රත්‍යය යොදා නැවත ආඛ්‍යාත ප්‍රත්‍යය යොදන්නේ සංග්‍රහ ධාතු නම් වේ. (භුජ+ඛ+ති = බුභුක්ඛති) මෙම වරහනෙහි ඇති ධාතුවට අගින් කොටස් දෙකක් එකතු වී ඇති බව පෙනේ. එය මූලධාතුවලට උදාහරණයකි. නාමයම ධාතුවක් සේ සලකා ඊට ප්‍රත්‍යය එක් කිරීමෙන් ආඛ්‍යාත පද සාදාගනු ලබන්නේ නාම ධාතු නම් වේ. (පබ්බතාය+ති = පබ්බතායති) පබ්බත යනු පර්වතයයි. එම නාමපදය ගෙන ක්‍රියාපදයක් සාදාගෙන ඇති අයුරු මෙයින් පෙනී යයි.
ධාතු ගණ හතකි.
ගණ නම් එක සමාන ආකෘති ධාතූන්ගේ හෝ ශබ්දයන්ගේ සමූහයයි. ධාතු, ප්‍රත්‍යයන් ඇසුරු කෙරේ. සියලුම ආඛ්‍යාත දෙස බලන කල ධාතු එක ලෙසින්ම ප්‍රත්‍ය ඇසුරු කරන බවක් නොපෙනේ. ඒ ධාතු හා ප්‍රත්‍ය අතරත යම් යම් විකරණ ප්‍රත්‍ය එකතු වීම තුළින් වෙනස්කම් වලට භාජනය වේ. එලෙස වෙනස්කම් ඇති කරමින් ධාතු ප්‍රත්‍ය අතරට වැටෙන අක්ෂර විකරණ ප්‍රත්‍ය නමින් හැඳින්වේ.
"පුබ්බපරභාගට්ඨානා - භින්නාධාතු විභත්තියො
නිස්සාය පච්චයා හොන්ති - යෙ තෙ විකරණා සියුං"
ධාතු ගණ පිළිබඳ විකරණ ප්‍රත්‍ය වන්නේ කර්තෘ කාරකයෙහි පමණි. කර්ම කාරකයෙහි වනුයේ ය විකරණයයි. ආඛ්‍යාත විභක්ති අතර සර්වධාතුක වත්තමානා - පඤ්චමී - සත්තමී - හීයත්තනී යන සතරෙහි පමණක් විකරණ යෙදෙන බව සමහරු කියති. සංස්කෘත ව්‍යාකරණයෙහි ද මෙය මෙසේමය. එහෙත් පාළියෙහි අජ්ජතනී ආදියෙහි ද යෙදෙන බව පෙනේ. (අභුජ්ඣි - අසුණි - සුණිස්සති)
"භුවාදී ච රුධාදී ච - දිවාදි ස්වාදයෝ ගණා
කියාදී ච තනාදී ච - චුරාදීතීධ සත්තධා"
ධාතුගණ හත නම්,
01. භුවාදි ගණය.
02. රුධාදි ගණය.
03. දිවාදි ගණය.
04. ස්වාදි ගණය.
05. කියාදි ගණය.
06. තනාදි ගණය.
07. චුරාදි ගණය.
01. භුවාදි ගණය - "භුවාදිතො අ (303-බාලාවතාරය) භූ ඉච්ඡාදීහි ධාතූහි කත්තරි වත්තමානා පඤ්චමී හීයත්තනීස්වපච්චයෝ හොති."
"භු" ආදි කොට ඇති ධාතූන් කෙරෙන් පරව කර්තෘ කාරකයෙහි වත්තමානා, පඤ්චමී, හීයත්තනී යන මොවුන් පරකල්හී "අ" ප්‍රත්‍යය වේ. ක්‍රියාපද අතර බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ ක්‍රියාපදයෝය.
උදාහරණ:-
අරහ+අ+ති = අරහති
|
02. රුධාදි ගණය - "රුධාදිතො නිග්ගහීත පුබ්බඤ්ච (448-බාලාවතාරය) රුධාදීහි කත්තරි අප්පච්චයෝ හොති. ධාත්වන්තා පුබ්බෙ බින්දවාගමො ච"
රුධාදි ධාතු ගණයෙන් පරව "අ" විකරණය යෙදේ. ධාත්වන්තයට මුලින් "බිංදුව" ආගම වේ. ඉන් පසු එයට "වර්ගාන්තාදේශය" වේ. (වර්ගාන්තාදේශය යනු වර්ගයේ පාලි අක්ෂරමාළාවේ වර්ග 5 ක් ඇති අතර ඒවායෙහි අවසාන අක්ෂරයයි.)
