Learn Pali in Sinhala
  • Pali Language
    • Letters - 01
    • Letters - 02
    • Letters - 03
    • Letters - 04
    • Letters - 05
    • Letters - 06
  • Pali sotries with meaning - 01
    • Pali stories with meaning - 02
  • Conjugation
    • Conjugation of Masculine nouns
    • Conjugation of Feminine nouns
    • Conjugation of Neuter Nouns
    • Conjugation of relative pronouns
    • Conjugation of Numerals
    • Conjugation of verbs
    • Verb stems
    • Conjunctions
    • Compounds
  • Lessons
    • Lesson - 01
    • Lesson - 02
    • Lesson - 03
    • Lesson - 04
    • Lesson - 05
    • Lesson - 06
    • Lesson - 07
    • Lesson - 08
    • Lesson - 09
    • Lesson - 10
    • Lesson - 11
    • Lesson - 12
    • Lesson - 13
    • Lesson - 14
    • Lesson - 15
    • Lesson - 16
  • PALI UNICODE DICTIONARY
  • Words
    • Grade - 07
  • Pali of dhamma school
  • Books to study
  • Spoken Pali - 01
    • Spoken Pali - 02
  • Riddle in Pali
  • File - 01
  • File - 02
  • Files-03
  • File- 4
  • Mathurata Pannananda himi
  • Documents can be downloaded
  • Extra reading
  • Untitled
  • Blog
  • Contact
  • File - 4
Picture

01. පාඨසාලා - පාසැල

Picture
01. අයං මය්හං පාඨසාලා භවති.        
01. මේ මගේ පාසල වේ.

02. ඉදං පාඨසාලාය අඞ්ගණං භවති.
02. මෙය පාසලේ මිඳුල වේ.

03. අයං පාඨසාලාය කීළාභූමි භවති.
03. මේ පාසලේ ක්‍රීඩාභූමිය වේ.

04. පාඨසාලාය පන්තිගබ්භො අත්ථි.         04. පාසලේ පන්තිකාමරය ඇත.

05. අයං සාලා භවති.
05. මේ ශාලාව වෙයි.


06. සාලාය සිස්සා සන්ති.
06. ශාලාවේ ශිෂයෝ වෙත්.


07. මය්හං ලෙඛනී අත්ථි, පොත්ථකං ච අත්ථි.
07. මට පෑනක් ඇත, පොතක් ද ඇත.


08. අයං මය්හං අබ්භකලෙඛනී භවති.
08. මේ මගේ පැන්සල වෙයි.


09. අහං අබ්භකලෙඛනියා ලිඛාමි.
09. මම පැන්සලෙන් ලියමි.


10. සිස්සො පොත්ථකං පඨති.
10. ශිෂ්‍යයා පොත පාඩම් කරයි.




                                                        02.අහං - මම

Picture
01. අහං පාතො උට්ඨහාමි.
01. මම උදෑසන නැගිටිමි.

02. අහං පාතො මුඛධොවනං කරොමි.
02. මම උදෑසන මුහුණ සේදීම කරමි.

03. අහං පාතො බුද්ධං වන්දාමි.
03. මම උදෑසන බුදුරදුන් වඳිමි.

 04. අහං පාතො පාතරාසං භුඤ්ජාමි.
04. මම උදෑසන උදේ ආහාරය අනුභව කරමි.

05. අහං පාතො මාතරං වන්දාමි.
05. මම උදෑසන මව්ට වඳිමි.

06. අහං පාතො පිතරං වන්දාමි.
06. මම උදෑසන පියාට වඳිමි.

07. අහං පාතො පාඨසාලං ගච්ඡාමි.
07. මම උදෑසන පාසැලට යමි.

08. අහං පාතො උග්ගණ්හාමි.
08. මම උදෑසන ඉගෙන ගනිමි.

09. අහං පාතො පොත්ථකං පඨාමි.
09. මම උදෑසන පොත පාඩම් කරමි.

10. අහං පාතො සුඛෙන වසාමි.
10. මම උදෑසන සුවෙන් වාසය කරමි.


                03. බුද්ධෝ - බුදුරජාණන් වහන්සේ

Picture
01. බුද්ධෝ ධම්මං දේසේති.
01. බුදුරජාණෝ දහම් දෙසන සේක.

 02. සෝ අරහං සම්මා සම්බුද්ධෝ හොති.
02. උන්වහන්සේ අර්හත් සම්මා සම්බුදු වනසේක.


03. අහං සබ්බදා බුද්ධං වන්දාමි.
03. මම සැමදා බුදුන් වඳිමි.

