Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture
Picture
Share

අටවන පාඩම - 08

අද පාඩම ආශීර්වාද ක්‍රියා කොහොමද හදාගන්නේ කියලා. ආශීර්වාද ක්‍රියා මේ වෙනකොටත් අපි දන්නවා. අපි නිතරම භාවිත කරන නිසා. බලන්නකො. මෙන්න මේ ගාථාව.      

                                                                       "භවතු සබ්බ මඞ්ගලං
                                                                        රක්ඛන්තු සබ්බ දේවතා
                                                                        සබ්බ බුද්ධානුභාවෙන
                                                                        සදා සොත්ථි භවන්තු තෙ."


    මේ ගාථාවේ තේරුම තමයි. "සියලු මඟුල් වේවා. සියලු දෙවියෝ රකිත්වා. සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් හැමකල්හි ඔබට සෙත් වේත්වා!"
        ඉතින් මේ ගාථාවේ තියෙන භවතු = වේවා, රක්ඛන්තු = රකිත්වා, භවන්තු = වෙත්වා කියන ක්‍රියාපද තමයි ආශීර්වාදය සඳහා යොදාගෙන තියෙන්නේ. මේ ගාථාවේ ක්‍රියාපද තුනම ඒකවචනයේ සහ බහුවචනයේ යෙදිලා තියෙන්නේ. භවතු - ඒකවචන, භවන්තු - බහුවචන. මේ ක්‍රියාපද වර්ගයට කියන්නේ "පඤ්චමී විභක්ති" කියලා.

    ඒවගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි. මේ ක්‍රියාපද ආශීර්වාදය සඳහා පමණක්ම නෙවෙයි භාවිත වෙන්නේ කියලා. "අණ කිරීම" සඳහාත් මේ ක්‍රියාපද භාවිත කරනවා.

    ක්‍රියාපදත් වරනැඟෙන නිසා තමයි විභක්ති කියන්නේ. එතකොට නාම විභක්තිත් තියෙනවා, ක්‍රියා විභක්තිත් තියෙනවා. දැන් බලමු මේවගේ ප්‍රත්‍ය ටික ප්‍රථම, මධ්‍යම, උත්තම කියන පුරුෂයන් සමඟ කොහොමද තියෙන්නේ කියලා.

වර්තමාන
පුරිස එක වචන - පරස්ස බහුවචන - පරස්ස
පඨම තු අන්තු
මජ්ඣිම හි ථ
උත්තම මි ම

    ඔබට පේනවා ඇති මෙතන ප්‍රත්‍ය 6 ක් තියෙනවා. මේවට කියන්නේ පරස්ස පද කියලා. ඒකෙන් අදහස් කරන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්නේ  අනුන් සඳහා කියන එකයි. දාසිය බත් උයයි කිව්වාම දාසිය බත් උයන්නේ ගෙදර අය වෙනුවෙන්. ඒ නිසා එය යෙදෙන්නේ පරස්ස පද ක්‍රියාවකින්. නමුත් වර්තමානයේ මේ වෙනස භාවිත කරනවා අඩුයි. තමන් වෙනුවෙනුත්, අනුන් වෙනුවෙනුත් යොදන්නේ මේ ක්‍රියාපදම තමයි. ඒ නිසා මෙය දැන ගනිමු.

    අපි ක්‍රියාපදයක් මුලින්ම මේ ප්‍රත්‍ය සමඟ වරනඟා ගනිමු.

වර්තමාන
පුරිස එක වචන - පරස්ස බහුවචන - පරස්ස
පඨම භවතු භවන්තු
මජ්ඣිම භව / භවාහි භවථ
උත්තම භවාමි භවාම

    මේ ක්‍රියාපද ටික දැක්කම අපිට මතකයි මුල්ම ගාථාවේ පඨමපුරිස ඒකවචන, බහුවචන ක්‍රියාපද යෙදිලා තිබුණු හැටි. නමුත් මධ්‍යම පුරුෂයෙහි පද දෙකක්ම තියෙනවා. නමුත් අර්ථය එකයි. මේ "භව" කියන්නේ "භූ" කියන ධාතුවේ ප්‍රසාරණ ස්වභාවය. "ගමු" ධාතුව "ගච්ඡ" වෙනවා වෙනවා. "ඨා" ධාතුව "තිට්ඨ" වෙනවා. "පා" ධාතුව "පිබ" වෙනවා. ඒ ස්වරූපයෙන්ම ඒක ක්‍රියාපදයක් ලෙස මෙහිදී භාවිත කරලා තියෙන්නේ. ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නෑ. ක්‍රියාපද දකිනකොට මේ තියෙන්නේ පඤ්චමී විභක්තියේ පදයක් කියලා මතක් වෙනවා. අපි දැන් මේ වගේ ක්‍රියාපද ලිස්ට් එකක් අරගනිමු.