උදාහරණ
රුධි+අ+ති = රුන්ධති
|
03. දිවාදි ගණය - "දිවාදිතො යො (449-බාලාවතාරය) කත්තරි යො"
මෙහි "ය" විකරණය යෙදේ. කර්තෘකාරකයෙහි විකරණ ප්‍රත්‍යය වේ. කර්ම කාරකයෙහි ධාතු වලින් පරව "ය" විකරණය වේ. එබැවින් දිවාදි ගණික කර්තෘ කාරක, කර්මකාරක රූපවල සමානත්වයක් දක්නට ඇත. "යථා කත්තරි ච යථා භාවකම්මෙසු යප්පච්චස්සාදෙසො හොති තථා කත්තරි පීති යකාරස්ස පුබ්බරූපො වො - ද්විත්වෙ"
යම් සේ භාව - කර්ම දෙකෙහි "ය" ප්‍රත්‍යය හෝ ආදේශ වේද, එසේම කර්තෘ කාරකයෙහි ද එසේ ම වේ. "ය"කාරයට පූර්ව වූ වකාරයක් ආදේශ වේ. ද්විත්ව කළ කල්හි "දො ධස්ස ච" යන සූත්‍රයෙහි ඇති "ච" කාරයේ බලයෙන් බකාර ද්වයක් වේ. දිබ්බති, දිබ්බන්ති යනුවෙන් පද සෑදේ.
උදාහරණ
දිවු+ය+ති = දිව්වති / දිබ්බති
|
04. ස්වාදි ගණය - ස්වාදිතො ණුණා උණා ච
මෙහි "ණු - ණා - උණා" යනුවෙන් විකරණ තුනකි. සමහර විට "ණු" හට වෘද්ධි වේ. "අඤ්ඤෙසු චෙ තිහ චකාරෙනි ණුස්ස වුද්ධි සුණොති උලොපො සුණන්තීත්‍යාදි" (450-බාලාවතාරය)
උදාහරණ
සු+ණු+ති = සුණාති / සුණොති
|
05. කියාදි ගණය - කියාදිතො ණ
මෙහි "නා" විකරණය වේ. සමහර විට "නා" හට "ණ" වේ. යදාදි සූත්‍රයෙන් "ඊ" කාරයට "ඉ" ආදේශ වූ කල්හී කිණාති, කිණන්ති යනුවෙන් පද සිද්ධිය වේ.
උදාහරණ
අස+නා+ති = අස්නාති
|
06. තනාදි ගණය - තනාදිතො ඔයිරා
මෙහි "ඔ - යිර" යයි විකරණ ප්‍රත්‍යය දෙකකි.
සි+ඔ+ති = සිනොති
|
07. චුරාදි ගණය - චුරාදිතො ණෙ ණයා
මෙහි "ණෙ, ණය" යනුවෙන් විකරණ ප්‍රත්‍ය දෙකකි. ධාතුවේ මුල් ස්වරය වෘද්ධි වේ. විකරණ ප්‍රත්‍යයන් කර්තෘ කාරකයෙහි ම වුවත් මේ චුරාදි ගණය පිළිබඳ විකරණ ප්‍රත්‍යයයන් කර්තෘ - කර්ම - භාව යන කාරක තුනෙහි ම යෙදෙන බව දත යුතු ය.
උදාහරණ
කථ+ණෙ+ති = කථෙති
|
ආඛ්‍යාත විභක්ති අටකි.
01. වත්තමානා විභක්ති.
02. පඤ්චමී විභක්ති.
03. සත්තමී විභක්ති.
04. පරොක්ඛා විභක්ති.
05. හීයත්තනි විභක්ති.
06. අජ්ජතනී විභක්ති.
07. භවිස්සන්ති විභක්ති.
08. කාලාතිපත්ති විභක්ති.
වත්තමානා විභක්තිය - වර්තමාන කාල (සබ්බධාතු)
වත්තමානා පච්චුප්පන්නෙ (416- බාලාවතාරය)
(පඤ්චමී, සත්තමී, වත්තමානා සම්පතිනාගතෙ)
දැනට පවත්නා කාලය වර්තමාන කාලයයි. තවද වර්තමාන කාලය විස්තර කොට ඇත්තේ "ආරාධානිට්ඨිතෙ ක්‍රියා" යනුවෙනි. එහි අදහස නම් පටන්ගෙන අවසන් නොකරන ලද ක්‍රියාව යනුයි. පාලියෙහි වර්තමාන කාලය දැක්වීමට සංස්කෘතයෙහි මෙන් ප්‍රත්‍ය ඇත. ඒවා දොළොසකි. මෙහි මෙම වර්තමාන විභක්තිය සබ්බධාතුක නොහොත් සෑම ධාතුවක්ම වරනැඟිය හැකි විභක්තියකි. ඒ බව ඉහතින් දක්වා ඇත.
වත්තමානා ති / අන්ති / සි/ ථ / මි / ම / තෙ / අන්තෙ / සෙ / ව්හෙ / එ / ම්හෙ (425- බාලාවතාරය)
පුරිස | එක වචන - පරස්සපද | බහුවචන - පරස්සපද |
පඨම | ති | අන්ති |
මජ්ඣිම | සි | ථ |
උත්තම | මි | ම |
පුරිස | එක වචන - අත්තනො | බහුවචන - අත්තනො |
පඨම | තෙ | අන්තෙ |
මජ්ඣිම | සෙ | ව්හෙ |
උත්තම | එ | ම්හෙ |
මේ රාමුවට අනුව ධාතුවක් ගෙන ප්‍රත්‍යයන් සමඟ ගළපා වරනඟා ගත හැකි ය.
