බස නොදන්නෝ දහම ද නොදනිති.
අපවත් වී වදාළ මහාචාර්ය කළල්ඇල්ලේ සේඛර හිමිපාණෝ.
හැම දැයෙකටම ආවේණික වූ බසක් මෙන්ම ආගමක් ද ඇත. ඒ දෑ අංකුරය ලියලා මල්පල ගන්වා පොහොසත් කරනුයේ ආගමේ දහම් අමා වැස්සෙනි. දැයට නව එළියක් දියුණුවේ රුක් සෙවණක් උදාකරණ එකම මාධ්‍යය ඒ දැයට හිමි බසයි. ඒ බසින් කියැවුණු, ලියැවුණු දහම් පදයෙන් එදා මුළු තුන් සිංහලය ම ඇලලිණ. අනුරපුර යුගයේ සිට කොළඹ යුගය තෙක් පැතිරී ගිය ඒ දහම් පණිවුඩයේ සංඛනාදය මේ දහම් දිවයිනේ ඉහළ යයි සිතන ඇත්තන්ට වඩා එගොඩැහැ වියතුන් දෙසවන් දෝතින් ගෙන රස බැලූ බවක් ඔවුන්ගේ මාධ්‍යය දෙස බලන්නකුට පෙනේ. එය එපරිදිමය.
එහෙත් වත්මන් හෙළයා බුදුදහමෙන් නොව කවර ආගමකින් වත් හික්මවණු ලැබූ බවක් නො පැනේ යැයි එතෙර ඇතැම් ඇත්තන් පවසනුයේ කවර පසුතලයක් පාදක කර ගෙනදැයි අගතියේ අඳුරු පටලය ඉවත්කර නො වක්ව විමසිය යුතුව ඇත.
විචාරකයෝ මෙයට විවිධ හේතු දක්වති. තෙවරක් ම ජාතික දේහයට වැදුණු අසනි පහරින් සලිත වීම යැයි කෙනෙකු පවසන අතර, විදෙස් සිරිත් අවිචාර ලෙස පිළිගෙන කළ අන්ධානුකරණය මෙයට හේතුව යැයි තවත් අයෙක් දකිති. බටහිර සංස්කෘතියට පණ දුන් දේවවාදී ඇතැම් ආගම් මෙහි නිදැල්ලේ ප්‍රචලිත වීම මෙයට වස්තු බීජය විනැයි තවත් මතයකි. මේ හැමෙකකටම වඩා බලපෑවේ, ඉහළ ඇත්තන්ගේ මවුබසේ දැනුම අබල වී බොඳ වී ගිය නිසා යැයි කිව හැකිය.
මේ චෝදනාවට ලක්වන්නේ නූගත් අසරණ ගැමියා නොව, උගත් සසරණ නාගරිකයාය. ගැමි දිවිපෙවෙත සැකැසෙන්නේ හෙළ බසින් කියැවෙන, ලියැවෙන, ඇසෙන උත්තරීතර බණ පදයේ මග පෙන්වීමෙනි. ලිවීම, කියවීම, හැදෑරීම් ආදී හැමෙකක් ම මෙයට ඇතුළති. එහෙත් ඒ පින උගත් නාගරිකයාට නැතැයි කීම ඔහුට කරන උපහාසයේ ඉඟියක් නොවේ. ගැමියාගේ පාසලත්, සංස්කෘතික කේන්ද්‍රස්ථානයත් පන්සලය. නඩුහබ, මතභේද ආදිය විසඳන බාහිර බලපෑම් නැති අදීන අධිකරණය ද පන්සලය. මේ සෑම කාර්යෙකම මාධ්‍යය හුදෙක් තම මවුබසමයි. සන්සුන් සිත්සතන් තුළට දහමේ අමා මිහිර පිවිසවනුයේ ද මානනීය මවුබසිනි.
උසස් යයි කියන ඇතැමුන් උගත්තේ විදෙස්වලය, බස අසිංහලය, ඇසුර අසිංහලයන් සමගය. ඉන් නිසා, විදෙස් වශයෙන් නොව ආසියාතික වශයෙන්වත් අගය කළ හැක්කක් ඔවුන්ට නැත. ඔවුන්ගේ සිතුම් පැතුම් කියුම් කෙරුම් සියල්ලක් ම අසිංහලය. විදෙස් වියතුන් බුදුදහම හදාළවුන් බව ඒ අතරමං වූ අසිංහලයෝ නොදනිති. විදෙස් වියතුන් මෙහි පැමිණි වහාම හදගැස්සෙන්නේ ඒ අසිංහලයන්ය. හැම හෙළයාම බුදුදහම හදාළ අයෙකි. මවුබසින් පෝෂණය වී හික්මවනු ලැබූ බව විශ්වාස කරන ඔවුන් නගන ගැඹුරු ප්‍රශ්න ඉදිරියේ මුනිවත රකින අසිංහලයන් කවුරුන්දැයි ඔබට ඒත්තු යන්නට ඇතැයි සිතමි.
