සෞන්දර්යය පිළිබඳ බෞද්ධ ආකල්පය
මහාචාර්ය, පූජ්‍ය වෑගම පියරතන හිමිපාණෝ.
“සෞන්දර්යය“ යන්නෙන් අදහස් කරන්නේ සුන්දර බවයි. යම් දෙයක සිත් ඇද ගන්නා බවක් තිබේ නම් එය සෞන්දර්යයේ ප්‍රධාන ලක්ෂණය යි. විශේෂයෙන් ම බුදුසමය නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ ව අවධාරණය කරණ බැවින් එය සෞන්දර්යයට ප්‍රතිපක්ෂ වූ දහමක් බව කෙනෙකුට සිතිය හැකි ය. බුදුසමයේ මූලික අරමුණ නම් සත්ත්වයාට විඳින්නට සිදු වන සියලු සසර දුක්වලින් මිදීමේ මග පැහැදිලි කිරීම යි. මේ නිසා විරාගයට යොමු කෙරෙන දහමක් තුළ සෞන්දර්යයාත්මක රසවින්දනයක් තිබිය හැකි දැයි කෙනෙකුට සිතිය හැකි ය. සංගීතය, නෘත්‍යය, වාද්‍යය, ගායනය, සාහිත්‍යය, කාව්‍යය, කැටයම්, මූර්ති ආදී විවිධ කලා මාධ්‍යයන් සෞන්දර්යය විෂයයට අයත් ලෙස සැලකේ. සැබවින් ම මෙම කලා මාධ්‍යයන්ගෙන් ලබන සෞන්දර්යය පිළිබඳ ව බුදුදහමේ ආකල්පය කුමක් දැයි විමසා බැලීම මෙහි දී අප විසින් කළ යුතුය. ලෞකික ජීවිතයේ කලා මාධ්‍යයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් කුල්මත් කරවන භාවයන් ප්‍රකෝපයට පත් කරවන රසාස්වාදය යි. බුදුරජාණන් වහන්සේ එබඳු ස්වරූපයේ සෞන්දර්යය අගය නො කළහ.
රුණ්ණමිදං භික්ඛවෙ අරියස්ස විනයෙ ගීතං, උම්මත්තකමිදං අරියස්ස විනයෙ නච්චං1
යනුවෙන් ගීතය හැඬීමකටත්, නෘත්‍යය උමතු වූවකුගේ ක්‍රියාවක් ලෙසත් දක්වා ඇත. මේ අනුව බුදුරදුන් සෑම ගීතයක් ම සෑම නෘත්‍යයක් ම ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසීම යුක්තියුක්ත නොවේ. බුදුසමය පදනම් වී ඇත්තේ සෞන්දර්යය මත යි. සෞන්දර්යයක් නොමැතිව බුදුසමයෙන් නිසි ලෙස ඵල නෙලා ගැනීම අසීරු කරුණකි. බුදුරජාණන් වහන්සේ පොදු ජනයා අරභයා ස්වකීය ධර්මය දේශනා කිරීමේ දී සෞන්දර්යය ඉවහල් කර ලනු ලැබුවේ ඒ නිසයි. රසඥතාව, රසය, රසභාව ආදී වශයෙන් සෞන්දර්යය හැඳින්වේ. වෙනත් ආගම් අතුරෙන් බුදුසමය අභිභවා යන්නේත් මෙම රසඥතාව නිසයි. මල් වෙත බමරුන් ඇදී එන්නේ ඒවායෙහි රොන් ඇති නිසයි. රොන් සුවඳ බමරා ඇදී එන ආකර්ෂණීය රසය හෙවත් සෞන්දර්යය යි. බුදුසමයෙහි දැක්වෙන පරිදි එම සෞන්දර්යය දෙවැදෑරැම් ලෙස දැක්ක හැකිය. එනම්;
1. ආධ්‍යාත්මික සෞන්දර්යය සහ
2. භෞතික ලෝකයේ පවතින සෞන්දර්යය යනුවෙනි.
පාලි සාහිත්‍යයෙහි දක්නට ලැබෙන සෞන්දර්යවාදී අදහස්වල අපූර්වතාව අප මෙහි දී සලකා බැලිය යුතු යි. ලෝකයේ විසූ ස්වභාව සෞන්දර්යයවාදීන් අතුරෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මානසික සෞන්දර්යයෙහි අග්‍රම ඵලය ලෙස සැලකිය හැකි සම්බුද්ධත්වය පසක් කර ගනු පිණිස උන්වහන්සේට උපකාර වූයේ සෞන්දර්යයවත් වූ භෞතික පරිසරයක් බව බුදුසිරිතෙන් ප්‍රකට වේ. සිදුහත් කුමරු තවුස් පැවිද්දෙන් පැවිදි ව, භාවනා කිරීම පිණිස තෝරා ගනු ලැබූ උරුවෙල් ජනපදයේ ගයා ශීර්ෂය පිළිබඳ මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍රයෙන් ප්‍රකට වේ.
රමණීයං එස භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා2
මැනවින් වැඩුණු වන ලැහැබ වන මැදින් ගලා බසින නිල් ජලධාරාවකින් හා නදියකින් යුක්ත වන ගඟ දෙපස පිරිසිදු සුදෝසුදු වැලිතලාවෙන් වනාන්තරයේ ගස්වැල්වලින් සුපිපි කුසුමින් යුක්ත වන හෙයින් බෙහෙවින් සිත්කලු ය. බමරුන්, සමනලුන් ආදී සතුන් මල් පැණි බොමින් ප්‍රියජනක ව හැසිරීමත්, වන ලැහැබ හරහා හමාගෙන එන මන්ද මාරුතය ගත සිත පුබුදු කරවයි. මෙසේ බෙහෙවින් රමණීය වූ, සිත්කලු වූ ප්‍රිය ජනක වූ ස්ථානයක් භාවනාව සඳහා තෝරා ගන්නා ලද බව එහි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ තරම් පරිසරය වින්දනය කළ වෙනත් ශාස්තෘවරයෙකු මිනිස් ශිෂ්ටාචාරයේ නැති තරම් ය. උන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම වැනි වැදගත් සිදුවීම් සිදු වූයේ වෘක්ෂලතා ආශ්‍රිතව ය. සල් උයනක උත්පත්තිය ලැබූ උන්වහන්සේ ශ්‍රී මහා බෝධි දෘම මූලයේ දී බුදුබව ලබා කුසිනාරා උයනේ යමක සාලවෘක්ෂ අතර පිරිනිවන් පෑහ. ගස්වැල් තමා විනාශ කිරීමට එන මිනිසුන්ට සෙවණ ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ වරක් වදාළහ. පරිසරය පිළිබඳව උන්වහන්සේ කොතරම් සංවේදී ව අවධානය යොමු කර ඇද්දැයි එයින් අනාවරණය වේ.
බුද්ධකාලීන භාරතයෙහි පැරණි චෛත්‍ය පිහිටා ඇති ස්ථානවලට බුදුරදුන් භික්ෂුසංඝයා පිරිවරාගෙන වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. එසේ වැඩම කළ ස්ථානවල දී උන්වහන්සේ එහි සිරි නැරඹූහ. එම චෛත්‍යයන් පිහිටා ඇති ප්‍රදේශ බෙහෙවින් රමණීය වූ, සිත්කලු වූ, චිත්තාකර්ෂණීය වූ ස්ථාන වශයෙන් වර්ණනා කළහ. එබඳු පුරාණ චෛත්‍යස්ථාන නැරඹීම තුළින් අවට පරිසරය හා සම්බන්ධ සිරි නැරඹීමෙන් ප්‍රසාදයට පත් වූහ.
රමණීයං ආනන්ද වෙසාලිං, රමණීයං උදෙන චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බකචෙතියං, රමණීයං බහුපුත්තකචෙතියං, රමණීයං චාපාලචෙතියං3
ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සිත් ගත් ස්ථාන ලෙස විසල් පුරය, උදේන, ගෝතමක, බහුපුත්තක, චාපාල වැනි චෛත්‍ය ස්ථානයන් සඳහන් වේ. එබඳු ස්ථානයන්හි සංචාරය කරමින් සරවින්දනයක් ලබා ඇති අයුරු මෙයින් ප්‍රකට වේ.
බුදුරජාණන් වහන්සේ සව් කෙලෙසුන්ගෙන් මිදී නිවනට පැමිණ ආධ්‍යාත්මික සෞන්දර්යය ප්‍රත්‍යක්ෂ කරගත්හ. එමෙන් ම උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද එම විමුක්ති මාර්ගයෙහි ගමන් කොට ආධ්‍යාත්මික සෞන්දර්යය වින්දනය කොට, භෞතික ලෝකයේ පවතින සෞන්දර්යය දෙස තත්ත්වාකාරයෙන් දැක කරණ ලද ප්‍රකාශ ථෙර ථෙරී ගාථාවලින් දැක ගත හැකි ය.