පච - ධාතුව වරනැඟීම
පුරිස | එක වචන - පරස්ස | බහුවචන - පරස්ස |
පඨම | පචති | පචන්ති |
මජ්ඣිම | පචසි | පචථ |
උත්තම | පචාමි | පචාම |
පුරිස | එක වචන - අත්තනො | බහුවචන - අත්තනො |
පඨම | පචතෙ | පචන්තෙ |
මජ්ඣිම | පචසෙ | පචව්හෙ |
උත්තම | පචෙ | පචාම්හෙ |
"අකාරො දීඝං හිමිමෙසු" යන සූත්‍රයෙහි දැක්වෙන පරිදි උත්තම පුරුසයෙහි "පචමි" ලෙස වරනොනැඟී "පචාමි" යනුවෙන් "අ"කාරය දීර්ඝ වී ඇති බව පෙනෙනුයේ මෙම සූත්‍රයට අනුව "හි,මි,ම" යන ප්‍රත්‍ය එක්වීමෙන් "අ" යන්න "ආ" බවට පත් වන හෙයිනි.
පච - ධාතුව කර්මකාරකයෙහි මෙසේ වරනැඟේ.
පුරිස | එක වචන - පරස්ස | බහුවචන - පරස්ස |
පඨම | පච්චති | පච්චන්ති |
මජ්ඣිම | පච්චසි | පච්ථ |
උත්තම | පච්චාමි | පච්චාම |
පුරිස | එක වචන - අත්තනො | බහුවචන - අත්තනො |
පඨම | පච්චතෙ | පච්චන්තෙ |
මජ්ඣිම | පච්චසෙ | පචචව්හෙ |
උත්තම | පච්චෙ | පච්චාම්හෙ |
01. "ය" ප්‍රත්‍යය පරකල්හී ධාතුහුගේ අන්ත ස්වරය ලොප් වේ.
පච+ය+ති = පච්+ය+ති = පච්චති = පිසිනු ලැබේ.
02. "ය" ප්‍රත්‍යය පරකල්හී ධාතුහුගේ අන්තයට "ඊ" ආගම වේ.
දා+ය+ති = දීයති (දෙනු ලැබේ)
පා+ය+ති = පීයති (බොනු ලැබේ)
ගමු+ය+ති = ගමීයති (යනු ලැබේ) (ඝම්මීයති)
පඤ්චමී විභක්තිය - (සබ්බධාතුක)
ආණත්‍යාසිට්ඨෙනුත්තකාලෙ පඤ්චමී
ආණත්ති - විධානය, ආසිට්ඨ - ප්‍රාර්ථනය (417-බාලාවතාරය)
පඤ්චමී විභක්තිය යොදනු ලබන්නේ අණකිරීම් හා ආශීර්වාද කිරීම් යන අර්ථ දෙකෙහි ය. එසේම එහි කාලයක් නොකියැවේ. එය වර්තමාන හෝ අනාගත හෝ විය හැකි ය.
"අනුත්තකාලො සාමීපෙ - උත්තො කාලොධ ඉච්ඡිතො
අවුත්තො වා ගහෙතබ්බො - පච්චුප්පන්නාදි භෙදතො"
මෙය සමීපයෙහි කියන ලද කාලය (වර්තමාන) බැවින් හෝ වර්තමානාදී ප්‍රභේදයෙන් නොකියන ලද කාලය බැවින් "අනුත්ත කාල" නම් වේ.
බාලාවතාරයෙහි "පඤ්චමී සත්තමිත්‍යායං පුබ්බාචරියා - සඤ්ඤා" යී මේ ආඛ්‍යාත ප්‍රත්‍යයනට පඤ්චමී, සත්තමී සංඥාව පූර්වාචාර්යයන් විසින් කරණ ලද නාමයක් යැයි කියන ලදී. මහාසද්දනීතියෙහි "පඤ්චන්නං පූරණී පඤ්චමී...සත්තමී" යනුවෙන් අන්වර්ත නාමයක් බව දැක්වීමට එක් විභක්ති ක්‍රමයක් කියා ඇත. පාණිනීය ව්‍යාකරණයෙහි දැක්වෙන 01. ලට්, 02. ලිට්, 03. ලුට්, 04. ලෘට්, 05. ලොට්, 06. ලඞ්, 07. ලිඞ්, 08. ලුඞ්, 09. ලාඞ් යන ලකාරයන්ගෙන් පස්වෙනි, සත්වෙනි ලකාරයන් සලකා පාළියෙහි මේ පඤ්චමී - සත්තමී නාමය යෙදිණැයි පවසන කොදාගොඩ හිමියන් ගේ මතය ප්‍රශස්ත බව කිව යුතුය යනුවෙන් පාළි භාෂාව හා රචනය යන පොතෙහි සඳහන් වේ.
"රාජා භවතු ධම්මිකො", "සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා" යනාදී වාක්‍ය ආශීර්වාදයට උදාහරණයි. අණ කිරීම සඳහා ද මෙම ප්‍රත්‍යයෝම භාවිත වේ. සමහර විට එහිදී මධ්‍යම පුරුෂ ඒකවචනයේදී ප්‍රත්‍යය වන "හි" ප්‍රත්‍යය විකල්පයෙන් ලොප් වේ. (පක්ඛෙ දීඝො - එක් පක්ෂයෙක්හි දීර්ඝ වේ.) උදාහරණ ලෙස ත්වං ගච්ඡ යන්න ගත හැකි ය. එහි ගච්ඡාහි යන්නෙහි "හි" යන්න ලොප් වී ඇති බව පෙනී යයි. (හි ලොපං වාති හිස්ස ලොපො වා)
"කම්මනි පච්චතං යන්නෙන් කර්මකාරකයෙහි "පච්චතං" යනුවෙන් වරනැඟේ."කත්තුසමං යො විසෙසො" යන්නෙන් කියැවෙනුයේ කර්තෘ කාරකයෙහි හා සමාන වන බවත් "ය" විකරණය යෙදීම විශේෂ පවත් ය.