04. මය්හං භාතා ච බුද්ධං වන්දති.
04. මගේ සහෝදරයා ද බුදුන් වඳියි.

05. මය්හං භගිනී ච බුද්ධං වන්දති
05. මගේ සහෝදරිය ද බුදුන් වදියි.

06. මය්හං මාතා ච පිතා ච බුද්ධං වන්දන්ති.
06. මගේ අම්මා ද තාත්තා ද බුදුන් වඳිත්.

 07. ත්වං ච බුද්ධං වන්දසි.
07. නුඹ ද බුදුන් වඳිහි.
                                                                                                                       

08. තුම්හේ ච බුද්ධං වන්දථ.
08. නුඹලා ද බුදුන් වඳිහු.

                                                                                                                       
09. අහං බුද්ධං වන්දිත්වා පොත්ථකං පඨාමි.
09. මම බුදන් වැඳ පොත පාඩම් කරමි.

                                                                                                                   
10. අහං  බුද්ධං වන්දිත්වා පාඨසාලං ගච්ඡාමි.
10. මම බුදුන් වැඳ පාසැලට යමි.






                                04. මය්හං මිත්තෝ - මගේ මිත්‍රයා

Picture
01. මය්හං මිත්තෝ සමන්තෝ භවති.
01. මගේ මිත්‍රයා සමන්ත වෙයි.

02. සෝ  දක්ඛෝ භවති.
02. ඔහු  දක්ෂයෙක් වෙයි.

03. අහං තෙන සද්ධිං පාඨසාලං ගච්ඡාමි.
03. මම ඔහු සමග පාසැලට යමි.

04. අහං තේන සද්ධිං කීළාභූමිං ගච්ඡාමි.
04. මම ඔහු සමග ක්‍රීඩාභූමියට යමි.

05. අහං තේන සද්ධිං කීළාමි.
                                 
05. මම ඔහු සමග ක්‍රීඩා කරමි.          
           


06. මය්හං මිත්තෝ පාලිභාසං ජානාති.
06. මගේ මිත්‍රයා පාලි භාෂාව දනියි.
     

07. සෝ සබ්බදා පාලිභාසං පඨති.
07. ඔහු සැමදා පාලිභාෂාව පාඩම් කරයි.
            

08. සෝ සීහළභාසං ච ජානාති.       
08. ඔහු සිංහල භාෂාව ද දනියි.

09. අහං තේන සද්ධිං ගෙහං ගච්ඡාමි.
09. මම ඔහු සමග ගෙදර යමි.

10. අහං තේන සද්ධිං පඨාමි.

10. මම ඔහු සමග පාඩම් කරමි.


* "තේන සද්ධිං" යනු "ඔහු සමග" යන්නයි. "තේන" යනු "ත" ශබ්දයේ තතියා ඒකවචන පදයයි. "සහ, සද්ධිං, සමං" යන සමග යන අර්ථ ඇති නිපාත පද තුන යෙදීමේදී තතියා විභක්ති පදයක් සමග යොදනු ලැබේ.

මිත්තේන සද්ධිං     - මිත්‍රයා සමග
ආචරියේන සද්ධිං - ගුරුවරයා සමග

දාරකේන සද්ධිං     - දරුවා සමග



05. ගෙහං - ගෙදර

Picture

 මය්හං ගෙහං රමණීයං භවති.
මගේ ගෙදර සිත්කළු වෙයි.


අහං මය්හං ගෙහස්ස සිනෙහං කරොමි.
මම මගේ ගෙදරට ආදරය කරමි.


තත්ථ මය්හං මාතා ච පිතා ච භාතා ච භගිනී ච වාසං කරොන්ති.
එහි මගේ අම්මා ද තාත්තා ද සහෝදරයා ද සහෝදරිය ද වාසය කරත්.


තෙ තත්ථ සිනෙහෙන වාසං කරොන්ති.
ඔවුහු එහි සෙනෙහසින් වාසය කරත්.


ගෙහස්ස පුරතො උය්‍යානං අත්ථි.
ගෙදරට ඉදිරියේ උයනක් ඇත.


රුක්ඛා ච ලතා ච සන්ති.
ගස් ද වැල් ද වෙත්.

අම්හාකං ගෙහෙ පඨනගබ්භො ච භොජනසාලා ච භවන්ති.
අපගේ ගෙදර පාඩම් කරණ කාමරයක් ද භෝජනශාලාවක් ද ඇත.