රමණීයානි අරඤ්ඤානි - යත්ථ න රමතී ජනො
වීතරාගා රමිස්සන්ති - න තෙ කාමගවෙසිනො4
කාමභෝගී ගිහි ජනතාව ඇලුම් නොකරන වන ලැහැබ ඇසුරින් වීතරාගී උතුමෝ රසවින්දනයක් ලබා ගනිති. උන්වහන්සේ එබඳු ස්ථාන කෙරෙහි ඇලුම් කරති. එහෙත් ගිහි ජනතාව එබඳු ස්ථාන අගය නොකරති. මෙයින් පැහැදිලි වන්නේ ස්වභාවික පරිසරය තුළින් රසවින්දනයක් ලැබීමට කාමභෝගී ජනතාව අපොහොසත් වන බවත්, වීතරාගී උතුමන් සමත් වන බවත් ය. අවට පරිසරය තුළින් දක්නට ලැබෙන විවිධ සිදුවීම් සියුම් ඥාන ශක්තියෙන් යුක්ත වන්නවුන්ට රස වින්දනයක් ලද හැකි බව යි. හමා එන සුළඟ, ගලා යන ගංගා, වහින වැස්ස, නිල් පැහැති අහසෙහි පියාපත් විහිදා පියාසර කරණ පක්ෂීන් පස්පියුම් සුසැදි ගෙවුයන් ආදිය සෞන්දර්යාත්මක රසවින්දනය සඳහා බෙහෙවින් ම වැදගත් වන අවස්ථා ලෙස සැලකිය හැකි ය. සප්පක නමැති තෙරුන්ගේ ප්‍රකාශයකින් ද එය මැනවින් තහවුරු වේ.
යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා - කාලස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා,
පලෙහීති ආලයමාලයෙසිනී - තදා නදී අජකරණී රමෙති මං 5
මහවෙනෙහි වැසිබර අවස්ථාවක අජකරණී නමැති ගංගාව අසබඩ වැඩහුන් උන්වහන්සේ එම මෙහොතෙහි අවට පරිසරයෙහි දක්නට ලැබුණු විවිධ අවස්ථා ඇසුරෙන් උසස් රසවින්දනයක් ලබාගත් අයුරු මෙයින් පැහැදිලි වේ. වැසිබර මොහොතක කෑම සොයා පියාසර කළ කොකුන් සුදු පියාපත් විහිදුවා රංචු පිටින් තම කැදැලි කරා ඉගිලී යන ආකාරය දැකීමෙන් උන්වහන්සේ දැඩි සොම්නසකට පත්වූහ. අජකරණී නමැති නදිය අසළ අවට පරිසරය සප්පක තෙරුන්ගේ සිත පැහැර ගත් ස්ථානයක් බව පෙනේ.
ථෙරී ගාථාවලින් ද භාරතීය වනිතාවන් පැවිදි බව ලබා භාවනා කිරීමෙන් රහත් වූ පසු ලැබූ අපමණ ප්‍රීතියකින් අවංකවත්, අව්‍යාජවත් ගිහි ජීවිතයේ දී තමන්ට මුහුණ පෑමට සිදු වූ අවාසනාවන්ත වේදනාකාරී කටුක අත්දැකීම් පවසා ඇත. ඒවා රසවින්දනය ජනිත කරවන ප්‍රකාශ වශයෙන් හැඳින්විය හැකි ය.
සුමුත්තා සාධු මුත්තාම්හි - තීහි ඛුජ්ජෙහි මුත්තියා
උදුක්ඛලෙන මුසලෙන - පතිනා ඛුජ්ජකෙන ච6
භික්ෂුණීන් වහන්සේ රහත් තත්ත්වයට පත්වීම පදනම් කොට ගෙන ආධ්‍යාත්මික වශයෙන් ඇති වූ ප්‍රීතිය නිසා ම පවසන ලද මෙබඳු උදාන වාක්‍ය ඇසුරින් රසවින්දනයට අනුබලයක් දෙන අයුරු පැහැදිලි වේ. ථෙර ථෙරී ගාථාවන්හි දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් නම් එම රචනා කාව්‍යමය ශක්තියෙන් මෙන් ම නාට්‍යමය ශක්තියෙන් ද අනූන වීම යි. ඒවායෙහි ඇතැම් විට සංවාදාත්මක ස්වරූපය ගත් අවස්ථා ද දක්නට ලැබේ. ථෙර ථෙරී ගාථා පිළිබඳ අධ්‍යයනයක යෙදෙන විට බුදුරජාණන් වහන්සේ ධරමානව වැඩ විසූ සමයෙහි ස්ත්‍රී පුරුෂයින්ගේ මානසික ආකල්ප ජීවන රටා ඉරියව් පැවැත්වීම ආදිය පැහැදිලි ලෙස ම මතුකොට ගත හැකි ය. සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා බලන විට ද තත්කාලීන සමාජය පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකි ය. නිරාමිෂ ප්‍රීතියෙන් හා සොම්නසින් සම්භාෂිත වූ, ගැඹුරු අර්ථ ඇති අනිත්‍ය ප්‍රතිසංයුක්ත සදාතනික ධර්ම කාණ්ඩයක් මෙම උභය ගාථා ගණයෙහි දක්නට ලැබේ. ඉතාමත් පැරණි වූ භාව කාව්‍ය රචනයෙහි දී අනිවාර්යය නිබන්ධ ලක්ෂණයක් වූ ධ්‍රැවපද භාවිතය ථෙර ථෙරී ගාථාවල ද බොහෝ විට දක්නට ලැබේ. ධ්‍රැවපදය අර්ථාවබෝධය අවධාරණය කරණු පිණිස යෙදුණු කාව්‍ය ලක්ෂණයකි. ආදි ම බෞද්ධ කාව්‍ය මාර්ගයෙහි සුප්‍රකට ලක්ෂණය නම් ස්වභාවෝක්තිය යි. අධික අලංකාරයෙන් හා අතිශයෝක්තීන්ගෙන් ගහණ නො වූ එම රචනා ප්‍රකෘති භාෂණයෙන් විසිතුරු ය. එහෙත් අවශ්‍ය තැන්වල උපමා සහ රූපක ආදිය යෙදී ඇත. එම උපමා රූපකවලින් බහුතරය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නට ලැබෙන විෂය වස්තූන්ගෙන් උපයා ගෙන ඇත. අභිප්‍රේතාර්ථය විශද කිරීම සඳහා මෙය ඉතා පහසු මාර්ගයක් විය. මිනිස් ගතිගුණ හා මිනිස් සිත පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතු ව ප්‍රකාශයට පත් ව ඇති මෙම කාව්‍ය නිර්මාණ අමරණීය රචනා වශයෙන් ලෝක සාහිත්‍යයෙහි අසම වූ තැනක් හිමි කර ගෙන ඇත.
කාලුදායි තෙරුන් වහන්සේගේ ඍතු වර්ණනාව සංස්කෘතියෙහි සුලභ ඍතු වර්ණනාවලට සමීප සම්බන්ධයක් දක්වයි. එහෙත් එම වැනුම පාලියට ම ආවේණික වූ සරල නිර්ව්‍යාජත්වයෙන් තොර නොවේ. ධ්‍රැවපද භාවිත භාවකාව්‍ය ලක්ෂණයන්ගෙන් අනූන ය.
අංගාරිනො‘දානි දුමා භදන්තෙ
ඵලෙසිනො ඡදනං විප්පහාය
තෙ අච්චිමන්තො‘ව පභාසයන්ති
සමයො මහාවීර භගීරසානං7
(බුදුරජාණන් වහන්ස, දැන් ගස් ගිනි පුලිඟු මෙන් රත් පැහැ ගත් මල් සහ දළු ඇත්තේ පැරණි කොළ හැලී ගොස් පල හටගන්නා වාරයට ළං වී සිටී. ඒවා ගිනි මෙන් දිලිසේ. මහාවීරයාණෙනි, ශාක්‍ය වශංකියන්ට හිත සුව පිණිස කිඹුල්වත් නුවරට වඩින්නට දැන් කාලය පැමිණ ඇත.)
ථෙර ථෙරී ගාථා ප්‍රකාශ කළ මහා තෙරවරුන් සහ තෙරණියන් සාමාන්‍යයෙන් ලෝකය දෙස බලන්නට ඇත්තේ කවි ඇසින් ම නො ව, පියවි ඇසින් ම බව පැහැදිලිව කිව හැකි ය. චූලක, සප්පක, ගිරිමානන්ද, මහාකස්සප, තාලපුට, වංගීස ආදී රහත් තෙරවරුන්ගේ ගාථාවලින් මෙම මතය මැනවින් විශද වෙයි. ගිරිමානන්ද ථෙරගාථාවලියෙහි මෙසේ දැක්වෙයි.
වස්සති දෙවො යථා සුගීතං - ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා,
තස්සං විහරාමි වූපසන්තං - අථ චෙ පත්ථයසි පවස්ස දෙව8
(වැස්ස සුගීතයක් සේ වසී. මගේ කුඩා කුටිය මැනවින් සෙවෙණි කොට ඇත. එහි ඉතා සුව පහසු ඇති බැවින් සිත සන්සිඳුවා ගෙන වාසය කරමි. ඉඳින් වැස්ස කැමති ඇති තරම් වසින්න.)