පඤ්චමී තු / අන්තු / හි / ථ / මි / ම / තං / අන්තං / ස්සු / ව්හො / එ / ආමසෙ (426-බාලාවතාරය) යන පාඨයෙහි පඤ්චමී විභක්තියට අදාළ ප්‍රත්‍යයෝ දැක්වේ.
පුරිස | එක වචන - පරස්ස | බහුවචන - පරස්ස |
පඨම | තු | අන්තු |
මජ්ඣිම | හි | ථ |
උත්තම | මි | ම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | තං | අන්තං |
මජ්ඣිම | ස්සු | ව්හො |
උත්තම | එ | ආමසෙ |
පච ධාතුව වරනැඟීම
පුරිස | එක වචන - ආත්මනෙ | බහු වචන - ආත්මනෙ |
පඨම | පචතු | පචන්තු |
මජ්ඣිම | පච / පචාහි | පචථ |
උත්තම | පචාමි | පචාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පචතං | පචන්තං |
මජ්ඣිම | පචස්සු | පචව්හො |
උත්තම | පචෙ | පචමසෙ |
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පච්චතු | පච්චන්තු |
මජ්ඣිම | පච්ච / පච්චාහි | පචචථ |
උත්තම | පච්චාමි | පච්චාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පච්චතං | පච්චන්තං |
මජ්ඣිම | පච්චස්සු | පචචව්හො |
උත්තම | පච්චෙ | පච්චාමසෙ |
පඤ්චමී විභක්තියෙහි යෙදෙන අර්ථ
01. නියොගාර්ථයෙහි - දෙවදත්තො ඉදානි ඔදනං පචතු - දේවදත්ත දැන් බත පිසාවා!
02. ආශංසනාර්ථයෙහි - සො සුඛී භවතු - හෙතෙම සුවපත් වේවා!
03. විධි අර්ථයෙහි - ඉධ පබ්බතො හොතු - මෙහි පර්වතයක් වේවා!
04. නිමන්ත්‍රණාර්ථයෙහි - අධිවාසෙතු නො භන්තෙ - ස්වාමීනි, අපට ඉවසන සේක්වා!
05. අජ්ඣෙසනාර්ථයෙහි - දෙසෙතු මෙ භන්තෙ ධම්මං - (ස්වාමීනි, මට ධර්මය දේසනා කරන සේක්වා! (ආරාධනාව)
06. අනුමති අර්ථයෙහි - පුච්ඡ වාසව මං පඤ්හං - ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසාවා!
07. යාචනාර්ථයෙහි - එකම්මෙ නයනං දෙහි - මට එක් ඇසක් දෙන්න.
08. පත්තකාලාර්ථයෙහි - (පැමිණි කාලය) - සම්පත්තො තෙ කාලො කටකරණෙ කටං කරෙතු භවං - කළාල් කිරීමෙහි කාලය තට පැමිණියේ ය. පින්වත, කළාලයක් කෙරේවා.
"නියොගං ජඤ්ඤා ආණත්තිං ආසිට්ඨං ඉට්ඨපත්ථනං
අනුත්තකාලො සාමීපෙ වුත්තො කාලො'ධ ඉච්ඡිතො
අවුත්තො වා ගහෙතබ්බො පච්චුප්පන්නාදි භෙදතො"
Click to set custom HTML
සත්තමී විභක්තිය - අනාගත කාල (සබ්බධාතු)
"අනුමතිපරිකප්පත්තෙසු සත්තමී"
සත්තමී විභක්තිය අර්ථ දෙකක යෙදේ. එනම් අනුමැති අර්ථයෙහි සහ පරිකල්පනා අර්ථයෙහි ය. යමක් කරණ තැනැත්තාට එය කරන්නෙකුගේ අනුමැතිය හෙවත් අනුදැනුම, කැමැත්ත ප්‍රකාශ කිරීම අනුමැතිය නම් වේ. යම්කිසි ක්‍රියාවක් කිරීමෙන් ඇතිවන ඉෂ්ට ප්‍රතිඵල සිතා කටයුතු කිරීම පරිකල්පනා නම් වේ.
සත්තමී එය්‍ය / එය්‍යුං / එය්‍යාසි / එය්‍යාථ / එය්‍යාමි / එය්‍යාම / එථ / එරං / එථො / එය්‍යව්හො / එය්‍යං / එය්‍යාම්හෙ (417 - බාලාවතාරය)
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | එය්‍ය | එය්‍යුං |
මජ්ඣිම | එය්‍යාසි | එය්‍යාථ |
උත්තම | එය්‍යාමි | එය්‍යාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | එථ | එරං |
මජ්ඣිම | එථො | එය්‍යව්හො |
උත්තම | එය්‍යං | එය්‍යාම්හෙ |
මෙම රාමුවට අනුව ධාතුවක් ගෙන ප්‍රත්‍යයන් සමඟ ගළපා වරනඟා ගත හැකි ය.