අහං පාතො ච සායං ච භගිනියා සද්ධිං පඨනගබ්භෙ පොත්ථකං පඨාමි.
මම උදෑසන ද සවස ද සහෝදරිය සමග පාඩම්කරණ කාමරේ පොත පාඩම් කරමි.


රත්තියං සයනගබ්භෙ සයනං කරොමි.
රාත්‍රියෙහි නිදන කාමරේ සයනය කරමි.


පාතො ච දිවා ච රත්තියං ච මයං භොජනසාලාය ආහාරකිච්චං කරොම.
උදෑසන ද දහවල් ද රාත්‍රියෙහි ද අපි භෝජනශාලාවේ ආහාර (ආහාරකෘත්‍ය) ගැනීම කරමු.

ගෙහස්මා පුරතො රමණීයං අඞ්ගණං අත්ථි.
ගෙදර ඉදිරිපිට සිත්කළු අඞ්ගනයක් ඇත.


තත්ථ මයං කීළං කරොම.
එහි අපි ක්‍රීඩා කරමු.


අම්හාකං මාතා ච පිතා ච භගිනී ච කීළං පස්සන්ති.
අපගේ අම්මා ද තාත්තා ද සහෝදරිය ද ක්‍රීඩාව බලත්.


*උපුටා ගැනීම - පාළි කථා මඤ්ජූසා - එකාදසමො පාඨො - එකොළොස්වන පාඩම.




06. මාතා - අම්මා

Picture


මාතා මය්හං සිනෙහං කරොති.

අම්මා මට ආදරය කරයි.

අහං ච තස්සා සිනෙහං කරොමි.
මම ද ඇයට ආදරය කරමි.


සා මය්හං ආහාරං දෙති.
ඇය මට ආහාර දෙයි.


ඔවාදං ච කරොති.
අවවාද ද කරයි.


අහං පාතො මාතුයා වන්දනං කරොමි.
මම උදෑසන අම්මාට වැඳීම කරමි.


රත්තියං ච තථා කරොමි.
රාත්‍රියෙහි ද එසේ කරමි.


සා මය්හං මුඛචුම්බනං කරොති.
ඇය මගේ මුහුණ සිඹීම කරයි.


මය්හං මාතා රත්තියං කථාවත්ථුං කථෙති.
මගේ අම්මා රාත්‍රියෙහි කථාවස්තුවක් කියයි.


තං කථාවත්ථුං සුන්දරං භවති.
ඒ කථාවස්තුව සුන්දර වෙයි.


තස්මා තං සවණං කරොමි.
එනිසා එය ශ්‍රවණය කරමි.


මය්හං භාතා ච භගිනී ච මයා සද්ධිං තං කථාවත්ථුං සවණං කරොන්ති.
මගේ සහෝදරයා ද සහෝදරිය ද මා සමග ඒ කථාවස්තුව ශ්‍රවණය කරත්.


මය්හං භාතා ච භගිනී ච සදා මාතුයා වන්දනං කරොන්ති.
මගේ සහෝදරයා ද සහෝදරිය ද හැමකල්හී අම්මාට වැඳීම කරත්.


මාතුයා මුඛං සුන්දරං භවති.
අම්මාගේ මුහුණ ලස්සන වෙයි.


පිතා ච මාතුයා සද්ධිං අම්හාකං ඔවාදං දෙති.
තාත්තා ද අම්මා සමග අපට අවවාද දෙයි.


අම්හෙ තං සවණං කරොම.
අපි එය ශ්‍රවණය කරමු.


*උපුටා ගැනීම - පාළි කථා මඤ්ජූසා - ද්වාදසමො පාඨො - දොළොස්වන පාඩම.




07. කීළාභූමි - සෙල්ලම්පිටිය

Picture
අහං සායං කීළාභූමිං ගච්ඡාමි.
මම සවස සෙල්ලම්පිටියට යමි.

තත්ථ මිත්තෙහි සද්ධිං කීළං කරොමි.
එහි මිතුරන් සමග සෙල්ලම් කරමි.

සමීපෙ රුක්ඛා ච ලතා ච සන්ති.
සමීපයෙහි ගස් ද වැල් ද තිබේ.

රුක්ඛලතාසු කුසුමානි ච ඵලානි ච සන්ති.
ගස්වැල්වල මල් ද ගෙඩි ද තිබේ.

තානි සුන්දරානි භවන්ති.
ඒවා සුන්දර වේ.

අහං කීළාභූමියං ඉතො තතො ධාවාමි.
මම සෙල්ලම්පිටියේ එහෙ මෙහෙ දුවමි.