චූලක නමැති තෙරුන් විසින් ප්‍රකාශ කොට ඇති ගාථා දෙකක් පමණක් ථෙරගාථා පාලියෙහි දක්නට ලැබේ. එහි පැනෙන කාව්‍යමය අගය එම ගාථාවන් පරිශීලනය කිරීමෙන් තේරුම් ගත හැකි ය.
නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා - සුනීලගීවා සුමුඛා සුගජ්ජිතා
සුසද්දලා වාපි මහාමහී අයං - සුබ්‍යාපිතම්බු සුවලාහකං නභං 8
සුකල්ලරූපො සුමනස්ස කථායං - සුතික්ඛමො සාධු සුබුද්ධසාසනෙ
සුසුක්කසුක්කං නිපුණං සුදුද්දසං - ඵුසාහි තං උත්තමමච්චුතං පදං9
(සුසිළු ඇති, සුපිල් කළඹ ඇති, මනා නිල් ගෙල ඇති, මැනවින් පිහිටි මුව තුඩු ඇති, මනහර නාද ඇති, මොනරු මිහිරි නද දෙති. මහ පොළොව ද මැනවින් වැඩුණු නිල් තණ පතින් ගහණ ය. මනා සේ පැතිර ගිය සිසිල් දියදහර ඇත්තේ ය. අහස මනරම් වලාකුළුවලින් ගැවසී ගෙන ඇත. මැනවින් සකස් කළ සිත් ඇති රහතුන්ට උචිත ස්වභාවය ඇත්තේ ය. එහෙයින් ධ්‍යාන වඩා බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මැනවින් වීර්යය ඇතිව, උතුම් වූ, දැක ගැනීමට දුෂ්කර වූ නිර්වාණය ස්පර්ශ කරව.)
මධුර ස්වරයෙන් ලයාන්විත වධර්මය සජ්ඣායනා කිරීම පවා බුදුරදුන්ගේ ඉමහත් පැසසුමට භාජනය වූ අවස්ථා ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ. සංයුක්ත නිකායෙහි සහ උදාන පාලියෙහි එන සෝණ කොලිවිස තෙරුන් වහන්සේගේ කථා ප්‍රවෘත්තිය මේ සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම නිදර්ශනයකි. උන්වහන්සේ කාත්‍යායන (කච්චායන) මහරහතන් වහන්සේ සමග අවන්ති ජනපදයෙහි වැඩ විසූහ. එය මගධයට හා කෝසලයට දුරින් පිහිටි ජනපදයක් බැවින් එහි විසූ භික්ෂූන් බුදුරදුන් දැකීමට පැමිණියේ කලාතුරකිනි. මහා ශ්‍රාවක මහා කාශ්‍යප මාහිමියෝ බුදුරදුන් බැහැ දැකීමට නිතර නිතර නො පැමිණිය. දිනක් සෝණ කෝලිවිස තෙරුන් ඇමතූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තමන් වහන්සේ වෙනුවෙන් බුදුරදුන් හමුවීමට යන ලෙස උපදෙස් දුන්හ. බුදුරදුන් වැඩසිටි ආරාමයට පැමිණි සෝණ හිමියන්ට ආපසු යාමට නොහැකි වූ බැවින් එදින එම ආරාමයෙහි ම ගත කිරීමට සිදු විය. පසු දින අලුයම පිබිදුණු සෝණ හිමියෝ සුත්තනිපාතයේ අට්ඨක වර්ගයට අයත් සූත්‍ර දොළස ම මිහිරි හඬින් ගායනා කළහ. එයට හොඳින් සවන් දුන් භාග්‍යවතුන් වහන්සේ එම සජ්ඣායනාව අවසානයේ දී සෝණ තෙරුන් කැඳවා අට්ඨක වර්ගයට අයත් සියලුම සූත්‍ර මධුරස්වරයෙන් නිවැරදිව මැනවින් සජ්ඣායනා කිරීම පිළිබඳ උසස් අන්දමින් ප්‍රශංසා කළහ. මෙයින් ප්‍රකට වන්නේ බුදුරදුන් විසින් මැනවැයි අනුමත කරන ලද ලයාන්විත සූත්‍ර සජ්ඣායනා කිරීමේ ක්‍රමයක් බුද්ධ කාලයෙහි පැවති බව යි. එම සජ්ඣායනා ක්‍රමය ඛුද්දක නිකායේ පද්‍ය ග්‍රන්ථවල ප්‍රභවයට තුඩු දෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
ඉතා සරල වූ හා තාත්වික උපමා මගින් සූක්ෂ්ම ධර්මයන් පැහැදිලිව ඉදිරිපත් කිරීම නිකාය සාහිත්‍යයේ ආවේණික ලක්ෂණයක් වූ බව ධම්මපදය, ජාතකපාලිය, ථෙරගාථා සහ ථෙරීගාථා වැනි ග්‍රන්ථවල එන ගාථා ප්‍රබන්ධවලින් මැනවින් හෙළි වේ. ධර්මය ඉතා පහසුවෙන් අවබෝධ කිරීමට මෙන් ම, ස්වකීය ශ්‍රාවකයින්ට නීරසයකින් තොරව ශ්‍රවණය කිරීමටත් මෙම ක්‍රමය හේතු වූවාට කිසිදු සැකයක් නැත.
මලින් මලට යමින් මල් පෙති නොතලා,එහි ඇති ප්‍රියංකර වර්ණයටත්, සුගන්ධයටත් කිසිදු හානියක් නොකර මල් රොන් ගන්නා බමරකු මෙන්, බෞද්ධ මුනිවරයා ද මහජනතාවගේශ්‍රද්ධාදි ගුණ ධර්මවලට කිසිදු හානියක් නො වන පරිදි ගමෙහි හැසිරිය යුතු ය.
මුනිවරයා පිඬුසිඟා ගෙයින් ගෙට යාම, මී මැස්සා රොන් සොයා මලින් මලට යාමට සමාන කිරීම ඉතා සරල උපමාවකි. මී මැස්සාගේ ගමනින් මලෙහි වර්ණයට වත්, සුගන්ධයට වත්, කිසිදු හානියක් නො වේ. ඌ කරන්නේ මලින් රොන් උරා බීම පමණකි. මීමැස්සාගේ මෙන් මුනිවරයාගේ අරමුණත් වූයේ අහර සොයා යාම ය. එම ගමනින් ගමේ ජනතාවගේ සිත් සතන් නො තැලෙන පරිදි හැසිරිය යුතු යැයි ඉගැන්වීමට මීටත් වඩා හොඳ උපමාවක් තිබේද? එබැවින් මෙය හැම අතින් ම උචිත උපමාවකි.
අඥානයා මුළු ජීවිත කාලය වුව ද, නුවණැති පුද්ගලයන් ඇසුරු කළත් දහම් රසය නො විඳී. හැන්ද ව්‍යඤ්ජනයෙහි රසය නො හඳුනන්නාක් මෙනි.10
නුවණැති පුද්ගලයා මොහොතක් වුවද, පණ්ඩිතයකු ඇසුරු කෙරේ නම් දිව ව්‍යඤ්ජන රසය දැන ගන්නාක් මෙන ඔහු වහා ධර්මය වටහා ගනී.
අඥානයා අජීවි හැන්දටත්, නුවණැත්තා ප්‍රාණවත් දිවටත් සමාන කිරීම කොතරම් උචිතද? මෙබඳු සරල උපමා භාවිත කර බෞද්ධ සාහිත්‍යය ජනතාවට වඩාත් සමීප විමට පිටිවහලක් වනු ඇත.
බුද්ධදේශනාවලින් වැඩි හරියක් උපමාවන්ගෙන් යුක්ත වීම අපූර්වතාවකි. සංස්කෘත සාහිත්‍යයෙහි මෙන් නොදුටු දෙව් විමන්, කල්පදෘමය, භද්‍රඝටය, වැනි අද්භූත ලෝකයන්ගෙන් ගත් වස්තූන් නොව ඇතුන්, මසුන්, සිංහයින්, මුවන්, වඳුරන්, විහඟුන්, ගවයින්, උරගයින්, කැටපත්, පහන්, මල්, වැල්, ගැල්, නඟුල්, වියගස්, රුක්, සක්, වැසි, සඳු, හිරු, සමුදුරු, ගංගා, පර්වත, ගිනි, වන, උයන්, පොකුණු, යනාදී සැබෑ ගැමි ජීවන රටාව පවතින් පරිසරය තුළ එදිනෙදා දක්නට ලැබෙන ස්වභාවික වස්තූන් උපමා සහ රූපක සඳහා භාවිත කිරීම සූත්‍ර පිටකයේ සුවිශේෂත්වයකි. බුදුරජාණන් වහන්සේ උපමා දැක්වීමේ දී ඇසට හමුවන්නෙක් ම ඉදිරිපත් කළ බව පෙනේ. ගැමි පරිසයට හා ඔවුන්ගේ අත්දැකීම්වලට සමීප වූ තරමට ම එම උපමාවලින් පැවසෙන අර්ථය ද තීව්‍ර වේ. එනිසා ම අර්ථාවබෝධයෙහි ලා ඒවා අතිශයින් වැදගත් වේ. නිදසුන් කීපයක් විමසා බැලීමෙන් මේ කරුණ තහවුරු කර ගත හැකිය.