පච - ධාතුව
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පචෙය්‍ය | පචුං / පචෙය්‍යුං |
මජ්ඣිම | පචෙය්‍යාසි | පචෙය්‍යාථ |
උත්තම | පචෙය්‍යාමි |
පචෙය්‍යාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පචෙථ | පචෙරං |
මජ්ඣිම | පචෙථො | පචෙය්‍යම්හො |
උත්තම | පචෙය්‍යං | පචෙය්‍යාම්හෙ |
පච ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පච්චෙය්‍ය | පච්චෙය්‍යුං |
මජ්ඣිම | පච්චෙය්‍යාසි | පච්චෙය්‍යාථ |
උත්තම | පච්චෙය්‍යාමි |
පච්චෙය්‍යාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පච්චෙථ | පච්චෙරං |
මජ්ඣිම | පච්චෙථො | පච්චෙය්‍යව්හො |
උත්තම | පච්චෙය්‍යං |
පච්චෙය්‍යාම්හෙ |
සත්තමී විභක්තියෙහි යෙදෙන අර්ථ
01. අනුමති අර්ථය - සො ගාමං ගච්ඡෙය්‍ය - ඔහු ගමට යන්නේ ය.
02. පරිකල්පන අර්ථය - සො පඨමවයෙ පබ්බජෙය්‍ය අරහා භවෙය්‍ය - හෙතෙම පළමු වියෙහි පැවිදි වන්නේ නම් රහත් වන්නේ ය.
03. ප්‍රාර්ථනා අර්ථය - අහං සුඛී භවෙය්‍යාමි - මම සුවපත් වන්නේ නම්.
04. විධි අර්ථය - ත්වං ඔදනං පචෙය්‍යාසි - නුඹ පත පිසින්න.
05. ප්‍රශ්නාර්ථය - කින්නු ධම්මජ්ඣායෙය්‍ය උදාහු විනයං - කිම ධර්මය හදාරන්නේ ද නොහොත් විනය හදාරන්නේ ද?
06. නිමන්ත්‍රණාර්ථය - ඉධ භුඤ්ජෙය්‍ය - මෙහි වළඳන්නේ ය.
පරොක්ඛා විභක්තිය - අතීත කාල (අසබ්බධාතු)
අපච්චක්ඛෙ පරොක්ඛාතීතෙ අක්ඛිමින්ද්‍රියං තන්නිස්සිතං පච්චක්ඛං, න පච්චක්ඛං අපච්චක්ඛං, තස්මිං අපච්චක්ඛෙ අතීතකාලෙ පරොක්ඛා හොති. (219 - බාලාවතාරය)
ප්‍රත්‍යක්ෂ නොවූ හෙවත් ඇසින් නොදුටු නැතහොත් ඉන්ද්‍රිය ගෝචර නොවූ අතීතයක් පැවසීමේ දී භාවිත කරන්නේ පරොක්ඛා විභක්තිය යි. මෙම ක්‍රියා රූපවල විශේෂ ලක්ෂණ දෙකක් දැකිය හැකි ය. එනම්,
01. සමාන ස්වර ධාතූන්ගේ ආදි වර්ණය ද්විත්ව වීම "ක්වචාදිවණ්ණානමෙකස්සරානං ද්වෙභාවො" (460 - බාලාවතාරය ) කවර්ගයට අයත් නම් ඊට පිළිවෙළින් ච වර්ගය වේ. මහාප්‍රාණාක්ෂරයක් නම් අල්පප්‍රාණාක්ෂරයක් වේ. "හ"කාරයක් නම් "ජ"කාරයක් වේ.
02. විභක්ති ප්‍රත්‍යයට පූර්වයෙන් "ඉ" කාරයක් ආගම වීම. (ඉකාරාගමො අසබ්බධාතුකම්හි - ව්‍යඤ්ජනයක් ආදි කොට ඇති අසාර්වධාතුක විභක්ති පරකල්හි ඉකාරාගමය වේ. (518 - බාලාවතාරය)
පරොක්ඛා අ / උ / එ / ත්ථ / අ / ම්හ / ත්ථ / රෙ / ත්ථො / ව්හො / ඉ / ම්හෙ
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අ | උ |
මජ්ඣිම | එ | ත්ථ |
උත්තම | අ |
ම්හ |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | ත්ථ | රෙ |
මජ්ඣිම | ත්ථො | ව්හො |
උත්තම | ඉ |
ම්හෙ |
මේ රාමුවට අනුව ධාතුවක් ගෙන ප්‍රත්‍යයන් සමඟ ගළපා වරනඟ ගත හැකි ය.