ශ්‍රී ලංකාවට වඩා විදේශ ආක්‍රමණවලින් බැට කෑ පෙරදිග රටකි භාරතය. එහෙත් ඇගේ අමරණීය අනන්‍යතාව පණ මෙන් රැක ගන්නට ඇය දැරූ සෑම ප්‍රයත්නයක් ම සැබවින් ම සාර්ථක විය. එහි ලා ප්‍රමුඛස්ථානය ගත්තේ ඇගේ මවුබසයි. එනම් හින්දිය ය. ඒ මවුබස නො දන්නෙක් එය මාධ්‍යයක් ලෙස මෙහෙයවිය නොහැක්කකේ මුළු රටේ ම නැත. ශ්‍රී නේරුගේ පටන් අද දක්වාම විද්‍යා වාණිජ යන ක්ෂේත්‍රයන්හි විවිධ විෂය ධාරා හැදෑරීමට යුරෝපයට යන විද්‍යාර්ථීන් එමටය. වසර හතර පහ එහි ගත කරති. භාෂාව, ආගම, සංස්කෘතිය වැනි සජීවී අංශවලින් සංකීර්ණ වූ සමාජ වාතාවරණයෙක හැදී වැඩී පෙරලා පැමිණෙන්නේ දේශීය නායකයෙකි. කාලීන විද්වතෙකි. ඔහුට තම මවුබස අමතක නැත. වැඩ ඇරැඹෙන්නේ ඒ මාධ්‍යයෙනි.
භගවද්ගීතාව, මනුස්මෘතිය, වේදය ඔවුනට අමතක නැත. ආගමේත් සමාජ ව්‍යුහයේත් දැඩි නෑ සබඳකම අඛණ්ඩව ගෙනැයන්නේ තම මවුබසේ මාධ්‍යයෙනි. මනුනීතිය ශ්‍රැතියෙහි උපාංගයෙකි. ඔවුන්ගේ සමාජ චාරිත්‍ර පමණක් නොව රාජ්‍ය පාලන තන්ත්‍රයේ ඇතැම් ව්‍යවස්ථා පවා මනුනීතිය අනුව ක්‍රියාත්මක වෙයි. ඉන් නිසා ඔවුන්ගේ කලා ශිල්ප හා සාහිත්‍යය පමණක් නොව සමාජ චාරිත්‍ර විධි ද අරභයා හින්දු ආගම හා භාෂාව සුවිශේෂ ස්ථානයක් ගෙන ඇත. ඔවුනොවුන් හමුවූ තැන සුහද බව හුවමාරු කැරැගන්නේ "ප්‍රණාම්, නමස්තෙ, සුප්‍රභාතම්" ආදී දේශීය වදනක්ම දිවාග ලෙලවමිනි.
ශ්‍රී ලංකාවේ නායකයෙක් දිනක් හිමිදිරියේ හිමි නමක් හමුවීමට ගොස් "ගුඩ් මෝනිං, රෙවරන් සර් ඔයා ළඟ තියෙනවාද ඉංග්ලිස්වලින් ලියපු අභිධර්ම බුක් එකක්" යැයි විමසීය. පිළිතුරු දුන් හිමියෝ කණගාටුවයි, මහත්මයා, මා ළඟ තියෙන්නේ සිංහල පොත් පමණකැයි කීහ. "සොරි" කියා එතුමා පිටත්විය.
මේ අනුව ලංකාවේත් භාරතයේත් තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය, චීනය, ජපානය, කොරියාව, ආදී ආසියාතික අනෙක් රටවලත් ඇති වෙනස නොදත හැකිද?
බලි කවි, තොවිල් කවි, කෙත් කවි, නෙළුම් කවි, පතල් කවි, ආදියේ සිට අමාවතුර, ධර්මප්‍රදීපිකාව, කව්සිළුමිණ, කව්සේකරය, වැනි ලිවි සැරි ගගන තලයේ ඉරබටු තරුව සේ දිඳුලන මහ ගත් වලින් රැඳී, බැඳී ඇත්තේ තෙරුවන් ගුණය, බස සරණය, හෙළ දැය සනසන, හෙළ සමය හෙවන එවන් අමිල අගනා පත පොත කියවා ලද හැකි ආධ්‍යාත්මික ආස්වාදයේ සහනශීලී පවන්රැල්ල තම මවුබස නොදන්නවුන් දෙසට කවදා හමා යයයිද?
උපුටා ගැනීම:- සාහිත්‍යය හා ශික්ෂණය, මහාචාර්ය කළල්ඇල්ලේ සේඛර හිමි, මුද්‍රණය-චතුර මුද්‍රණාලය, වැල්ලම්පිටිය. 1997, පිටු 82-84.