“මහණෙනි, යම්සේ ඇස් ඇති මිනිසෙක් වී, මුං, මෑ, තල, හාල් යනාදී නොයෙක් ධාන්‍ය වර්ග පිරුණු දෙපැත්තෙන් කට බැඳි මල්ලක් විවර කොට, මේ වී ය, මේ මුං ය, මේ මෑ ය, මේ තල ය යනාදි වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාක් මෙන්, භික්ෂුනම ද දෙපතුලෙන් උඩ කෙස් මුදුනෙන් යට සමෙන් වට වූ මෙම සිරුරෙහි මේ කෙස් ය, මේ ලොම් ය, මේ නිය ය, මේ දත් ය, යනාදී වශයෙන් ඒ ඒ කොටස් නුවණින් විමසා බැලිය යුතු ය.“ මේ අනුව බෞද්ධ ත්‍රිපිටකයේ කාව්‍ය ලක්ෂණයන්ගෙන් ද අනූන බව කිව හැකිය.
මෙතෙක් ඉදිරිපත් කළ කරුණුවලින් අනාවරණය වන්නේ බුදුසමය පුද්ගලයාගේ සංසාරික ජීවිතය අතෘප්ති කර වූවක් බව හඳුනා ගනිමින් විමුක්තියට මග හෙළි කරණ දහමක් වුව ද ප්‍රීතිය, සතුට, සෞන්දර්යය, කලාව වැනි දේ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප නො කරන බව යි. මුල් බුදුසමයේ සූත්‍රාගත සටහන් විමසිලිමත් ව පිරික්සීමෙන් බුදුසමයේ සූත්‍රාගත සටහන් විමසිලිමත් ව පිරික්සීමෙන් බුදුදහම සෞන්දර්යයාත්මක සංකල්ප විෂයෙහි අතිශයින් ම අශුභවාදී නො වෙන බව මෙයින් පැහැදිලි වේ.
උපුටා ගැනීම - සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය, මහාචාර්ය වෑගම පියරතන හිමි, ප්‍රථමමුද්‍රණය, මුද්‍රණය සහ ප්‍රකාශනය සරස්වතී ප්‍රකාශක, දිවුලපිටිය. පිටු,1-10
පාදක සටහන්:-
1. අං.නි. ත්‍රි.බු.ජ. 203 පිට.
2. ම.නි.ත්‍රි.බු.ජ. අරියපරියෙසන සුත්ත.
3. දී.නි. ත්‍රි.බු.ජ. මහාපරිනිබ්බාණ සුත්ත.
4. ථෙර.ත්‍රි.බු.ජ. මුද්‍රණය.
5. ථෙර. ත්‍රි.බු.ජ. සප්පක ථෙර ගාථා.
6. ථෙරී. ත්‍රි.බු.ජ. මුත්තා ථෙර ගාථා.
7. ථෙර. ත්‍රි.බු.ජ. කාලුදායි ථෙර ගාථා.
8. ථෙර. ත්‍රි.බු.ජ. ගිරිමානන්ද ථෙර ගාථා.
9. ථෙර. ත්‍රි.බු.ජ. චූලක ථෙර ගාථා.
10. ධම්මපද. ත්‍රි.බු.ජ. බාලවග්ග.
11. දී.නි. ත්‍රි.බු.ජ. මහාසතිපට්ඨාන සුත්ත.
දී.නි=දීඝනිකාය.
අං.නි=අංගුත්තරනිකාය.
ම.නි=මජ්ඣිමනිකාය.
ත්‍රි.බු.ජ.= ත්‍රිපිටක බුද්ධ ජයන්ති මුද්‍රණය

ත්‍රිපිටකයේ ගද්‍ය පද්‍ය ආඛ්‍යාන පිළිබඳ විමර්ශනයක්
මහාචාර්ය, පූජ්‍ය මකුරුප්පේ ධම්මානන්ද හිමිපාණෝ
ආගමික හා දාර්ශනික සංකල්ප විවරණය කිරීමත් ඒවාට ආකර්ෂණීය ගුණයක් ආරෝපණය කිරීමත් අනුගාමිකයා ගේ බුද්ධිමය වැටහීම තහවුරු කිරීමත් අරමුණු කොට ගෙන විශ්ව සාහිත්‍යයේ අනේකවිධ ආඛ්‍යාන බිහි වූ බව ග්‍රීක්, චීන, තිබ්බති, සංස්කෘත, ප්‍රාකෘත, ආරාබි, රුසියානු ආදී විවිධ භාෂා වලින් ලියවුණු සාහිත්‍යමය නිර්මාණ විමසීමෙන් පෙනේ. විශේෂයෙන් භාරතීය චින්තන ධාරාව දෙස බැලූ විට පෙනී යන්නේ ආගමික සන්දර්භයෙහි පමණක් නොව භාරතීය සමාජ සංස්කෘතික පදනම කෙරෙහි ද ආඛ්‍යානමය ප්‍රබන්ධ ඉවහල් වී ඇති බව යි. වේද, උපනිෂද්, බ්‍රාහ්මණ, ආරණ්‍යක, පුරාණ, ඉතිහාස කෘතිවල පමණක් නොව වීර කාව්‍යයන්හි පවා මෙය තහවුරු කරන සාධක සුලබ ව හමු වේ. ඇතැම් ආඛ්‍යාන කතා ප්‍රබන්ධ ගද්‍යයෙන් රචනා වී ඇති අතර ඇතැම් ආඛ්‍යාන පද්‍යයෙන් ලිය වී ඇත. පද්‍යයෙන් ලිය වී ඇති ආඛ්‍යාන වින්ටර්නීට්ස් පඬිවරයා හඳුන්වා ඇත්තේ Ballad Poetry යන නමිනි.1 කවි කථා (Poetic Story) පුරාණ කතා (Legend) මිත්‍යා කථා (Mythical Story) සංවාද (Dialogue) සාකච්ඡා (Conversation) යන අදහස් එහි ගැබ් වී ඇත. සෘග් වේද සංහිතාවන්හි එන ආඛ්‍යානවල සිට විකාශය වූ කථා කලාවේ ස්වභාවය විමසූ කල්හි යථෝක්ත සියලු අංග ගද්‍ය පද්‍ය ආඛ්‍යානවල දක්නා ලැබේ. සංවාදමය ආඛ්‍යානවල පවා කාව්‍යමය ගුණය අන්තර්ගත වීම නිසා මේවා ගද්‍ය පද්‍ය කාව්‍ය නිර්මාණ වශයෙන් විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙහි ඉතිහාසය හා ස්වභාවය ඍග් වේදයේ එන ප්‍රසිද්ධ යම-යමී සංවාදය හා ඌර්වශී-පුරූරවස් සංවාදවලින් අනාවරණය කර ගත හැකිය.2 මෙයින් ඌර්වශී-පුරූරවස් සංවාද යනු මනුෂ්‍ය හා දිව්‍යමය ප්‍රේමයක් පිළිබඳ ආඛ්‍යානයකි. ඒ අනුව මනුෂ්‍ය රජෙකු වන පුරූරවස් හා අර්ධ දිව්‍යමය ස්ත්‍රියක වන ඌර්වශී අතර දරුවෙකු බිහි වන තුරු විවාහ වී සිටීමේ ගිවිස ගැනීමක් විය. එහෙත් නිරුවත් පුරූරවස් කිසි දිනෙක තමා නොදැකිය යුතුය යන්න ඌර්වශීය ගේ එක් ඉල්ලීමක් වූ අතර පුරූරවස් එයට එකඟවීම ද පොරොන්දුවකි. එහෙත් ඌර්වශී මනුෂ්‍ය ලෝකයේ මෙසේ විසීම ගාන්ධර්වයෝ දැඩි ව පිළිකුල් කළ අතර ඇය නැවත තම ලොවට ගෙන්වා ගැනීමට කළ සියලු ආයාචනා නිෂ්ඵල විය. මේ නිසා ඔවුහු ඇය තම ලෝකයට ගෙන්වා ගැනීමට උපක්‍රමයක් යෙදූහ. එනම් ගාන්ධර්වයෝ දිනක් රාත්‍රිෙයහි මෙම යුවළ නිදා සිටින අතර ඌර්වශීය විසින් දරුවන් මෙන් ඇති කළ, ඇඳේ බැඳ සිටි බැටළු පැටවුන් දෙදෙනා සොරකම් කළහ. කිසිවෙකු විසින් බැටළු පැටවුන් සොරකම් කරන බව දැනගත් ඌර්වශීය එකෙණෙහි ම වැළපෙමින් ඒ බැව් රජුට පැමිණිලි කළා ය. වහා ඇඳෙන් පැන පුරූරවස් සිටි නිරුවතින් අඳුරේ ම සොරුන් ලුහු බැඳීමට වන් කල්හී ගාන්ධර්වයෝ විදුලි එළියක් ඇති කළහ. එවිට නිරුවතින් හුන් පුරූරවස් දුටු ඌර්වශීය අතුරුදන් වූවා ය. දැඩි ශෝකයටත් උමතුවටත් පත් පුරූරවස් බොහෝ කලක් රට පුරා ඇවිද ඇය නොලැබ, දිනක් අප්සරාවන් පිහිනමින් සිටි විලක් අසලට පැමිණියේ ය. සංවාදය ඇරඹෙන්නේ එතැන් සිට ය. ඌර්වශීය නොලද හොත් පර්වතයකින් පැන සිය දිවි නසා ගැනීමට සූදානම් වූ පුරූරවස් ට පිළිතුරක් ලැබේ. එනම් ස්ත්‍රී හදවත යනු වළසෙකු ගේ හදවතක් බවත්, සිය දිවි නසා නොගත යුතු බව හා තම අදහස් කිසිදින ඉටු විය හැකි ය, යන්නයි.3 මෙම ප්‍රේම වෘත්තාන්තය ශතපථ බ්‍රාහ්මණයේ ද සඳහන් වන නොපැහැදිලි අවසානයක් ඇත්තක් වුව ද එහි කාව්‍යමය මූල බීජය කාලිදාස ගේ වික්‍රමෝර්වශියට ද වස්තු බීජය වීම වැදගත් ය.