පච - ධාතුව
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පපච | පපචු |
මජ්ඣිම | පපචෙ | පපචිත්ථ |
උත්තම | පපච |
පපචිම්හ |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පපචිත්ථ | පපචිරෙ |
මජ්ඣිම | පපචිත්ථො | පපචිව්හො |
උත්තම | පපචි |
පපචිම්හෙ |
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පපච්ච | පපච්චිරෙ |
මජ්ඣිම | පපච්චෙ | පපච්චිත්ථ |
උත්තම | පපච්ච |
පපච්චිම්හ |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පපච්චිත්ථ | පපච්චිරෙ |
මජ්ඣිම | පපච්චිත්ථො | පපච්චිව්හො |
උත්තම | පපච්චි |
පපච්චිම්හෙ |
01. භූ - ධාතුව ද්විත්ව වූ කල්හී පූර්ව "භු" යන්නට "බ" කාරයක් ආදේශ වේ. = බභූව
02. ගමු - ධාතුහුගේ ආදි වර්ණය ද්විත්ව වූ පසු "ගගම" යනුවෙන් සිටී. සෑම තැනම ද්විත්ව වූ ක, ඛ, ග, ඝ යන අක්ෂරයන්ට පිළිවෙළින් ච, ඡ, ජ, ඣ යන අක්ෂරයෝ වෙත්. "ගගම" යන්නෙහි මුලින් ඇති "ග" යන්නට "ජ" යන්න වී "ජගම" බවට පත් වී පසුව "ජගාම" බවට පත් වේ.
03. පපචිත්ථ, පපචිරෙ යන පදයන්හි ප්‍රත්‍යයට මුලින් "ඉ" කාරයක් ආගම වී ඇති බව පෙනේ. = පපච්+ඉ+ත්ථ
හීයත්තනී විභක්තිය - අතීත කාල (සබ්බධාතු)
හීයොප්පභුති පච්චක්ඛෙ හීයත්තනී
හීයොප්පභුති පච්චක්ඛෙ වා අපච්චක්ඛෙ වා අතීතෙ කාලෙ හීයත්තනී හොති.
ඊයේ පටන් කොට ප්‍රත්‍යක්ෂ වූ හෝ නොවූ අතීත කාලයක් ප්‍රකාශ කිරීම හීයත්තනී විභක්තියෙන් සිදු වේ. මෙම පද සාධනයේ දී දැකිය හැකි විශේෂත්වයක් නම් ධාතුවේ මුලට "අ" කාරයක් ආගම වීම විකල්පයෙන් සිදු වීමයි. "අකාරාගමො හීයත්තනජ්ජතනී කාලාතිපත්තීසු ති ධාතුතො පුබ්බෙ ක්වචි අකාරාගමො" - (521 - බාලාවතාරය)
"හීයත්තනී ආ / ඌ / ඔ / ත්ථ / අ / ම්හා / ත්ථු / ත්ථුං / සෙ / ව්හං / ඉං / ම්හසෙ"
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | ආ | ඌ |
මජ්ඣිම | ඔ | ත්ථ |
උත්තම | අ |
ම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | ත්ථ | ත්ථුං |
මජ්ඣිම | සෙ | ව්හං |
උත්තම | ඉං |
ම්හසෙ |
පච - ධාතුව
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපචා | අපචූ |
මජ්ඣිම | අපචො | අපචිත්ථ |
උත්තම | අපච
/ අපචං |
අපචම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පපච්ච | පපච්චිරෙ |
මජ්ඣිම | පපච්චෙ | පපච්චිත්ථ |
උත්තම | පපච්ච |
පපච්චිම්හ |
අපචං - පරස්ස පද, උත්තමපුරිස ඒක වචනයෙහි "අ" ප්‍රත්‍යයට "අං" ආදේශ වූ අයුරු සලකන්න.
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපචයා | අපචයූ |
මජ්ඣිම | අපචයො | අපචයත්ථ |
උත්තම | අපචය |
අපචයම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | අපචයත්ථ | අපචයත්ථුං |
මජ්ඣිම | අපචයසෙ | අපචයව්හං |
උත්තම | අපචයිං |
අපචයම්හා |
අජ්ජතනී විභක්තිය - සමීප අතීත කාල (අසබ්බධාතු)
"සමීපෙ'ජ්ජතනී -( 326 - බාලාවතාරය) අජ්ජප්පභුති සමීපෙ අතීතකාලෙ අජ්ජතනී හොති."
අද පටන් කොට ආසන්න වූ අතීත කාලයෙහි අජ්ජතනී විභක්තිය වේ. ඉකුත් රාත්‍රියගේ පච්ඡිම යාමය හෝ මේ යාමයාගේ භාගයක් හෝ අජ්ජතනී කාලය නම් වන්නේ යැයි වෙය්‍යාකරණයන්ගේ දැක්වීමයි. "අකාරාගමො හීයත්තනජ්ජතනී කාලාතිපත්තීසු ති ධාතුතො පුබ්බෙ ක්වචි අකාරාගමො."