බාලකා ච බාලිකා ච කීළාභූමියං ඉතො තතො ධාවන්ති.
බාලකයෝ ද බාලිකාවෝ ද සෙල්ලම්පිටියේ එහෙ මෙහෙ දුවත්.

තෙ තත්ථ කීළං කරොන්ති.
ඔවුහු එහි සෙල්ලම් කරත්.

මය්හං භාතා ච භගිනී ච මයා සද්ධිං කීළාභූමිං ගච්ඡන්ති.
මගේ සහෝදරයා ද සහෝදරිය ද මා සමග සෙල්ලම්පිටියට යත්.

තත්ථ මයං කීළං ච කරොම.
එහි අපි සෙල්ලම් ද කරමු.

කීළාභූමියං වාතො පරිසුද්ධො භවති.
සෙල්ලම්පිටියේ වාතය පිරිසිදු වෙයි.

තෙන අම්හාකං සරීරානි අරොගානි භවන්ති.
එයින් අපගේ ශරීරය නිරෝගී වෙති.

තස්මා මයං සදා තත්ථ ගමිස්සාම.
එහෙයින් අපි සැමදා එහි යන්නෙමු.

පාඨසාලා-සිස්සා ච අචරියෙහි සද්ධිං කීළාභූමිං ගච්ඡන්ති.
පාසැල් ශිෂ්‍යයෝ ද ගුරුවරුන් සමග සෙල්ලම්පිටියට යත්.

තෙ තත්ථ මිත්තෙහි සද්ධිං කීළං කරොන්ති.
ඔවුහු එහි මිතුරන් සමග සෙල්ලම් කරත්.

*උපුටාගැනීම පාළි කථා මඤ්ජූසා - තෙරසමො පාඨො - දහතුන් වන පාඩම.



08. ආචරියො - ගුරුතුමා

Picture
ආචරියො අම්හාකං අජ්ඣාපනං කරොති.
ගුරුතුමා අපට ඉගැන්වීම කරයි.


සො සිස්සානං සිනෙහං කරොති.
ඔහු ශිෂ්‍යයන්ට ආදරය කරයි.

තෙන අම්හෙ තස්ස ච සිනෙහං කරොම.
එහෙයින් අපි ඔහුට ද ආදරය කරමු.

ආචරියො අම්හාකං පුරතො පාඨසාලං ගච්ඡති.
ගුරුතුමා අපගේ ඉදිරියෙන් පාසලට යයි.


අම්හෙ පච්ඡා ගච්ඡාම.
අපි පසුව යමු.


ආචරියො සිස්සානං ඔවාදං දෙති.
ගුරුතුමා ශිෂ්‍යයන්ට අවවාද දෙයි.


අම්හෙ ආචරියම්හා අජ්ඣයනං කරොම.
අපි ගුරුතුමාගෙන් ඉගෙන ගැනීම කරමු.


සිස්සා ආචරියස්ස පාදවන්දනං කරොන්ති.
ශිෂ්‍යයෝ ගුරුතුමාගේ පාදවන්දනය කරත්.


සො ආචරියො සුන්දරං කථාවත්ථුං කථෙති.
ඒ ගුරුතුමා සුන්දර කථාවස්තුවක් කියයි.


අම්හෙ තං සවණං කරොම.
අපි එය ශ්‍රවණය කරමු.


අම්හාකං ආචරියස්ස සරීරං ච මුඛං ච සුන්දරානි හොන්ති.
අපගේ ගුරුතුමාගේ ශරීරය ද මුහුණ ද ලස්සන වෙයි.


තස්ස කථා ච රමණීයා.
ඔහුගේ කථා ද සිත්කළු යි.


ආචරියො පන්තිගබ්භං පාපුණාති.
ගුරුතුමා පන්තිකාමරයට පැමිණෙයි.


සො තත්ථ සිස්සානං අජ්ඣාපනං කරොති.
ඔහු එහි ශිෂ්‍යයන්ට ඉගැන්වීම කරයි.


අහං ආචරියස්ස කිංකරො භවාමි.
මම ගුරුතුමාට කීකරු වෙමි.


අඤ්ඤෙ සිස්සා ච කිංකරා භවන්ති.
අන්‍ය ශිෂ්‍යයෝ ද කීකරු වෙත්.


සිස්සා අභිවුද්ධිං පාපුණන්ති.
ශිෂ්‍යයෝ අභිවෘද්ධියට පැමිණෙත්.


*උපුටා ගැනීම - පාළි කථා මඤ්ජූසා - චතුද්දසමො පාඨො - දාහතර වන පාඩම.

පාළි කාථා - 02
Share
Powered by Create your own unique website with customizable templates.