දිව්‍යමය සොයුරු සොයුරියන් වන යම-යමී සංවාදය ද අන්තර්ගතය විසින් වැදගත් ආගමික දාර්ශනික පසුබිමක් නිරූපණය කරන්නකි.4 සිය වර්ගය වඳ වී යාම පිළිබඳ සිය වගකීම ඉටු කිරීම සඳහා සොයුරු යම පොළඹවා ගැනීමට සොයුරිය වන යමී පෙම් වදන් කීමත් ඇය ප්‍රේමයෙන් වැළඳ ගන්නා ලෙස කරන ලද ඉල්ලීමක් යම විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවන යුක්තිය-ධර්මය-සදාචාරය-වගකීම යන මේවා පසුබිම් කොට ගත් සංවාදයක් මෙහි ඇත. එසේ ම ආධ්‍යාත්මය නිරූපණය වන කාව්‍යමය ගුණය ද මෙහි දක්නා ලැබේ. මෙබඳු සංවාද උපනිෂද්හි ද නිතර හමුවන බව අපි දනිමු.
යථෝක්ත කරුණුවලින් අනාවරණය වන්නේ ආඛ්‍යානයන්ගේ සන්නිවේදන ප්‍රබලතාව යි. ඒවාට කාව්‍යමය භාෂාව උපමා-රූපකාදි අලංකාර ද ඇතුළත් වීමෙන් මතුවන සාහිත්‍යමය රසය රාමායණය, මහාභාරතය වැනි වීර කාව්‍යයන් ගේ ප්‍රභවය දක්වා දිරි ගැන්වීමක් කළේ ය. වර්තමානයේ ද භාරතීය හින්දු භක්තිකයන් මෙම කෘති වැඩි වාර සංඛ්‍යාවක් කියවීමෙන් තම ආගමික භක්තිය තහවුරු කර ගැනීමත්, රසාස්වාදයක් ලැබීමත්, ජීවිත අත්දැකීම් හා සම්බන්ධ කර ගැනීමත් මෙම ආඛ්‍යානවල පවතින ප්‍රබල බව පෙන්නුම් කරයි.
බුදුන් වහන්සේ ද මෙම ආඛ්‍යාන සිය දේශනාවල දී බහුල ව යොදා ගෙන ඇති බවට ත්‍රිපිටක සාහිත්‍යයේ නිදසුන් බහුල ය. කුතූලහලය දනවන කථා ඇසීමේ මිනිසා තුළ සහජයෙන් පැවති හැදී වැඩී පෝෂණය වූ මනෝභාවය හඳුනා ගත් බුදුන් වහන්සේ එම ක්‍රමය තම දේශනාවන්හි දී මැනවින් යොදා ගත් බවට සැක නැත. එම නිසා ගැඹුරු දාර්ශනික අන්තර්ගතයකින් යුතු මුල් බුදුසමය නියෝජනය කෙරෙන සූත්‍රාන්තයන්හි පවා "භූතපුබ්බං භික්ඛවෙ"5 "එකමිදාහං භික්ඛවෙ"6 "අතීතෙ"7 යනාදී නයින් ඇරඹෙන ජනශ්‍රැති හෝ ප්‍රබන්ධමය කථා, පුරාණ කථා හෝ සත්‍යමය සිදුවීම් ආඛ්‍යාන විලාසයෙන් ගෙන හැර දක්වා ඇත. ආඛ්‍යානයක ඇතුළත් කිසියම් සිදුවීමක් රසවත් වන්නේ හේතුඵල සම්බන්ධය තහවුරු වන පරිදි කථාව ගොඩනැගීමත් කාව්‍යාංග ඇතුළත් කිරීමට කවියා දක්වන කුශලතාවත් නිසා ය. ත්‍රිපිටකයේ හමුවන ආඛ්‍යානවල කාව්‍යමය ලක්ෂණ සෙවීම රුවන් ආකාරයක සිට කළු ගල් සොයන්නාක් වැනි ක්‍රියාවකි. එහෙත් සාහිත්‍යමය දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නෙකුට, තම දැක්ම තියුණු කර ගැනීමට ඉන් පලක් වේ ම ය. අප දන්නා පරිදි මහාභාරතය හා රාමායණය වැනි මූලාශ්‍රමය කෘති මෙන් ම පාලි ත්‍රිපිටකය ද උසස් කාව්‍ය නිර්මාණ බිහි වීමට අවශ්‍ය මූල බීජ සපයා ඇත.8 විශේෂයෙන් බෞද්ධ ආඛ්‍යාන වැඩි හරියක් මුලින් දක්නා ලැබෙනුයේ පද්‍යයෙනි. සමහර ඒවා ගද්‍යයෙන් ද ගද්‍ය පද්‍ය මිශ්‍රව ද රචනා වී ඇත. මේවායේ විශේෂත්වය පරීක්ෂා කරන විට කෙනෙකුට කාව්‍යමය පක්ෂයට පමණක් ගැති වීම ත්‍රිපිටකයේ දක්නට ලැබෙන ආඛ්‍යානවලට සාධාරණීකරණය ඉටු කිරීමට අපොහොසත් වීමක් වේ. කාව්‍යමය ගුණය ධර්මමය හරය යටපත් නොවීම ද ධර්මය නිසා කාව්‍ය රසය ගිළිහී නොයාම ද අතිශය වැදගත් කරුණකි.
ඛුද්දක නිකායට අයත් උදාන පාලියේ එන ඉතා කෙටි සූත්‍රයක් වන නන්ද සූත්‍රය මෙයට කදිම නිදසුනකි.9 අශ්වඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද විශ්ව සම්භාව්‍ය මහාකාව්‍යයක් වන සෞන්දරනන්ද මහාකාව්‍යයට වස්තු විෂය වූයේ එම සූත්‍රය යි. උදාන පාලියේ නන්ද සූත්‍රයේ දැක්වෙන ආඛ්‍යානය නූතන කෙටි කතාවක් වැනි ය. එහි තේමාව ප්‍රේමය යි. භාෂාව ධ්වනිපූර්ණ යි, සරලයි. උපමා රූපකාදියෙන් යුක්ත අන්තර්ගත දාර්ශනික මෙන් ම කාව්‍යාත්මක ද වේ. නන්ද හිමියන් ප්‍රේමයක් නිසා මහණකමට නොඇලුම් ව වෙසෙන බව බුදුන් වහන්සේ දැන ගන්නේ භික්ෂූන් ගෙනි. බඹසර විරතියෙහි හේතුඵල සබඳතාව දැන ගන්නේ නන්ද හිමියන් ගෙනි. ගැටළුව නිරාකරණය කිරීම සඳහා උපයෝගී කරගන්නේ සංවාදයකි. එම සංවාදවලින් කථාව සජීවි බවක් ලබයි. සූත්‍රයේ නන්ද හිමියන් තමා මුහුණ දී ඇති ගැටළුව ඉදිරිපත් කරන්නේ මෙසේ ය. "සාකියානි, මං භන්තෙ ජනපද කල්‍යාණී ඝරා නික්ඛමන්තස්ස උපඩ්ඪුල්ලිඛිතෙහි කෙසෙහි අපලොකෙත්වා මං එතදවොච තුවටං ඛො අය්‍යපුත්ත ආගච්ඡෙය්‍යාසීති. සො ඛො අහං භන්තෙ තමනුස්සරො බ්‍රහ්මචරියං චරාමි."10
යථෝක්ත ඡේදයේ උපයුක්ත භාෂාව හා අවස්ථා නිරූපණය පාඨකයා ගේ මනසෙහි චිත්තජ රූප ඉපදවීමට සමත් ය. තුරුණු සිතක රතිය වඩවන ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනයක් එහි ඇත. ඒ අනුව උපඩ්ඪුල්ලිඛිතෙහි කෙසෙහි තුවටං ඛො අය්‍යපුත්ත යනාදී යෙදුම් ඇත. ජනපද කල්‍යාණී නන්ද කුමරුට දකින්නට ලැබෙන්නේ අඩක් ලිහී ගිය කේශකලාපයක් ඇති ව සිටිද්දී ය. අනෙක් අතින් ඇය ඔහුට වඩා එන ලෙස දන්වයි. මෙම අවස්ථා දෙකෙන් ම තහවුරු වන්නේ අංගුත්තර නිකායේ සඳහන් බුද්ධ දේශනාවකි. එනම්, මහණෙනි, ස්ත්‍රී රූපය තරම් පුරුෂයා ගේ සිත ඇද ගැනීමට සමත් වෙනත් දෙයක් නොදකිමි. මහණෙනි, ස්ත්‍රීන්ගේ හඬ තරම් හිමියන් මානසික පීඩනයකට භාජනය වන්නේ ගැහැණිය සම්බන්ධ එකී උත්තේජන ඇසුරෙන් උපදින ප්‍රචෝදනය නිසා ය. මෙම ගද්‍යමය ආඛ්‍යානයේ දෙවන අවස්ථාව බෞද්ධ උපදේශනය හා බැඳේ. අසහනයට නැතහොත් මානසික පීඩනයකට පත් පුද්ගලයෙකු ඉන් මුදවා ගැනීමට විවිධ ක්‍රමෝපාය නූතන මනෝ විද්‍යාවේ දී ද භාවිත කෙරේ. එම සියලු ක්‍රමෝපායයන්ගේ අරමුණ මානසික ආතතියෙන් පෙළෙන තැනැත්තා දැනුවත් කිරීම යි. අනවබෝධයෙන් අවබෝධය කරා අවිද්‍යාවෙන් විද්‍යාව කරා අඳුරෙන් එළිය කරා රැගෙන යාම යි. මේ සඳහා කිසියම් ඉලක්කයක් දීම එක් ක්‍රමෝපායකි. දිව්‍යාප්සරාවන් පෙන්වීම නිසා ජනපද කල්‍යාණිගේ කායික සෞන්දර්යය යනු ලෝකයේ අත්පත් කළ යුතු එක ම අග්‍රගණ්‍ය වස්තුව ය යන මිථ්‍යාව ඔහු ගෙන් දුරු වේ. අවසානයේ ඔහුට ප්‍රත්‍යක්ෂ අග්‍රගණ්‍ය සෞන්දර්යය ලබා ගැනීමට සපිරිය යුතු ඉලක්කයක් නන්ද හිමියන්ට පැවරේ. එහි ඵලය වන්නේ ප්‍රඥාව හා ආනන්දය යි. රාගයෙන් මුසපත් වූවෙකුට ධර්මය ගෙනහැර පෑමේ න්‍යාය අත්හැර බුදුන් විසින් පුද්ගල මනෝභාවයට සමගාමී අත්දැකීමක නන්ද හිමියන් යෙදවීම මෙම ආඛ්‍යානයේ සාහිත්‍යාත්මක ගුණය වැඩි කොට ඇත.