"පච්ඡිමො'තීතරත්තියා යාමො අද්ධාමමුස්ස වා
කාලො සියාත්‍යජ්ජතනො වෙය්‍යාකරණදස්සනං"
"අජ්ජතනී ඊ / උං / ඔ / ත්ථ / ඉං / ම්හා / ආ / ඌ / සෙ / ව්හං/ අ / ම්හෙ ඉති ආදීනං අජ්ජතනී සඤ්ඤා"
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | ඊ | උං |
මජ්ඣිම | ඔ | ත්ථ |
උත්තම | ඉං |
ම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනොා |
පඨම | ආ | ඌ |
මජ්ඣිම | සෙ | ව්හං |
උත්තම | අ |
ම්හෙ |
පච - ධාතුව වරනැඟීම
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපචි, පචි, අපචී, පචී | අපචුං, පචුං, අපචිංසු, පචිංසු |
මජ්ඣිම | අපචී, පචී, අපචො, පචො | අපචිත්ථ, පචිත්ථ |
උත්තම | අපචිං,
පචිං |
අපචම්හ, පචම්හ, අපචිම්හා, පචිම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | අපචා / පචා | අපචූ / පචූ |
මජ්ඣිම | අපචිසෙ / පචිසෙ | අපචිත්ථ / පචිත්ථ |
උත්තම | අපචං/
පචං |
අපචිම්හෙ / පචිම්හෙ |
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපච්චි / පච්චි / අපච්චුං | පච්චුං / අපච්චිංසු / පචිංසු |
මජ්ඣිම | අපච්චො / පච්චො | අපච්චිත්ථ / පචිත්ථ |
උත්තම | අපච්චිං
/ පච්චිං |
අපච්චිම්හා / පචිම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | අපච්චා / අපච්චිත්ථ | අපච්චූ / පච්චූ |
මජ්ඣිම | අපච්චිසෙ | අපච්චිව්හං |
උත්තම | අපච්චං
/ අපච්ච |
අපච්චිම්‍හෙ |
මෙහි ආත්මනෙ පද ප්‍රථම පුරුෂ ඒකවචනයෙහි "ආ" ප්‍රත්‍යයට "ත්ථ" ආදේශ වීමෙන් වර නැඟේ. (සබ්බතො උං ඉංසු - 327 සබ්බධාතූහි උං විභත්තිස්ස ඉංස්වාදෙසො හොති. සබ්බධාතුක විභක්තිවල වරනැඟීමේදී "උං" ප්‍රත්‍යයට "ඉංසු" ආදේශ වේ. උදා:- අපචිංසු )
ඉකාරාගමො - අපචිත්ථ / අපචිං - අපච්+ඉ+ත්ථ (ඉකාරාගමො අසබ්බධාතුකම්හි)
භවිස්සන්ති විභක්තිය - අනාගත කාල (අසබ්බධාතු)
අනාගතය පැවසීමට ආඛ්‍යාත දෙකක් ඇතත් බොහෝ සෙයින් භාවිත කරණ විභක්තියක් හැටියට භවිස්සන්ති විභක්තිය දැක් වේ.
අනාගතෙ භවිස්සන්ති අනාගතෙ කාලෙ ගම්‍යමානෙ භවිස්සන්ති විභත්ති හොති. ඉකාරාගමො (423 - බාලාවතාරය)
භවිස්සන්ති ස්සති / ස්සන්ති / ස්සසි / ස්සථ / ස්සාමි / ස්සාම / ස්සතෙ / ස්සන්තෙ / ස්සසෙ / ස්සව්හෙ / ස්සං / ස්සාම්හෙ - (431 - බාලාවතාරය)
පුරිස | එක වචන - පරස්ස | බහු වචන -පරස්ස |
පඨම | ස්සති | ස්සන්ති |
මජ්ඣිම | ස්සසි | ස්සථ |
උත්තම | ස්සාමි |
ස්සාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | ස්සතෙ | ස්සන්තෙ |
මජ්ඣිම | ස්සසෙ | ස්සව්හෙ |
උත්තම | ස්සං |
ස්සාම්හෙ |
පච - ධාතුව
පුරිස | එක වචන - පරස්ස | බහු වචන -පරස්ස |
පඨම | පචිස්සති | පචිස්සන්ති |
මජ්ඣිම | පචිස්සසි | පචිස්සථ |
උත්තම | පචිස්සාමි |
පචිස්සාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පචිස්සතෙ | පචිස්සන්තෙ |
මජ්ඣිම | පචිස්සසෙ | පචිස්ව්හෙ |
උත්තම | පචිස්සං |
පචිස්සාම්හෙ |
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | පච්චිස්සති | පච්චිස්සන්ති |
මජ්ඣිම | පච්චිස්සසි | පච්චිස්සථ |
උත්තම | පච්චිස්සාමි |
පච්චිස්සාම |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | පච්චිස්සතෙ | පච්චිස්සන්තෙ |
මජ්ඣිම | පච්චිස්සසෙ | පච්චිස්සව්හෙ |
උත්තම | පච්චිස්සං |
පච්චිස්සාම්හෙ |
ඉකාරාගමො අසබ්බධාතුකම්හි - ඉකාරාගමො යන්නෙන් කියැවෙනුයේ "ස්සති" ප්‍රත්‍යයට පූර්වයෙන් "ඉ" කාරයක් ආගම වන බව යි.
කාලාතිපත්ති විභක්තිය - අතීත කාල (අසබ්බධාතු)
"ක්‍රියාතිප්පන්නෙ'තීතෙ කාලාතිපත්ති - ක්‍රියාතිපන්නෙමත්තෙ අතීතෙ කාලාතිපත්ති හොති". (331 - බාලාවතාරය)
ක්‍රියාවගේ අභාව මාත්‍රයක් හැඟෙන කල්හී ඉකුත් කාලයෙහි කාලාතිපත්ති විභක්තිය වේ.
මෙහි "කාල" නම් ක්‍රියා යි. "අතිපත්ති" නම් ඉක්ම යෑම යි. එබැවින් කාලාතිපත්ති යන්නෙන් ප්‍රකාශ වන්නේ වැරදී ගිය ක්‍රියාවයි. ක්‍රියාතිප්පන්න යනු ද එයම යි. විරුද්ධ හේතු ලැබීම නිසා හෝ අවශ්‍ය දේ නොලැබීම නිසා හේ කාලාතිපත්ති ආඛ්‍යාතය වේ.
