පස්වන පාඩම - 05
අද පාඩම දුතියා විභක්තියයි. "දුතියා" කියන්නේ "දෙවන විභක්තිය" කියන එකයි. මේකේ තවත් අර්ථ තියෙනවා. ඒවා තමයි "දෙවන තිථිය, භාර්යාව" කියන්නේ. නමුත් පාඩමේදී කියවෙන අර්ථය තමයි "දෙවන විභක්තිය" කියන එක. මේ පාඩමේදී "කර්මපදය" ගැන කියල දෙන්නම්. "කර්මය" කියන්නේ "ක්රියාවට හසුවන දේ හෙවත් ක්රියාවට යටත් වන දේ". පළමුව අපි දුතියා විභක්ති පද ටිකක් ගනිමු. ඊට පස්සේ ඒවාගෙන් පුංචි වාක්ය ටිකකුත් සාදමු.
දුතියා විභක්ති පද.
ශබ්දය
|
ඒකවචන
|
බහුවචන
|
ඒකවචන
|
ඒකවචන
|
ඒකවචන
01. අහං බුද්ධං වන්දාමි 01. මම බුදුරදුන් වඳිමි. 02.අහං ධම්මං සුණාමි. 02. මම ධර්මය අසමි. 03. අහං සංඝං නමාමි. 03. මම සංඝයා නමඳිමි. 04. සො පුරිසං පස්සති. 04. ඔහු පුරුෂයා බලයි. 05. සො දේවං ඕලෝකේති. 05. ඔහු දෙවියා බලයි. 06. ත්වං මයූරං ආනෙසි. 06. නුඹ මොනරා ගෙනෙහි. 07. සීහෝ ගජං මාරේති. 07. සිංහයා ඇතා මරයි. 08. සීහෝ මිගං මාරේති. 08. සිංහයා මුවා මරයි. 09. උපාසකෝ විහාරං ගච්ඡති. 09. උපාසකයා විහාරයට යයි. 10. භූපාලෝ ගාමං ගච්ඡති. 10. රජතුමා ගමට යයි. 11. කුමාරෝ සුරියං පස්සති. 11. කුමාරයා හිරු බලයි. 12. වාණිජෝ අස්සං කිණාති. 12.වෙළෙන්දා අශ්වයා මිළ දී ගනියි. 13. අසප්පුරිසෝ සුනඛං පහරති. 13. අසත්පුරුෂයා බල්ලාට පහර දෙයි. 14. බාලකෝ චන්දං පස්සති. 14. ළමයා සඳු බලයි. 15. සිරිපාලෝ පොත්ථකං පඨති. 15. සිරිපාල පොත පාඩම් කරයි. 16. යාචකෝ කුමාරං පහරති. 16. යාචකයා කුමාරයාට පහරදෙයි. 17. පුරිසෝ වාණිජං පහරති. 17. පුරුෂයා වෙළෙන්දාට පහරදෙයි. 18. රාජා සේවකං පස්සති. 18. රජතුමා සේවකයාව බලයි. 19. දාසෝ බාලකං ලාලේති. 19. දාසයා ළමයා නළවයි. 20. වානරෝ රුක්ඛං ආරුහති. 20 වඳුරා ගසට නඟියි. |
බහුවචන
01. මයං බුද්ධේ වන්දාම. 01. අපි බුදුන් වහන්සේලා වඳිමු. 02. මයං ධම්මේ සුණාම. 02. අපි ධර්මයන් අසමු. 03. මයං සංඝේ නමාම. 03. අපි සංඝයා වහන්සේලා නමඳිමු. 04. තේ පුරිසේ පස්සන්ති. 04. ඔවූහු පුරුෂයන් බලති. 05. තේ දේවේ ඔලෝකෙන්ති. 05. ඔවූහු දෙවිවරු බලති. 06. තුම්හේ මයූරේ ආනේථ. 06. තෙපි මොනරුන් ගෙනෙහු. 07. සීහා ගජේ මාරෙන්ති. 07. සිංහයෝ ඇතුන් මරති. 08. සීහා මිගේ මාරෙන්ති. 08. සිංහයෝ මුවන් මරති. 09. උපාසකා විහාරේ ගච්ඡන්ති. 09. උපාසකවරු විහාරවලට යති. 10. භූපාලා ගාමේ ගච්ඡන්ති. 10. රජවරු ගම්වලට යති. 11. කුමාරා සුරියේ පස්සන්ති. 11. කුමාරවරු හිරවල් බලති. 12. වාණිජා අස්සේ කිණන්ති. 12. වෙළෙන්දෝ අශ්වයන් මිළදී ගනිති. 13. අසප්පුරිසා සුනඛේ පහරන්ති. 13. අසත්පුරුෂයෝ බල්ලන්ට පහරදෙති. 14. බාලකා චන්දේ පස්සන්ති. 14. ළමයි සඳවල් බලති. 15. සිරිපාලා පොත්ථකේ පඨන්ති. 15. සිරිපාලලා පොත් පාඩම් කරති. 16. යාචකා කුමාරේ පහරන්ති. 16. හිඟන්නෝ කුමාරයන්ට පහර දෙති. 17. පුරිසා වාණිජේ පහරන්ති. 17. පුරුෂයෝ වෙළෙන්දන්ට පහර දෙති. 18. රාජානො සේවකේ පස්සන්ති. 18. රජවරු සේවකයන් බලති. 19. දාසා බාලකේ ලාලෙන්ති. 19. දාසයෝ ළමුන් නලවති. 20. වානරා රුක්ඛේ ආරුහන්ති. 20. වඳුරෝ ගස්වලට නගිති. |