මෙබඳු කාව්‍යමය අගයකින් යුතු සූත්‍ර කිහිපයක් උදාන පාලියේ දක්නට ලැබේ. සංගාමජී, ගබ්භිනී,11 සුප්පාවාසා12 යක්ඛපහාර,13 නානාතිත්ථිය14 යනාදී සූත්‍ර මෙයට නිදසුන් ය. මෙම සූත්‍රවල දක්නට ලැබෙනුයේ මන:කල්පිත ප්‍රබන්ධ නොවේ. එහෙයින් මේවා වර්තමාන නවකථා තත්වයෙහිලා හෝ කෙටිකථා තත්වයෙහිලා සැලකිය යුතු නොවේ. කුමක් නිසා ද යත් නවකථා හා කෙටි කථාවල මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ කල්පිතයක් වීම ය. අනෙක් අතින් භාරතයේ කාව්‍ය යුගය ආරම්භ වීමට පෙර ආඛ්‍යානවල ඉතිහාසගත හෝ සත්‍ය වෘත්තාන්තයක් සටහන් වීම පැහැදිලි ව දක්නට ලැබුණි. එහෙත් කාව්‍ය යුගයෙන් පසු කථා සාහිත්‍යය විදග්ධ නිර්මාණ ලෙස පෝෂණය වූ අතර වර්ධනීය ලක්ෂණ ද ඇතුළු විය. පද්‍යමය ආඛ්‍යාන නිකාය සාහිත්‍යයෙහි දැකිය හැකි ය. විශේෂයෙන් ඛුද්දක නිකායාගත කෘතිවල බහුල ය. ඒවාට භාෂාත්මක ක්‍රමෝපායන් මෙන් ම නාට්‍යමය ලක්ෂණ ද ඇතුළු වී ඇත. නිදසුනක් ලෙස සුත්තනිපාතයේ නාලක සූත්‍රය15 විමසා බැලීම සුදුසු ය. එම සූත්‍රයට අනුව අසිත තාපසයා ශක්‍රයා ඇතුළු දිව්‍ය සමූහයා සළුවක් ද ගෙන උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා නගනු දුටුවේ ය. එසඳ තවුසා දෙවියන් ගෙන් ඊට හේතුව මෙසේ ඇසීය.
"සෙළෙන්ති ගායන්ති ච වාදයන්ති,
භුජානි ඵොටෙන්ති ච නච්චයන්ති,
පුච්ඡාමි වො‘හං මෙරුමුද්ධවාසිනෙ,
ධුනාථ මෙ සංසයං ඛිප්ප මාරිස."
(විසිල් ගසති, ගී ගයති, වයති, අත්පොළසන් දෙති, නටති, දෙවියනි, ඊට හේතුව මම ඔබ ගෙන් අසමි. නිදුකාණෙනි, මගේ සැකය වහා දුරු කරන්න.)
මෙසේ ඇසූ තවුසාට දෙවියන් සුදොවුන් රජුට දාව බෝසත් කුමරෙකු උපන් බව සැළ කළ විගස තවුසා එහි ගියේ ය. තමා කුමරු දැකීමට ආ බව ද සුදොවුන් රජුට කී ය. මෙම අවස්ථාවේ දිව්‍ය සමූහයා සේසත්, වල්විදුනා දරමින් කුමරු ආරක්ෂා කළ අයුරුත්, බෝසත් කුමරා ශෝභාවෙන් දිදුලණ අයුරුත් පද්‍යයෙන් වර්ණනා වන්නේ කාව්‍යමය නිමැවුමක් ලෙසිනි. භාෂාවත්, සරදරිවබ්භමුත්තං, තාරාසභංව වැනි උපමාත් ඇසුරින් නාට්‍යමය සංසිද්ධියක් මෙන් මෙම අවස්ථාව නිරූපණය කොට තිබේ. කුමරු පිළිගත් තවුසා හැඬීමත් සිනාසීමත් පිරිස තුළ කුතූහලයක් හා කැළඹීමක් ඇති කළේ ය. එම අවස්ථාව
අථත්තනො ගමනමනුස්සරන්තො - අකල්‍යරූපො ගළති අස්සුකානි
දිස්වාන සක්‍යා ඉසිමවොචුං රුදනතං - නො චෙ භවිස්සති අන්තරායො16
යන ගාථාවෙන් ප්‍රකාශ වේ. එසේ අනතුරක් නොවන බවත් කුමරා බුදුවන බවත්, තමා එකල ජීවතුන් අතර නැති හෙයින් කඳුළු හෙලූ බවත් කී අසිත තවුසා ඊළඟට සිය බෑණා වෙත ගොස් තතු පවසා බුදුරදුන් ළඟ පැවිදි ව සැනසීම ලබා ගන්නා ලෙස දැන්වී ය. පැරණි භාෂාමය ලක්ෂණ මෙන් ම කාව්‍යමය භාෂාව ද සම්මිශ්‍රණය වී ඇති මෙම පද්‍යමය ආඛ්‍යානය චමත්කාරය මෙන් ම ආචාර විද්‍යාත්මක වටිනාකමක් ද පිළිබිඹු කරයි. අටුවා යුගයේ දී විසිතුරු ලෙස සැකසෙන බුද්ධචරිතයට නාලක සූත්‍රයේ සඳහන් මෙම දිව්‍යමය හා අද්භූතජනක සිදුවීම පෘථුල ලෙස පසුබිම සැලසූ බව සිතීමට ඉඩ ලැබේ.