සිදු විය හැකිව තිබූ ක්‍රියාවට යම්කිසි විරුද්ධ දෙයක් විය. එය වැළකී ගියේය. ඒ නිසා වැළකුණු ක්‍රියාවත්අතීතයැයි සලකනු ලැබේ. කාලාතිපත්තියෙහි පුබ්බාපර වශයෙන් ක්‍රියාපද යුගලකි. එබැවින් වාක්‍ය ද යුගලයකි. සචෙ, යදි ආදී නිපාතයක් ද යෙදේ. සියලු විභක්ති ප්‍රත්‍යය ව්‍යඤ්ජන මූල බැවින් ධාත්වන්තයෙහි ඉ කාරයක් ආගම වේ. (ඉකාරාගමො අසබ්බධාතුකම්හි)
"විරුද්ධසන්නිධානා වා හෙතු වෙකල්ලතො'පිවා
ක්‍රියායාභවනං යන්තං ක්‍රියාතිප්පන්නමිච්ඡිතං"
"විරුද්ධ ප්‍රත්‍යයන්ගේ ළඟාවීමෙන් හෝ හේතුව වෙනස් වීමකින් හෝ ක්‍රියාවගේ නොවීම යන යමෙක් වේ ද ඒ ක්‍රියාතිප්පන්න නමැයි කැමති වන ලදී."
අකාරිකාරාගමො - "අකාර ඉකාර ආගම වේ. (සචෙ තබ්බිරුද්ධං න භවෙය්‍ය තදුපකරණං වා ලභෙත - ඉදින් ඊට විරුද්ධ වස්තුවෙක් නොවී නම් ඊට උපකරණයක් හෝ ලද්දේ වී නම්."
උදාහරණ -
සචෙ සො පඨමවයෙ පබ්බ්ජ්ජං අලභිස්සා අරහා අභවිස්සා - ඉදින් හෙතෙම පළමුවියෙහි පැවිද්ද ලැබුයේ නම් රහත් වන්නේ ය.
සචෙ හි සො පඨමවයෙ භොගෙ අඛෙපෙත්වා කම්මන්තෙ පයොජයිස්ස ඉමස්මිංයෙව නගරෙ අග්ගසේට්ඨී අභවිස්ස - ඉදින් මෙතෙමේ පළමුවියෙහි භෝගයක් නැති නොකොට කර්මාන්තයෙහි යෙදී නම් මේ නුවර ප්‍රධාන සිටු වන්නේ ය.
සමහර විට එක් වාක්‍යයක් කාලාතිපත්ති ද අනෙක සත්තමී ද විය හැකි ය. - රූපං ච ඛො ඉදං භික්ඛවෙ අත්තා අභවිස්ස නිසීදිං රූපං ආබාධාය සංවත්තෙය්‍ය.
සමහර තන්හි වාක්‍ය දෙකම සත්තමී ද වෙයි . සුද්ධාවාසෙසුචාහං සාරිපුත්ත දෙවෙසු සංසරෙය්‍යං නයිමං ලොකං පුනරාගච්ඡෙය්‍යං.
"කාලාතිප්ති / ස්සා / ස්සංසු / ස්සෙ / ස්සථ / ස්සං / ස්සම්හා / ස්සථ / ස්සංසු / ස්සසෙ / ස්සව්හෙ / ස්සං / ස්සාම්හසෙ' ස්සාදීනං කාලාතිපත්ති සඤ්ඤා"
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | ස්සා | ස්සංසු |
මජ්ඣිම | ස්සෙ | ස්සථ |
උත්තම | ස්සං | ස්සම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | ස්සථ | ස්සංසු |
මජ්ඣිම | ස්සසෙ | ස්සව්හෙ |
උත්තම | ස්සං | ස්සාම්හසෙ |
පච - ධාතුව
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපචිස්සා / පචිස්සා | අපචිස්සංසු / පචිස්සංසු |
මජ්ඣිම | අපචිස්සෙ / පචිස්සෙ | අපචිස්සථ / පචිස්සථ |
උත්තම | අපචිස්සං / පචිස්සං | අපචිස්සම්හා / පචිස්සම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | අපචිස්සථ | අපචිස්සංසු |
මජ්ඣිම | අපචිස්සසෙ | අපචිස්සව්හෙ |
උත්තම | අපචිස්සං | අපචිස්සාම්හෙ |
පච - ධාතුව කර්මකාරකයෙහි
පුරිස | එක වචන - පරස්ස | බහු වචන - පරස්ස |
පඨම | අපච්චිස්සා | අපච්චිස්සංසු |
මජ්ඣිම | අපච්චිස්සෙ | අපච්චිස්සථ |
උත්තම | අපච්චිස්සං | අපච්චිස්සම්හා |
පුරිස | එක වචන - අත්තනො | බහු වචන - අත්තනො |
පඨම | අපච්චිස්සථ | අපච්චිස්සංසු |
මජ්ඣිම | අපච්චිස්සසෙ | අපච්චිස්සව්හෙ |
උත්තම | අපච්චිස්සං | අපච්චිස්සාම්හසෙ |