උත්තම පුරිස
ගච්ඡති
පචති
තිට්ඨති
හසති
ලිඛති
ධාවති
නිසීදති
පඨති
රොදති
ඛාදති
ඒකවචන
ගච්ඡතු
පචතු
තිට්ඨතු
හසතු
ලිඛතු
ධාවතු
නිසීදතු
පඨතු
රොදතු
ඛාදතු
බහුවචන
ගච්ඡන්තු
පචන්තු
තිට්ඨන්තු
හසන්තු
ලිඛන්තු
ධාවන්තු
නිසීදන්තු
පඨන්තු
රොදන්තු
ඛාදන්තු
එකවචන
යන්න
පිසන්න
සිටින්න
සිනාසෙන්න
ලියන්න
දුවන්න
හිදින්න
පාඩම් කරන්න
හඬන්න
කන්න
බබහුවචන
යව්
පිසව්
සිටිව්
සිනාසෙව්
ලියව්
දුවව්
හිදිව්
පාඩම්කරව්
හඬව්

කව්

මජ්ඣිම පුරිස
ගච්ඡති
පචති
තිට්ඨති
හසති
ලිඛති
ධාවති
නිසීදති
පඨති
රොදති
ඛාදති
ඒකවචන
ගච්ඡ - ගච්ඡාහි
පච - පචාහි
තිට්ඨ - තිට්ඨාහි
හස - හසාහි
ලිඛ - ලිඛාහි
ධාව - ධාවාහි
නිසීද - නිසීදාහි
පඨ - පඨහි
රොද - රොදාහි
ඛාද - ඛාදාහි
බහුවචන
ගච්ඡථ
පචථ
තිට්ඨථ
හසථ
ලිඛථ
ධාවථ
නිසීදථ
පඨථ
රොදථ
ඛාදථ
එකවචන
යහි
පිසහි
සිටහි
සිනාසෙහි
ලියහි
දුවහි
හිදිහි
පාඩම් කරහි
හඬහි
කහි
බහුවචන
යහු
පිසහු
සිටිහු
සිනාසෙහු
ලියහු
දුවහු
හිදිහු
පාඩම්කරහු
හඬහු

කහු

උත්තම පුරිස
ගච්ඡති
පචති
තිට්ඨති
හසති
ලිඛති
ධාවති
නිසීදති
පඨති
රොදති
ඛාදති
ඒකවචන
ගච්ඡාමි
පචාමි
තිට්ඨාමි
හසාමි
ලිඛාමි
ධාවාමි
නිසීදාමි
පඨාමි
රොදාමි
ඛාදාමි 
බහුවචන
ගච්ඡම
පචාම
තිට්ඨාම
හසාම
ලිඛාම
ධාවාම
නිසීදාම
පඨාම
රොදාම
ඛාදාම
එකවචන
යමි
පිසමි
සිටිමි
සිනාසෙමි
ලියමි
දුවමි
හිදිමි
පාඩම් කරමි
හඬමි
කමි
බහුවචන
යමු
පිසමු
සිටිමු
සිනාසෙමු
ලියමු
දුවමු
හිදිමු
පාඩම්කරමු
හඬමු

කමු

අපි දන්න වාක්‍ය ටිකකුත් බලමු.

01. දේවො වස්සතු කාලෙන - වැස්ස කලට වසීවා!
02. දේවා රක්ඛන්තු සබ්බදා - සැමකල්හී දෙවියෝ රකිත්වා!
03. ඉදං මේ ඤාතීනං හෝතු - මෙය මාගේ ඤාතීන්ට වේවා!
04. සුඛිතා හොන්තු ඤාතයො - නෑදෑයෝ සුවපත් වෙත්වා!
05. සබ්බීතියො විවජ්ජන්තු - සියලු උවදුරු දුරුවෙත්වා!
06. සබ්බරොගො විනස්සතු - සියලු රෝග විනාශ වේවා!
07. සුඛී දීඝායුකො භව - සුවපත් වූයේ දීර්ඝායුෂ ඇත්තෙක් වේවා!
08. ඛිප්පමෙව සමිජ්ඣතු - වහාම සමෘද්ධිමත් වේවා!
09. සබ්බෙ පූරෙන්තු චිත්තසංකප්පා - සියලු චිත්ත සංකල්පනාවෝ පිරෙත්වා!
10. හොතු තෙ ජයමඞ්ගලං - ඔබට ජයමඞ්ගල්‍යයක් වේවා!


අටවන පාඩම අවසානයි.

Picture
නවවන පාඩමට මෙතැනින් යන්න.
Powered by Create your own unique website with customizable templates.