නාලක සූත්‍රයේ ගාථා පිළිබඳ විමසුම යෙදෙන A.K. Warder එම ගාථා වැඩි හරියක් උපස්ථිතප්‍රචුපිත නම් වෘත්තයෙන් රචනා වී ඇති බව පෙන්වා දේ. මෙම වෘත්තය ත්‍රිපිටක සාහිත්‍යයේ බහුල ව යෙදෙන්නක් බව ද ලයාන්විත ව ගැයිය හැක්කක් බව ද ඔහු පෙන්වා දේ. ගද්‍යමය ආඛ්‍යානවලට වඩා පද්‍යමය ආඛ්‍යාන පැරණි බව පැවසීමට බොහෝ විචාරකයෝ කැමති ය. පද්‍යමය ආඛ්‍යාන පශ්චාත්කාලීන රචකයන් අතින් ඔපමට්ටම් වී ගද්‍යමය ආඛ්‍යාන බිහි වූ බව සිතීමට ප්‍රමාණවත් සාධක ලැබේ. මෙයට හොඳම සාධකය ජාතක පාලියෙන් ලැබේ. ජාතකට්ඨකථාව රචනා වීමෙන් (ක්‍රි.ව.5 සියවස) පසු ව ජාතක පාලි නම් ඛුද්දන කිකාය පර්යාපන්න කෘතියට විවරණ වශයෙන් ගද්‍යමය ආඛ්‍යාන විශේෂයක් බිහි වූ බව අපි දනිමු. එහෙත් මෙහි මූලය ත්‍රිපිටකයට අයත් ජාතක පාලිය යි. බුද්ධදේශනා හැටියට නොසැලකෙන ජාතක කථා ජාතක පොතෙහි විද්‍යමාන වීම පසුකාලීන නිර්මාණ හැටියට සලකා බැහැර ලිය හැකි වුවත් ජාතක පාලියෙහි ද ඇතුළත් ව තිබීම දෙවරක් සිතිය යුත්තකි. කුමක් නිසා ද යත්, ජාතක පාලිය සංගීතිකාරක යුගය දක්වාමත් ඈතට දිවෙන හෙයිනි. මෙම කරුණ තේරුම් ගැනීමට නලීනීකා ජාතකය, කුමණ ජාතකය 18 සුධාභෝජන ජාතකය19 වැනි ජාතක කථාවල භාෂාව විමසීම සුදුසු ය. කාව්‍යමය භාෂාව, සංකේත, උපමා රූපක යනාදියෙන් එම පද්‍යමය ආඛ්‍යාන රසවත් වී ඇත. ඒවායින් පාඨකයා ලබන ආස්වාදය පසුකාලීන ගද්‍යමය ආඛ්‍යාන රචකයින්ට මහත් නිර්මාණමය මග පෙන්වීමක් කළ බව සිතීම අපහසු නැත. ථෙර, ථෙරී ගාථා, අපදාන පාලි, විමානවත්ථු හා පේතවත්ථු වැනි කෘතිවල බහුල වශයෙන් දක්නා ලැබෙනුයේ පද්‍යයෙන් පබැඳුණු ආඛ්‍යාන වේ. මේවා මිථ්‍යාමය ප්‍රබන්ධ ලෙස සැලකීමට ඉඩක් නැති අතර චරිත කථා (Biography) හැටියට ඒවා සැලකිය හැකි ය. මනා වෘත්ත, නාටයමය ලක්ෂණ ආදිය මේවායේ තිබීම සාහිත්‍යාත්මක අගය වැඩි වීමට හේතු වී ඇත. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා බල මහිමය විදහා දැක්වෙන එහි සේනක, පුක්කුස, කාවින්ද, ගෝවින්ද යන චරිත මෙන් ම වේදේහ රාජ චරිතයත් අමරා දේවිය ආදී චරිතත් සජීවි බවක් ගොඩ නංවයි. ථෙරී ගාථාවල අම්බපාලි, ඉසිදාසි, චාපා යනාදී ථෙරී ගාථා ද, ථෙරගාථාවල කාලුදායි, මොග්ගල්ලාන, වංගීස යනා දී ථෙරගාථාවල ද, අපදානයන් අතර කිසාගෝතමී, ඛේමා, මහාප්‍රජාපතී ආදී අපදානවල ද දීඝනිකායේ ආටානාටිය, සක්කපඤ්හ යනාදී සූත්‍රවල ද, සංයුක්ත නිකායේ සූරිය, කිසාගෝතමී, අග්ගික, සුන්දරික, පුනබ්බවසු, ආලවක, වෙපචිත්ති යනාදී සූත්‍රවල ද ආදී නිකාය සාහිත්‍යයෙහි පද්‍යමය හෝ ගද්‍යමය මිශ්‍ර පද්‍යයෙන් රචනා වූ ආඛ්‍යාන දක්නා ලැබේ. A.K. Warder පෙන්වා දෙන පරිදි මාත්‍රා ඡන්දසින් බැඳුණු වෘත්තවලින් මෙන් ම අනුෂ්ටුභ් වක්ත්‍රා වැනි ඡන්දස්මය වෘත්තවලින් මේවා රචනා වී ඇත.20
කාව්‍යමය ලක්ෂණ වලින් යුත් විධිමත් ආඛ්‍යාන බොහෝමයක් දීඝනිකායේ හා මජ්ඣිම නිකායේ දක්නා ලැබේ. ඒවා සාහිත්‍යාත්මක ගුණයෙන් අනූන බව වින්ටර්නීට්ස්, වෝඩර්, මැක්ස්මූලර් ආදී පඬිවරුන් පවා පෙන්වා දී ඇත. දීඝනිකායේ ආඛ්‍යානමය සූත්‍ර අතර සාමඤ්ඤඵල, කූටදන්න, පායාසිරාජඤ්ඤ, සුනක්ඛත්ත, ආටානාටිය, කේවඩ්ඪ යනාදී සූත්‍ර මූලික වේ. එසේ ම මජ්ඣිමනිකායේ කකචූපම, චූලසච්චක, දේවදූත, අනාථපිණ්ඩික, පුණ්ණෝවාද, උපාලි, ඝටීකාර, මඛාදේව, රට්ඨපාල, යනාදී සූත්‍රවල උසස් ආඛ්‍යාන ලක්ෂණ දක්නා ලැබේ. මේ සියලු ආඛ්‍යානවල පාඨකයාගේ සිත් ආස්වාදයට පත් කරවන අවස්ථා නිරූපණ දක්නා ලැබේ. නිදසුනක් ලෙස දීඝනිකායේ කේවඩ්ඪ සූත්‍රයේ එක්තරා භික්ෂුවක් තමාට උපන් ගැටළුවක් විසඳා ගැනීමට මහා බ්‍රහ්මයා වෙත ගිය බව සඳහන් වේ.21 බ්‍රාහ්මණයන්ගේ එක ම විශ්වාසය සියල්ල දන්නා ලෝක නිර්මාතෘ අසහාය තැනැත්තා මහා බ්‍රහ්මයා බව යි. භික්ෂුව බ්‍රහ්මයා හමු වීමට ගිය අවස්ථාව සූත්‍රයේ නිරූපණය කරනු ලබන්නේ නාට්‍යාකාරයෙනි. එනම් භික්ෂුව තම ප්‍රශ්නය මහා බ්‍රහ්මයාට කී විට පිරිවර සහිත ව සිටි බ්‍රහ්මයා ප්‍රශ්නයට පිළිතුරු නොදී පවසන්නේ "අහමස්මි භික්ඛු, බ්‍රහ්මා මහාබ්‍රහ්මා, අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුවසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභව්‍යානං" යනාදී වශයෙන් ආත්ම වර්ණනකි. එහෙත් තම ගැටළුව එය නොවන බව පැවසූ භික්ෂුව පැණයට පිළිතුරක් දෙන ලෙස ඉල්ලා සිටි විට බ්‍රහ්මයා ක්‍රියා කළ ආකාරය සූත්‍රය දක්වන්නේ උපසාහය දනවමිනි. එනම් බ්‍රහ්මයා භික්ෂුවගේ අතින් අල්ලා ගෙන පැත්තට ගොස් බ්‍රහ්මකායික දෙවියන් තමා සියල්ල දත්, සියල්ල දුටු හා සියල්ල ප්‍රත්‍යක්ෂ කළ කෙනෙකු ලෙස සිතන බවත් තමා එබඳු කෙනෙකු නොවන බවත් මෙම ප්‍රශ්නය බුදුරදුන් වෙත ගොස් විසඳා ගන්නා ලෙසත් දන්නා සිටී. මෙම භික්ෂුවගේ ක්‍රියා කලාපය කෙබඳු දැයි දැක්වීමට බුදුරදුන් දක්වන උපමාව කථා රසය තියුණු කරවන සුලු ය.
මජ්ඣිමනිකායේ රට්ඨපාල සූත්‍රයේ සඳහන් වන රට්ඨපාල හිමියන් පිළුණු පිට්ටු වැළඳීම, මාලිගයේ තාප්පය අසල හිඳගෙන සිටීම, පියා සංවේගයෙන් මෙම අවස්ථාව සිහිපත් කිරීම, පුරාණ දුතියිකාවන් සැරසී සිටීම හා සිහිසුන් ව ඇද වැටීම, කහවණු ගඟ මැදට දැීමට උපදෙස් දීම වැනි සිදුවීම් අතිශය උද්වේගකර අවස්ථා ලෙස සටහන් වේ.
චූලසච්චක සූත්‍රයේ සච්චක සත්‍යය නොපිළිගෙන බුදුරදුන්ට පිළිතුරු නොදී සිටින කල්හි වජිරපානි නම් යක්ෂයා විසින් තර්ජනය කරනු ලැබීම, ඝටීකාර සූත්‍රයේ අඳ මහළු මව භික්ෂුන්ට හැළි වළං වලින් බත් හා ව්‍යඤ්ජන රැගෙන වළඳන්න යැයි කීම, භික්ෂුන් ඇගේ නිවසේ වහළෙන් තණ ගෙන යාම, උපාලි සූත්‍රයේ උපාලි ගෘහපතියා මුහුණ දෙන සංකීර්ණ අවස්ථාව, බෝධිරාජකුමාර සූත්‍රයේ බුදුරදුන් පලසින් නොවැඩීම, අංගුලිමාල සූත්‍රයේ අංගුලිමාල හිමියන් දකින් කොසොල් රජු තැති ගැනීම, ප්‍රසව වේදනාවෙන් මොර දෙන ස්ත්‍රියකට අංගුලිමාල හිමියන් විසින් සෙත් පැතීම යනාදී සංවේදී අවස්ථා නිරූපණ මෙම ආඛ්‍යානයන්හි දක්නා ලැබේ. පාලි සූත්‍රාන්තයන්හි ඇතුළත් මෙම ආඛ්‍යානවල බෞදධ ආචාරවිද්‍යාත්මක ලක්ෂණයන් ද රාජධර්ම, ලෝකධර්ම හා ධර්මනීතිය ද හඳුනා ගත හැකි කරුණු අන්තර්ගත වේ. අමාවතුර කතුවරයාට අඟුල්මල් දමනය රසාලිප්ත ලෙස විචිත්‍රණය කිරීමට අවශ්‍ය වන ප්‍රාමාණික අංගෝපාංග මෙම සූත්‍රයෙන් ලැබේ. සාහිත්‍ය නිර්මාණයක තිබිය යුතු නිර්මාණමය ලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා අංගුලිමාල සූත්‍රයේ ඡේදයක්වත් හඳුනා ගැනීම සුදුසු ය.
"එකල්හි ආයුෂ්මත් අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නේ වේ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ දකුණු අත දිගුකොට මහරජ මේ අංගුලිමාල යැයි කීහ. එවිට පසේනදි කොසොල් රජතුමාට බියක් විය. තැති ගැනීමක් විය. ලොමු දැහැගැනිමක් විය. පසුව පසේනදි කොසොල් බියට සංවේගයකට හා ලොමු දැහැගැනීමට පත් බව දැන භාග්‍යවතුන් 'වහන්සේ මහරජ භය නොවන්න. ඔබට මොහුගෙන් බියක් නැතැ'යි වදාළහ. ලොමුදැහැගැනීම සංසිඳුණි. තව ද පසේනදි කොසොල් රජු ආයුෂ්මත් අංගුලිමාල වෙතට ගොස් 'ස්වාමීනි, මේ අපේ අංගුලිමාල ද'යි ඇසීය. 'එසේ ය මහරජතුමනි' යි (කීය). මහරජ පියා භාර්ග්‍ය ගෝත්‍ර ය. මව මන්තාණි ගෝත්‍ර යැ යි (කීය). 'ඉතා මැනවි ස්වාමීනි මම භාර්ග්‍ය මන්තාණි පුත්‍ර හිමියන්ට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පන බෙහෙත් පිරිකර සපයමි.' "22
සාහසික මිනීමරුවෙකු ඉදිරියේ කෙනෙකු තැති ගැනීම පොදු මනුෂ්‍ය ලක්ෂණයකි. අටුවාකරු පවසන පරිදි රජුගේ රැකවරණයට ආ පිරිස් රජු අතහැර හිස් ලූ ලූ අත දිවගොස් නුවරට පිවිස ගෙවල්වල දොර ජනෙල් වසා මැසිවලට නැඟී සැඟ වී ඇත.23 මෙය කදිම සමාජ විද්‍යාත්මක නිරූපණයකි. බුදුරදුන් රජුට මොහු ගෙන් බියක් වන්නේ නැතැයි පැවසීම බෞද්ධ ආචාර විද්‍යාවේ මහිමය පෙන්නුම් කරන්නකි. එසේ ම රජු අංගුලිමාල හිමියන් වෙත ගොස් නම් ගොත් විචාරීමත් පැවිදිවීම අනුමත කිරීමත් උපකාර කිරීමට ඉදිරිපත් වීමත් රාජ්‍ය තාන්ත්‍රික ලක්ෂණය විදහා පෑමකි.
මෙබඳු ආඛ්‍යාන රාශියක් පිටකාගත ග්‍රන්ථවලින් සොයාගත හැකි ය. දෙවියන් බ්‍රහ්මයන් ආදී විවිධ යෝනිවලට අයත් අය පසුබිම් වූ ආඛ්‍යාන මේවා අතර වේ. ඒ කවරකින් වුව ද මූලික වශයෙන් මතුකෙරෙන ධර්මමය හර පද්ධතියක් වේ. පෘථග්ජන මනුෂ්‍ය ආධ්‍යාත්මය තුළ කිදා බැස ඇති දුර්ගුණ අවදි වීමෙන් හා මුහුකුරා යාමෙන් සිදුවන අනර්ථකර ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා දැක්වීමේ ක්‍රමවේදය පැහැදිලි කිරීමට යොදා ගත් විවරණ මෙම ආඛ්‍යානවල දිස් වේ. ගැටළුවක් විසඳා ගැනීමට අනුගමනය කළ යුත්තේ එක ම ක්‍රියාදාමයක් නම් එය බුදුරදුන් විසින් ඍජුව ම පවසා ඇත. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සන්සිඳේ. මෙය සනාතන ධර්මතාවකි.24 යන්න නිදසුනකි. එහෙත් ඇතැම් දේ පැහැදිලි කර ඇත්තේ බොහෝ දේ පාඨකයාට සිතීමට ඉඩ තැබීමෙනි. ආළවක යක්ෂයා කෝපාවිෂ්ට ව කී දේ දෙවරක් බුදුහු කළහ. එහෙත් තෙවන වර නොකළහ. ඉවසීම හා නිවට බව යනු දෙකක් බව මෙයින් නොපෙනේ ද? සැබවින් ම ආඛ්‍යාන යන්නෙන් ගැනෙනුයේ ඉතාමත් කෙටි කථා නොවේ. තරමක දිගු කථා ය. පසුකාලීන ව අලංකාරිකයන් විසින් පෙන්වා දෙන ලද කාව්‍යමය නිර්මාණ බිහි වීමට මෙම ආඛ්‍යාන ඉවහල් විය. ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා වැනි අටුවා ග්‍රන්ථවල කථා වස්තු ද ජිනචරිතය, සහස්සවත්ථු, රසවාහිනී වැනි ගද්‍ය පද්‍ය පාලි කාව්‍ය නිර්මාණ ද නිකායාන්තර මහාවස්තුව, ලලිත විස්තරය, ජාතකමාලාව වැනි සංස්කෘත ග්‍රන්ථ ද වැඩී ගියේ පාලි සූත්‍රාන්තයන්හි මූල බීජ ආශ්‍රයෙනි. සිංහල සාහිත්‍යයේ කව්සිළුමිණ, සසදාවත, කුසදාවත, කාව්‍යශේඛරය, අමාවතුර, බුත්සරණ වැනි පැරණි සම්භාව්‍ය කෘති පමණක් නොව සරච්චන්ද්‍ර වැනි මෑත භාගයේ විසූ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විලාසිනියකගේ ප්‍රේමය දක්වා වූ සාහිත්‍යමය නිර්මාණවලට ද තේමාව වූයේ පාලි සූත්‍රාන්තවල සඳහන් ගද්‍ය පද්‍ය ආඛ්‍යාන බව කිව යුතු ය. එබැවින් මෙම ආඛ්‍යාන ගැඹුරින් හැදෑරීම ඵලදායක ශාස්ත්‍රීය කර්තව්‍යයක් වනු ඇත.
පාදක සටහන්
1. Winternitz,M.History of Indian Literature; Oriental book reprint corporation, New Dilhi, Vol.1,1972,p.109
2.See, Rgveda,X.95
3. Rgvadic aesthetics,Sastri,p.s. Bhartiya vidya prakasan; Dilhi, 1986,p.11
4. See, Kieth, A.B. The Sanskrit Drama, Oxford University press. 1959,p.17
5. ධජග්ග සූත්‍රය, සංයුක්ත නිකාය, සගාථවග්ග, 11.3
6. ඝටීකාර සූත්‍රය, මජ්ඣිමනිකාය, 2.4-1
7. ථෙරාපදානපාලි 1.1
8. බුද්ධචරිත, සෞන්දරනන්ද වැනි සංස්කෘත ග්‍රන්ථ ද ජිනචරිතය, මහාකස්සපචරිතය වැනි ග්‍රන්ථ ද මෙයට නිදසුන් ය.
9. උදානවාලි, 3.2
10. Udanapali, PTS, p.20
11. උදානපාලි, 2.6
12. - එම- ,2.8
13. -එම- , 4.4
14. -එම-, 6.7
15. සුත්තනිපාත, 3.11
16. -එම- , 11,13
17. Jatakapali, PTS, 18.1
18. -Ibid-, 16.2
19. -Ibid- , 21.3
20. Warder, A.K. Indian Kavya literature, p.54-55
21. දීඝනිකාය, 1.බු.ජ.මු. දෙවන මුද්‍රණය 534 පිට
22. මජ්ඣිමනිකාය, 2. බු.ජ.මු. 520-522 පිටු
23. පපඤ්චසූදනී, හේවාවිතාරණ මුද්‍රණය, 231 පිට
24. ධම්මපදය, 1-5
උපුටා ගැනීම- විදසුන පළමු කලඹ, නඳසර උවසර ලිපි සරණිය, (2006), 108.117 පිටු